අයවැයෙන් තේරුම් ගත යුතු එක ම කාරණය මාස හතරකින් ඡන්දයක් එන බව යි – ජාජබ් විධායක සභික සුනිල් හඳුන්නෙත්ති

  රටේ මෙතරම් බරපතළ ප්‍රශ්න තිබිය දී මාස හතරක් දිළිඳු සහන දෙන්න අයවැයෙන් රුපියල් කෝටි 4300 ක් අලුතින් වෙන්කර ඇති බවත්, එහි තේරුම නම් මාස හතරක දී ඡන්දයක් එන බව බවත්, ජාතික ජන බලවේගයේ විධායක සභික සුනිල් හඳුනෙත්ති මහතා ප්‍රකාශ කළේය. මාස හතරක දී ඡන්දයක් ඒම ගැන සැකයක් තිය ගන්න එපා යැයි ද ඒ මහතා…

ණය ගැන සාකච්ඡා කිරීමට චීන දූත පිරිසක් පැමිණෙයි

ශ්‍රී ලංකාව මුහුණදී ඇති ණය ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා චීන සංවර්ධන බැංකුවේ දූත පිරිසක් මෙරටට පැමිණ තිබේ. ඔවුන් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා හමුවී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව වාර්තා විය. චීන සංවර්ධන බැංකුව සැලකෙන්නේ ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා ප්‍රධාන මූල්‍ය පහසුකම් සපයන්නෙකු ලෙසය. අද දෙරණ

|

බැංකුවලින් ලබාගත් ණය ආපසු ගෙවීමේදී සහනයක් දෙන්න බැංකුවලට උපදෙස් දුන්නා – මහ බැංකු අධිපති

බැංකු වලින්කු ණය ලබාගැනීමෙන් අපහසුතාවයට පත්ව ඇති ගනුදෙනුකරුවන්ට සහන ලබාදෙන ලෙසට බැංකුවලට උපදෙස් දී ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කොට ඇත. පාර්ලිමේන්තුවේදී පැවති මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී මහ බැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා…

2023 අයවැය තුළ ප්‍රශංසනීය ප්‍රතිසංස්කරණ යෝජනා රාශියක් අඩංගුයි – ලංකා වාණිජ මණ්ඩලය

  2023 අයවැය තුළ ප්‍රශංසනීය ප්‍රතිසංස්කරණ යෝජනා රාශියක් අඩංගු වන අතර ඒවා නියමිත වේලාවට ක්‍රියාත්මක කළහොත් අයවැයට පෙර ගෙන යන මූල්‍ය ප්‍රතිසංස්කරණවලට මූලික වනු ඇති බව ලංකා වාණිජ මණ්ඩලය (Ceylon Chamber of Commerce) පවසයි. ලංකා වාණිජ මණ්ඩලය (CCC) ඊයේ (202211.15 ) ප්‍රකාශ කළේ 2023 අයවැය තුළ ප්‍රශංසනීය ප්‍රතිසංස්කරණ යෝජනා රාශියක් අඩංගු වන අතර ඒවා කාලෝචිත…

සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම කඩිනමින්

සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම කඩිනමින් ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර තිබේ. අද පෙරවරුවේ පැවති සාකච්ඡාවක දී ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම ඉතා කෙටි කලක් තුළ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසටය. ඒ සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳ එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති අතර…

ඉදිකිරීම් ක්ෂේත්‍රය දැන් ම ගොඩ දාන්න බැහැ – මහ බැංකු අධිපති

ආර්ථිකය ස්ථාවර වනතුරු ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වර්ධනයක් අපේක්ෂා කළ නොහැකි බව මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කොට ඇත. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වත්මන් ගැටලු පිළිබඳ ඉදිකිරීම් කර්මාන්තකරුවන් සමග ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති වැඩසටහනකදී ඔහු මේ බව සඳහන්  කළ බව වාර්තා වෙයි. ඒ මහතා මෙලෙස ප්‍රකාශා කොට තිබේ. “මෙරට ඉදිකිරීම් කර්මාන්තයේ පිරිවැය දැනටමත් ඉහළ මට්ටමක…

ආනයනික භාණ්ඩ රැසක සෙස් බදු ඉහළට

  පසුගිය කාලයේ ආනයනය සීමා කර තිබු භාණ්ඩ රැසක සෙස් බදු ඉහළ දමා  ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග කියයි. එම ආරංචි මාර්ග කියන්නේ බදු වැඩි කිරීමත් සමග ආනයනයට තිබු සීමා ඉවත්වනු ඇති බවයි. මුදල් ඇමැති , ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා ඉදිරිපත් කළ අයවැය ලේඛනයේ යෝජනා අනුව මෙම බදු වැඩි කිරීම ඊයේ සිට ක්‍රියාත්මක කොට…

ශ්‍රී ලංකාවට මූල්‍ය සුරක්ෂිතතාවය පිලිබඳ ණයහිමියන්ගේ සහතිකය කඩිනමින් ලබාදීම අවශ්‍යයි – ජී 20 රාජ්‍ය නායකයෝ කියති

  ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී ඉදිරි මූල්‍ය සුරක්ෂිතතාවය පිළිබඳව චීනය සහ ජපානය ඇතුළු බහු ණයහිමියන්ගෙන් සහතිකයක්  ශ්‍රී ලංකාවට කඩිනමින් ලබා දීම අවශ්‍ය වන බව G20 සමුළුවට සහභාගිවී සිටින රාජ්‍ය නායකයින් පෙන්වා දී ඇති බව ජාත්‍යන්තර පුවත් සේවා වාර්තා කරයි ඔවුන් එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්යමණ්ඩල මට්ටමේ…

|

රජය පියවා නැති හිඟ බිල්පත් වටිනාකම කෝටි විසි දහසක් – මුදල් අමාත්‍යාංශයේ ලේකම්

  රජය දැනට පියවා නැති හිඟ බිල්පත් වල වටිනාකම රුපියල් කෝටි විසි දහසක්( බිලියන දෙසීයක්) බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ. එම් මහින්ද සිරිවර්ධන මහතා පැවසීය. විශේෂයෙන්ම ඉදිකිරීම් සහ වෙනත් ආයතන වලට ගෙවිය යුතු බිල්පත් ඒ අතර වන බව පැවසූ ලේකම්වරයා රජය පවතින්නේ ඒ බිල්පත් ගෙවිය නොහැකි මට්ටමක යැයි ද සඳහන් කළේය. ලැබෙන ආදායම වැටුප් සහ…

පළාත් පාලන ඡන්දය වහා ම කැඳවන්න බැහැ – මැතිවරණ කොමිසම විපක්ෂයට කියයි

  පළාත් පාලන ඡන්දය වහා ම කැඳවන ලෙස විපක්ෂයේ පක්ෂ විසින් මැතිවරණ කොමිසමෙන් අද කළ ඉල්ලීම කොමිසන් සභාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ බව මැතිවරණ කොමිසමට සම්බන්ධ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. දෙසැම්බර් 6 දාට පෙර මැතිවරණය ප්‍රකාශයට පත් නොකරන බවත්, එය කැඳවීමට ජනවාරි 9 වැනිදා දක්වා තමන්ට කල් ඇති බවත් පේනවා දී ඇති මැතිවරණ කොමිසම ඒ…

සජිත් – අනුර යාපා සන්ධානය එක දවසින් අවසන්

ඊයේ ජනමාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත්කළ සමගි ජන බලවේගය සහ අනුර ප්‍රියදර්ශන යාපා කණ්ඩායම් අතර සන්ධානය අද වනවිට බිඳ වැටී ඇති බව වාර්තා වෙයි. මෙයට හේතු වී ඇත්තේ මෙය අනුර යාපා කණ්ඩායම සමගි ජන බලවේගයට සම්බන්ධ වීමක් ලෙස සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍යයට කළ ප්‍රකාශයට එම කණ්ඩායමේ බහුතරය විරෝධය ප්‍රකාශ කිරීමයි. තමන් සජබට එකතු නොවූ බව ජෝන්…

ආර්ථිකය යම් දුරකට ස්ථායි වෙමින් පවතිනවා – මහ බැංකු අධිපති

පවතින අර්බුදකාරී තත්ත්වය කළමනාකරණය කරගනිමින් ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා මෙවර අයවැය වැදගත් වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේ “අද දෙරණ 24” නාළිකාවේ විශේෂ සාකච්ඡාවට එක්වෙමිනි. මුදල් ප්‍රතිපත්ති තර කර පොලී අනුපාත වැඩි කරමින් සහ රජය බදු වැඩිකරීම් සිදු නොකළ සිටියේ නම් මේ වන විට…