උතුරේ සුර්ය බල විදුලි ව්‍යාපෘතිය ගැන ඩීසල් මාෆියාව අනුර කුමාරට ලනුවක් දීලා !

උතුරේ ඉදිකරන සුර්ය බල විදුලි ව්‍යාපෘතියකින් වැඩි මිලට විදුලිය ගැනීමට කැබිනට අනුමැතිය දී ඇතැයි ද එය මගින් විදුලි ගාස්තු වැඩි වනවා මිස අඩුවන්නේ නැතැයි ද ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය ඩීසල් මාෆියාව ලබාදුන් වැරදි තොරතුරු මත පදනම් වුවක් බව ක්ෂේත්රයේ තතු දත් ආරංචි මාර්ග කියයි.
මෙය සාමාන්‍ය සුර්ය බල විදුලි ව්‍යාපෘතියක් නොවන බවත්, විදුලිය ගබඩා කිරීමේ බැටරි පද්ධතියක් සහිත ව්‍යාපෘතියක් බවත්, සඟවා අනුර කුමාර මහතා නොමග යවා ඇති බව එම ආරංචි මාර්ග පවසයි.
බැටරි පද්ධතියක් සහිත නිසා එයට යන වියදම තරමක් වැඩි වුවත්, මෙමගින් නිපදවන විදුලිය බැටරිවල ගබඩා කොට විදුලි ඉල්ලුමේ උපරිමය පවතින කාලයේ භාවිතයට ගත හැකි බැවින් එම කාලයේ දැන් භාවිත කරන මිල ඉතා අධික ඩීසල් සහ ගෑස් බලාගාර අක්‍රිය කිරීමෙන් විශාල ලාභයක් උපාය ගත හැකි බව කියති.
අනුර කුමාර දිසානායක මහතා කීවේ මෙම සුර්ය බලාගාරයෙන් විදුලිය ලබාගන්නේ ඩොලර් ශත 15 කට හෙවත් රුපියල් පනහක පමණ මුදලකට බව යි. එබැවින් ජනතාවගේ විදුලි බිල අඩු නොවී වැඩි වන බව ඒ මහතා කීවේ කිසියම් පිරිසකගෙන් ලැබුණු තොරතුරු මත පදනම් වෙමිනි
මෙම විදුලිය භාවිත කරන්නේ උපරිම ඉල්ලුම ඇති සවස 6.00 සිට 9.00 දක්වා කාලයේ බවත්, එම උපරිම ඉල්ලුම ඩීසල් හෝ ගෑස් බලයෙන් ලබා ගැනීමට ඒකකයට රුපියල් 200.00 තරම් ඉහල වියදමක් යන බවත්, අනුර කුමාර දිසානායක මහතාට තොරතුරු සැපයු තැනැත්තන් විසින් වසන් කරනු ලැබ ඇත.
බැටරි නොමැති නිවාසවල වහල මත සුර්ය බල විදුලිය, මණ්ඩලය මේ වන විට මිලට ගන්නේ ඒකකය රුපියල් 37 කට ය. එම විදුලිය පද්ධතියට ලැබෙන්නේ උපරිම ඉල්ලුමක් නැති දහවල් කාලයේ ය.
මෙම විදුලියට ගෙවන මිල අධික බවත්, එයින් විදුලි ගාස්තු වැඩිවන බවත් දිසානායක මහතා පාර්ලිමේන්තුවේ කියන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ද චෝදනා එල්ල කරමිනි.
රනිල් වික්‍රමසිංහ මහතා පිළිතුරු දෙමින් කීවේ සුර්ය බලයෙන් සහ සුළඟින් කොමිස් ගත නොහැකි නිසා ඉංජිනේරුවන් ඒ දෙකට විරුද්ධ බව යි.
අනුර කුමාර දිසානායක මහතාට වැරදි තොරතුරු ලබාදීමෙන් ම ජනාධිපතිතුමාගේ ප්‍රකාශය තහවුරු වන බව අපගේ ආරංචි මාර්ග කියයි.
බැටරි පද්ධතියක් සහිත සුර්ය බල ව්‍යාපෘතියක් ගෙන එමෙන් විස්ථාපනය වන්නේ ඩීසල් විදුලි ජනනය යි. විදුලි ජාවාරම්වලට සම්බන්ධ ඩීසල් මාෆියාවක් ගැන කලෙක සිට චෝදනා නැගී තිබිණි.
අනුර කුමාර දිසානායක මහතා ද මේ මොහොතේ ඉටුකර ඇත්තේ එම ඩීසල් මාෆියාවේ අවශ්‍යතාවයක් බව කියති.
