එජාපය අලුත් මන්ත්‍රීන් පත් කිරීම කඩිනම් කරයි

  එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කොට වෙනත් පක්ෂවලට සහාය දැක්වීමේ කාරණය මත පක්ෂයෙන් ඉවත් කරන ලද මන්ත්‍රීවරුන් වෙනුවට නව මන්ත්‍රීවරුන් පත් කිරීමේ කටයුතු මෙම සතියේම කඩිනමින් නිම කිරීමට පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා කටයුතු යොදා තිබේ. පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් 1137 දෙනකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසිවීම හේතුවෙන් ඔවුන්ගේ මන්ත්‍රීධූර අහෝසි වන බැවින් වෙනත් පිරිසක් පත්…

මැතිවරණ කොමිසමෙන් සාමුහික තීරණයක් ; 9 දා ඡන්දය නැහැ ; දිනය කියන්නේ 3 දා

ලබන 9 දා මැතිවරණය නොපැවැත්වෙන බවත්, මැතිවරණ දිනය මාර්තු 3 දා රැස් වී තීරණය කරන බවත්, මැතිවරණ කොමිසම අද පැවැත් වූ රැස්වීමක දී සාමුහික තීරණයකට එළඹ තිබේ. එම තීරණය කොමිසම අද නිල වශයෙන් නිවේදනය කළේය. මැතිවරණයට මුදල් ඉල්ලා පාර්ලිමේන්තුවට ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට ද එහි දී තීරණය වී තිබේ. මෙම තීරන ගැනීමේ සාකච්ඡාවට මැතිවරණ කොමිසමේ දැනට…

ඡන්දේ කල්දාන පෙත්සම කල්දායි

පළාත් පාලන මැතිවරණය නියමිත දිනට පැවැත්වීම වලක්වාලන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස විශ්‍රාමික කර්නල් ඩබ්.එම්.ආර් විජේසුන්දර ගොනු කළ රිට් පෙත්සම මැයි 11 තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) තීන්දු කළේය. ඒ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ගොනුකළ පෙත්සම් තුනක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදීය. ඡන්දය කල් දමන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම, නියමිත…

වසන්ත මුදලිගේ ඇතුළු 57ක් අත්අඩංගුවට

විරෝධතාවයක් අතරතුරදී වසන්ත මුදලිගේ ඇතුළු 57 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පිරිස අතර ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා 48ක් ද සිටින බව අප වාර්තාකරු පැවසීය. අධ්‍යාපන අමාත්‍යංශ පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වීමේ චෝදනාව යටතේ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිස මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. අමාත්‍යංශ පරිශ්‍රයට…

ර්හෂ කැපෙයි ; මුදල් කමිටු සභාපති මයන්ත දිසානායක

  පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ධුරයට මයන්ත දිසානායක මන්ත්‍රීවරයා පත් කරගනු ලැබ ඇත. එහි කලින් සභාපතිව සිටියේ ආචාර් ය ර්හෂ ද සිල්වා මන්ත්‍රීවරයා ය. මෙවර ද ඔහු ම පත්කරන ලෙස සමගි ජන බලවේගය ඉල්ලා සිටිය ද එම තනතුර මෙවර ඔහුට ලබා දී නැත. ස්ථාවර නියෝග අනුව මෙම තනතුරට පත් කරගත යුත්තේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකි….

පහළ කාණ්ඩවල විදුලි බිල වැඩි වී ඇත්තේ රුපියල් 1500 කට අඩුවෙන් ; ඉතිරිවන ඉටිපන්දම් වියදම 2000 කට වැඩියි – විදුලිබල ඇමැති කාංචන විජේසේකර

  ප්‍රතිශත  ගැන කියමින් ජනතාව බියපත් කරන්නට සමහරු උත්සහ කළත්, ඒකක 120 කට අඩුවෙන් භාවිතා කරන සෑම කාණ්ඩයක ම විදුලි බිල වැඩි වී ඇත්තේ රුපියල් 1500 කට අඩු ප්‍රමාණයකින් බවත්, දිගට ම විදුලිය කැපුවා නම් දිනකට එක් ඉටිපන්දමක් දැල්වුවත් මසකට රුපියල් 2000 කට වඩා වැය වන බවත්, එම මුදල් දැන් ඉතිරිවන බවත්, විදුලිබල සහ බලශක්ති…

ඡන්ද කල් දමන්නේ නැහැ ; කල් දාන්න ඡන්දයක් කැඳවා නැහැ – ජනපති පාර් ලිමෙන්තුවට කියයි

  ඡන්ද කල් දමන්නේ නැති බවත්, කල් දමන්නට නීත්‍යනුකුලව ඡන්දයක් කැඳවා නැති බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුව අමතා ප්‍රකාශ කළේය. මැතිවරණයට මුදල් ඉල්ලා එවූ ලිපිවලට අත්සන් තබා ඇත්තේ ඒ සඳහා බලය පැවරුණු තැනැත්තන් නොවන බවත්, ඒ අනුව මුදල් නිකුත් කළහොත් මුදල් දෙන නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බවත්, ජනාධිපතිවරයා පැවසීය. ඡන්දය කැඳවීමට…

ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉවතට !

  ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සේවය ලබන මාසයෙන් අවසන් කරනු ඇතැයි තතු දත් දේශපාලන ආරංචි මාර්ග කියයි. ඒ මහතාගේ සේවා කාලය ලබන මාසයෙන් අවසන් වන බවත්, ඔහු සේවා දිගුවක් බලාපොරොත්තු වුවත්, එය නොලැබෙනු ඇති බවත්, එම ආරංචි මාර්ග කියයි. හිටපු ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතගේ කිට්ටු හිතවතෙකු වූ ශවේන්ද්‍ර සිල්වා මහතා ඔහුගේ සේවය…

බදු විරෝධයේ හුලන් බහී – සංවිධායකයෝ අවුලක

අද උද්ඝෝෂණය නව ආදායම් බදු සංශෝධනවලට එරෙහිව “දැවැන්ත උද්ඝෝෂණයක්” ලෙස අද කොටුව දුම්රිය පොළ ඉදිරිපිට පැවති විරෝධතාවයට බලාපොරොත්තු වූ ජන සහභාගීත්වය නොමැති වීම නිසා එහි සංවිධායකයින් අතර මත ගැටුම් ඇතිවී තිබෙන බව දැනගන්නට ඇත. පෙබරවාරි 8 හයිඩ් පිටියේ රැලිය වෘත්තීයවේදීන්ගේ මෙම සංවිධාන විසින් මෙම මස මුල සංවිධානය කළ උද්ඝෝෂණ වලට සහ පෙබරවාරි 8 දා හයිඩ්…

අදානි සමුහයේ මන්නාරම, පුනරීන් සුළං බලාගාර වැඩ ඇරඹෙයි

  ඉන්දියාවේ අදානි සමාගමේ ආයෝජනයෙන් ඉදිවන මන්නාරම සහ පුනරින් සුළං විදුලි බලාගාර සඳහා ආයෝජන ගිවිසුමට අද අත්සන් තැබීය. ශ්‍රී ලංකා ආයජන මණ්ඩලය සහ අදානි සමගම අතර එම ගිවිසුම අත්සන් කෙරිණි. මන්නාරම සහ පුනරින් ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 500 ක පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘතිවල ඉදිකිරීම් ලබන වසරේ (2024) දෙසැම්බර් මස අවසන් කිරීමට නියමිත බවත් ඒ සඳහා අවශ්‍ය…

|

උද්ධමනය තවත් පහළ ට

ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට වාර්ෂික උද්ධමනය පසුගිය ජනවාරි මාසයේදී 53.2% දක්වා පහළ ගොස් තිබේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඒ බව පවසයි. එය ඉකුත් දෙසැම්බර් මාසයේ සටහන්වී තිබුණේ 59.2%  ලෙසය.

එජාපයේ 1137 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

 පළාත් පාලන ඡන්දයේ දී වෙනත් පක්ෂවලට සහය පළකළ  එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන සාමාජිකයින් 1137 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කර තිබේ. ඒ, එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වී ගත් ඒකමතික තීරණයකට අනුවය. අදාළ සාමාජිකයින් වෙනත් පක්ෂවලට සහාය දැක්වීමේ සිද්ධි පිලිබඳ විනය පරීක්ෂණ වලින් පසුව මෙම පියවර ගෙන ඇති බවද වාර්තා වෙයි. මොවුන්ගේ සභික …