|

ජනාධිපති අපේක්ෂකත්වයට ගෝටාභය සුදුසු නැහැ – මහින්ද රාජපක්ෂ

මීළග ජනාධිපතිවරණයේ තම පක්ෂයේ අපේක්ෂකයා ලෙස ගෝටාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීම සුදුසු නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට ඇත . ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා පසුගිය දිනක හමුවූ අවස්ථාවේ කල විමසුමකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව පවසා තිබේ . ඩිව් ගුණසේකර මහතා මෙම තොරතුර තම පක්ෂ නායකයන්ට…

සීත කඳුකරයේ අඳුරු වලා – නිශාන්ත කමලදාස

 නුවරඑලිය, බොහෝ දෙනා ග්‍රීස්මය ගත කරන්නට, සූර්යයා මුදුන් වන අවුරුදු නිවාඩු කාලය ගත කරන්නට, තෝරාගන්නා තැනකි. ඒ සඳහා නොවුනත් මේ ග්‍රීස්මයේ එහි යෑමට අවස්ථාවක් මට ද ලැබිණි. ඒ එසේ නිවාඩු ගත කරන්නට යන කණ්ඩායමක ආරාධිතයෙකු ලෙස ය. අපේ ගමනාන්තය වූයේ අඹේවෙල ය. ගමන වඩාත් ප්‍රසන්න දෙයක් කර ගැනීම සඳහා වාහනය ලෙස අප තෝරා ගත්තේ දුම්රිය…

දේශපාලනය ආගමීකරණය වීම: අධිකාරීවාදී පෞරුෂයකට වහ වැටෙන අනියම් පේ‍්‍රමය – සරත් ද අල්විස්

අප ජීවත් වන්නේ අඳුරු යුගයක ය. අපේක්ෂා භංග වූ, ප‍්‍රතිඥා නෂ්ට වූ අවධියක ය. අපේ පොදු අපේක්ෂකයා, අද වන විට හතර අතේ වැනෙන දේශපාලනික තක්කඩියෙකු බවට පත්ව ඇත. ඒ සියල්ල අස්සෙන්, ඒකාධිපතියා දොරට තට්ටු කරමින් සිටී. කර්කශ මෙන්ම තියුණු දේශපාලන උපහාස රචකයෙකු වූ ආර්ට් බුච්වර්ල්ඞ් කියා ඇති පරිදි, මේ හොඳම කාලයවත්, නරකම කාලයවත් නොවේ. අපට…

තාවකාලික නව කැබිනට් අමාත්‍යවරුන් 4 ක්- ශ්‍රීලනිප 16දෙනා ඉවත්වෙති.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් පිරිසක් ඊයේ (11) දිනයේදී සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වීමත් සමඟ පුරප්පාඩු වූ එම කැබිනට් අමාත්‍ය ධූර සඳහා තාවකාලිකව නව අමාත්‍යවරු පත් කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව නිපුනතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය සහ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යවරයා ලෙස ආචාර්ය සරත් අමුණුගම මහතා පත්කර තිබේ. අපදා කළමනාකරණ අමාත්‍යවරයා ලෙස…

|

යහපාලනයේ හෙට දවස – සී. ජේ. අමරතුංග

 ඒකාබද්ධ විපක්ෂය විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කරනු ලැබූ විශ්වාසභංග යෝජනාව අවසන් වූයේ අගමැතිතුමන්ට විශිෂ්ට ජයක් අත්කර දෙමිනි. එමෙන්ම එය ඒකාබද්ධ විපක්ෂයේ ජයග්‍රාහී මානසිකත්වය අවසන් කරන්නටද ‍ෙහ්තුවිය. ඒ පිළිබඳව එම කණ්ඩායම තුළ මතභේද ඇතිවී තිබෙන බවද වාර්තා විය. මේ වනවිට ජයග්‍රාහී මානසිකත්වයේ සිටින්නේ එජාපයයි. එසේ වූවද රටේ ඇතිව තිබෙන අවිනිශ්චිත තත්ත්වය තවමත් සම්පූර්ණයෙන්…

සිරිසේන දේශපාලනය තුළ පවතින මහා අනියමාර්ථයන් – ලූෂන් රාජකරුණානායක

  මහා විශ්වාස භංගය ඉවරයි. දැන් පැමිණ ඇත්තේ මහා අනියමාර්ථයේ කාලයකැයි පෙනේ. විශ්වාස භංගයට පක්ෂව ඡුන්දය පාවිච්චි කළ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට් ඇමතිවරුන් සිය ඇමති තනතුරුවලින් ඉල්ලා අස්වන්නේ ජනාධිපතිවරයා ඉල්ලා සිටියොත් පමණ ලූ. මාර වැඩක් නේ? මහත්මා චර්යාවක් වශයෙන් පිළිගැනෙන යමක් කිරීමටත් ඔවුන්ට ජනාධිපති නියෝගයක් අවශ්‍ය ලූ. මෙසේ කියන්නේ, තමන් ද කොටස්කරුවන් වන කැබිනට්…

රනිල්ට යුක්තිය ඉටුවිය යුතුයි – 2 ; ගෙයි ගිනි පිටත දෙමින් – පිටත ගිනි ගෙට ගනිමින් නටන මේ නාඩගම නතර කරමුද? – භාතිය බරුකන්ද ?

‘‘රනිල්ට යුක්තිය ඉටුවිය යුතුව තිබේ’’ යනුවෙන් පසුගිය අපේ‍්‍රල් 03 වැනිදා මා ලියු ලිපියට විශාල පිරිසකගේ අවධානය යොමුව තිබුණා. ඒ අතර ජංගම දුරකථනයෙන් මා ඇමතූ කිහිප දෙනෙක් රනිල් වික‍්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් මෙවැනි පැහැදිලි කිරීම් තව දුරටත් කරන මෙන් ඉල්ලා සිටියා. ඔවුන් අවධාරණාත්මකව පවසා සිටියේ 1977 සිට අඛණ්ඩව දේශපාලනයේ නියැලී සිටිමින් අභියෝගාත්මක දේශපාලන භූමිකාවක් නිරූපණය කළ රනිල්ට…

රනිල් සහ මෛත්‍ර ; ශ්‍රී ලං. නි. ප. සහ එ. ජා. ප. – සම්පත් අමරසිංහ

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන එනු ලැබු විශ්වාස භංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ තිලංක සුමතිපාල මහතාට සහ ශ්‍රී ල නි ප ඇමතිවරුන් වන දයාසිරි ජයසේකර, එස්.බී. දිසානායක, සුසිල් ප්‍රේමජයන්ත, චන්දිම වීරක්කොඩි, ඩබ්ලියු. ඩී. ජේ.  සෙනෙවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුනට එරෙහිව විශ්වාස භංග යෝජනා හතක් කතානායකවරයාට බාරදුන් බව මුජිබර් රහුමාන් මහතා…

සංගායනාවකට කාලයයි මේ – නිශාන්ත කමලදාස

 බුදු දහම ගැන අර්ථකථනයන් බොහෝ ය. එක් ධර්ම දේශනාවකට සවන් දුන් කෙනෙකු ඊළග ධර්ම දේශනාවට සවන් දීමේ දී අර්බුදයකට ලක් වෙන තරමට එකම සංකල්පය සම්බන්ධයෙන් දෙන අර්ථකථනයන් වෙනස් ය. ඇතැම් තැනක ඒවා අහසට පොළොව මෙන් පරස්පර ය. මෙය බුද්ධාගම සම්බන්ධයෙන් පමණක් නොව බොහෝ ආගම් සම්බන්ධයෙන් ද සත්‍යය ය. විවිධ අර්ථදැක්වීම් අතරින් නිවැරදි දේ කුමක් දැයි…

විශ්වාසභංගයේ ඇතුළාන්තය – එම් ඕ ඒ ද සොයිසා

රටේ දේශපාලන ක්ෂේත්‍රය තුළ ඉමහත් ආන්දෝලනයක් ඇතිකළ අගමැතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රී කණ්ඩායම ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව අග්‍රාමාත්‍යවරයා විසින් වැඩි ඡන්ද 46 න් ජයග්‍රහණය කිරීමෙන් පසුව නිමාවට පත්විය. යෝජනාවට ඡන්දය විමසු අවස්ථාවේ දී එයට විපක්‍ෂව ඡන්ද 122 ක් ලැබුණු අතර පක්‍ෂව ලැබුණේ ඡන්ද 76 ක් පමණි. ඡන්දය දීමෙන් වැළකී සිටි මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 26 ක්…

විශ්වාස භංගෙයන් අගමැතිවරයා‍ගෙ විශ්වාසය තහවුරු වුණා : ඒකාබද්ධ විපක්ෂයෙ විශ්වාසය භංග වුණා – ගාමිණි වියන්ගොඩ

අගමැතිවරයා පිළිබඳ විශ්වාසයක් නැහැයි කියල ගෙනාව විශ්වාස භංගෙයන් අගමැතිවරයා පිළිබද පාර්ලිමේන්තුවෙ විශ්වාසය තියනව කියල විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ඔප්පු වුණා. අගමැතිවරයා පිළිබඳ විශ්වාසයක් නැහැයි කියල ඒකාබද්ධය ගෙනාපු විස්වාස භංගය නිසා ඒකාබද්ධ විපක්ෂය කෙරේ තිබුණ විශ්වාසය මුලුමනින්ම භංග වුණා. ඒ අර්ථයෙන් ගත්තාම මේ විශ්වාස භංගය ඒක ගෙනාපු අයගෙ විශ්වාස භංගයක් බවට අද පත්වෙලා තියෙනව. දේශපාලඥයන් සාමාන්‍ය…

ජනාධිපති තුමනි, යහපාලනයට තවම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක තියනවා. එන්න ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරමු. රට හදමු – දඹර අමිල හිමි

  බැඳුම්කරයට අදාලව පාර්ලිමේන්තුවෙ දි දුන් මේ ප්‍රතිඵලය ජනාධිපතිතුමාට ක්‍රම දෙකකට ගන්න පුලුවන්. එකක් මාව පැරැද්දුවා‍, මාව නන්නත්තාර කළා, මම දැන් කුජීතයි. ඒ නිසා මම දැන් සියල්ල බකල් කරනවා මෙතන සිට. මෑත කාලීන ඉතිහාසයේ ඉඳන් කළා වගේම ඒක තීව්ර කරනවා. රට අරාජික කිරීම වේගවත්කරනවා මොකද මාව කුජිත කළා. මාව පරාද කළා. මාව විනාශ කළා. ගිනි…