අයවැයෙන් අඩකට වඩා ණය ගෙවීමට යි ; අනෙක් වැඩිම වැය සුබසාධනයට

 

මෙවර අයවැය මගින් වියදම් කරන මුදලින් අඩකට වැඩි විශාල ප්‍රමාණයක් ණය ගෙවීම සඳහා වෙන්කර ඇති බවත්, අනෙක් වියදම් අතර වැඩි ම කොටස වෙන්කර ඇත්තේ මහජන  සුබ සාධනයට බවත්, මුදල් රාජ්‍ය ඇමැති රන්ජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරයි.

2023 වසරේ සම්පුර්ණ වැය රුපියල් බිලියන 7,885 ක් වන අතර ඉන් රුපියල් බිලියන 4,218 වෙන් වන්නේ ණය ගෙවීම සඳහා ය. එම මුදල ප්‍රතිශතයක් වශයෙන් ගණන් බැලු විට සියයට 53.5 කි.

වැය ශිර්ෂ අතරින් වැඩි ම වැය ලෙස රුපියල් බිලියන 504 ක් විපතට පත් ජනයාගේ සුබ සාධනය සඳහා වෙන් කර ඇත. දෙවැනියට වැඩිම මුදල අධ්‍යාපනය සඳහා වෙන් කර ඇත්තේ රුපියල් බිලියන 504 ක් වශයෙනි. සෞඛ්‍ය සඳහා වෙන්කර ඇති මුදල බිලියන 352 ක් වන අතර ආරක්ෂාව සඳහා වෙන් කර ඇති මුදල බිලියන 410 කි.

රජයේ සේවක වැටුප් , විශ්‍රාම වැටුප් ඇතුළු පුනරාවර්තන වියදම් ලෙස වියදම්  කරන මුදල බිලියන 2,245 ක් වන අතර ප්‍රාග්ධන වියදම බිලියන 1,225 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *