සංචාරක ව්‍යාපාරයෙන් ජනවාරියේ ඩොලර් මිලියන 341.8 ක ආදායමක්
මෙරට සංචාරක ව්‍යාපාරයෙන් ජනවාරි මාසයේ ඇමෙරිකානු ඩොලර් 341,8 ක ආදායමක් ලැබී ඇති බව මහ බැංකු වාර්තා ප්‍රකාශ කරයි. මෙය වසර හතරකින් පසු ඉහළ ම ආදායම වන අතර පසුගිය වසරේ ජනවාරි ආදායම මෙන් දෙගුණයකට වැඩි ආදායමකි. 2024 ජනවාරි සංචාරක පැමිණීම 208,243 ක් වන අතර එය පසුගිය වසරේ ජනවාරියේ පැමිණි 102,545 ට සාපේක්ෂව දෙගුණයකට වඩා වැඩි වීමකි…..
