කිරිපිටි මිල පහළට
ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 1ක මිල රුපියල් 200කින් අඩු කර තිබෙන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ මැයි 15 වනදා සිට ක්‍රියාත්මක වන මෙම සහනය ජනතාවට ලැබෙනු ඇති බව ය.
ප්රවෘත්ති
ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 1ක මිල රුපියල් 200කින් අඩු කර තිබෙන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ මැයි 15 වනදා සිට ක්‍රියාත්මක වන මෙම සහනය ජනතාවට ලැබෙනු ඇති බව ය.
ශ්‍රී ලංකාවේ සමස්ත විදේශ සෘජු ආයෝජන (FDI) , අර්බුදකාරී වසරක් වී තිබිය දී පවා, 2022 දී ඩොලර් බිලියන 1 ඉක්මවා ගිය බවත්, 2018 න් පසු පළමු වරට යටිතල පහසුකම් අංශයට ඉහළම සෘජු විදේශ ආයෝජන ගලා ඒම දක්නට ලැබුණු බවත්, මහ බැංකු වාර්තාවේ දත්ත මගින් පෙන්නුම් කරයි.. ඒ අනුව, ආයෝජන මණ්ඩලය (BOI) යටතේ ලියාපදිංචි සමාගම්වලට…
කඩාවැටුණු ආර්ථිකය ශක්තිමත් කිරීමෙහිලා ශ්‍රී ලංකා රජය ගෙන තිබෙන ක්‍රියාමාර්ගවල මෙතෙක් අත් කර ගෙන තිබෙන ප්‍රගතිය සම්බන්ධයෙන් සෑහීමට පත් වන බව මෙරටට සංචාරයක් සඳහා පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ප්‍රකාශ කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මේ නියෝජිත කණ්ඩායම ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහත්වරුන් හමු වී සාකච්ඡා පැවැත්වූ අතර,…
මැතිවරණය සඳහා රජයෙන් මුදල් ලැබුණු දිනයක හෝ අධිකරණය නියම කරන දිනයක හෝ පළාත් පාලන මැතිවරණය පවත්වන බව මැතිවරණ කොමිසම අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය. කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා දැනුම් දුන්නේ ඉහත කී දින අතරින් පළමුවෙන් එළඹෙන දිනයේ මැතිවරණය පවත්වන බව යි. මේ වන විට මැතිවරණය සඳහා දිනයක් නියම කොට නැති…
පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබේ. පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා විසින් එම පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව 2017 අංක 17 දරණ පළාත් සභා මැතිවරණ සංශෝධන පනත මෙම නව පනත් කෙටුම්පත මඟින් අහෝසි වීම සිදුවේ. එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත්…
බලය බෙදීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ උතුරු නැගෙනහිර ජනතා නියෝජිතයන් සමගඒකාබද්ධ සාකච්ඡාවකට ජනාධිපතිවරයාගේ කැමැත්ත පළ වී තිබේ. තම සන්ධානයේ ඉල්ලීම පරිදි ජනාධිපතිවරයා එවැනි ඒකාබද්ධ සාකච්ඡාවකට එකඟ වු බවයි දෙමළ ජාතික සන්ධානය පවසන්නේ. බලය විමධ්‍යගත කිරීම සම්බන්ධ දෙමළ දේශපාලන ඉල්ලීම වී ඇත්තේ ඒකාබද්ධ උතුරු නැගෙනහිරට පෙඩරල් පන්නයේ ස්වයං පාලනයක් ලබාදීමයි. ” අපි කිව්වා අපි ඒක උතුර…
දේශීය ණය ප්‍රශස්ථකරණයකදී බැංකු පද්ධතියේ මෙන්ම මහජන තැන්පතුවල සුරක්ෂිතතාව සහතික කළ හැකි බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. 2022 මහ බැංකු වාර්ශික වාර්තාව පිළිබඳව ඊයේ පැවැති සම්මන්ත්‍රණයකදී ඔහු මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, “මහජනතාවගේ බැංකු තැන්පතුවල සහ බැංකු පද්ධතියේ ස්ථාවරභාවය සම්බන්ධයෙන් නොයෙක් අනුමාන, උපකල්පන…
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ නිල ණයහිමි කමිටුවක් පිහිටුවා තිබේ. මාර්ගත ක්‍රමය ඔස්සේ පැවති ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ පළමු රැස්වීමේදී එම තීරණය ගත් බව පැරිස් සමාජය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ණයහිමි රටවල් 17ක සහභාගීත්වයෙන් අදාළ කමිටුව පිහිටුවා ඇති අතර ඉන්දියාව, ජපානය සහ ප්‍රංශය එම කමිටුවේ සම ප්‍රධානත්වය දරණ බව සඳහන්ය. එම පළමු රැස්වීමට ශ්‍රී…
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමවේද ගැන පැරිස් සමාජය , ජපානය සහ ඉන්දියාව ඇතුළු ණය හිමි රටවල අද පවත්වන සාකච්ඡාවට චීනය ද නිරීක්ෂක මට්ටමින්මට්ටමින් සම්බන්ධ වන බව රොයිටර් පුවත් සේවය වාර්තා කොට ඇත. ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන අනෙක් රටවලට වැඩ වෙනස් මතයක චීනය සිටින බව දිගින් දිගට වාර්තා වී තිබේ. එබැවින් චීනයේ සහභාගීත්වය ඉතා…
මහ බැංකු පනත පාර්ලිමේන්තුවේ දී සාකච්ඡාවට ගැනීම කල් දැමීමට ජනාධිපතිවරයා එකඟ වූ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී අද (09) පැවසීය. අදාල පනත කල් දමා සම්මුතිවාදයකින් කටයුතු කරන්න අවස්ථාව දෙන ලෙස ජනාධිපතිවරයාට දුරකථන ඇමතුමක් දී තමා අද උදෑසන ඉල්ලා සිටි බව කී විපක්ෂ නායකවරයා, තමාගේ ඉල්ලීමට ජනාධිපතිවරයා එකඟතාවය පළ කළ බවත් එම එකඟතාවය පිළිබඳ පාර්ලිමේන්තුවේ ප්‍රකාශ…
2022 වසරේ දෙවන භාගයේ දී වැඩි වශයෙන් ක්‍රියාත්මක කරන ලද පිරිවැය පිළිබිඹු කෙරෙන මිල සංශෝධන මධ්‍යයේ වුවද, විනිමය අනුපාතිකය සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වීම හේතුවෙන් සිදු වූ මූල්‍යමය අලාභ පදනම් කර ගනිමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙහි (ලං.ඛ.නී.සං.) මූල්‍ය කාර්යසාධනය 2022 වසරේ දී තවදුරටත් අයහපත් විය. ගෝලීය බොරතෙල් මිල ගණන්වල සැලකිය යුතු ඉහළ යෑම…
මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම තනතුරින් ඉවත් කිරීම සඳහාවූ මුදල් අමාත්‍යවරයාගේ වාර්තාව පාර්ලිමේන්තුවට අද (9) ඉදිරිපත් කෙරිණ. මුදල් ඇමති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. මහජන උපයෝගිතා කොමිසන් සභාව මුදල් ඇමතිවරයා යටතේ ඇති ආයතනයකි. ජනක රත්නායක මහතා එම තනතුරින්…