මැතිවරණ ප්‍රතිඵලයෙන් දයාසිරි අතරමං !

විපක්ෂයේ මන්ත්‍රීවරයකුව සිටිනවාට වඩා පළාත් මහ ඇමැති වීම හොදයයි කියා පසුගිය වසරේ පක්ෂය මාරුකළ දයාසිරි ජයසේකර මහතා මහ ආණ්ඩුවේ ඇමතිවරයකු වීමට සිතා මැතිවරණය තරග කළද ලැබුණු ප්‍රතිපලයට අනුව නැවතත් විපක්ෂ මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවේ වසර පහක් ගතකිරීමට යන්නේදැයි සිතමින් අතරමංව සිටිනබව ඔහුට සම්බන්ධ අපගේ ආරංචි මාර්ග කියයි . රනිල් මෛත්‍රී එකතුවෙන් හැදෙන යහපාලන ආණ්ඩුවක ඇමැතිධුරයක් හිමිකර…

මෛත්‍රී පාලනයට ගියොත් විමල්, දිනේෂ්, වාසු , එළියට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් , එක්සත් ජනතා නිදහස් සන්ධානයේත් බලය සියතට ගනිමින් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහුගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ක්‍රියා කරමින්  සමගි සන්ධාන ආණ්ඩුවකට යාමට පියවර ගතහොත් විමල් වීරවංශ , දිනේෂ් ගුනවර්දන , වාසුදේව නානායක්කාර ආදීන් ඇතුළු පිරිසක් සන්ධානයෙන් ඉවත්වයාමට සුදානම් වන බව තතුදත් ආරංචි මාර්ග කියයි . අපගේ ආරංචි මාර්ග කියන්නේ…

සන්ධානයේ අර්බුදයෙන් රනිල් අගමැතිකමේ දිවුරුම් දීමටත් පොල්ලක් !

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් පත්කිරීමේදී අලුතින් පත්වූ ලේකම් විශ්වා වර්ණපාල මහතාගේ නිර්දේශ පිළිගන්නේද යන්න පිලිබදව මැතිවරණ කොමසාරිස්වරයා මෙතෙක් තීරණයක් නොගැනීම නිසා නව අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාගේ දිවුරුම් දීමද කල්යන ලකුණු පහළවී ඇති බව තතුදත් ආරංචි මාර්ග කියයි . ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නම් නොමැතිව අවසන් මැතිවරණ ප්‍රතිපලය ගැසට් කළ නොහැකිවීමත් , ප්‍රතිපලය…

එජාපය ආසන 105ක් ලබා මැතිවරණය ජයගන්නා ලකුණු !

මහ මැතිවරණයෙන් එජාපයට ආසන 105ක් ද ,සන්ධානයට ආසන 92ක් ද ජනතා විමුක්ති පෙරමුණට ආසන 11ක් ද දෙමළ ජාතික සන්ධානයට ආසන 17ක් ද හිමිවනු ඇති බව යුක්තියට ලැබෙන අලුත්ම ආරංචි මාර්ග කියයි . මෙම සංඛ්‍යා සුළු වසයෙන් වෙනස් විය හැකි  බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි .

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවෙන් කුමන්ත්‍රණ කරුවන් ඉවතට

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ සිටිමින් පක්ෂ නායකයාට එරෙහිව කුමන්ත්‍රණය කළ බව කියන දහතුන්දෙනකු ඉවත්කිරීමට ජනාධිපතිතුමා පියවර ගෙන ඇති බව වාර්තා වෙයි . එම පක්ෂයේ ව්‍යවස්ථාව අනුව මධ්‍යම කාරක සභාවට විසිපස් දෙනකු පත්කිරීමට නායකයාට අයිතිය ඇත . ඒ අනුව දැනට නායකයා විසින් පත්කර ඇති පිරිස වෙනුවට අලුතින් පත්කොට ඇති බව කියති . එහිදී ප්‍රධාන නිලතල දරන…

මෛත්‍රීගේ කට්ටිය ගොඩදාන සැලැස්මක්

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මෙන්ම එක්සත් ජාතික පෙරමුණෙන්ද තරග වදින ජනාධිපතිවරයාට හිතවත් අපේක්ෂකයින් කවරකු හෝ මනාප සටනේදී පරාජය වුවහොත් දෙපැත්තේ ජාතික ලැයිස්තු මගින් පාර්ලිමේන්තුවට පත් කර ගැනීමේ සැලසුමක් ජනාධිපතිවරයා විසින් ක්‍රියාවට නගා ඇති බව අපේ ආරංචි මාර්ග කියයි . ජනාධිපතිවරයාට  උපදෙස් දෙන නීතිඥයන් වෙනත් ජේෂ්ට නීතිඥයන්ගෙන් මේ සදහා වැඩිදුරටත් උපදෙස් ලබාගෙන ඇති බවද දැනගන්නට ඇත…

මහින්දගේ අපල දුරුවෙන්න කිරි අම්මාවරුන්ට දානයක්

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ අපල දුරුවීම සදහා කිරි අම්මාවරු තුන්සියයකට දානය පිළිගැන්වීම අද (16දා) උදේ කුරුණෑගල  බෞද්ධාලෝක පිරිවෙන් විහාරස්ථානයේදී  සිදුකොට ඇත . මෙය සංවිධානය කොට තිබුණේ ප්‍රදේශයේ තවත් ප්‍රබල අපේක්ෂකයකු විසිනි . ප්‍රදේශයේ විහාරස්ථාන කිහිපයකදී සිල් රෙදි බෙදාදීමටද රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් ක්‍රියාත්මක වී ඇති අතර පොලීසිය එය වලකා  ඇතත්…

රජ්ජුරුවන්ගේ කථා නොව වෙනත් කථා බලන්නට ද අද නිදහස ඇත.

සිනමාවේදීන්ට අද රජ කථා නොව වෙනත් නිර්මාණ කරන්නට මෙන්ම ප්‍රේක්ෂකයින්ට රජකථා නොවන වෙනත් කථා බලන්නට නිදහසක් ලැබී ඇත. පත්තරයක් දිග දිගහැර බැලූවොත්, රජ්ජුරුවන්ගේ කථා ඇරුනම තවත් කථා බලන්නට අපිට නිදහසක් තිබේ. බලය අහිමි වූ රජ්ජුරුවන්ටත් අද පුළුවන් වී තිබෙනවා තවත් ජනාධිපතිවරයෙකු යටතේ ඔහුම පාලනය කළ ගුවන් විදුලිය, රූපවාහිණිය සහ අනිකුත් මාධ්‍ය හමුවේ අපිට කථා කරන්නට….

විමල් , ගම්මන්පිල , වාසු සන්ධානයේ නැහැ – වැඩි බලය මෛත්‍රීට

විමල් වීරවංශ , උදය ගමන්පිල ,වාසුදේව නානායක්කාර ආදීන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මැතිවරණ තරග කළද ඔවුන්ගේ පක්ෂ නිළ වශයෙන් සන්ධානයේ නැති බවත් සන්ධානයේ විධායක සභාවේ නියෝජනයක් මොවුන්ට නැති බවත් තතුදත් ආරංචි මාර්ග කියයි . සන්ධානයේ සාමාජික පක්ෂ වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය , මහජන එක්සත් පෙරමුණ , ශ්‍රී ලංකා මහජන පක්ෂය සහ දේශ විමුක්ති ජනතා…

ඩිලානුත් දොට්ට ?

ශ්‍රීලනිපයේ සහ සන්ධානයේ නව ලේකම්වරුන් වන දුමින්ද දිසානායක සහ විශ්වාවාර්ණපාල යන මහත්වරුන්ට නිලයේ වැඩකටයුතු කරගෙන යෑමට බාධා නොකරන ලෙසට දිසා අධිකරණයෙන් ලබාගත් වාරණ නියෝගය විවේචනය කිරීම හේතුවෙන් ඩිලාන් පෙරේරා ද පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇතැයි ජනපති මැදුරෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි. උක්ත සංවිධාන දෙකේම සභාපතිවරයා වන්නේ මෛත්‍රිපාල සිරිසේන මහතා ය. අධිකරණය ද…

මැතිවරණ කාලයේ ලේකම්වරු ඉවත් කරන්න බැහැ කීමට පදනමක් නැහැ – ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න

මැතිවරණයක් පවත්වන අවස්ථාවක පක්ෂ ලේකම්වරයකු ඉවත්කළ නොහැකි බවට ඇතැමුන් ඉදිරිපත් කරන තර්කයට කිසිදු නීතිමය පදනමක් නැති බවත් එක්සත් ජාතික පක්ෂයේ ලේකම් දුරයෙන් තිස්ස අත්තනායක මහතා ඉවත්කළේ ජනාධිපතිවරණය පවත්වන අතරතුර බවත් ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න මහතා “යුක්තිය”ට ප්‍රකාශ කළේය . කිසියම් පක්ෂයක ලේකම් වරයෙක් මැතිවරණ කාලයකදී වෙනත් පක්ෂයකට සහාය දීමට කටයුතු කළහොත් හෝ පක්ෂයට හනිවනසේ කටයුතු…

උසාවි නිවාඩු ගිහිං – මහින්ද පිල හාන්සියි !

දිවයිනේ සියලු අධිකරණවල අගෝස්තු නිවාඩුව සිකුරාදා සිට ආරම්භ වී ඇති අතර ශ්‍රේෂ්ඨාධිකරණය සති දෙකක්ද අනෙකුත් අධිකරණ සතියක් ද වසා තැබෙන නිසා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරයා ඉවත්කොට එම තනතුරට විශ්වා වර්ණපාල මහතා පත්කිරීමට එරෙහිව හෝ ඔහුගේ කටයුතු සීමාකිරීමට හෝ අධිකරණ තීන්දුවක් ගැනීමට උත්සාහ දැරීමට පවා සන්ධානයේ මහින්ද හිතවාදීන්ට ඉඩක් නොලැබෙන බව අධිකරණ ආරංචි මාර්ග කියයි…