සැබෑ ජනමතයේ අපේක්ෂාව කුමක්ද ? – භාතිය බරුකන්ද
‘‘පයබරවායට පිටිකර බෙහෙත් බඳිනවා වාගේ’’ කියලා කතාවක් අප අතරේ තිබෙනවා. මේ ආතෝපදේශයෙන් අදහස් කළේ ගැටලූව නිසි පරිදි වටහා නොගෙන ඒ ගැටලූව සඳහා ඊට හාත් පසින්ම වෙනස් පිළිතුරක් ලබාදීමයි. මේ මොහොතේ ආණ්ඩුව තුළින් සිදුවන පශ්චාත් මැතිවරණ ප්‍රතිඵල විශ්ලේෂණය, එහෙම නැතිනම් පොහොට්ටුවේ සාපේක්ෂ ජයග්‍රහණය සඳහා බලපෑ හේතු හඳුනා ගැනීම හා ඒ සමග ප්‍රකාශ වන ආණ්ඩුවේ දුර්වලතාවලට කඩිනම් පිළියම් සෙවීමත් බොහෝ දෙනෙක් සලකන්නේ පය බරවායට පිටිකර බෙහෙත් බැඳීමක් විදිහටයි.
ඒ අතර ප්‍රධාන කරුණ වන්නේ පළාත් පාලන මැතිවරණය අවසන්ව සති දෙකක කාලයක් ගත වුණත් තවම රාජ්‍ය යාන්ත්‍රණය නිසි පීල්ලට ගැනීමට ආණ්ඩුවට හැකියාවක් නොවීමයි. කැබිනට් මණ්ඩල සංශෝධන ඇතුළු මැතිවරණ සමයේ වේදිකාවල දුන් කප්පරක් පොරොන්දු ආණ්ඩුව පාර්ශ්වයෙන් කඩිනමින් ඉටුවන බවක් දැකිය නොහැකිවීම ජනතාව තුළ කණස්සල්ලක් ඇති කිරීමට හේතු වෙලා තිබෙනවා. ඒ අතර පසුගිය දා සිදු වූ අර්ධ කැබිනට් මණ්ඩල සංශෝධනය මගින් පවා ඉතාම පැහැදිලිව ජනතාව (එජාපයට හා ශ්‍රීලනිපයට ඡුන්දය දුන්* අතර විශ්වාසය ගොඩනැගීමට හේතු වෙලා නැති බව පෙනී යනවා. කැබිනට් මණ්ඩල සංශෝධනය හා අනෙකුත් පත් කිරීම් සමග එජාපය තුළින්ම (පාලිත රංගේ බණ්ඩාර, වසන්ත සේනානායක ඇතුළු* ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කර ගත් බව කණස්සල්ලෙන් හෝ අවධාරණය කිරීමට සිදුව තිබෙනවා. ජනාධිපතිවරයා නායකත්වය දෙන ශ්රීලනිපය කැබිනට් මණ්ඩල කණ්ඩායම සංශෝධනය මේ සමග සිදුනොවී තවත් සති දෙකකට කල් යාම ආණ්ඩුකරණයේදී මෙන්ම පොදුජන මානසිකත්වය කෙරෙහි ද ඍණාත්මක බලපෑමක් කරන බව ආණ්ඩුවේ නායකයින්ට අවබෝධ නොවීම විමතියට කරුණක් බව සඳහන් කළ යුතුයි. මේ හරහා සිදුවන්නේ මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීම සමග විහින් ඇතිකර ගත් දේශපාලන අස්ථාවරත්වය තව දුරටත් ශක්තිමත් වීම සහ මහින්ද රාජපක්ෂ මහතාගේ පොහොට්ටු කල්ලිය බලවත් වීම බවයි අපගේ විශ්වාසය වන්නේ.
ආණ්ඩුවට පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල ගැන නිරවුල් විග්‍රහයක් තිබෙනවාද යන්න ගැනත් අපට තිබෙන්නේ කුතුහලයක්. ඒ ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කාරයින් වන එජාපය හා ශ්රීලනිපය ඒ ගැන පොදු විග්රහයකට තවමත් කැමැත්තක් නොදක්වන නිසයි. මේ තත්ත්වය තුළ ශ්රීලනිපය යළිත් සාම්ප්‍රදායික රාජපක්ෂ ඡුන්ද බැංකුවට යළි මුට්ටය දා බැලීමටත් එජාපය සුපුරුදු කල් මැරීමටත් ප්රවේශවීම මහින්ද රාජපක්ෂට එරෙහිව පොදුවේ ඡුන්දය භාවිත කළ සියයට 56ක් වන බහුතර ජනතාවගේ කණස්සල්ල වැඩි කිරීමට හේතුවක් වෙලා තිබෙනවා.
ජනමතය ගැන සම්බන්ධන් කළ විග්‍රහය
පළාත් පාලන මැතිවරණයෙන් පොහොට්ටුව ලැබූ සාපේක්ෂ ජයග්‍රහණය ගැන වඩාත් නිවැරදි හා ප්‍රශස්තම පැහැදිලි කිරීම සිදු කළේ දමිළ සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා බව මධ්‍යස්ථව සලකා බලන විට පැහැදිලිව පෙනී යනවා. පසුගිය 19 වැනිදා පාර්ලිමේන්තුව අමතමින් සම්බන්ධන් මහතා ඉතාම පැහැදිලිව සඳහන් කළේ පොහොට්ටුවේ ජයග්‍රහණය සම්පූර්ණයෙන් ජාතිවාදය මත පදනම්ව ඇති බවයි.
‘‘මම කියනවා කතානායකතුමනි, මෙන්න මේ පණිවිඩය මේ රටේ අහිංසක සිංහල ජනතාව අතර පතුරවලා තිබෙනවා. ඔවුන්ට කියා තිබෙනවා ‘‘මේක ඊළම වෙනුවෙන් දුන්නොත්, ඔබ එක්සත් ජාතික පක්ෂයට ඡුන්ද පාවිච්චි කළොත්, එහි ප්‍රතිඵලය වන්නේ ඊළම බිහිවීමයි. ඒ නිසා ඔවුන්ට ඡුන්දය දෙන්න එපා. නෙළුම් පොහොට්ටුවට ඡුන්දය දෙන්න’’ කියලා. මට දැන ගන්න ලැබෙනවා කතානායකතුමනි, මේ ප්‍රචාරණය දකුණේ සියලූම පන්සල්වලට, සියලූම ගම්මානවල ඉතාම දුෂ්ඨ ලෙස සිදු කෙරුණ බව. මම හිතන්නේ මෙය ඉතාම අභාග්‍ය සම්පන්නයි’’
සම්බන්ධන් මහතා කරන මේ ප්‍රකාශයේ තරම පොහොට්ටුව විසින් මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ අවසන් දිනවල පළ කළ පුවත්පත් දැන්වීම් ඇතුළු ජනමාධ්‍ය දැන්වීම්වලින් ද මනාව පැහැදිලි වෙනවා. එමෙන්ම පළාත් පාලන මැතිවරණයට ආසන්න පෝය දා දකුණේ සියලූම පන්සල්වල පොහොට්ටුවේ ජයග්‍රහණය වෙනුවෙන් ආශිර්වාද පින්කම් පැවැත් වුණ බව ද අපට කිසිසේත් අමතක කළ නොහැකියි. මේ අතර පොහොට්ටුවේ අපේක්ෂකයින් විසින් ප්‍රාදේශීය මට්ටමින් ගෙන ගිය ප්රචාරක ව්‍යාපාරයේ වැඩි ඉඩක් සම්බන්ධන් මහතා කරන චෝදනාව හා බැඳී තිබෙන බව ද අපට හඳුනා ගත හැකියි.
මේ තත්ත්වය අපට පොහොට්ටුව දකුණේ ලැබූ සාපේක්ෂ ජයග්‍රහණය තුළින්ද මනාව වටහා ගත හැකියි. අද දැඩි හාස්‍යයට ලක්ව ඇති මහරගම නගර සභාවේ මෝටර් සයිකලයේ ජයග්‍රහණය සේම මුස්ලිම් බහුතරයක් ජීවත් වන, රාජපක්ෂ පාලන සමයේ දැඩි පීඩාවට පත් (අලූත්ගම බොදුබල සේනා ගැටුම* බේරුවල නගර සභාවේ සහ බේරුවල ප්‍රාදේශීය සභාවේ සාපේක්ෂ ජයග්‍රහණය පොහොට්ටුවට හිමිවීම තුළ ද අපට පැහැදිලිව දැකිය හැකි වන්නේ මහින්ද රාජපක්ෂ විසින් කුළු ගන්වන ලද්දා වූ සිංහල බෞද්ධ ඡුන්ද පදනම සකී්රයභාවයට පත්වීම මිස වෙන යමක් නොවෙයි.
මේ තත්ත්වය අපට තව දුරටත් සනාථ කර ගැනීමට අවශ්‍ය නම් රාජපක්ෂ පාලනයේ ප්රජාපීඩකභාවයට කදිම උදාහරණයක් වන වැලිවේරිය රතුපස්වල මැතිවරණ කොට්ඨාශය තුළ පොහොට්ටුව ලැබූ ජයග්‍රහණයත් (ගම්පහ ප්‍රාදේශීය සභාව ද සමග* රාජපක්ෂ පාලනයේ අත්තනෝමතික සංවර්ධනයේ කැඩපතක් වන් බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාව පොහොට්ටුව විසින් ජයග්‍රහණය කිරීමත් දැක්විය හැකියි. උමා ඔය විනාශයට එරෙහිව ප්රබලව නැගී සිටි ජනතා විමුක්ති පෙරමුණ බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාවට ස්වාධීන කණ්ඩායමක් ලෙස ඉදිරිපත්ව ඡුන්ද 3319ක් ලබා ගන්නා විට උමා ඔය විනාශයේ පීතෘවරයා වන මහින්ද රාජපක්ෂ මහතාගේ පොහොට්ටු පක්ෂය ඡුන්ද 9509ක් ලබා ගනිමින් ගත් විජයග්‍රහණය කුමන දේශපාලන න්‍යායක් අනුව යමින් විග්රහ කර ගන්නේද යන්න ගැටලූවක් බව කිව යුතුයි.
පසුගිය පළාත් පාලන මැතිවරණයේ ජනමතය හැසිරුණු ආකාරය ගැන පැහැදිලි කිරීමක් ලබා ගැනීම ඉහත සඳහන් කළ මහරගම, බේරුවල, බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාව සේම රතුපස්වල කොට්ඨාශය ද වැදගත් නිදර්ශක වශයෙන් සැලකිය හැකියි.
ඉතාම පැහැදිලිව රාජපක්ෂ පාලනයේ අත්තනෝමතිකත්වයෙන් පීඩාවට පත් මෙම ප්‍රදේශවල ජනතාව යළිත් රාජපක්ෂවරුන්ව වැළඳ ගත්තේ ඇයි ? එය එක්සත් ජාතික පක්ෂය කියන ලෙස හොරු ඇල්ලීම ප්‍රමාදවීම නිසාද ? කැබිනට් මණ්ඩලය අවුල් වුණ නිසාද ? පොහොර සහනාධාරය නොලැබුණ නිසාද ? මහ බැංකු බැඳුම්කර සිදුවීම නිසාද ? මේ සඳහා වන පිළිතුර ඉතාම පැහැදිලිව ‘‘නැත’’ යන්න බව ඉහත සඳහන් උදාහරණවලින් මනාව පැහැදිලි වෙනවා.
සිදු වුණේ කුමක්ද ?
එසේ නම් පළාත් පාලන මැතිවරණයේදී සිදුවුණේ කුමක්ද ? ආර්. සම්බන්ධන් මහතා ඉතාම පැහැදිලිව අවධාරණය කළ ආකාරයට සිදු වුණේ මහින්ද රාජපක්ෂ මහතා යළි බලයට ගෙන ඒම සඳහා ආරම්භක පියවරක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් අති බහුතරය ප්රමුඛ දකුණේ සිංහල බෞද්ධ බහුතරය 2005,2010 හා 2015 දී මෙන් ඉතාම පැහැදිලිව සිංහල බෞද්ධ ජාතිවාදී පදනමින් ඡුන්ද භාවිත කිරීමයි. මේ බව සිංහල බෞද්ධයින් බහුතරය හෝ සිංහල බෞද්ධ ඡුන්ද යම් අනුපාතයකට බෙදී යන විට සුළුතර ඡුන්ද සංඛ්‍යාව බලවත් වන දකුණේ සියලූම පළාත් පාලන ආයතන (මීගමුව, පානදුර වැනි* අපට පහසුවෙන් වටහා ගත හැකියි.
අපට මේ තත්ත්වය වෙනත් කෝණයකින් ද පහසුවෙන් වටහා ගත හැකියි. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡුන්දවලට සහ ¥ෂණ විරෝධී ඡුන්දවලට ආමන්ත්‍රණය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්ව ලබාගත් සියයට 13.38ක ඡුන්ද ප්‍රතිශතය හිමි වූ ආකාරය ගැන විමසීමකට යාමයි. මේ සඳහා ශ්‍රීලංකා පොදුජන පෙරමුණ විසින් එක් කොට්ඨාශයක් හැර අන් සියලූම කොට්ඨාශ ජයග්‍රහණය කළ බියගම ප්‍රාදේශීය සභාව ගත හැකියි. බියගම ප්‍රාදේශීය සභාවේ මුස්ලිම් අතිබහුතරයක් ජීවත් වන ‘‘මල්වාන’’ කොට්ඨාශය ශ්රීලනිපය ජයග්‍රණය කරන විට මුස්ලිම් ජනතාව තවත් වැඩි ප්‍රතිශතයක් ජීවත් වූ වල්ගම – යටිහේන කොට්ඨාශයයේ ජයග්‍රහණය හිමිවන්නේ පොහොට්ටු පක්ෂයටයි. ඒ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විසින් එහි ඡුන්ද 1000ක පමණ ප්‍රමාණයක් ලබා ගත් නිසයි.
අපට අවශ්‍ය නම් මේ තත්ත්වය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බලකොටුව වන පොළොන්නරුව දිස්ති‍්‍රක්කයෙන් ද හඳුනාගත හැකියි. මොරගහකන්ද, පිබිදෙමු පොළොන්නරුව ඇතුළු දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රැුසක් ඉතාම කෙටි කාලයක් තුළ දියත් වුවත් පොළොන්නරුවේ ජනතාව ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී ලබාදුන් ජයග්‍රහණය පළාත් පාලන ඡුන්දයේදී ඒ ආකාරයෙන්ම ජනාධිපතිවරයාට ලබා දී ඇති ආකාරයක් අපට හඳුනාගත හැකියි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 7න් ශ්රීලනිපය පළාත් පාලන ආයතන 4ක් පමණක් ජයග්‍රහණය කරන විට (පොළොන්නරුව මහ නගර සභා බලප්‍රදේශයේ හා ලංකාපුර ප්‍රාදේශීය සභාවේ මුස්ලිම් ඡුන්ද ඉහළ සංඛ්‍යාවක් බව අවධානයට ගන්න* එහෙත් මෙහිදී ද මහින්ද රාජපක්ෂ මහතා විසින් 2015දී ලබා දුන්නාක් මෙන් තියුණු තරඟයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදී තිබෙන බව අපට කිසිසේත් අමතක කළ නොහැකියි. පොළොන්නරුවේ මුස්ලිම් ජනතාවගේ අති බහුතර ජනාධිපතිවරයා සමග සිටින තත්ත්වය තුළ (මෙය උතුරු නැගෙනහිර ඇතුළු බොහෝ තැන්වල දැකිය හැකියි* පොහොට්ටුවේ ජයග්‍රහණය බාල කිරීමට අවස්ථාව උදා වුවත් අපට නිරීක්ෂණය කළ හැකි වන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ ‘‘සිංහල බෞද්ධ ඡුන්ද බැංකුව’’ පොළොන්නරුවේදී ද ඒ ආකාරයෙන්ම ගිනිපොලී ලබමින් සිටින බවයි. පොහොට්ටුව විසින් ගෙන ගිය ජාතිවාදයට ඍජුව මුහුණ දුන් ශ්‍රීලනිපයේ හා එජාපයේ අති බහුතරයක් අපේක්ෂකයින්ගේ අදහස වූයේ ‘ජාතිවාදී පදනම’ ඉතාම පැහැදිලිව මෙම මැතිවරණයේදී ක්‍රියාත්මක වූ හෙයින් තමන්ට තරඟයක් ලබාදීම අසීරු වූ බවයි.
සැබෑ ජන මතය කුමක්ද ?
පළාත් පාලන මැතිවරණයේදී ඉතාම පැහැදිලිව ද්විත්වාකාරයේ ජනමතයක් ප්‍රකාශයට පත්ව තිබෙන බවක් අපට පැහැදිලිව නිරීක්ෂණය කළ හැකියි. ඒ මහින්ද රාජපක්ෂට එරෙහි සහ මහින්ද රාජපක්ෂට පක්ෂ ජනමතයයි. මොන ආකාරයේ අලංකාරොක්ති යොදා විග්රහ කළ ද පොහොට්ටුවට ලැබුණු සියයට 44.69ක ඡුන්ද ප්‍රතිශතය ‘‘මහින්ද යළි බලයට ගෙන ඒම’’ අරමුණු කොට ගත් සියයට 69ක් වන සිංහල බෞද්ධ අති බහුතරයේ ඡුන්ද වන විට එජාපය, ශ්රීලනිපය, එජානිස, ජවිපෙ හා දමිළ ජාතික සන්ධානය එක්ව නියෝජනය කරන ඉතිරි සියයට 56 ඉතාම පැහැදිලිව මහින්ද විරෝධී ඡුන්ද වශයෙන් සැලකිය හැකියි. සරලව පැහැදිලි කළහොත් 2015 ජනවාරි 08 වැනිදා පුළුල් පෙරමුණක් ලෙස (විපක්ෂයේ පොදු අපේක්ෂකයා* මෛත්‍රීපාල සිරිසේන මහතා ලබාගත් ඡුන්ද ප්‍රතිශතය ම යළි ප්‍රතිනිර්මාණය වීමක් වශයෙන් සැලකිය හැකියි.
මේ තත්ත්වය තුළ අප අවධාරණය කරගත යුත්තේ කුමක්ද ? ඉතාම පැහැදිලිව මේ මොහොත දක්වා ම මහින්ද රාජපක්ෂ ප්රමුඛ පරාජිත රෙජිමය යළි ඔසවා තැබීමට කිසිදු ආකාරයකින් මේ රටේ සමස්ත ජනතාව (සිංහල බෞද්ධ නොවේ* කිසිදු සූදානමක් නොමැති බවයි. එය 2015 ජනවාරි 08 වැනිදා දේශපාලන න්‍යාය පත්‍රය සමග යළි යළිත් සමපාත වන බවයි. එනිසා පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය මගින් ප්‍රකාශයට පත් වූ සැබෑ ජනමතය ආණ්ඩුව විසින් ඉතාම පැහැදිලිව නිර්වචනය කරගත යුතුය. ඒ අනුව එජාපය තුළින් ආර්ථික සංවර්ධනයත්, මෛත්‍රීපාල සිරිසේන මහතා තුළින් යහපාලනය හා සංහිඳියාවත්, ජවිපෙ ප්‍රතිඵල තුළින් යහපත් අධිකාරී පාලනයට/ජනතාවාදී විකල්ප දේශපාලනය හා දමිළ ජාතික සන්ධානය, ශ්‍රීලමුකො තුළින් ගෞරවනීය ජනතාවක් ලෙස ජීවත් වීම සුළුජාතීන් දක්වන අපේක්ෂාවත් ප්‍රදර්ශනය වන බවයි.
යළිත් අවධාරණය කරන්නේ නම් පළාත් පාලන මැතිවරණයේ මහින්ද රාජපක්ෂගේ සාපේක්ෂ ජයග්‍රහණය ඉක්මවා යන සමස්ත ජයග්‍රහණය වන්නේ රට යළි අධිකාරිවාදී පාලනයකට ගමන් කරනු දැකීමට මෙරට අති බහුතරයක් ජනතාව දක්වන ඍජු විරෝධයයි.
ආණ්ඩුව මේ යථාර්ථය වටහා ගෙන තිබේද ?
මෙය ගැටලූකාරී තත්ත්වයකි. ආණ්ඩුවට සම්බන්ධ ප්‍රධාන පක්ෂ දෙක වන එජාපය හා ශ්රීලනිපය ඉතාමත් අ¥රදර්ශී ආකාරයෙන් ප්‍රතිඵල විශ්ලේෂණයකට ගිය ආකාරයත් එම අතාර්කික තත්ත්වය තුළ නිර්මාණය වූ අර්බුදයත් කිසිවෙකුට රහසක් නොවේ. දේශපාලනයේ නොබිඳෙන න්‍යායක් වන ‘‘ජයග්රාහකයාට පියවරු සීයයි – පරාජිතයා අවජාතකයි’’ යන්න සනාථ කරමින් පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල පිට වූ වහාම එජාප නායකත්වය දඩයම් කිරීමට ආණ්ඩුවට සම්බන්ධ ඇතැම් කණ්ඩායම් හා කල්ලි සූදානම් වීම එහි උච්චම තත්ත්වයයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය කුමක්දැයි දැන දැනම ආණ්ඩුව තුළ සිටින ශ්‍රීලනිපයේ ඇතැම් පිරිස් ඉතාම අතාර්කික හා අ¥රදර්ශී ලෙස එජාප නායකයා, අගමැතිවරයා දඩයම් කිරීමට යාම හා එයින් උද්ගත වූ ක්ෂණික හානිකර තත්්ත්වය ජනාධිපතිවරයා හා අගමැතිවරයා විසින් ඉතාම තීක්ෂණ ආකාරයෙන් කළමනාකරණය කර නොගන්න යහපාලනය පොහොට්ටු කල්ලියේ පහසු ගොදුරක් වීම නියත කරුණක් වුණා. මේ මොහොත වන විට ආණ්ඩුව තුළ පවතින පශ්චාත් මැතිවරණ ආතතිය යම් ආකාරයකින් සමහන් ව තිබුණත් යළිත් මේ වසර තුළදීම ප්‍රකාශයට පත්වීමට පළාත් සභා මැතිවරණ ව්‍යාපාරය හරහා මේ ආතතිය තව දුරටත් වර්ධනය වන බව නිසැකයි.
එහෙත් ප්රශ්නය වන්නේ ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙක අතර පවතින්නේ හුදු ආතතිය පමණක් නොවීමයි. එය මැතිවරණ ව්‍යාපාරය තුළ එකිනෙකාට චෝදනා කර ගැනීමේ සිට මැතිවරණ ප්‍රතිඵල නිකුත් වූ විට තම තමන්ගේ ආණ්ඩු පිහිටුවීමට ගන්නා උත්හාසයන් මත ඇති වූ අවිශ්වාසය දක්වා දුර ගිය එකක්. එක්වර සිදුවිය යුතුව තිබුණු කැබිනට් මණ්ඩල සංශෝධනය පවා එජාපය – ශ්රීලනිපය වශයෙන් කොටස්කර සිදු කිරීමට පියවර ගැනීමට මෙහි ප්රකාශනයක් වශයෙන් සැලකිය හැකියි.
වත්මන් දේශපාලන ප්රවණතා අනුව තත්ත්වය ගැළපීම
මේ තත්ත්වය නිසි පරිදි කළමනාකරණය කර නොගතහොත් ඉදිරි පළාත් සභා මැතිවරණයේදී පොහොට්ටුව යළිත් ඉදිරියට ඒම නොවැළැක්විය හැකියි. මන්ද ලංකාව ද ඇතුළත් වන නව ගෝලීය දේශපාලනය තුළ දේශපාලන බලය අල්ලා ගැනීමට සමාජය සංවිධානය කිරීම තව දුරටත් අත්‍යවශ්‍ය කරුණක් වශයෙන් සැලකෙන්නේ නැහැ. අද ලෝකය පුරා හමායන, ප්රජාතන්ත්රවාදයේ හා කොන්සර්වේටිව්වාදයේ සම්මිශ්‍රණයක් වශයෙන් සැලකෙන ‘‘ලිබටේරියානුවාදය’’ට අනුව සමාජය සංවිධානය කිරීමෙන් තොරව වෙනත් සාධක මත දේශපාලන බලය අල්ලා ගැනීමට හැකියාව තිබෙනවා. (ජනතා විමුක්ති පෙරමුණ යළි යළිත් අසාර්ථක වන්නේද, පොහොට්ටුව (මහින්ද රාජපක්ෂ* යළි යළිත් සාර්ථක වන්නේද මේ තත්ත්වය තුළයි*
ලිබටේරියානුවාදයට අනුව බලය අල්ලා ගැනීමට සමාජය සංවිධානය කිරීම වෙනුවට වෙනත් සාධක අනුව එක්වීම මගින් බලය අල්ලා ගැනීම පහසුවෙන් කළ හැකියි. (සයිටම් විරෝධය, බැඳුම්කර සිදුවීම හා සම්බන්ධ පොහොට්ටුවේ දේශපාලනය ගන්න* ඒ අතර ඉදිරියෙන්ම තිබෙන්නේ ‘දේශපාලන ආධිපත්‍යය’’යි. දේශපාලන අවකාශය තුළ දේශපාලන ආධිපත්‍ය ප්‍රදර්ශනය කළ හැකි දේශපාලන ව්‍යාපාරයට හෝ කල්ලියට ඉතාම පහසුවෙන් බලය අල්ලා ගත හැකියි. දේශපාලන පක්ෂ විසින් සංවිධානය නොකරන, දේශපාලන ව්‍යාපාරවල මිනුම්දඬුවලට සංවේදී නොවන, විෂය නොවන ජනතාවත් මේ දේශපාලන ආධිපත්‍යයට පහසුවෙන් යොමු වෙනවා. ජනමාධ්‍ය, සමාජමාධ්‍ය හා විවිධ සිවිල් ගැටුම් (සයිටම් වැනි* මෙම දේශපාලන ආධිපත්‍ය ඉතාම පහසුවෙන් ඔසවා තබනවා පමණක් නොවෙයි නොබිඳිය හැකි ප්රතිරූප බවට ද පත් කරනවා. මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ අඛණ්ඩව ක්‍රියාත්මක වන ජනමාධ්‍ය හා සමාජමාධ්‍ය අවකාශය සියුම්ව නිරීක්ෂණය කිරීම මගින් අපට මේ තත්ත්වය ඉතාම පහසුවෙන් අවබෝධ කරගත හැකියි.
කළ යුත්තේ කුමක්ද ?
මේ තත්ත්වය තුළ පුළුල් මාධ්‍ය අවකාශයක් හා සමාජ ප්‍රතිරූපයක්, දේශපාලන කැරිස්මාවක් ගොඩනගා ගෙන සිටින රාජපක්ෂ රෙජිමය සමග බෙදී විසිරී සිටින යහපාලන බලවේගවලට යළි සම්මුඛ වීමට ඉතා කෙටිකාලීනව සිදු වෙනවා. ඒ ඉදිරි පළාත් සභා මැතිවරණය හරහායි. එහිදී ද යහපාලන බලවේගවල පොදු හතුරා බවට පත්වන්නේ 2020දී බල පෙරළියට මේ මොහොතේ සිට තම උපරිම බලය යොදා සූදානම් වන මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දෙන බල කඳවුරයි. පිළිගැනීමට නීරස වුණත් මහින්ද රාජපක්ෂ මහතා සතුව නිරපේක්ෂව වැඩි ජනතා ප්රසායක් තිබෙනවා. රාජපක්ෂ විරෝධී බලවේගවල බලය බිඳී විසිරී පවතින තත්ත්වය තුළ ආසන්න පළාත් සභා මැතිවරණයත් පළාත් පාලන මැතිවරණයක්ම වීම නොවැළැක්විය හැකියි. එයින් ඇති කරන කම්පනය 2020 වන තෙක් ආණ්ඩුවට කිසිසේත්ම දරාගත නොහැකි වේවි. නැතිනම් එය 1993 දකුණු පළාත් සභා මැතිවරණයේ යළි නැගිසිටීමක් වේවි.
ඒ නිසා දැන් ආණ්ඩුව, විශේෂයෙන් කළ යුත්තේ ඇමැති චම්පික රණවක ඇතුළු ජනවාරි 8 වෙනසට නායකත්වය දුන් සිවිල් සමාජ ව්‍යාපාරය ද නැවත නැවත අවධාරණය කරන පරිදි යළිත්, කඩිනමින් 2014 අවසාන භාගයේදී මෙන් මහින්ද රාජපක්ෂ විරෝධී බලවේග එක් පෙරමුණකට ගෙන පොදු දේශපාලන න්‍යාය පත්‍රයක් වෙත යාමයි. ආණ්ඩුව ද එජාපය – ශ්රීලනිපය වශයෙන් වගවීමෙන් බැහැර නොවී ජනවාරි 08 වෙනස වෙනුවෙන් වන වගවීම පෙරට ගැනීමයි. එවැනි ධනාත්මක හා සැලසුම් සහගත තත්ත්වයකින් තොරව ජාතිවාදය, ආගම්වාදය හා අවස්ථාවාදය මත පදනම්ව තිබෙන පොහොට්ටුව පරාජය කිරීම අසීරු විය හැකියි. මේ තත්ත්වය තුළ ආණ්ඩුවේ එදිනෙදා වැඩසහන් ලෙස සිදුවන, රාජපක්ෂ ඡුන්ද බැංකුවට කර පෙවීමට තැත් කරන වැඩසහන් වෙනුවට රාජපක්ෂ යළි හිස එසවීම වළක්වා ලන දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් සකස් විය යුතුයි.
සැබෑ ජනමතයේ අපේක්ෂාව වන්නේ මෙවැනි සැලසුම් සහගත ප්‍රවේශයක් මිස ගෙවී ගිය තෙවසරක අතපසුවීම්වලින් නිර්මාණය කරගත් වළවල්වලට අණ්ඩ දමන උත්සාහයක් නොවන බව ආණ්ඩුවට සම්බන්ධ සියලූ පාර්ශ්වයන් අවබෝධ කරගත යුතුයි.
