උතුරේ සුර්ය බල විදුලි ව්‍යාපෘතිය ගැන ඩීසල් මාෆියාව අනුර කුමාරට ලනුවක් දීලා !

    උතුරේ ඉදිකරන සුර්ය බල විදුලි ව්‍යාපෘතියකින් වැඩි මිලට විදුලිය ගැනීමට කැබිනට අනුමැතිය දී ඇතැයි ද එය මගින් විදුලි ගාස්තු වැඩි වනවා මිස අඩුවන්නේ නැතැයි ද ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය ඩීසල් මාෆියාව ලබාදුන් වැරදි තොරතුරු මත පදනම් වුවක් බව ක්ෂේත්‍රයේ තතු දත් ආරංචි මාර්ග කියයි. මෙය…

සජිත් එන්නැති එක ’’ෂෝක්’’ – එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර

    ජනාධිපතිවරයා සමග සජිත් ප්‍රේමදාස එකතු වෙන්නේ නැතැයි කියන කතාව අසා තමා ඉතා සතුටට පත් වූ බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංග බණ්ඩාර මහතා මාධ්‍ය හමුවකදී පැවසීය. සජිත් ප්‍රේමදාස  මහතා නැවත එක්සත් ජාතික පක්ෂයට එකතු වන්නේ නැතැයි කීම එක්සත් ජාතික පක්ෂයට ද විශාල සහනයක් බව කී මහලේකම්වරයා සජිත් නැතිවීම යනු එජාපයේ හූනියම…

|

බැංකු පොලිය සියයට 13 න් පහළට වැටෙයි

  වාණිජ බැංකු මගින් ලබාදෙන ණය සඳහා පොලී අනුපාත මේ වන විට සියයට 13 කට වඩා අඩු මට්ටමකට පහත වැටී ඇති බව වාර්තා වෙයි. මේ වන විට බරිත සාමාන්‍ය පොලී අනුපාතය වාර්තා වන්නේ සියයට 12.79 ක් වශයෙනි. බැංකු පොලී අඩු කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව වාණිජ බැංකු වෙත අවස්ථා ගණනාවක දැනුම් දී තිබිණි. මහ…

කොමිස් ගන්න බැරි නිසා විදුලි මණ්ඩලේ ’’හිරුට- සුළඟට’’ කැමති නෑ – අනුරට පිළිතුරු දෙමින් රනිල් කියයි

      හිරුගෙන් සහ සුළඟින් කොමිස් ගන්නට බැරි නිසා සූර්ය සහ සුළං විදුලි බලාගාර ඉදිකරනවාට විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් බොහෝ දෙනෙක් විරුද්ධ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. එම ඉංජිනේරුවන්ට අවශ්‍ය වන්නේ ගල් අඟුරු සහ තෙල් ගෙන්වන්නට බව කී ජනාධිපතිවරයා ඒවායින් කොමිස් ලැබෙන බවද සඳහන් කළේය. ආයෝජන ප්‍රවර්ධන සහ තාක්ෂණ අමාත්‍යාංශවල වැය ශීර්ෂ…

ඇමති රොෂාන්ගේ ක්‍රිකට් අතුරු කමිටුව ඇමති හරීන් අවලංගු කරයි

  හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පත්කරන ලද  ක්‍රිකට් අතුරු කමිටුව අහෝසි  කිරීමට තීරණය කළ බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (12) පැවසීය. හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා පත්කළ අතුරු කමිටුව අවලංගු කිරීමේ ගැසට් පත්‍රයට අත්සන් කළ බවත් අන්තර්ජාතික ක්‍රිකට් සභාව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පනවා ඇති තහනම ඉවත් කරගැනීමේ අරමුණින් අතුරු කමිටුව අවලංගු කරන…

’සැමට හොරු කියමින් ප්‍රජාතන්ත්‍රවාදය මළගමට තල්ලු කරනවා’

අප සියලු දෙනාට  හොරු කියමින් අවසානයේ ප්‍රජාතන්ත්‍රවාදය මළගමට තල්ලු කරමින් සිටින බව එජාප  මන්ත්‍රී වජිර  අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. ජනපති කර්මාන්ත ඇමති ලෙස සිටියදී බියගම කර්මාන්ත පුරය ඇති කළ බවද දැන් ඒ වෙළෙඳ  කලාප ක්‍රමය ඉවර වී ඇති අතර දැන්  එතනින් එහාට යා යුතුව තිබෙන බව කීය. නව තාක්ෂණය සමඟ ඉදිරියට යා යුතුව ඇති බව…

කර්තෘ සංසද සම්මාන උලෙළ අද

ශ්‍රී ලංකා කර්තෘ සංසදය සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය ඒකාබද්ධව සංවිධානය කරන ‘ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන -2022’ උලෙළ ගල්කිස්ස මහ හෝටලයේදී අද (12) සවස 6 ට පැවැත්වේ. ශ්‍රී ලංකා කර්තෘ සංසදය සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය එක්ව සංවිධාන කරන මෙම උලෙළේදී ජනමාධ්‍යවේදීන් 36 දෙනෙකුට සම්මාන පිරිනැමේ. ඊට අමතරව ජනමාධ්‍යවේදීන් 16 දෙනෙකුට…

|

දෙවන ණය වාරිකය පිළිබඳ තීරණය කිරීමට IMF විධායක කමිටුව අද රැස්වෙයි

ශ්‍රී ලංකාවට මාස 48ක විස්තීර්ණ ණය පහසුකම සැපයීම පිළිබඳ විධිවිධාන සම්බන්ධ පළමු සමාලෝචනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව අද (12) රැස්වීමට නියමිතය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුවේ දින දර්ශනයේ මේ බව සඳහන් කර ඇති අතර ඒ යටතේ කාර්ය සාධන නිර්ණායක පිළිපැඳීමෙන් නිදහස් වීම සහ වෙනස් කිරීම, මූල්‍ය සහතික සමාලෝචනය සහ නැවත සකස් කිරීම මෙන්ම…

වැට් වැඩි ඡන්දයෙන් සම්මතයි

වැට් සංශෝධන පනත් කෙටුම්පත තුන්වන වර කියවීම සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී අද(11) සම්මත විය. එහිදී එම වැට් සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 100ක් හිමිවිය. විපක්ෂව ඡන්ද 55ක් හිමිව තිබුණි. ඒ අනුව වැට් සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 45කින් සම්මත විය.

පොහොට්ටුවේ කණ්ඩායම් හතරක් – රාජ්‍ය බුද්ධි අංශය

  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කණ්ඩායම් හතරකට බෙදී කටයුතු කරමින් සිටින බව රාජ්‍ය බුද්ධි අංශය ජනාධිපතිවරයා වෙත ලබා දී ඇති වර්තාවක සඳහන් ය. එලෙස බෙදී ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දක්වන කණ්ඩායම, බැසිල් රාජපක්ෂ මහතාට සහය දක්වන කණ්ඩායම, හිටපු ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතාට පක්ෂපාත කණ්ඩායම සහ නාමල් රාජපක්ෂ මහතාට සහය දක්වන කණ්ඩායම වශයෙනි. ජනාධිපතිවරණයේ…

රනිල් සජිත් කවදාවත් එකතු වන්නේ නෑ – සජිත්

      රනිල් සජිත් කවදාවත් එකතු වන්නේ නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. බොරු ප්‍රචාරය කරන ආයතන කිහිපයක් එකතු වී රනිල් සජිත් එකතු වන බවට ප්‍රචාරයක් යවන බව කී විපක්ෂ නායකවරයා එලෙස එකතුවීමක් කෙදිනකවත් නොවන බව තමා පාර්ලිමේන්තුවේදී ම ප්‍රකාශ කරන බවද සඳහන් කළේය. මෙවැනි ප්‍රචාර කරන ආයතන වලට මාධ්‍ය ආයතනයැයි කීමටවත්…

|

අයි.එම්.එෆ් ආධාර ප්‍රගතිය හොඳ පැත්තට

      ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර වැඩසටහනේ ප්‍රගතිය සහ විනිවිදභාවය නොවැම්බර් මාසයේදී ඉහළ ගොස් ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කරයි. නොවැම්බර් මසදී 2024 අයවැය යටතේ ප්‍රගතිය මැනීමට ආධාර වන වාර්තා කිහිපයක් ප්‍රසිද්ධ කිරීමත් සමග ආධාර වැඩසටහනේ ප්‍රගතිය සහ විනිවිදභාවය මෙලෙස ඉහළ ගිය බව වෙරිටේ රිසර්ච් ආයතනය කියයි. අයි.එම්.එෆ්. මීටරයේ මෙතෙක්…