විදුලි බිල ගැන වැරදි පර්යේෂණ ඡන්ද ප්‍රචාරයකට දැයි සැකයි – ඇමති කංචන විජේසේකර

අප රටේ විදුලි බිල වැඩි බව තමා පිළිගන්නා නමුත් එක්තරා පර්යේෂණ ආයතනයක් සිදුකොට ඇති පර්යේෂණයේ යොදාගත් දත්ත අනුව නොමග යැවීමක් සිදුකොට ඇති බවත්, එසේ කරන්නේ මැතිවරණ ප්රචාරක ව්‍යාපාරයකට සහය දීමට දැයි සැක මතුවන බවත්, , විදුලිබල සහ බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා ප්‍රකාශ කරයි.
අදාළ පරීක්ෂණය සඳහා දත්ත ලෙස ගෙන ඇත්තේ, විදුලි ඒකක සියයට වැඩි,, තුන් සියයට වැඩි, සහ පන් සියයට වැඩි කාණ්ඩ ලෙස බව කී ඇමතිවරයා මෙරට විදුලි පාරිභෝගිකයින් ලක්ෂ පනස් පහක් සිටින්නේ ඒකක අනුවට අඩුවෙන් පරිභෝජනය අය බවත්, කී ය. ඇමතිවරයා පෙන්වා දුන්නේ එම අති බහුතරයේ විදුලි බිල සැසඳීමට ගෙන නැති බව යි.
එලෙස අඩු පරිභෝජනයක් කරන පාරිභෝගිකයින්ට නියම කොට ඇත්තේ අඩු ගාස්තුවක් බව ඇමතිවරයා කී ය.
මෙලෙස දත්ත තෝරාගෙන සැසදීම් කරන්නේ මැතිවරණ වර්ෂයක ඡන්ද ප්රචාරයේ අවශ්‍යතා අනුව දැයි සැක මතුවන බව ඇමතිවරයා වැඩි දුරටත් කී ය.
විදුලි බිල වැඩියි කියන විපක්ෂයෙන් තමන් එය අඩු කිරීමේ යෝජනා ඉල්ලු නමුත් කිසිවකු යෝජනා නොදුන් බව ද ඇමතිවරයා පැවසීය.
විදුලි බිල අඩු කරන්නට යන්නේ රුපියලකින් නේදැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඇමතිවරයා කීවේ සැප්තැම්බරයේ විදුලි බිල වැඩි කළේ රුපියල් දෙකකින් බවත්, ඒ අවස්ථාවේ එය වෙනස් ලෙස වාර්තා කළ මාධ්‍යය අඩු කරන විට පමණක් රුපියලකින් කියා කීමට ඉදිරිපත් වන බවයි. කෙසේ වෙතත්, විදුලි බිල අඩු කරන ප්‍රමාණය තමන්ට කිව නොහැකි බවත්, එය විදුලිබල මණ්ඩලය සහ උපයෝගිතා කොමිසම විසින් තීරණය කරනු ඇති බවත් ඒ මහතා පැවසීය.
අද මාධ්‍ය හමුවක් අමතා ඇමතිවරයා මෙම අදහස් ප්‍රකාශ කළේය.
