අත් බෝම්බය සහ ගස්තර දේශපාලනය – අනුර සූරියබණ්ඩාර

2018 පෙබරවාරි 21 දින බණ්ඩරවෙල සිට දියතලාව දක්වා ධවනය වූ බස්රථයක් තුළ සිදු වූ බෝම්බ පිපිරීම මෙරට ජාතිවාදී දේශපාලකයන් විසින් සිය මල්ල පුරවා ගන්නට උපයෝගී කර ගනිමින් තිබෙන බව පැහැදිලිය. ඔවුන් අතිශය නිර්ලජ්ජිත ලෙස සහ කාලකණ්ණි ලෙස උත්සාහ කරන්නේ එම බෝම්බය ත්‍රස්තාවාදි ක්‍රියාවක් ලෙස හුවා දක්වන්නටය. මෙරට සිටින ඉතාම පහත් පෙළේ ජඩ අවස්ථාවාදී බඩගෝස්තරවාදී දූෂිත…

අපි පෙනී ඉන්නේ විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම වෙනුවෙන් – ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක

මේවන විට පළාත් පාලන මැතිවරණය අවසන් වී සති තුනකට ආසන්න කාලයක් ගතවී තිබෙනවා. රට තුළ ඇතිවී තිබෙන්නේ අරාජික තත්වයක්. රටේ ආණ්ඩුවක් නොමැති තත්වයකට පත්වෙලා. ආණ්ඩුවේ සිටින රනිල් වික‍්‍රමසිංහගේ කණ්ඩායම සහ මෛතී‍්‍රපාල සිරිසේනගේ කණ්ඩායම එකිනෙකාට එරෙහිව තමන්ගේ බල වුවමනාවන් වෙනුවෙන් කටයුතු කරමින් සිටිනවා. මේ ගැටුම විටෙක ආවේගශීලියි. විටෙක මිත‍්‍රශීලීයි. තවත් විටෙක ගැටුම කරළියට එනවා. මැතිවරණ කාලයේදී…

ගොයම් කපයි සහල් ගෙනෙයි – සම්පත් අමරසිංහ

ආණ්ඩුවේ යම් යම් දේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන්නේ වියයුතු හොඳම ආකාරයෙන් නොවන බව පෙනෙන්නට තිබේ. එක් නිදසුනක් වශයෙන් පොහොර සහනාධාරය පිළිබඳ ප්‍රශ්නය ගත හැකිය. වත්මන් ආණ්ඩුව බලයට පත් වීමට පෙර  පොහොර සහනාධාරය සම්බන්ධයෙන් ක්‍රියාත්මක කෙරුනේ සාපේක්ෂව සරල ක්‍රමයක් බව කියන්නට පුළුවන. එනම් ගොවියාට අවශ්‍ය පොහොර ප්‍රමාණය අදාළ  ආයතනය හෝ ගොවිනියාමකවරුන් වැනි ගොවියාට සමීපතම නිලධාරින් හරහා බෙදා…

|

ගුවන් සේවාව ද? ගුවන් තොටුපල ද? – රොහාන් සමරජීව

1998 වර්ෂයේ දී පෞද්ගලික පාලනයට පවරා දුන් ගුවන් සේවා ව්‍යාපාරය, නැවතත් තම ග්‍රහණයට ගැනීමට ශ්‍රී ලංකා රජය  තැත් දරන සෙයක් පෙනේ.   පහත දැක්වෙන අන්තර්ජාල සම්බන්ධකය තුල පවතින ප්‍රවෘත්ති දැන්වීමෙහි  දැක්වෙන අන්දමට විදේශ රටවල සේවය සඳහා යන ශ්‍රී ලාංකික සේවකයිනට පහසු මිලට ගුවන් ගමන් සේවා සැපයීම එහි පරමාර්ථයයි. http://www.news.lk/index.php?option=com_content&task=view&id=1351&Itemid=44), ලෝකය පුරා ගුවන් ගමන් සේවාවන්හි වල ගිණුම්…

අන්තරේට පිස්සුද? හැටිද? – වෛද්‍ය එච්.රණසිංහ

අධ්‍යාපනය ලැබීමට සිටින අය අධ්‍යාපන ප්‍රතිපත්ති සැකසීම සම්බන්ධයෙන් කටයුතු කිරීම උචිත නොවන්නකි. සය­ිටම් දරුවන් අපේ රටේම දරු පිරිසකි. ඔවුන්ට අධ්‍යාපනය ලැබීමට නිදහසක් තිබිය යුතුය. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල රටට තව දුරටත් අවශ්‍යයද නැද්ද යන ප්‍රශ්නය සයිටම් සිද්ධියත් සමඟ යළි කතා බහට ලක්ව තිබේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය යටතේ වසර 2009 දී ආරම්භ කළ සයිටම් ආයතනය සම්බන්ධයෙන් පැවැති විශ්වාසය…

“ඒව මෙහෙ බෑ මචං” – නිශාන්ත කමලදාස

 මේ පොතක නමකි. පෙබරවාරි 19 දින ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ දී දොරට වැඩි පොතක නමකි. පොතේ කර්තෘ ජිනසිරි දඩල්ලගේ මහතා ය. එතුමා පරිපාලන සේවයේ සිටි ජේෂ්ඨ නිලධාරියෙකි. කලක් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් වරයා ලෙස ද කටයුතු කළ කෙනෙකි. ඊට අමතරව සිය පවුල සමග කැනඩාවට සංක්‍රමනය වී කලක් එහි ගත කළ කෙනෙකි. සිය සේවා කාලය…

සැබෑ ජනමතයේ අපේක්ෂාව කුමක්ද ? – භාතිය බරුකන්ද

‘‘පයබරවායට පිටිකර බෙහෙත් බඳිනවා වාගේ’’ කියලා කතාවක් අප අතරේ තිබෙනවා. මේ ආතෝපදේශයෙන් අදහස් කළේ ගැටලූව නිසි පරිදි වටහා නොගෙන ඒ ගැටලූව සඳහා ඊට හාත් පසින්ම වෙනස් පිළිතුරක් ලබාදීමයි. මේ මොහොතේ ආණ්ඩුව තුළින් සිදුවන පශ්චාත් මැතිවරණ ප‍්‍රතිඵල විශ්ලේෂණය, එහෙම නැතිනම් පොහොට්ටුවේ සාපේක්ෂ ජයග‍්‍රහණය සඳහා බලපෑ හේතු හඳුනා ගැනීම හා ඒ සමග ප‍්‍රකාශ වන ආණ්ඩුවේ දුර්වලතාවලට කඩිනම්…

මෙතැනින් කොතැනටද? – එම් ඕ ඒ ද සොයිසා

‘ජාතික ආණ්ඩුවේ ඉදිරි පවැත්ම’ අද දේශපාලන ක්ෂේත්‍රය තුළ කථාබහ කරන ප්‍රධානම මාතෘකාව බවට පත්ව තිබේ. යහපාලන ආණ්ඩුව මෙතැනින් කොයිබටද යන ප්‍රශ්නය මතුවීම කෙරෙහි බලපෑ ප්‍රධානම හේතු සාධකය වන්නේ නොබෝදා පැවැත්වූ පළාත් පාලන මැතිවරණයේ දී යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවකරුවන් දෙදෙනා අතර හටගත් ආරවුලය. එමගින් පැහැදිලි ලෙසම පෙන්නුම් කළේ, සම්මුති ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම බෙහෙවින්ම වෙහෙසට පත්…

|

නීතිය හා සාමය අගමැති යටතට.

නීතිය හා සාමය පිළිබඳ නව කැබිනට් අමාත්‍යවරයා ලෙස අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත් කර තිබේ. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙසද අග්‍රමාත්‍යවරයා  කටයුතු කරනු ඇත. මීට පෙර උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා රාජ්‍ය ව්‍යවසාය හා කඳුරට සංවර්ධන අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ.  උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා ලෙස…

ෆොන්සේකාගේ ගමන නැවැත්වීමට මහින්දගෙන් මහා මෙහෙයුමක්

ෆොන්සේකාගේ ගමන නැවැත්වීමට මහින්දගෙන් මහා මෙහෙයුමක්

ඉදිරි කැබිනට් සංශෝධනයේදී නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය සරත් ෆොන්සේකා මහතා වෙත පැවරීමට ආණ්ඩුව තීරණය කර ඇති බව අප මීට ඉහතදී වාර්තා කළේය. මෙම තීරණය හේතුවෙන් පැවති රජය සමයේ විවිධ අපරාධවලට සම්බන්ධ දේශපාලනඥයන් මෙන්ම ආරක්ෂක අංශ සාමාජිකයන්ද දැඩි සේ කලබලයට පත්ව ඇති බව වාර්තා කළ අතර එහි අලුත්ම තත්වය වන්නේ ෆොන්සේකා මහතාට අදාල අමාත්‍යංශය පැවරීම…

කැබිනට් සංශෝධනය ඉරිදා

කැබිනට් සංශෝධනය එළඹෙන ඉරිදා පෙරවරුවේ සිදුකරන බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කර සිටියි. ඊට අනුව ඊයේ සන්ධ්‍යාව වන විට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන්ගේ නම් ලැයිස්තුව ජනාධිපතිවරයා වෙත ලැබී ඇති අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන අමාත්‍යමණ්ඩල සාමාජිකයින්ගේ නම් ලැයිස්තුවද මේ වන විට සකසා අවසන්ව ඇත. එසේම දුෂණ සහ විවිධ අක්‍රමිකතා සම්බන්ධව…

|

ජනාධිපති අමාරුවේ දාන්න මහින්දගේ ගේම් එකක්

පසුගිය සතිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉතා කාර්ය බහුල වුණා. එයට හේතුව නම් පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය අනුව ආණ්ඩුවේ සැලකිය යුතු වෙනසක් සිදුකළ යුතු බවට ප්‍රබල මතයක් ප්‍රකාශ වීමයි. මෙහිදී ශ්‍රීලනිප ඇමැතිවරුන් අතර මත දෙකක් පැවතුණා. එක් පිරිසක් කීවේ වත්මන් ආණ්ඩුවේ යම් ප්‍රතිසංස්කරණ සිදුකරමින් දිගටම ගෙන යා යුතු බවයි. අනෙක් පිරිස විපක්ෂයට යාමට සූදානම් වුයේ…