අද ත්‍රස්තවාදය කියන්නේ ජාතික ප්‍රශ්නයක් නෙමේ ගෝලීය ප්‍රශ්නයක් – ජනාධිපති නීතිඥ සී.ජේ. වැලිඅමුන

අද ත්‍රස්තවාදය කියන්නේ ජාතික ප්‍රශ්නයක් නොව  ගෝලීය ප්‍රශ්නයක් බව  ජනාධිපති නීතිඥ සී.ජේ. වැලිඅමුන මහතා ප්‍රකාශ  කළේය .අනිද්දා පුවත්පතේ පළමු  සංවත්සරයේදී  කතා කරමින් ඒ මහතා මේ බව පැවසීය . එහිදී වැලිඅමුණ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය . අනිද්දා ගැන කතා කරනන අද මට මේ අවස්ථාව ලබාදීම ගැන අනිද්දා කර්තෘ ජනරංජන මහත්තයාට විශේෂයෙන්ම ස්තූතිතවන්ත වෙනව. මේ සංවාද මණ්ඩපයේ…

බහුතර මුස්ලිම් ජනතාව මේ අන්තවාදී මුස්ලිම් ත්‍රස්තවාදීන්ට විරුද්ධයි – රන්ජන් රාමනායක

බහුතර මුස්ලිම් ජනතාව මේ අන්තවාදී මුස්ලිම් ත්‍රස්තවාදීන්ට විරුද්ධයි – රන්ජන් රාමනායක

බුද්ධි අංශ නිලධාරින් හිරේ දැමීම නිසා ආරක්ෂක අංශ දුර්වල වී ත්‍රස්තවාදීන් බෝම්බ පුපුරවන බවට විපක්ෂය චෝදනා කළත්, නේවී එකේ අට දෙනෙකු හිරේ දමා ඇත්තේ, දෙමළ මුස්ලිම් සිංහල ව්‍යාපාරිකයන්ගේ දරුවන් පැහැරගෙන ගොස් කප්පම් ගන්න උත්සාහ කිරීම නිසාත්, ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ නිසාත් යැයි මාර්ග හා මහාමාර්ග සංවර්ධන ඇමති රංජන් රාමනායක මහතා මාදිවෙල සිය නිල නිවසේ පැවති…

තවුහිජ් ජමාත් කල්ලියට ලියාපදිංචිය දුන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාගෙ ආණ්ඩුව කාලේ – සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය

ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඊයේ (29) කරපු මාධ්‍ය සාකච්ඡාව හරහා විවිධ කාරණා ඉස්මතු කළා. ඊයෙ කියපු කාරණයක් තමයි, මේ රටේ තියන සමහර සංවිධාන අපි නඩත්තු කළා, එවට උදව් කළා, එවා පවත්වාගෙන ගියා කියන කාරණය. අපි මහින්ද රාජපක්ෂ මහත්තයගෙ ආණ්ඩුවලට චෝදනාවක් කළා, මේ තවුෆික් ජමාත් කියන සංවිධානය ආරම්භ වුණේ මහින්ද රාජපක්ෂ මහත්තයගෙ කාලේ, 2005 වර්ෂයේ දී. එවකට…

ගෝඨාභය සිටියා නම් – අනුර සූරියබණ්ඩාර

පාස්කු දිනයේ ප්‍රහාරය ගෝඨාභයවාදීන්ට ඌරන් කැකුණ තලන විට හබන් කුකුළන්ට මඟුල් කීවා වැනි පසුබිමක් උදා කර ඇති බව පෙනේ. හේතුව පසුගිය ඉරිදා පුවත්පත්වල ගෝඨාභය මහතා සමග කළ සම්මුඛ සාකච්ඡා රැසක් පළ වී තිබීමයි. ඒ මහතා එහිදී කියා තිබුණේ 2020 ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් වන බවය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හෝ පොහොට්ටු පක්ෂයෙන් තම ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස…

කාදිනල් භික්ෂුව සහ දේශපාලනය – අකුරැස්සේ විල්සන් ප්‍රනාන්දු

කටුවාපිටිය දේවස්ථානයට එල්ල කළ ප්‍රහාරයෙන් මියගිය අයගේ අවමංගල්‍ය උළෙලට සහභාගි වෙමින් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා කර තිබූ කතාව කියවීමෙන් මට ඇතිවූයේ ඉමහත් පැහැදීමක් ඒ පැහැදීමට හේතුව කාර්දිනල් තුමාගේ කතාව ම නෙවෙයි. ඒ අවස්ථාවට සහභාගී වෙමින් ඕමල්පේ සෝභිත හාමුදුරුවන් කර තිබුණු කතාවත් කාදිනල්තුමාගේ කතාවත් අතර වෙනසයි ඒ පැහැදීම හේතුව. එහිදී කාදිනල්තුමා පවසා තිබූ වචන සමහරක් මෙසේයි….

සරත් ෆොන්සේකා වෙනුවෙන් අර්ජුන ඉල්ලා අස්වීමට සූදානම්!

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය, සාමය සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ධුරය ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කරන්නේ නම්, ඒ වෙනුවෙන් තමන් කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා එක්සත් ජාතික පෙරමුණ කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර තිබේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29දා) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී…

සංස්කෘතියක් රකින්න බලමණ්ඩල බිහිවෙන්නෙම තවත් ආගමකට සංස්කෘතියකට එරෙහිව ප්‍රචණ්ඩත්වය පතුරවන්න බව අපි අත්දැකීමෙන් දන්නව – සිනමාවේදී අශෝක හඳගම

“සංස්කෘතියක් රකින්න බලමණ්ඩල බිහිවෙන්නෙම තවත් ආගමකට සංස්කෘතියකට එරෙහිව ප්‍රචණ්ඩත්වය පතුරවන්න බව අපි අත්දැකීමෙන් දන්නව”  යයි සිනමාවේදී අශෝක හඳගම මහතා ප්‍රකාශ කළේය . හඳගම මහතා එසේ ප්‍රකාශකළේ අනිද්දා පුවත්පතට වසරක් පිරීම නිමිත්තෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකදී ය. අනිද්දා කර්තෘ ජනරන්ජන, ආචාර්ය ජයදේව උයන්ගොඩ, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ඒ. සුමන්තිරන් ඇතුළු තවත් විද්වතුන් කීපපොළක් කතාකළ අතර…

|

කිසිවකු වෙනස් නොවේ නම් කිසිවක් වෙනස් නොවේ – නිශාන්ත කමලදාස

පාස්කු ඉරිදා ඇති වූ ව්‍යසනය සම්බන්ධයෙන් අවසන් වරට මා දුටු සංඛ්‍යා ලේඛනවලට අනුව, සිද්ධිය නිසා මියගිය සංඛ්‍යාව 290 ක් වන විට, තුවාල ලැබූ සංඛ්‍යාව පන්සියයකට අධික වී තිබුණි. එය ශ්‍රී ලංකාව පමණක් නොව, මුළු මහත් ශිෂ්ඨ ලෝකය ම කම්පනයට පත් කරන්නට ඇත. මියගිය හා තුවාල ලැබූ බොහෝ දෙනා මේ බෝම්බ තැබීමට කටයුතු කළ කිසිවකුට, ඔවුන්ගේ…

හැම රටකටම වඩා අපේ බුද්ධි අංශ දක්ෂයි – පූජ්‍ය දඹර අමිල හිමි

ඔක්තෝම්බර් 26 වෙනිදා කුමන්ත්‍රණය මේ වගේම එකක් තමයි. ඒක හොඳ වෙලාවට ශ්‍රී ලාංකික ජනයා හා සිවිල් පුරවැසි බලවේග මැදිහත් වෙලා අතට අරගෙන ඒක විසඳුව නිසා ලේ වැගිරීමක් වුණේ නැහැ. නැත්නම් අනිවාර්යෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක්, අග්‍රාමාත්‍යවරයෙක්, කැබිනට් මණ්ඩලයක් තමන්ට හිතුමතේ ඒකාධිපතිබලය පාවිච්චි කරල, එක රැයින් අනික් පැත්ත හරවනකොට ජනතාව අවි ගන්නව. කැරලිකාර තත්ත්වයක් වෙන රටක නම් ඇති…

ජනාධිපතිවරයා රාජකාරිය පැහැර හැරීම නිසයි මේ මහා විනාශය සිද්ධ වෙලා තියෙන්නෙ – ගාමිණි වියන්ගොඩ

“කවුද මේ ත්‍රස්තවාදීන්ව ජාතක කළේ? එයාලා තමයි මහින්ද රාජපක්ෂ. ගෝඨාභය රාජපක්ෂ”. “ජනාධිපති, අගමැති, විපක්ෂ නායක ‍තිදෙනාම මේ මහා අපරාධයේ වගඋත්තර කරුවන්”. දෙවියො ගාවට අපි යන්නෙ අපිට ආරක්ෂාව ඉල්ලලා. ජනාධිපති තිරුපති ගිහිල්ලා එයාව ආරක්ෂා කරදෙන්න කියලා ඉල්ලුවා. ඊට ඉස්සරවෙලා අගමැතිවරයත් ගියා. එයා ඉල්ලන්නත් ඇත්තේ මාව ආරක්ෂා කරදෙන්න කියලා වෙන්න ඇති. ඊට ඉස්සර වෙලා මහින්ද රාජපක්ෂත් ගියා…

පාස්කු දා ප්‍රහාර සහ ඉස්ලාමික රාජ්‍ය (IS) සබදතා – රුක්මනී කෝලිමච්

රුක්මනී කෝලිමච් (Rukmani  Callimachi) යනු නිව්යෝර්ක් ටයිම්ස් හි මාධ්‍යවේදිනියකි . 2014 වර්ෂයේ සිට අල්කයිඩා සහ ISIS සංවිධාන සම්බන්ධ ලිපි සපයන ඇය මාලි රාජ්‍යයේ දී අනාවරණය කරගත් අල්කයිඩා ජාත්‍යන්තර තොරතුරු සම්බන්ධ වාර්තා මාලාවට 2014 දී ලැබූ පුලිට්සර්සම්මානය ඇතුළුව තුන්වතාවක් පුලිට්සර් සම්මානයට පත්වුවාය .ජාත්‍යන්තර වාර්තාකරණය සදහා ජෝර්ජ් පෝක් (George Polk)සම්මානයද ඕවර්සිස් ප්‍රෙස් ක්ලබ් (Overseas Press Club) සම්මාන…

අන්දරේලාගේ ආරක්ෂාව – සිරිසේන රාජපක්ෂ

මාධ්‍ය ප්‍රධානීන් අමතමින් ජනාධිපතිවරයා කියා තිබුනේ  ප්‍රහාරයේ වගකීම සහ බුද්ධි අංශ දුර්වල  කිරීමේ  වගකීම ආණ්ඩුව බාරගත යුතු බවය. ගැටලුවක් නැත.  රාජ්‍ය  ආරක්ෂාව තහවුරු නොකිරීමේ වගකීමෙන්  ආණ්ඩුවට  මිදිය නොහැකිය.  ගැටලුව ඇත්තේ ආණ්ඩුව යනු කුමක්ද යන්නය. ආණ්ඩුව කියන  ආයතනයට ජනාධිපතිවරයාත් අඩංගු ද නැති ද යන්න ය. ආණ්ඩුව යනු ජනාධිපතිවරයා , අගමැතිවරයා කැබිනට් මණ්ඩලය ආණ්ඩු පක්ෂය ආදී සියල්ලය…