සන්ධානයේ අර්බුදයෙන් රනිල් අගමැතිකමේ දිවුරුම් දීමටත් පොල්ලක් !
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් පත්කිරීමේදී අලුතින් පත්වූ ලේකම් විශ්වා වර්ණපාල මහතාගේ නිර්දේශ පිළිගන්නේද යන්න පිලිබදව මැතිවරණ කොමසාරිස්වරයා මෙතෙක් තීරණයක් නොගැනීම නිසා නව අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාගේ දිවුරුම් දීමද කල්යන ලකුණු පහළවී ඇති බව තතුදත් ආරංචි මාර්ග කියයි . ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නම් නොමැතිව අවසන් මැතිවරණ ප්‍රතිපලය ගැසට් කළ නොහැකිවීමත් , ප්‍රතිපලය ගැසට් කරන තෙක් දිවුරුම්දීම නීත්‍යානුකුල නොවීමත් නිසා මෙම තත්ත්වය උදාවී ඇත .
සන්ධානයේ ලේකම් ලෙස මැතිවරණ කොමසාරිස්වරයා මෙතෙක් පිළිගෙන ඇත්තේ සුසිල් ප්‍රේමජයන්ත මහතාය . ඔහු ඉවත්කොට විශ්වා වර්ණපාල මහතා පත්කිරීමට පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කොට ඇතත් මැතිවරණ කොමසාරිස්වරයා තවමත් එම පත්කිරීම පිළිගෙන නැත . මේ පිළිබද නීතිමය ගැටුම දුරදිග ගියහොත් නව රජය දිවුරුම් දීමද කල් යා හැකිය.
