ජනපති මැදුරේ වාහන දන්සැල – සී ජේ අමරතුංග
|

ජනපති මැදුරේ වාහන දන්සැල – සී ජේ අමරතුංග

ජනාධිපති මැදුරේ සිදුකළ සුඛෝපභෝගී වාහන වෙන්දේසිය දුෂිත බවට දැන් චෝදනා එල්ල වෙමින් පවතියි. විපක්ෂය හැඳින්වුයේ එය වාහන දන්සැලක් වශයෙනි. කොටි ගණන් වටිනා බව කියූ වාහන 17 ක් විකුණා ලබාගෙන ඇත්තේ රුපියල් කොටි 20 කි. මේ වාහන අතර එකක් කොටි 5ක් 6ක් පමණ වටිනා වාහන ගණනාවක් තිබු බවට චෝදනා එල්ල වී තිබේ. ඒවා අඩු මිලට විකුණා…

ප්‍රමාද වී ලැබෙන යුක්තිය, යුක්තිසහගතද ? – පිලිප් දිසානායක
|

ප්‍රමාද වී ලැබෙන යුක්තිය, යුක්තිසහගතද ? – පිලිප් දිසානායක

පසුගිය දිනවල වැදගත් අපරාධ නඩු කිහිපයක තීන්දු ලබාදීම පිළිබදව වාර්තා වුනා. ඉන් ඒකක් වුයේ හත්හැවිරිදි දැරිවියකට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කිරීම සම්බන්ධව හැට දෙහැවිරිදි පස්දරු පියෙකුට කොළඹ මහාධිකරණය විසින් වසර 17ක බරපතල වැඩ සහිතව සිරදඩුවම් නියම කිරීමයි. තවත් සිද්ධියක් වාර්තා වුනේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන්. තරුණයෙකුට කෲර වදහිංසා කිරීම සම්බන්ධව පැවති නඩුවේ තීන්දුව ලබා දෙමින් අදාල තරුණයාගේ…

මධ්‍යගත සැලසුම් ක්‍රමයක් කියන්නේ කුමක්ද? – ඉකොනොමැට්ටා
| |

මධ්‍යගත සැලසුම් ක්‍රමයක් කියන්නේ කුමක්ද? – ඉකොනොමැට්ටා

පළාත් පාලන මැතිවරණ අවසන් වීමෙන් පසුව, වෙනත් මැතිවරණයක් ලඟ පාතක නැති පසුබිමක, නැවතත් “නිදහසේ” යමක් කතා කළ හැකි පසුබිමක් නිර්මාණය වී තිබෙනවා. මේ පසුබිම තුළ අපේ පාඨකයින්ගෙන් කොටසක් “පැන්සල් උල් කිරීම” වෙනුවෙන් කාලය යොදවා ඇති බව පෙනෙනවා. ඇත්ත වශයෙන්ම, මේ කාලය පැන්සල් උල් කිරීම සඳහා හොඳ කාලයක්. වෙනත් විදිහකින් කිවුවොත්, එදිනෙදා සිදු වීම් වලින් එහාට…

මහ බැංකුව පොලී අනුපාතික අඩු කළේ ඇයි? – ඉකොනොමැට්ටා
| |

මහ බැංකුව පොලී අනුපාතික අඩු කළේ ඇයි? – ඉකොනොමැට්ටා

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික 7.75% දක්වා 0.25%කින් පහත හෙළා තිබෙනවා. මහ බැංකුවට අනුව, මේ තීරණයට ප්‍රධාන හේතු දෙකක් පාදක වී තිබෙනවා. පළමුවැන්න මහ බැංකුවේ යාවත්කාලීන කළ පුරෝකථන අනුව, අපේක්ෂිත දිගුකාලීන උද්ධමනය ඉලක්ක මට්ටමට වඩා පහත වැටී තිබීමයි. දෙවැන්න, ලෝක ආර්ථික වර්ධන පුරෝකථන පහත වැටීම හා ඒ අනුව සමස්ත ඉල්ලුමේ බාහිර…

ලංවිම – ලංවීම හා දුරස්වීම – ඉකොනොමැට්ටා
| |

ලංවිම – ලංවීම හා දුරස්වීම – ඉකොනොමැට්ටා

ලංවිම නැවතත් පාඩු ලබන තත්ත්වයට පත් වී ඇති බව නැවත සටහන් කළ යුතු නැහැ. මේ ගැන කිහිප දෙනෙකු විසින්ම දැනටමත් කතා කර තිබෙනවා. මේ සටහන එසේ වෙනත් අය විසින් ලියා ඇති දේවල් වලට ඌණ පූරණයක්. ලංවිම කියන්නේ කාලයක් තිස්සේ දිගින් දිගටම පාඩු ලැබූ ආයතනයක්. 2023 වසරේදී රුපියල් බිලියන 57.6ක ලාබයක් වාර්තා කරන්නට පෙර ලංවිම විසින්…

ධනනාත්ගේ තුන්තේරවිල්ල..!
| |

ධනනාත්ගේ තුන්තේරවිල්ල..!

කේන්ති ගන්නේ නැත්තං තේරවිල්ලක් අහන්නද? පාඩු වුනොත් බිල වැඩිවෙන, ලාභ වුනොත් පඩි වැඩිවෙන, බිල වැඩි කර ලාභ ලබන, ජනතාවට පාඩුම වෙන වචන තුනේ මණ්ඩලේ මොකක්ද? විදුලි බල මණ්ඩලයේ පළමු කාර්තුවේ බිලියන 18ක් පාඩු ලබල. බිල වැඩි කරේ නැති නිසා ඒ කියන්නේ දෙවැනි කාර්තුවෙත් පාඩුයි කියන එකනේ. මේ පාඩුව ඔබ නොදැනුවත්වම නවතින්නේ ඔබේ විදුලි බිල වැඩි…

ලංකාවේ ධනේශ්වර ප්‍රතිසංස්කරණ සහ සමාජවාදී ප්‍රතිසංස්කරණ කරන්නේ කවුරුන් විසින්ද? –  හර්ෂ ගුණසේන
| |

ලංකාවේ ධනේශ්වර ප්‍රතිසංස්කරණ සහ සමාජවාදී ප්‍රතිසංස්කරණ කරන්නේ කවුරුන් විසින්ද? – හර්ෂ ගුණසේන

හර්ෂ ගුණසේන පසුගිය පළාත්පාලන මැ තිවරණයේදී ජාතික ජන බලවේගය (ජාජබ) විසින් වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබාගත් නමුත් පසුගිය මහා මැතිවරණයට සහ ජනාධිපතිවරණයට සාපේක්ෂව ඔවුන්ගේ ඡන්ද ප්‍රමාණයේ විශාල අඩුවක් දක්නට ලැබේ. ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයටද අත්ව ඇත්තේ එම ඉරණම මයි. අප නිදහස ලබන විට ප්‍රධාන දේශපාලන පක්ෂ වූයේ එජාප සහ ලසසප යි. දශක ගණනාවකට පසුව එජාප සහ ශ්‍රීලනිපද ප්‍රධාන…

ආණ්ඩුවටත් ,විපක්ෂයටත් මැතිවරණයේ පාඩම් – සී ජේ අමරතුංග
|

ආණ්ඩුවටත් ,විපක්ෂයටත් මැතිවරණයේ පාඩම් – සී ජේ අමරතුංග

  පළාත් පාලන මැතිවරණයෙන් මාලිමා ආණ්ඩුවට පසුබෑමක් පෙන්නුම් කරන බව පැහැදිලි කරුණකි. නිදහසට කුමන කතා කීවත් ඔවුන්ද එය තේරුම් ගෙන ඇති බවට සැකයක් නැත. මැතිවරණයේ ප්‍රතිඵලයේ අනෙක් ප්‍රධාන ලක්ෂණයක් නම් විපක්ෂයේ කිසිදු කණ්ඩායමකට සතුටු විය හැකි වර්ධනයක් නොමැති වීම යි. විපක්ෂයේ පක්ෂ සියල්ල තම ඡන්ද වැඩි කරගෙන ඇත. ඒ අතරින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියෙන්…

කැසැන්ඩ්‍රා සහ ළඟ එන අර්බුදය | රොහාන් සමරජීව
|

කැසැන්ඩ්‍රා සහ ළඟ එන අර්බුදය | රොහාන් සමරජීව

ලෙබනනයයක් වීමේ සම්භව්‍යතාව ගැන අනතුරු ඇඟවූ මා වැනි අය 2021-22 සමයේ පැවති රජයේ ක්ෂමාලාපකයින් විසින් හඳුන්වනු ලැබුවේ කැසැන්ඩ්‍රාලා ලෙසයි. එහෙත්, අර්බුදය ඇති විය. අනතුරු ඇඟවීම් නොසලකා හැරි රජයේ බලධාරීහු වන්දි ගෙවූහ. එහෙත්, ශ්‍රී ලාංකික මහජනතාව ලෙබනනයේ ජනයා තරම් පීඩාවට පත් වූයේ නැත. හිටිහැටියේ විදුලිය කප්පාදු කිරීම වැනි අර්බුදයේ ප්‍රකාශනයන් ලෙබනනයේ දිගටම පවතී. ආර්ථිකය බිඳ දැමූ…

ආජන්ටිනාව තවත් IMF ගිවිසුමකට! – ඉකොනොමැට්ටා
| |

ආජන්ටිනාව තවත් IMF ගිවිසුමකට! – ඉකොනොමැට්ටා

සති කිහිපයකට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ්‍ය මණ්ඩලය විසින් ආජන්ටිනාවට ඩොලර් බිලියන 20ක තවත් ණය මුදලක් අනුමත කළා. මෙය ආජන්ටිනාව විසින් මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගන්නා 23 වන අවස්ථාවයි. එමෙන්ම මූල්‍ය අරමුදලේ ලොකුම ණයකරු වන්නේද ආජන්ටිනාවයි. අරමුදලේ ණය ප්‍රමාණයෙන් ඩොලර් බිලියන 12ක්ම ක්ෂණිකව ආජන්ටිනාවට ලැබෙන අතර, තවත් ඩොලර් බිලියන දෙකක සහ ඩොලර් බිලියනයක වාරික දෙකක්…

මැතිවරණ පරාජයේ අනුරගේ කොටස – රටේ රාළ
|

මැතිවරණ පරාජයේ අනුරගේ කොටස – රටේ රාළ

” මැතිවරණ ප්‍රතිඵලය මුල්කරගෙන අනුර – ටිල්වින් මත ගැටුමක ” ලිපියෙන් රටේ රාළ කිව්වේ මැතිවරණ ප්‍රතිඵලය විසින් මාලිමාව සහ ජවිපෙ ඇතුලේ ඇති කරලා තියන තත්වයයි.ඇත්තටම ජවිපෙ සහ මාලිමාව ඇතුලෙන් හිරිවැටිලා.මේ පරාජයේ වගකීම ජවිපෙ සහ මාලිමාවේ නායකයින් සාමුහිකව බාර ගන්නවා වෙනුවට එයාල දැන් කරමින් ඉන්නේ එකිනෙකා මත වරඳ පටවාගැනීමයි.මේ පරාජයේ අඩු වැඩි වශයෙන් වගකියන්න ඕනි අය…

මැතිවරණ ප්‍රතිඵලය මුල්කරගෙන අනුර – ටිල්වින් මත ගැටුමක – රටේ රාළ
|

මැතිවරණ ප්‍රතිඵලය මුල්කරගෙන අනුර – ටිල්වින් මත ගැටුමක – රටේ රාළ

පලාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයෙන් දේශපාලන පක්ෂවලට දැවැන්ත දේශපාලන පණිවිඩයක් දීලා තියනවා.ඇත්තටම ඒ රතු එලි ආණ්ඩුවට විතරක් නෙවෙයි විපක්ෂයටත් අදාලයි.හැබැයි ඒවා තේරුම් ගත්ත බවක් ආණ්ඩුව පැත්තෙන්වත් විපක්ෂය පැත්තෙන්වත් පේන්නේ නෑ.ඒක නිසා ජනවරමට පටහැනිව ආණ්ඩුව මෙන්ම විපක්ෂය කටයුතු කරමින් ඉන්නවා.ආණ්ඩුව ප්‍රජාතන්ත්‍ර විරෝධීව තමන්ට බලය හිමිව නැති පලාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන් සල්ලිවලට අරන් පලාත් පාලන ආයතනවල බලය පිහිටවන්න…