රනිල්ට යුක්තිය ඉටුවිය යුතුයි – 2 ; ගෙයි ගිනි පිටත දෙමින් – පිටත ගිනි ගෙට ගනිමින් නටන මේ නාඩගම නතර කරමුද? – භාතිය බරුකන්ද ?
‘‘රනිල්ට යුක්තිය ඉටුවිය යුතුව තිබේ’’ යනුවෙන් පසුගිය අපේ‍්‍රල් 03 වැනිදා මා ලියු ලිපියට විශාල පිරිසකගේ අවධානය යොමුව තිබුණා. ඒ අතර ජංගම දුරකථනයෙන් මා ඇමතූ කිහිප දෙනෙක් රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් මෙවැනි පැහැදිලි කිරීම් තව දුරටත් කරන මෙන් ඉල්ලා සිටියා. ඔවුන් අවධාරණාත්මකව පවසා සිටියේ 1977 සිට අඛණ්ඩව දේශපාලනයේ නියැලී සිටිමින් අභියෝගාත්මක දේශපාලන භූමිකාවක් නිරූපණය කළ රනිල්ට යුක්තිය ඉටුවීම යන දියුණු ප්රජාතන්ත්රවාදී සමාජයක් ගැන සිහින දකින මිනිසුන්ට ද යුක්තිය ඉටු කිරීමක් බවයි. ඒ අනුව මේ ප්රජාතන්ත්රවාදී නායකයා, දියුණු දැක්මක් සහිත නායකයා වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටිමින් අඳුරේ සිටින ජනතාව දැනුවත් කරන මෙන් ඔවුන් ඉල්ලා සිටියා. ඒ අතර මගේ ළඟම හිතවතුන් සහ තවත් කිහිප දෙනකු විමසා සිටියේ මුළු රටම විරුද්ධ, අඩුම ගානේ තමන්ගේ පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ බහුතර සහාය පවා අහිමි රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂා කිරීමට මට මෙතරම් කැක්කුමක් ඇතිව තිබෙන්නේ කුමක් නිසාද කියලයි.
මේ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් ද ඊනියා රනිල් විරෝධීන් විසින් අඛණ්ඩව ගෙන යන දැවැන්ත මාධ්‍ය (සන්නිවේදන* මෙහෙයුම හමුවේ වල්මත්ව සිටින එජාප පාක්ෂිකයින් හා මධ්‍යස්ථ ජනතාව වෙනුවෙන් ද ‘‘රනිල්ට යුක්තිය ඉටුවිය යුතුව තිබේ’’ ලිපියේ දෙවැනි කොටසත් මේ සතියේ ලිවීමට සිදුව තිබෙනවා.
මට රනිල් දැනෙන හැටි
ප්‍රථමයෙන්ම සඳහන් කළ යුත්තේ රනිල් වික්‍රමසිංහ මහතා සමග මට කිසිඳු ආකාරයක පුද්ගලික බැඳීමක් හෝ කෘතගුණ සැලකීමේ වුවමනාවක් නැති බවයි. එය සරලව පැහැදිලි කරන්නේ නම් මම හෝ මගේ පවුලේ කිසිවකු රනිල් වික්‍රමසිංහ මහතාගෙන් (එජාපයෙන්* රැුකියාවක් හෝ වෙනත් ආර්ථික හෝ වෙනත් ප්‍රයෝජනයක් (දරුවෙක් පාසලකට ඇතුළත් කර ගැනීම වැනි* ලබාගෙන නැති බවයි.
එහෙත් මගේ දෙමාපියන්ට රනිල් වික්‍රමසිංහ මහතා ගැන අපූරු, සංවේදී මතකයක් තිබෙනවා. ඒ 1977 දී රනිල් වික්‍රමසිංහ නම් තරුණ නීතිඥා (ඔවුන් කියන ආකාරයට කඩවයම් තරුණයා* සමග මගේ දෙමාපියන් දේශපාලනය කළ නිසයි. ඒ රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන ආගමනය සිදු වූ බියගම මැතිවරණ කොට්ඨාශයේ වල්ගම කියන ගම පදනම් කරගෙන. එදා තරුණ රනිල් වික්‍රමසිංහ මහතා ඉතා නොදියුණු ගමක් වූ වල්ගමට පැමිණ ගෙයින් ගෙට ගිය ආකාරය ගැන අදත් ඔවුන් සිහිකරන්නේ හදපිරි සතුටින්.
රනිල් වික්‍රමසිංහ මහතා මට බියගම එජාප පාක්ෂිකයින්ට සාදාකාලික වීරයෙක් වෙන්නේ ඉතාම නොදියුණු, කුල පීඩනයෙන් හෙම්බත් වූ බියගමට සංවර්ධනයේ අරුණළු ගෙන ආ ‘බියගම නිදහස් වෙළෙඳ කලාපය’ බිහි කිරීමට නායකත්වය ලබා දුන් නිසයි. ලංකාවේ දෙවැනි නිදහස් වෙළෙඳ කලාපය (1986* බියගමට ලැබීම නිසා ඉතාම නොදියුණු ප්‍රදේශයක් වූ බියගම ආශ්රිත ප්‍රදේශවල සිදු වුණු දියුුණුව, කුල පීඩනය බිඳ වැටීම මම කුඩා කාලයේ සිට බොහොම කැමැත්තෙන් බලාගෙන සිටියා. අපි සෙල්ලම් කළ, වැලිපේර කැඩූ ඒ බිම අද දැවැන්ත කර්මාන්ත පුරයක් බවට පත්වෙලා තිබෙනවා. රඹුටන්, එළවළු වගාව ප්‍රධාන ජීවනෝපාය කරගත් ගොවිගම ජනතාවත් කුල පීඩනයෙන් බැට කෑ ජනතාවත් අද ඒ ආර්ථික සංවර්ධනයේ ප්රතිලාභ නොඅඩුව භුක්ති විඳිනවා. එදා නිදහස් වෙළෙඳ කලාපයට එරෙහිව විපක්ෂයෙන් එල්ල වූ අඳබාල විවේචන වූ ‘‘සුද්දන්නට ජංගි මහන්න අපේ කෙලේලෝ ගන්න යනවා’’ ‘‘හැම තැනම කොරියන් පැටව් ඉපදෙයි’ ‘‘වේස කලාපේ’ ආදි මුඪ විවේචන එල්ල කළ එදා විපක්ෂයේ සිටි මිනිසුන්ම අද නිදහස් වෙළෙඳ කලාපය ආශ්රිත සංවර්ධනයේ ප්රතිලාභවල ඍජු උරුමකරුවන් වී සිටින විට ඇති වන්නෙත් සතුටක්. ඒ එදා මේ අඳබාල විවේචනවලට බිය වී රනිල් තමන්ගේ පය පිටුපසට ගත්තා නම් අදත් මේ ගම්බිම් වල් වැදිලා නේද ? කියලා හිතෙන නිසයි. මම රනිල් වික්‍රමසිංහ ‘‘තුන් කල් දකින නායකයෙක් ’’ ලෙස මුලින්ම හැඳින ගත්තේ බියගම නිදහස් වෙළෙඳ කලාපයත් සමග වැඞී වර්ධනය වන විට දැනුණ සැබෑ හැඟීම නිසයි. ඒ නිසා බියගම (වල්ගම* පුරවැසියෙක් විදිහට රනිල් වික්‍රමසිංහ නම් තුන්කල් දකින මිනිසා කළ ඒ මෙහෙවර කිසිදාක මගේ හිතෙන් බැහැර කළ නොහැකියි. ඒ කෘතවේදීත්වය බැහැර කළ නොහැකියි.
රනිල් වික්‍රමසිංහ මහතා ගැන මගේ කෘතවේදීත්වය තවත් වටයකින් වැඩි වුණේ 2001 දෙසැම්බර් 05 ආණ්ඩුව මගින් ආරම්භ කළ ‘‘සාම ක්‍රියාවලිය’’ හේතුවෙනුයි. ඒ වන විට විශ්වවිද්‍යාලයෙන් පිටවී රැුකියාවක් සොයමින් සිටිය දී ආණ්ඩුවේ රැුකියාවක් නොලැබීම ගැන කොතරම් හිත් රිදවීම් තිබුණත් ජාතික ගැටලූවට සාකච්ඡුාමය දේශපාලන විසඳුමක් සෙවීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ගත් ධෛර්යය සම්පන්න ප්‍රවේශය ගැන තරුණයෙක් වශයෙන් මට ඇති වුණේ සතුටක්. ඒ අතර අගමැතිවරයාට අයත් ‘‘රජයේ සාම ක්‍රියාවලිය සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ’’ මුල්ම සන්නිවේදන නිලධාරියා (මෙය කිසිසේත්ම දේශපාලන මැදිහත්වීම් මත ලැබුණු රැුකියාවක් නොවේ* වශයෙන් වසර දෙකක් පමණ අදාළ ක්‍රියාවලියට ඍජුව දායකත්වය ලබාදීමට අවස්ථාව ලැබීම මේ දක්වා මගේ දැක්ම පුළුල් කිරීමට හේතු වී තිබෙනවා.
සාම ක්‍රියාවලිය ගැන විපක්ෂයේ කොතරම් විවේචන හා ගැරහීම් තිබුණත් එම ක්‍රියාවලිය රනිල් වික්‍රමසිංහ මහතාගේ තුන්කල් දකින දේශපාලන දැක්ම සේම දේශපාලන උපායශීලීත්වය මනාව ප්‍රදර්ශනය කිරීමක් බව කවදා හෝ අවධාරණය වනු ඇති බව මගේ විශ්වාසයයි. කැලෑ වැදී සිටි කොටි සංවිධානය වන්නි කැලයෙන් එළියට ගෙන ඔවුන් සමාජයට හුරු කිරීම, කොටි සාමාජිකයින්ට ලෝකය සමග ගනු දෙනු කිරීමට අවස්ථාව ලබාදීම, සාකච්ඡුාමය ප්‍රවේශයක් ගැන කොටි සංවිධානය තුළ මතයක් ඇති කිරීම හා කරුණා අම්මාන්ගේ බෙදීයාම පසුකාලීනව කොටි සංවිධානයට එරෙහි යුද්ධයේදී කොතරම් තීරණාත්මක බලපෑමක් සිදු කළා ද යන්න ඉතිහාසය විසින් යුක්තිය ඉටුකළ යුතු කරුණක්.
2004දී එජාපට ආණ්ඩු බලය අහිමිවීම ගැන මට තිබෙන්නේ විවේචනාත්මක අදහසක්. ඉතාම පැහැදිලිව ජනාධිපතිවරණයක් මගින් එජාපයට හිමිකර ගත හැකිව තිබූ ශක්තිමත් පහසු ජයග්‍රහණය එජාපය තුළ සිටි හදිසිකාරයින් පිරිසක් විසින් 2001 දී පවා දුන් බවයි මගේ පුද්ගලික අදහස වන්නේ. 2001 මහ මැතිවරණයකට නොගොසින් තවත් කාලයක් විපක්ෂයේ සිටියේ නම් 2005 ජනාධිපතිවරණය ඉතාම පහසුවෙන් ජයග්‍රහණය කළ හැකිව තිබුණ බව අදත් බොහෝ දෙනෙක් පිළිගන්නා අදහසක්. එස්.බී. දිසානායක, ජී.එල් පීරිස් ඇතුළු කල්ලියක් ආණ්ඩුවෙන් බිඳවා ගනිමින් කඩිනමින් බලය අල්ලා ගැනීම ගැන එජාපයේ ළදරු වලිප්පුකාරයින් තුළ පැවැති තදියම එජාපයට දැවැන්ත විනාශයක් කළ බව අද ද මේ ළදරු වලිප්පුකාරයින්ගේ තදියම ගැන දකින විට නොපෙනී යාම කනගාටුවට කරුණක්.
2004 මහ මැතිවරණ පරාජයට ප්‍රධාන හේතුව වන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්ව නොහැකියාව බව ඇතැමුන් තහවුරු කිරීමට උත්සාහ කළ ද එය එයින් ඔබ්බට ගිය සංකීර්ණ කරුණු රැුසක ප්‍රතිඵලයක් බව අප වටහා ගත යුතුයි. අද මෙන් එදා ද තීව්රරව පැවැති අවස්ථාවාදී හා අන්තවාදී මාධ්‍ය මෙහෙයුම (කොටි ලේබල් ඇලවීම* ආණ්ඩුව අසීමාන්තික ලෙස රාජ්‍ය සම්පත් හා බලය යෙදවීම සේම එජාපය තුළ ඇති වූ උදාසීනභාවය ද මේ සඳහා ප්‍රධාන හේතු වූ බව පැහැදිලියි.
මහ මැතිවරණ පරාජයෙන් පසු එළැඹි 2005 ජනාධිපතිවරණ ද සැලකිය හැක්කේ 1994 සිට දියත් වූ දැවැන්ත මැතිවරණ ¥ෂණ හා අපයෝජන රැුල්ලේ තවත් ඉදිරි පියවරක් වශයෙනුයි. ජනතා විමුක්ති පෙරමුණ, ජාතික හෙළ උරුමය ඇතුළු දකුණේ සියලූම අන්තවාදී හා අවස්ථාවාදී බලවේග එක් පෙරමුණකට ගොනුව, යළිත් අසීමාන්තික රාජ්‍ය සම්පත් හා බලය අපයෝජනය කළ ජනාධිපතිවරණ සංග්රාමයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජය වුණා නොව ‘‘පරාජය කළ’’ බව ඉතාම පැහැදිලි කරුණක්. උපාධිධාරීන් 45,000කට රජයේ පත්වීම් ලබා දෙමින්, රුපියල් 350ට පොහොර ලබා දෙන බවට පොරොන්දු දෙමින් අසීමිත රාජ්‍ය බලය හා සම්පත් සමග දියත් වූ ජනාධිපතිවරණයේදී එජාපයට සාම්ප්‍රදායිකව ලැබෙන උතුරේ දමිළ ඡුන්ද ලැබුණා නම් (යාපනය දිස්ත්‍රික්කයේ ලියාපංදිචි ඡුන්දදායකයින් සංඛ්‍යාව ලක්ෂ 7කට අධිකයි. එහෙත් 2005 දී ඡුන්දය භාවිත කළේ 7490කි. එයින් ඡුන්ද 5523ක් රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබා ගෙන තිබුණි* සියයට 0.29ක් වූ (රනිල් වික්‍රමසිංහ මහතාට වඩා වැඩි ඡුන්ද 180,786ක් වූ* මහින්ද රාජපක්ෂ මහතාගේ බහුතරය පහසුවෙන් ඉක්මවා යාමට හැකියාවක් එජාප අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට තිබුණ බව පැහැදිලියි. එහෙත් අද ඉතාම පැහැදිලිව හෙළි වී ඇති ආකාරයට මහින්ද රාජපක්ෂ කල්ලිය විසින් කොටි සංවිධානය සමග හවුල් වී උතුරේ ජනතාවට තම ඡුන්දය භාවිත කිරීමට තිබූ අවස්ථාව සම්පූර්ණයෙන්ම අහිමි කිරීම සමග රනිල් වික්‍රමසිංහ මහතාට ජයග්‍රහණය පෙනි පෙනී පරාජය වීමට සිදු වුණා.
රනිල් වික්‍රමසිංහ මහතා මෙවැනිම අවාසනාවන්ත ඉරණමකට 1999 දී ද මුහුණ දුන්නා. ඒ කොළඹ පුරහලේ පැවැති චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ මැතිවරණ රැුස්වීමට එල්ල වූ මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරය නිසයි. ජනාධිපතිනියගේ ඇසක් ද අහිමි කළ මෙම බෝම්බ ප්‍රහාරයේ උපරිම දේශපාලන වාසික අත්පත් කර ගැනීමට එදා ආණ්ඩුව සමත් වුණේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියට සියයට 51.12ක ඡුන්ද ප්‍රතිශතයක් ද එජාප අපේක්ෂ රනිල් වික්‍රමසිංහ මහතා සියයට 42.71ක ඡුන්ද ප්‍රතිශතයක් ද හිමිකම් කියමිනුයි. එදා පුරහල බෝම්බය නොවුවේ නම් ජනාධිපතිවරණ ප්‍රතිඵල ඊට හාත්පසින්ම වෙනස් වන බව බොහෝ දේශපාලන විශ්ලේෂකයින්ගේ අදහසයි. ඒ බව මනාව තහවුරු වන්නේ 2001 දෙසැම්බර් 05 මහ මැතිවරණයෙන් එජාපය ලත් විශිෂ්ඨ ජයග්‍රහණය සමගයි.
2005 ජනාධිපතිවරණ පරාජයෙන් පසු ගෙවී ගිය කාලය ගැන අවශ්‍ය ප්‍රමාණයටත් වඩා කතා කර තිබෙන නිසා ඒ ගැන සාකච්ඡුා කිරීමට වඩා මේ කාලය තුළ ක්‍රමයෙන් මෝදු වෙමින් ආ රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයට එරෙහි බලවේග දෙස අපි සියුම් අවධානය යොමු කළ යුතුයි.
රනිල්ට බෑ
පසුගිය කාලය පුරාම විපක්ෂයේ ජනප්‍රිය සටන් පාඨය වූ ‘‘රනිල් බෑ’’ සටන් පාඨය සමාජගත කළේ තමන් බව පසුගිය දා ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කළා. 1994 පරාජයෙන් පසු ජනමතයට හිස නමමින් නියම ප්රජාතන්ත්රවාදියෙක් ලෙස අරලියගහ මන්දිරයෙන් පිටව ගිය රනිල් වික්‍රමසිංහ නම් ප්රජාතන්ත්රවාදියා ගැන ශ්රීලනිපය ප්රමුඛ පොදු පෙරමුණු ආණ්ඩුවට ඇති තක්සේරුව හා බිය 1994 සිට රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අඛණ්ඩව, නිර්මාණාත්මකව හා ප්‍රබල ආකාරයෙන් දියත් වූ මාධ්‍ය මෙහෙයුම මගින් අපට වටහාගත හැකියි.
1994 ජනාධිපතිවරණයේදී ‘‘සාමයේ ¥තිකාව’’ ලෙස සුළුජාතීන්ගේ බහුතර සහායක් ලැබූ බණ්ඩාරනායක මැතිණිය ඊට ස්වල්ප කාලයකට පසු යළි යුධවාදය වෙත ප්‍රවේශ වීම සමග ඇති වූ තත්ත්වයත්, ප්රජාතන්ත්රවාදය යළි ඔසවා තැබීම, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, ¥ෂණය පිටුදැකීම, ජීවන වියදම අඩු කිරීම වැනි දකුණට සංවේදී කතා පසෙක දැමීම සමග ඇති වීමට නියමිතව තිබෙන ජනතා අප්රසාදයත් වසං කළ හැකි පහසුම ක්‍රමය ලෙස එදා ආණ්ඩුව දැක්කේ එජාපය කඩා ඉහිරවමින් ද එජාප නායකත්වය විනාශ කරමින් ද උපක්‍රමශීලී ලෙස ක්රියාකිරීමයි. අදත් එජාප නායකත්වයට එරෙහිව දැවැන්ත චෝදනාවක් වන ‘‘රට පවාදීම’’ ‘‘පොදු දේපොළ විකිණීම’’ එදා ආණ්ඩුව ඉතාම සංවිධානාත්මකව ක්‍රියාත්මක කළ සැලසුම් බව අප අමතක නොකළ යුතුයි.
මේ සමග එජාප නායක රනිල්ට එරෙහිව අතිෂය සාවද්‍ය තවත් මාධ්‍ය මෙහෙයුමක් දියත් වුණේ ඔහුගේ දේශපාලන ප්‍රතිරූපය හා පෞරුෂත්වය බිඳ දැමීම සඳහායි. ‘‘රනිල්ට බෑ’’ ඒ අතර ප්රමුඛ සටන් පාඨය බවට පත් වුණේ 1997 වයඹ ඡුන්ද කොල්ලයෙන් ආරම්භ වූ අති ¥ෂිත මැතිවරණ ක්‍රියාවලියක් මගින් එජාපය පරාජයට පත් කිරීම සමගයි. එහෙත් මේ සියලූ මැතිවරණ දෙස බලන විට පැහැදිලි වන්නේ 1947 සිට කිසිදු විපක්ෂ නායකයෙක් මුහුණ නොදුන් දැවැන්ත රාජ්‍ය මර්ධනයක් හා බලය අවභාවිත කිරීමක් මධ්‍යයේ එජාප නායක, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට අඛණ්ඩ මැතිවරණ රැුල්ලකට (ජනාධිපතිවරණ, මහ මැතිවරණ, පළාත් සභා හා පළාත් පාලන* දිගින් දිගටම මුහුණදීමට සිදු වූ බවයි. රාජ්‍ය බලය අහිමිව, ධන හැකියාව සීමිතව 1994 සිට 2015 දක්වා එජාපය වැනි අති දැවැන්ත පක්ෂයක් සඳහා අඛණ්ඩව නායකත්වය දීම කොතරම් අසීරු ද යන්න වටහා ගත හැකියි. විශේෂයෙන් මේ සියලූ මැතිවරණ හමුවේ රාජ්‍ය සම්පත් හා රාජ්‍ය බලය දැවැන්ත ලෙස අවභාවිත කිරීමට සමගාමීව එජාපයේ අභ්‍යන්තර ගැටුම්, බල අරගල හා ආණ්ඩුවට සම්බන්ධ කර ගැනීම් ද, බියගැන්වීම් ද සිදු වූ බව අප අමතක නොකළ යුතුයි.
මේ තත්ත්වය තුළ අද ‘‘පරාජිත නායකයා’’ ‘‘අවාසනාවන්ත නායකයා’’ ලෙස තම නායකත්වය විවේචනය කරන එජාප පසුපෙළ හෝ ඉදිරි පෙළ මෙම අභියෝගාත්මක යුගය තුළ තමන් විසින් තම පක්ෂයට, නායකත්වයට ලබා දුන් සහාය ප්‍රමාණවත් ද යන්න ගැන හෘද සාක්ෂියට එකඟව විමසා බැලිය යුතුයි. විශේෂයෙන් එජාප නායකත්වයට එරෙහිව විරෝධය උච්චස්ථානයට පත් 2010 න් පසු තමන් විසින් පක්ෂය යළි බලයට ගෙන ඒම සඳහා, පක්ෂය ශක්තිමත් කිරීම සඳහා කොතරම් නිර්ලෝභී හා අවංක සහායක් ලබා දුන්නාද යන්න එජාපයේ ඇතැම් පසුපෙළ හා ඉදිරිපෙළ නායකයින් විසින් විමසා බැලිය යුතුයි. එවැනි අවංක ප්රවේශයකින් තම හෘද සාක්ෂිය විමසා බැලීමට අද රැුහැයියන් සේ මොර දෙන ඇතැමුන්ට එජාපයට ආණ්ඩු බලය අල්ලා ගැනීමට නොහැකි වුණේ ‘‘රනිල්ට නොහැකි නිසාද? ’’ එසේ නැතහොත් තමන්ගේ නොහැකියාව හා කකුලෙන් ඇදීම් නිසාද යන්න මනාව වටහා ගත හැකියි. උදාහරණයක් ලෙස අද එජාප විරෝධීන්ගේ ද නිසැක තෝරා ගැනීම බවට පත්ව සිටින සජිත් පේ‍්‍රමදාස මහතා ගත හැකියි. මේ වන විට දශක දෙකකට ආසන්න කාලයක් රාජපක්ෂවරුන්ගේ නින්දගමක් වන හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිට දේශපාලනය කරන පේ‍්‍රමදාස මහතා (ඇතැමුන්ට අනුව සජිත් පේ‍්‍රමදාස මහතා රට වශයෙන් සලකන්නේ හම්බන්තොටයි* සම්පූර්ණයෙන්ම සුබසාධනය (බඩු බෙදාදීම හා සල්ලි බෙදාදීම* මතම පදනම් වූ තම දේශපාලනය මගින් පසුගිය කාලය තුළ එජාපයට හම්බන්තොට දිස්ත්‍රික්කය තුළින් පවා අත්පත් කොට දී තිබෙන ජයග්‍රහණය කුමක්ද ? යන්න ප්‍රශ්න කළ හැකියි. රාජ්‍ය බලය අහිමි යුගයේදී මෙන් නොව යහපාලන ආණ්ඩුව බලයට පත් වූ පසුත් හම්බන්තොටට ම සින්න වී අවුරුදු තුනක් පුරා ආණ්ඩුවේ ප්‍රතිපාදන මගින් දුප්පතුන් සඳහා ගෙවල් ඉදිකරමින්, සිමෙන්ති හා සෙවිලි තහඩු බෙදමින්, ලක්ෂ ගණන් රාජ්‍ය මුදල් ප්රදානය කරමින් වැඩ කළත් පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ද හම්බන්තොට ජනතාව කෘතගුණ සැලකුවේ සජිත් පේ‍්‍රමදාස මහතාට නොව මහින්ද රාජපක්ෂ මහතාට බව අපට මනාව දැකිය හැකියි. මේ එජාපය අද මුහුණ දෙන උභතෝකෝටික ගැටලූවේ එක් පැතිකඩක් පමණයි.
අද එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත් වී ගමට සංවේදී, ගමේ ජනතාවට කතා කළ හැකි, බිම් මට්ටමේ පාක්ෂිකයින්ගේ සිතුම් පැතුම් හඳුනාගත හැකි, මහජනයාත් එක්ක කටයුතු කරන, එජාපයේ බිඳ වැටුණු බෞද්ධ ඡුන්ද පදනම නැවත ලබාගත හැකි (ගාල්ල දිස්ත්‍රික් එජාප මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ පසුගිය 08 වැනිදා රාවය පුවත්පතට ලබා දුන් සම්මුඛ සාකච්ඡුාව අනුව* නායකත්වයක් අවශ්‍ය බව කියන එජාප කැරලිකරුවන් තමන් විසින් රනිල් වික්‍රමසිංහ මහතාගේ මල්ලට කොතරම් ඡුන්ද ප්‍රමාණයක් අවම වශයෙන් පසුගිය පළාත් පාලන මැතිවරණයේ ද හෝ ලබා දුන්නාද ? යන්න විමසා බැලිය යුතුයි.
2011 – 13 යුගයේදී සජිත් – කරු කල්ලිය විසින් නායකත්වය දුන් එජාප නායකත්වය එරෙහි කැරැුල්ල පරාජයට පත්වූවාද, එසේ නැතිනම් දියාරු වූවාද යන්න අපට වටහා ගත නොහැකියි. එහෙත් එජාප නායකත්වයට තරඟ වැදී සිටි කරු ජයසූරිය මහතා (නියෝජ්‍ය නායක* මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවට එක්වීම සමග එහි තිව්‍රරතාවය හීන වී කාලයාගේ ඇවෑමෙන් දුර්වල වූ බව නම් අපට වටහා ගත හැකියි. මේ තත්ත්වය තුළ 2014 ඌව පළාත් සභා මැතිවරණයෙන් බදුල්ල දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරමින් එජාපය ලැබූ අනපේක්ෂිත ජයග්‍රහණය එජාපයේ සියලූ බලවේග යළි එක්කිරීමට හේතුවක් වූ බවත් අපට පැහැදිලියි. 2015 ජනවාරි 08 වැනිදා විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය සඳහා ප්‍රබල උත්තේජනය වන්නේ නොබිඳී (තිස්ස අත්තනායක ගැන නොසිතා* එක්සත් ජාතික පක්ෂය විසින් ජනාධිපතිවරණ සටනට ප්‍රවේශ වීමයි.
2015 ජනාධිපතිවරණ ජයග්‍රහණය හා එම වසරේම අගෝස්තු මස 17 වැනිදා පැවැති මහ මැතිවරණය එජාපය තුළ දීර්ඝ කාලයක් පැවැති පරාජිත මානසිකත්වයත් බෙදීම් හා සිත් අමනාපකම් ද සමහන් කිරීමට සමත් වුණා සේම එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයට එරෙහි තිබූ සියලූ අමනාපකම් ද තීරණාත්මකව නිශේෂධනය කිරීමට සමත් වුණා. මෙම කාලය තුළ එජාප නායකයා පාක්ෂිකයින්ට පෙනුනේ දේශපාලන කෞෂල්‍යයෙන් පිරිපුන් නායකයෙක් ලෙසයි. එසේ නම් තවත් වසර තුනකින් එජාප නායකයා ද්‍රෝහියෙක්, පරාජිතයෙක් වුණේ කුමක් නිසාද ? යන්න අප වටහා ගත යුතුයි.
පරාජිතයා අවජාතකයි
මෙය එජාපය තුළින් ක්ෂණික භීතිය නිසාද, විපක්ෂය විසින් ඉතා සැලසුම් සහගතව ද දියත් කළ මෙහෙයුමක ප්‍රතිඵලයක් මිස වෙන කිසිවක් නොවන බව අපට පැහැදිලිව වටහා ගත හැකියි.
එජාප මන්ත්‍රීවරුන්ට හා පාක්ෂිකයින්ට එක රැුයකින් රනිල් ද්‍රෝහියෙක් වෙන්නේ පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් එජාපය ලැබූ පරාජය සමගයි. එජාප නායකයින් හා පාක්ෂිකයින් ද ගණන් බලා තිබූ ආකාරයට ශ්‍රීලනිපයේ ඡුන්ද මහින්ද – මෛත්‍රී අතර 3ඃ1 අනුපාතයට බෙදී ගියානම් එජාපයට පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට අවස්ථාව තිබුණා. එහෙත් සිදු වුණේ අනපේක්ෂිත ලෙස ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගේ ඡුන්දවලින් අති බහුතරයක් (සියයට 99ක්ම* මහින්ද රාජපක්ෂ මහතාගේ පොහොට්ටුවට ලැබෙන විට දකුණේ එජාපයේ සාම්ප්‍රදායික සුළුජන ඡුන්ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙත වැඩි ප්‍රතිශතයකින් විතැන්වීමයි. (බියගම ප්රාදේ්ශීය සභාවේ මුස්ලිම් ජනතාව සියයට 100ක් වන මල්වාන ඡුන්ද කොට්ඨාශයෙන් එජාපය ප්‍රථම වතාවට පරාජය වීම හා එය ශ්රීලනිපය විසින් දිනා ගැනීම එක් උදාහරණයක් පමණකි* මෙය එජාපය කිසිසේත් අපේක්ෂා නොකළ දෙයක් (2004 මහ මැතිවරණයේදී ජාතික හෙළ උරුමය විසින් සිංහල බෞද්ධ ඡුන්ද කඩාගෙන ශ්රීලනිපය දුර්වල කරනු ඇතැයි එදා එජාපය උපකල්පනය කළේය*
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ්රීලනිපය විසින් සාම්ප්‍රදායික එජාප ඡුන්ද දිනා නොගත්තේ නම් ඉතාම පහසුවෙන් එජාපයට පොහොට්ටුවේ ඡුන්ද ප්‍රතිශතය අභිබවා යාමට ඉඩ තිබුණා. එජාපය පළාත් පාලන මැතිවරණයෙන් පරාජයට පත්වීම සමග සිදු වුණේ ‘‘ජයග්රාහකයාට පියවරු සියයයි – පරාජිතයා අවජාතකයි’’ යන කියමන අනුව යමින් පරාජයේ සමස්ත වගකීම එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පිට පවරා වගකීමෙන් නිදහස් වීමට එජාප මන්ත්‍රීවරුන් ද ආණ්ඩුව (මෙය සාවද්‍යය* ලැබූ පරාජයේ වගකීම එජාපය පිට පටවා එජාප නායකත්වය දඩයම් කිරීමට ශ්රීලනිපය පියවර ගැනීමයි.
මෙහිදී එජාප මන්ත්‍රීවරුන්ට පරාජය ගැන දැඩි කම්පාවක් සේම භීතියක් තිබීම ස්වභාවික දෙයක් වුණත් ශ්‍රීලනිපයට අගමැතිවරයා සමග ආණ්ඩු කිරීමට නොහැකි වීම හෝ ඔහුව ඉවත් කිරීමට බලපෑම් කිරීමට සදාචාරාත්මක අයිතියක් නොවන්නේ ශ්රීලනිපය පළාත් පාලන මැතිවරණයේ සම්පූර්ණයෙන් ම එජාපයට ප්රතිපක්ෂව, පහරදෙමින් මැතිවරණ ක්‍රියාවලියේ නියැලීම නිසයි.
මේ අවස්ථාවාදී / සාවද්‍ය තත්ත්වය තුළ ශ්‍රීලනිපයේ පනින රිලවුන්ට ඉණිංම බඳිමින් ක්ෂණිකව එජාපයේ පසුපෙළ තුළින් මතුව ආ රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විරෝ්ධය දඩමීමා කර ගනිමින් ඒකාබද්ධ විපක්ෂය විසින් ඉතාමත් සැලසුම් සහගතව අගමැතිවරයා සිරකරන ආකාරයේ හේතු මත පදනම් වෙමින් අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම වත්මන් එජාප නායකත්ව අර්බුදය අලූත් මානයකට රැුගෙන යාමට සමත් වුණා. එහිදී ‘‘එජාපය තුළ පුළුල් ප්‍රතිසංස්කරණ සිදුවිය යුතු බවට’’ වන එකඟතාව අනුව එජාපයේ පසුපෙළ විශ්වාසභංගයට සහාය දෙන බව ප්‍රකාශ කළත් මගේ අදහස වන්නේ පාලිත රංගේ බණ්ඩාර – වසන්ත සේනානායක පිටුපස සැලකිය යුතු එජාප මන්ත්‍රීවරුන් පිරිසක් නොසිටි බවයි. මේ තත්ත්වය තුළ අපට මනාව පැහැදිලි වන කරුණ වන්නේ ඊනියා විශ්වාසභංගය එජාපය තුළ ක්ෂිණික රනිල් විරෝධයක් කරළියට ගැනීමට හේතු වුවත් ඒ සඳහා ප්රමුඛ කරුණ වන්නේ පළාත් පාලන මැතිවරණයෙන් ලද අනපේක්ෂික පරාජයම වන බවයි.
රනිල් වෙනුවට විකල්පය
එක්සත් ජාතික පක්ෂය පසුගිය කාලය පුරාම රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය වෙනුවට යෝජනා කරමින් සිටින්නේ සජිත් පේ‍්‍රමදාස මහතා බව ප්‍රසිද්ධ කරුණකි. අද ද එජාප නායකත්වයේ වෙනසක් වෙනුවෙන් හඬ නඟන එජාප පසුපෙළ සේම ඇතැම් මාධ්‍යකරුවන් ද සජිත් පේ‍්‍රමදාස මහතා එජාප නායකත්වය ලෙස නිර්දේශ කිරීමට කැමැත්තක් දක්වති.
එහිදී රනිල් විරෝධීන් කියන්නේ,
x පාක්ෂිකයින් ඡුන්ද පාවිච්චි කරන්නේ ජාතික නායකත්වය දෙස බලා හෙයින් එජාපයටත් ආකර්ෂණීය නව නායකත්වයක් අවශ්‍යයි.
x අලූත් නායක පෙළක් සිටින්නේ එජාපය තුළ පමණයි. එනිසා ඔවුන්ට බලය අවශ්‍යයි.
x බිම් මට්ටමේ පාක්ෂිකයින්ගේ සිතුම් පැතුම් හඳුනාගත හැකි ආකාරයේ දේශපාලන ව්‍යාපාරයක් බවට එජාපය පත්විය යුතුයි.
x මහජනයා සමග එක්ව කටයුතු කරන නැවුම් මුහුණුවරක්, අලූත් වෙනසක් එජාපයට අවශ්‍යයි.
x එජාපයේ බිඳ වැටුණු සිංහල බෞද්ධ ඡුන්ද පදනම නැවත දිනා ගැනීමේ වැඩපිළිවෙළක් අවශ්‍යයි.
ඉහත සඳහන් සියලූ කරුණු රනිල් වික්‍රමසිංහ මහතා තුළ නැතැයි සිතා කියන දේ බව පැහැදිලියි. මේ සියලූ විවේචකයින්ට අනුව මේ අවස්ථාවේ ඉහත සඳහන් සියලූ හැකියාවන්ගෙන් පිරිපුන් නායකයා වන්නේ සජිත් පේ‍්‍රමදාස මහතා බවත් පැහැදිලියි.
එහෙත් ප්රශ්නය වන්නේ එජාපයේ කැරලිකරුවන් / පසුපෙළ ගිරවුන් සේ මේ කතා කියන්නේ කුමන තාර්කික දේශපාලන පසුබිමක් මත ද යන්නයි.
මහින්දට තරඟයක් දීමට යාම
ඔළුව වටේ අත යවමින් නාසය ඇල්ලීමට නොගොස් ඍජුව ප්රශ්නය වෙත ප්‍රවේශ වුවහොත් එජාප පසුපෙළ විසින් නායකත්වයට තෝරා ගෙන ඇති සජිත් පේ‍්‍රමදාස මහතාට එජාප පාක්ෂිකයින්ට අලූත් බලාපොරොත්තුවක්, උත්තේජනයක් ලබාදිය හැකි බව පිළිනොගැනීම දේශපාලන කුහකත්වය ඉක්මවා ගිය අඳබාලකමකි. ග්‍රාමීය හා අර්ධ නාගරික එජාප පාක්ෂිකයින් සජිත් පේ‍්‍රමදාස මහතා නායකත්වයට පත් වුවහොත් ‘‘අපේ එකෙක්’’ ‘‘පොදුජන දුක හඳුනන මිනිහෙක් ’’ ආදි වශයෙන් ඔජ වඩන බව ද නිසැකය. එහෙත් එයින් පමණක් එජාපයට මීළඟ තීරණාත්මක, ආසන්න මැතිවරණ ජයග්‍රහණය කළ හැකිද ?
එජාපයෙන් ගිහිලී ගිය සිංහල බෞද්ධ ඡුන්ද පදනම යළි දිනාගත යුතු බව ද මේ කැරලිකරුවන්ගේ තවත් තර්කයකි. එහෙත් මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගිය දශකය පුරා ඉතාමත් සංවිධානාත්මකව හා ශක්තිමත්ව තහවුරු කරගත් සිංහල බෞද්ධ ඡුන්ද පදනමට අලඟු තැබීමටවත් සජිත් පේ‍්‍රමදාස මහතාට හැකිවෙතැයි සිතීම මුලාවක් වන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම, කෝට්ටේ, කැස්බෑම, හෝමගම, කොලොන්නාව වැනි දැවැන්ත සිංහල බෞද්ධ නාගරික, (සාපේක්ෂව උගත් හා ධනවත් යැයි සැලකිය හැකි* සිංහල බෞද්ධ ඡුන්ද ආකර්ෂණය කරගත හැකි දේශපාලන පෞරුෂයක් හෝ දැක්මක් සජිත් පේ‍්‍රමදාස මහතාට ඇතැයි හෝ කඩිනමින් එය කළ හැකි වෙතැයි (මාස 18ක් වැනි කෙටි කාලයක් තුළ* විශ්වාස කළ නොහැකි බැවිනි. අනෙක් අතින් ගම්පහ, රත්නපුර, කුරුණෑගල, මොනරාගල, හා දකුණු පළාතේ සිංහල බෞද්ධ ඡුන්ද පසුගිය කාලය පුරාම අඛණ්ඩව මහින්ද රාජපක්ෂ මහතා වටාත්, බහුතරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වටාත් කේන්ද්‍රගතව පැවතින බව පසුගිය කාලයේ මැතිවරණ ප්‍රතිඵල අනුව අපට පැහැදිලිව වටහා ගත හැකියි. උදාහරණයක් ලෙස රනිල් වික්‍රමසිංහ යුගයටත් පෙර කාලය පුරාම එජාපය කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ත ජයග්‍රහණය ලැබුවේ මැදකොළඹ බහුතරයක් සුළුජන ඡුන්දවලින් මිස මහරගම, කැස්බෑව, හෝමගම ඡුන්දවලින් නොවේ. ගම්පහ දිස්ත්‍රික්කයේ සිංහල බෞද්ධ ඡුන්ද කොට්ඨාශවලින් සේදී යන එජාපය එහි හානිය අවම කරගත්තේ මීගමුව, කටාන, වත්ත, වැනි ප්‍රදේශවල කතෝලික ඡුන්ද හා මල්වාන, තිහාරිය ඇතුළු ප්‍රදේශවල මුස්ලිම් ඡුන්දවලින් බව අප අමතක නොකළ යුතුයි. මේ තත්ත්වය අපට වවාත් පහසුවෙන් අවබෝධකර ගත හැකි වන්නේ මෙරට සියයට 31ක් වන සිංහල බෞද්ධ නොවන සුළුජාතික හා ආගමික ජනතාවගෙන් හරි අඩක් දකුණේ ජීවත් වන පසුබිමක් තුළය. මෙය මහනුවර ඡුන්ද ප්‍රතිඵලයට අකුරණ ඇතුළු මුස්ලිම් ප්‍රදේශවල ජනතාවත්, කලූතර ඡුන්ද ප්‍රතිඵලයට, පානදුර, බේරුවල ප්‍රදේශවල මුස්ලිම් ජනතාවත්, පුත්තලමේ ඡුන්ද ප්‍රතිඵලයට පුත්තලමේ මුස්ලිම් ජනතාවත් ආදි වශයෙන් අපට හඳුනා ගත හැකියි.
මහින්ද රාජපක්ෂ මහතා වටා සුවිශේෂවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වටා සම්ප්රදායිකවත් ගොනුව පවතින සිංහල බෞද්ධ ඡුන්ද ඉතාම පහසුවෙන් යළි එජාපය වටා ගොනුකර ගත හැකැයි සිතීම එජාපයේ දිගු කාලීන ප්‍රතිපත්තිවලට සේම එජාපයේ ඡුන්ද සිතියමට ද ඇති කරන්නේ විකෘතියක් හා විනාශයක් බව අප වටහා ගත යුතුයි. අනෙක් අතට මහින්ද, ගෝඨාභය, විමල්, උදය, දිනේෂ් ආදීන් සමග කර කර සටනක් දී සිංහල බෞද්ධ ඡුන්දවලට අරගල කිරීම අතිෂයින් නිර්ථක ප්රයත්නයක් බව අපට පසුගිය පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල තුළින් වුව ද පැහැදිලි ගත හැකියි.
බිම් මට්ටමේ ඡුන්ද දිනා ගැනීමට යාම ගැන ද සඳහන් කළ යුතු වන්නේ ලංකාවේ සැබෑ බිම් මට්ටම වශයෙන් සැලකිය හැකි නාගරික දුප්පතුන් ද ඇතුළත් වතුකම්කරුවන් ඇතුළු පිරිස අඛණ්ඩව එජාපය සමග සිටින බවයි.
වත්මන් දේශපාලන ප්රවණතා අනුව අනුරාධපුර, පොළොන්නරුව ආදි ප්‍රදේශවල ගොවිජනතාව ද ක්ෂණිකව එජාපය වටා රැුස්කර ගත හැකි වෙතැයි විශ්වාස කිරීම දේශපාලන මුඪකමකි. මන්ද මෙම ප්‍රදේශවල සිංහල බෞද්ධ ගොවිජනතාව යුද්ධය, පොහොර ආදි කරුණු කිහිපයක් මත තව දුරටත් මහින්ද රාජපක්ෂ වටා ගොනුවීමට දක්වන සූදානම පසුගිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල මගින් ද හෙළිවේ. මොරගහකන්ද ඉදිකරමින්, විවිධ වරප්‍රසාද හා සහන දෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් ජයගත නොහැකි වූ රජරට ගොවිජනතාව එජාපයේ අලූත් මුහුණකට මාස 18ක් තුළ ජයගත හැකි යැයි කිසිදා විශ්වාස කිරීමට හැකියාවක් නැහැ.
‘‘පොඩි මිහිහා ගැන’’ සිතීමට යාමත් අවුලක් නිර්මාණය කරනු බව පෙනෙන්නේ සජිත් පේ‍්‍රමදාස මහතා දශක දෙකක් පුරා හම්බන්තොට සිදුකළ ඒකපාර්ශ්වික දේශපාලනය තුළින් පවා මහින්ද රාජපක්ෂ මහතාට තරඟයක් ලබාදිය හැකි බවක් පසුගිය කාලය පුරාම අපට දැකගත නොහැකි වූ නිසයි.
මේ තත්ත්වය තුළ අපට ඉතාම පැහැදිලිව පෙනී යන්නේ මහින්ද රාජපක්ෂ මහතා විසින් නායකත්වය දෙන සිංහල බෞද්ධ ඡුන්ද පදනමට අභියෝග කරමින් එජාපය සිදු කිරීමට යන්නේ ‘දුවන මුවන් දැක නෙළු පළා’ බිම දැමූ මිනිසාගේ මෝඩ ක්‍රියාව බවයි.
සුළුජන ඡුන්ද පදනම
මෙරට දේශපාලනය තුළ සුළුජන ඡුන්දවලට අති බලපෑම් සහගත හැකියාව සුවිශේෂ දේශපාලන තත්ත්වයක් යටතේ පැවැති 2010 ජනාධිපතිවරණ හා මහ මැතිවරණය හමුවේ හැර අන් සෑම අවස්ථාවකදීම පැහැදිලිව ඔප්පු වී තිබෙනවා. ආසන්න උදාහරණයක් ගතහොත් 1994 දී දැවැන්ත ජනතා ආකර්ෂණයක් සමග මහ මැතිවරණයට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ පොදුජන එක්සත් පෙරමුණට ජයගත හැකි වුණේ ආසන 105ක් පමණයි. එදා පොදුජන එක්සත් පෙරමුණට ආණ්ඩුව පිහිටුවීමට හැකියාව ලැබුණේ ආසන 07ක් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ සහාය ලබා ගැනීම තුළයි. තොණ්ඩමන් මහතාගේ ලංකා කම්කරු කොන්ග්රසය මුල් කාලීනව ඉසිලූ ‘රජුන් තනන්නාගේ භූමිකාව’’ අද මුස්ලිම් පක්ෂ විසින් හිමිකර ගෙන තිබෙනවා. 2005දී දකුණේ සියලූම දිස්ත්‍රික්ක පරාජයට පත් වුවත් එජාප අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සියයට 49කට අධික ඡුන්ද ප්‍රතිශතයක් ගැනීමට හැකි වුණේ මේ රටේ සුළුජන ඡුන්දවල පවතින හැසිරීම් රටාව නිසයි. ආසන්න වශයෙන් පසුගිය 2015 ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කළේ මේ රටේ සුළුජාතීන්ගේ බහුතර ඡුන්දය ඒ මහතාට හිමි වුණ නිසයි.
අද සිංහල බෞද්ධ ඡුන්ද දිනාගැනීම සඳහා අන්තවාදී හා වර්ගවාදී ගොහොරුවට පැන, බෞද්ධ භික්ෂූන්ගේ හා රණවිරුවන්ගේ අතකොළු බවට පත්වීමට දත කමින් සිටින එජාප ළදරුවලිප්පුකරුවන් වටහා ගත යුතු දේශපාලන සත්‍ය වන්නේ 1947 සිට මේ දක්වා සිංහල බෞද්ධ ග්‍රාමීය බහුතරයේ සහ වාමාංශික සුළුතරයේ සහාය ලබා ගැනීමට කිසිදු එජාප නායකයෙක් සමත් නොවූ බවයි. ඒ එජාපය ආරම්භයේ සිටම වර්ධනය කරගත් ‘අනාගමික’ පදනම මේ දක්වා ම එක්සත් ජාතික පක්ෂයේ අරටුව වශයෙන් පවතින නිසයි.
මේ තත්ත්වය තුළ එජාපය සමග කිසිදා නොසිටි, සිටිය හැකැයි විශ්වාස ද කළ නොහැකි සිංහල බෞද්ධ ඡුන්දවලට වහ වැටීමට එජාපයේ යම් පිරිසක් කල්පනා කරන්නේ නම් එයින් එජාපයට සිදුවන අගතිය කිසිදා සමහන් කළ නොහැකි වනු ඇති බව පැහැදිලියි.
මේ තත්ත්වය අපට අවශ්‍ය නම් පසුගිය විශ්වාසභංග යෝජනාවට ඡුන්දය භාවිත කළ ආකාරයෙන් ද පැහැදිලිව වටහා ගත හැකියි. මහින්ද රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයත්, ශ්‍රීලනිපයේ රාජපක්ෂ කල්ලිය හා ජනතා විමුක්ති පෙරමුණත් සම්පූර්ණයෙන් නියෝජනය කළේ වර්ගවාදී වුවමනා එපාකම් බව එදා දෙමළ ජාතික සන්ධානයේ හා ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ දැඩි විවේචනයට ලක් වුණා. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූම දමිළ හා මුස්ලිම් මන්ත්‍රීවරු රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ඡුන්ද භාවිත කරමින් යළිත් තහවුරු කළේ තීරණාත්මක මොහොතේදී ඔවුන් එජාපයට, විශේෂයෙන් එජාප නායකත්වයට දක්වන ලෙන්ගතුකම හා ගරුත්වය බව අද සිංහල බෞද්ධ ඡුන්ද යළි දිනා ගන්න දියසේන කුමාරයෙන් හොයන එජාප පසුපෙළ වටහා ගත යුතුයි.
කළ යුතු දේ කුමක්ද ?
මේ සියලූ කරුණු තුළ වුවත් එජාපයේ ව්‍යුහාත්මක වෙනසක් සිදු නොවිය යුතු බව මම කියන්නේ නැහැ. එය ඉඳුරාම සිදුවිය යුතුයි. එහෙත් එය සිදුවිය යුතු වන්නේ හුදු උපකල්පන හෝ මිත්‍යාවන් පසුපස දිව යාමෙන් නොව එජාපය ගැන, එහි ඡුන්ද පදනම ගැන සේම ඉදිරියේදී තම අනෙකා විය හැකි රාජපක්ෂවරුන්ගේ ශක්තීන් ගැන සැබෑ තක්සේරුවකින් පමණයි.
මෙහිදී රාජපක්ෂවරුන් සමග හම්බන්තොට කරට කර සටනක් ලබා දිය නොහැකි සජිත් පේ‍්‍රමදාස මහතා ඉදිරියේදී පැමිණෙන ජනාධිපතිවරණයේදී මුල් වටයෙන්ම අසාර්ථක වන බව අවධාරණය කරන්නේ සාම්ප්‍රදායික එජාප සිංහල බෞද්ධ ඡුන්ද පදනම තුළ ක්ෂිණික ප්රබෝධයක් ඇති කිරීමට පේ‍්‍රමදාස මහතා සමත් වුවත් ජනාධිපතිවරණයකදී තීරණාත්මක සුළුජන ඡුන්ද සියයට 31 හා නාගරික ඡුන්දවලට ආමන්ත්‍රණය කිරීමට පේ‍්‍රමදාස මහතාට හැකියාවක් ඇති බවක් පැහැදිලිව දැකිය නොහැකි නිසයි. මේ තත්ත්වය තුළ තව දුරටත් එජාපයේ සිංහල බෞද්ධ ඡුන්දදායකයින් තුළ අමනාපයක් හෝ පසුබෑමක් ඇති වුවත් සිංහල බෞද්ධ බහුතරයේ වුවමනා එපාකම් නියෝජනය කරන රාජපක්ෂ පවුලට අභියෝග කළ හැකි වන්නේ සුළුජන ඡුන්දවලින් අති බහුතරයක් සඳහා හිමිකම් කියන බව යළි යළි තහවුරු කරමින් සිටින එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට පමණයි.
එසේ නම් කළ යුත්තේ කුමක්ද ?
නායකත්වය සම්බන්ධ මෙතරම් අර්බුදයක් තිබෙන්නේ එජාපයට පමණක් බව අපට දැකිය හැකියි. අද එජාප නායකත්ව තේරීම රාජපක්ෂවාදී ජනමාධ්‍යවල හා එජාපයේ දේශපාලන හතුරන් අතට පත්වීම ඛේදවාචකයක් බව කිව යුතුයි. නායකත්වය සම්බන්ධයෙන් මැසිලිවිලි නඟන වාමාංශිකයින් තම පක්ෂ නායකත්වයේ දශක ගණනාවක් එල්ලී ගෙන සිටින අතර ජවිපෙත් එවැනිම මගක් යනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වුවත් පසුගිය කාලය පුරාම නායකත්වය පක්ෂ පැවැත්මට අභියෝගයක් කර ගත්තේ නැහැ. ඒත් එජාපය පමණක් මේ අවුලට වැටී තම පැවැත්ම තමන් විසින්ම නිශේෂධනය කර ගැනීම විමතියට කරුණක්.
ජනමාධ්‍ය විසින් හා එජාපයේ ළදරුවලිප්පුකරුවන් විසින් සමාජගත කරන ‘‘රනිල්ට බෑ’’ කියන ප්රවාදට වඩා ඔවුන් විසින් කළ යුතු වන්නේ ‘අන්ධයා හා කොරා’’ න්‍යාය අනුව යමින් පක්ෂය ශක්තිමත් කර ගැනීමට තම උපරිම ශක්තිය ලබාදීමයි. ඒ අනුව ‘‘ආඬි කැඳ ඉවුවා සේ’ වැඩ නොකළොත් විශේෂයෙන් ම සජිත් පේ‍්‍රමදාස මහතාට ඇතැයි කියන ගමේ, බිම් මට්ටමේ ආකර්ෂණය සේම රනිල් වික්‍රමසිංහ මහතාට ඇති සුළුජන හා නාගරිකයින්ගේ ආකර්ෂණයත්, සජිත් පේ‍්‍රමදාස මහතාට ඇතැයි කියන සංවිධාන හැකියාව හා රනිල් වික්‍රමසිංහ මහතාට ඇති ආර්ථික දැක්ම හා ජාත්‍යන්තර සම්බන්ධතාත් එජාපයේ සේම රටේ ද සංවර්ධනය සඳහා යොදා ගත හැකියි. මෙය සරලව පැහැදිලි කළහොත් පයින් යා නොහැකි වුවත් දෑස් පෙනෙන කොරා, පයින් ගමන් කළ හැකි වුවත් දෑස් නොපෙනෙන අන්ධයාගේ කරේ ගමන අවසානය තෙක් යා යුතුයි. අද රනිල් – සජිත් එජාප නායකත්ව යුගළ අනුගමනය කළ යුතු වඩාත් ප්‍රායෝගික ප්‍රවේශය වන්නේ එයයි. එසේ නොවුණහොත් එජාපයේ මේ අවුල ඒකාබද්ධ විපක්ෂය ප්රමුඛ ශ්‍රීලනිපයට හිඟන්නාගේ තුවාලයක් බවට පත්කර ගෙන සදාකාලිකව බලයේ රැුඳී සිටීමට අවස්ථාවක් කරගත හැකියි.
එජාපයට සේම ආණ්ඩුවටත් තීරණාත්මක පළාත් සභා මැතිවරණ රැුසක් ළඟ ළඟ එද්දී, ජනාධිපතිවරණයේ සීත සුළං හමා එද්දී එජාපය තුළ ස්වල්ප දෙනෙකුගේ කඩිමුඩිය /භීතිය නිසා සිදුවන අවුල පක්ෂයත්, රටත් අර්බුදයට ගෙන යන බව නම් පැහැදිලියි. එනිසා බුද්ධිමත් එජාප පාක්ෂිකයින් විසින් කළ යුත්තේ ඊනියා රාජපක්ෂවාදී ජනමාධ්‍යවලට හෝ එජාපයේ දේශපාලන හතුරන්ට පක්ෂය වැනසීමට ඉඩ නොදී නායකත්වය හා පක්ෂයේ ශක්තිය රැුක ගෙන ඉදිරියට යාමයි. අද ආණ්ඩුව කරන සියලූ වැඩවල හොඳ හා නරක දෙකම ළඟ එන මැතිවරණවලදී තීරණාත්මක බව ද ඔවුන් විසින් වටහා ගත යුතුයි. ඒ නිසා ගෙයි ගිනි පිටතට දෙමින් ද පිටත ගිනි ඇතුළට ගනිමින්ද සිදුවන මේ වැඩ වහාම අවසන් කිරීමට එජාපය පියවර ගත යුතුයි.
සංවාදයට විවෘතයි
සටහන
