අයවැයේ සඳහන් වූ විශේෂ කරුණු 73ක් -ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනයක්

මෙවර අයවැය හරහා යෝජනා කරන ලද විශේෂ කරුණු 73කින් සමන්විත නිවේදනයක් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කර ඇත. එම නිවේදනය පහතින්.   අද දෙරණ 

ජවිපෙ ඉල් විරු සැමරුමෙන් ජාජබ අවුලක

  ජනතා විමුක්ති පෙරමුණ, එම පක්ෂයේ ඉල් විරු සැමරුම මහ ඉහළින් සැමරීමත්, එහි දී 98,99 කාලයේ ඔවුන් සිදුකළ සියලු ක්‍රියා සාධාරණීකරණය කරමින් කතා කිරීමත් නිසා ජාතික ජන බලවේගයට සම්බන්ධව සිටින වාමාංශික පක්ෂ සාමාජිකයින් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව වාර්තා වෙයි. 98,99 ජවිපෙ කැරැල්ලේ දී නව සමසමාජ, සමසමාජ , කොමියුනිස්ට් පක්ෂ වල සාමාජිකයින් විශාල පිරිසක් ඔවුන්…

ඇමැතිවරු හතක් හෙට ,අනිද්දා දිවුරති ?

තවත් කැබිනට ඇමැතිවරු හත්දෙනෙක් ඉදිරි දින කිහිපය තුළ දිව්රුම් දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. අද දින රජයේ අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමෙන් පසු ආණ්ඩුවට එකතුවන විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ඒ අතර වන බව කියති. සමගි ජන බලවේගයේ ප්‍රබලයකු වන රාජිත සේනාරත්න මහතා ආණ්ඩුවට එකතු වීම ස්ථිර වශයෙන් ම සිදුවනු ඇති බව ද අපගේ ආරංචි…

අයවැයෙන් අඩකට වඩා ණය ගෙවීමට යි ; අනෙක් වැඩිම වැය සුබසාධනයට

  මෙවර අයවැය මගින් වියදම් කරන මුදලින් අඩකට වැඩි විශාල ප්‍රමාණයක් ණය ගෙවීම සඳහා වෙන්කර ඇති බවත්, අනෙක් වියදම් අතර වැඩි ම කොටස වෙන්කර ඇත්තේ මහජන  සුබ සාධනයට බවත්, මුදල් රාජ්‍ය ඇමැති රන්ජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරයි. 2023 වසරේ සම්පුර්ණ වැය රුපියල් බිලියන 7,885 ක් වන අතර ඉන් රුපියල් බිලියන 4,218 වෙන් වන්නේ ණය ගෙවීම…

දින 55 කට පසුව බොරතෙල් නෞකාව නිදහස් කරගනී

  ඩොලර් කෝටි 7 ක් ගෙවීමට නොහැකි විමෙන් දින 55 ක් පමණ ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නවතා තිබූ බොරතෙල් නෞකාවේ බොරතෙල් තොගය ගොඩබෑම ඊයේ (12) රාත්‍රී ආරම්භ කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. මෙම බොරතෙල් නෞකාවේ සැපයුම්කරුට මුදල් ගෙවීමට නව ක්‍රමවේකයකට එකඟ වූ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. (යොහාන් භාසුර) ලංකාදීප

විපක්ෂයෙන් ආණ්ඩුවට එන සියලු දෙනා ගන්න බැරි වෙයි ?

  විපක්ෂයෙන් ආණ්ඩු පක්ෂයට එකතු වන මන්ත්‍රීවරුන්සි සියලු දෙනා සම්බන්ධකර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව ආණ්ඩුවට සම්බන්ධ ආරංචි මාර්ග කියයි. එයට හේතු වී ඇත්තේ පැමිණෙන බොහෝ දෙනා කැබිනට ඇමති ධුර බලාපොරොත්තු වීම සහ එලෙස තනතුරු ලබා දීමට නොහැකි තත්ත්වයක් පැවතීමය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද කැබිනට ඇමති ධුර වැඩි ප්‍රමාණයක් ඉල්ලා සිටීම එයට හේතුවයි….

ඇමෙරිකානු සෙනෙට් සභා බලය ඩිමොක්‍රටික් පක්ෂය නැවත දිනා ගනියි

ඇමෙරිකාවේ පැවතී මධ්‍ය වාර මැතිවරණයේ දී එහි සෙනෙට් සභාවේ බලය යලි තහවුරු කර ගැනීමට ජනාධිපති ජෝ බයිඩන් මහතාගේ නායකත්වයෙන් යුතු ඩිමොක්‍රටික් පක්ෂය සමත් වී තිබේ. සෙනෙට් ආසන 100 කින් 50 ක් ලෙස එම පක්ෂය බලය තහවුරු කර ගැනීමට සමත් වී ඇති අතර නිල බලයෙන් සෙනෙට් සභාපති වන උප ජනාධිපතිනි කමලා හැරිස්ගේ ඡන්දයත් සමග බලය තහවුරු…

චීන තානාපති කාර් යාලය ඉදිරිපිට විරෝධතාවයට පක්ෂයේ සම්බන්ධයක් නැහැ – එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර

  ශ්‍රී ලංකා රජයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාරණය සම්බන්ධයෙන් කොළඹ චීන තානාපති කාර්යාලය ඉදිරිපිට ඉකුත් සිකුරාදා (11)  පැවැති විරෝධතාවයට එක්සත් ජාතික පක්ෂ සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී ශෂී හෙට්ටිආරච්චි මෙ‍නවිය  සභභාගී වීම පිළිබඳව පක්ෂයේ කිසිදු සම්බන්ධතාවයක් නැතැයි පක්ෂ මහා ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා ප්‍රකාශ කොට ඇත. ශෂී හෙට්ටිආරච්චි මන්ත්‍රීතුමිය  විරෝධතාවයට සහභාග වීම ගැන  එක්සත් ජාතික පක්ෂ…

පොහොට්ටු මන්ත්‍රීන්ගේ විරෝධයෙන් මහින්ද සමග නැගිටීම නවතී

    පක්ෂය යලි ප්‍රතිසංවිධානය කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රට පුරා පැවැත්වීමට සැලසුම් කළ රැස්වීම් මාලාව එම පක්ෂයේ මන්ත්‍රීවරුන් විරුද්ධ වීම නිසා අත්හිටුවා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අවස්ථාවේ පොහොට්ටුවේ දේශපාලන රැස්වීම් පැවැත්වීම එතරම් සුදුසු නොවන බවට පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් පෙන්වාදීම නිසා මෙම රැස්වීම්…

ආණ්ඩුකාරවරු පත් කිරීමේදී එකඟතාවක් ; පොහොට්ටුවට පහයි, එජාපට හතරයි

  පළාත් ආණ්ඩුකාරවරුන් පත් කිරීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ දෙක අතර එම තනතුරු බෙදී යන ආකාරයට පත් කිරීමට යෝජනා වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ආණ්ඩුකාරධුර නවයෙන් පහක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ද ,හතරක් එක්සත් ජාතික පක්ෂයට ද වෙන් කිරීමට එමගින් යෝජනා කර ඇතැයි දැනගන්නට තිබේ. ආණ්ඩුකාරධුර සඳහා…

අපි ගැටළුකාරී අවධිය පසු කළා ; එන වසරේ ආහාර ගැටලුවක අනතුරක් නැහැ – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

ශ්‍රී ලංකාව ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ගැටළුකාරී අවධිය මේ වන විට පසු කර තිබෙන බවත්, එහි දී උදව් කළ රටවල්වලට මම ස්තූතිවන්ත විය යුතු බවත් ,  ලබන වසර තුළ අපට ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ප්‍රධාන ගැටලුවක් ඇති නොවනු ඇතැයි බලාපොරොත්තු වන බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.  නමුත් අප්‍රිකාව ඉතා දරුණු තත්ත්වයකට මුහුණ දෙනු ඇති අතර…

විදේශ ප්‍රේෂණ ඉහළට ; ඔක්තෝබරයේ ඩොලර් මිලියන 355 ක්

පසුගිය ඔක්තෝබර් මාසයේ විදේශ ප්‍රේෂණ ගණන අමෙරිකානු ඩොලර් මිලියන 355.4ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි. එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ 2022 වසරේ ජනවාරි සිට ඔක්තොම්බර් දක්වා ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 2,929.4ක් මෙරටට ලැබී ඇති බවය. පසුගිය වසර මුල දී විදේශ ප්‍රේෂණ ලෙස ඩොලර් මිලියන 700 ක පමණ ප්‍රමාණයක් මාසිකව වාර්තා වී…