මැතිවරණ කොමිසමෙන් සාමුහික තීරණයක් ; 9 දා ඡන්දය නැහැ ; දිනය කියන්නේ 3 දා

ලබන 9 දා මැතිවරණය නොපැවැත්වෙන බවත්, මැතිවරණ දිනය මාර්තු 3 දා රැස් වී තීරණය කරන බවත්, මැතිවරණ කොමිසම අද පැවැත් වූ රැස්වීමක දී සාමුහික තීරණයකට එළඹ තිබේ.
එම තීරණය කොමිසම අද නිල වශයෙන් නිවේදනය කළේය.
මැතිවරණයට මුදල් ඉල්ලා පාර්ලිමේන්තුවට ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට ද එහි දී තීරණය වී තිබේ.
මෙම තීරන ගැනීමේ සාකච්ඡාවට මැතිවරණ කොමිසමේ දැනට සිටින සාමාජිකයින් සතර දෙනා ම සහභාගී වී ඇත.
කොමිසම මෙලෙස ඝන පුරණයක් සහිත කොමිසන් සභා රැස්වීමක් පවත්වා ඇත්තේ මාස ගණනාවකට පසුව ය.
