විපක්ෂයෙන් ආණ්ඩුවට එන සියලු දෙනා ගන්න බැරි වෙයි ?

 

විපක්ෂයෙන් ආණ්ඩු පක්ෂයට එකතු වන මන්ත්‍රීවරුන්සි සියලු දෙනා සම්බන්ධකර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව ආණ්ඩුවට සම්බන්ධ ආරංචි මාර්ග කියයි.

එයට හේතු වී ඇත්තේ පැමිණෙන බොහෝ දෙනා කැබිනට ඇමති ධුර බලාපොරොත්තු වීම සහ එලෙස තනතුරු ලබා දීමට නොහැකි තත්ත්වයක් පැවතීමය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද කැබිනට ඇමති ධුර වැඩි ප්‍රමාණයක් ඉල්ලා සිටීම එයට හේතුවයි.

සමගි ජන බලවේගයේ රාජිත සේනාරත්න මහතා ඇතුළු හත් දෙනෙකු ආණ්ඩුවට සම්බන්ධ වීමට කැමැත්ත ප්‍රකාශ කොට ඇති බව වාර්තා වන අතර දුමින්ද දිසානායක, ජීවන් තොන්ඩමන්, කුමාර වෙල්ගම , අසංක නවරත්න ඇතුළු තවත් පිරිසක් සම්බන්ධ වීමට නියමිත බව කියති.

මෙම තත්ත්වය තුළ තම ඇමති තනතුරුවලින් ඉවත් වී විපක්ෂයෙන් එන අයට ඉඩ දීමට ද ඇමතිවරුන් කිහිප දෙනෙකු කැමැත්ත ප්‍රකාශ කොට ඇති බව ද දැනගන්නට තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *