ඡන්දේ කල්දාන පෙත්සම කල්දායි
පළාත් පාලන මැතිවරණය නියමිත දිනට පැවැත්වීම වලක්වාලන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස විශ්‍රාමික කර්නල් ඩබ්.එම්.ආර් විජේසුන්දර ගොනු කළ රිට් පෙත්සම මැයි 11 තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) තීන්දු කළේය.
ඒ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ගොනුකළ පෙත්සම් තුනක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදීය.
ඡන්දය කල් දමන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම, නියමිත දිනට ඡන්දය පැවැත්විය නොහැකි බවට මැතිවරණ කොමිසම ගොනුකළ මෝසම සහ ඡන්දයට බාදා ඉවත්කර දෙන ලෙස හිටපු මන්ත්‍රී මුජිබර් රහමාන් මහත් ඉදිරිපත් කොට තිබු පෙත්සම අද විභාගයට ගනු ලැබීය.

