අජිත් කටපියා ගන්න ඔබේ සැබෑව මෙන්න – රුවන් ලොකු විතානගේ

අජිත් කටපියා ගන්න ඔබේ සැබෑව මෙන්න – රුවන් ලොකු විතානගේ

ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදී කීත් නොයාර් මහතාට පහරදීම සම්බන්ධයෙන් මේ වන විට ගල්කිස්ස අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුව දේශීය හා ජාත්‍යන්තර වශයෙන් දැඩි අවධානයක් දිනා ගත් නඩුවක් වශයෙන් සැලකිය හැකිය. ඊට හේතුව වන්නේ දීර්ඝ කාලයක් පුරා කිසිදු පරීක්ෂණයකින් තොරව, (පහරදීම සිදු වූ 2008 මැයි 22 වැනි දා සිට),හමස් පෙට්ටියේ බහා ලා තිබූ මෙම සිදුවීම විමර්ෂණයට ගැනීම සමග…

ගෝඨා කරළියට

ගෝඨා කරළියට

ගයියස් ජුලියස් සීසර් ඔගස්ටස් ජර්මනිකස් යනු, තුන්වැනි රෝම අධිරාජයා ය. රෝම වැසියන් අතරේ ඔහු වඩාත් ප‍්‍රසිද්ධියට පත්වුනේ කලිගුලා නැමැති අප-නාමයෙනි. මොහුගේ රාජ්‍ය කාලයේ පළමු මාස හත ඉතා සාමකාමී එකක් විය. එබැවින්, මධ්‍යස්ථ සහ පරිත්‍යාගශීලි නායකයෙකු වශයෙන් එදා ඔහුව බුහුමනට ලක්වුනි. එහෙත් කාලයාගේ ඇවෑමෙන් කලිගුලා, රටේ නීතිය බවට පත්විය. රෝම අධිරාජ්‍යයේ සමස්ත භාණ්ඩාගාරය ඔහුගේ සින්නක්කර බූදලයක්…

චෙක් එක සහ ප්‍රතිපත්තිය
|

චෙක් එක සහ ප්‍රතිපත්තිය

‘ඇලෝ… සියා සියාදරිගෙ ඔළුවට ගහලා – ඇලෝ… සියා සියාදරිගෙ ඔළුවට ගහලා’ කඩේ ‍කොළුවා පරිප්පු කිලෝවට කඩදාසි ගොට්ට ගහන ගමන් තාලයට ගයන්නට පටන් ගත්තේය. කොල්ලාගේ ගැයුම අසා ඉස්කෝල මහත්තයාට මතක් වූයේ ‘ජෝන්… සිනා පොඩි එකාගෙ ඔළුවට ගහලා’ නමැති ගීතය ය. එහෙත් කඩේ මුදලාලිට කොල්ලා ගේ ගීයෙන් මතක් වූයේ ‘ෆොන්… සේකා මහරජාගෙ ඔළුවට ගහලා’ කියමින් කරණම් දයාසිරි…

තෙල් සූත්තරය – සම්පත් අමරසිංහ

තෙල් සූත්තරය – සම්පත් අමරසිංහ

අයහපත්  කාලගුණය නිසා යට ගිය ප්‍රශ්නයක් වන්නේ ආණ්ඩුව විසින් තෙල් මිල ඉහල දැමීමයි. ආණ්ඩුවිරෝධින් විසින් කෘතිමව ඇති කළ විරෝධතා එක් පසෙකින තිබියදී ‍අනෙක් පසින් තෙල් මිල ඉහළ යාම හේතුවෙන් බස් ගාස්තු ඉහළ දැමීමක් කරළියට පැමිණියේය. ඒකාබද්ධ විපක්ෂ මෙන්ම ජනතා විමුක්ති පෙරමුණද සටන් කරන්නේ ඉන්ධන මිල අඩු කරනු! යනුවෙනි. ඒකාබද්ධයේ තෙල් මිල අඩුකිරීමේ සටන ගතහොත් ඔවුන්…

බුලත් කොළේට නැවත ඉඩ නොදෙන්න පොහොට්ටුවෙන් සීතල යුද්ධයක්

බුලත් කොළේට නැවත ඉඩ නොදෙන්න පොහොට්ටුවෙන් සීතල යුද්ධයක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳුදා හදිසියේම සෞඛ්‍ය අමාත්‍යාංශයට ගියා. දකුණේ පැතිර යන වෛරස් උණ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන ඇති පියවර ගැන සොයා බලා අවශ්‍ය උපදෙස් ලබාදීම ජනාධිපතිතුමාගේ ගමනේ අරමුණ වුණා. සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා හා අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මහ සමුළුවට සහභාගි වීමට විදෙස් ගතව සිටින නිසා ප්‍රශ්නයට ඍජුව මැදිහත්වීමට ජනාධිපතිතුමා…

දසලක්ෂයේ හෙළිදරව්ව – සී.ජේ.අමරතුංග
|

දසලක්ෂයේ හෙළිදරව්ව – සී.ජේ.අමරතුංග

මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුවලදී මගඩියක් නැතහොත් මහා වංචාවක් සිදු වූ බවට කෑ ගැසූ ප්‍රධාන දේශපාලනඥයෙක් වූයේ එවකට ඇමැතිවරයකුව සිටි දයාසිරි ජයසේකර මහතා බව කවුරුත් දන්නා කාරණයකි. එකල ඔහු කීවේ මෙම මගඩියේ අලගිය මුලගිය තැන් සියල්ල සෙවිය යුතු බවයි. මෙය මහා වංචාවක් බව කියමින් ඔහු ඇඟිල්ල දිගු කළේ එක්සත් ජාතික පක්ෂ නායකත්වය වෙතටය. විශේෂයෙන් අගමැති රනිල්…

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ජවිපෙන් නව ජවයක්  – 20 පාර්ලිමේන්තුවට

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ජවිපෙන් නව ජවයක් – 20 පාර්ලිමේන්තුවට

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට අදාළ යෝජනා ඇතුළත් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දිසානායක මහතා වෙත භාර දී තිබේ. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස මෙය කථානායකවරයා ඉදිරිපිට පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාර දිමට කටයුතු කර ඇත. එහි අඩංගු කරුණු කෙටියෙන් ජනාධිපතිවරයා තෝරාගැනිම පාර්ලිමේන්තුවෙන් සිදුවේ….

යහපාලනය සහ ආගමේ භූමිකාව –  කේ. කේ. එස්. පෙරේරා

යහපාලනය සහ ආගමේ භූමිකාව – කේ. කේ. එස්. පෙරේරා

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කළ යුතුද නැත්ද යන්න ආගමේ විෂය පථයට ඇතුළත් වන දෙයක් නොවේ. ආගමික පදවියක් දරණ සියලූ දෙනා සෘජුව දේශපාලනයේ නිරත වීම වැළැක්විය යුතුය. ශ‍්‍රී ලංකාව ලෞකික රාජ්‍යයක් විය යුතුය. සෑම ආගමක්ම අපේ ව්‍යවස්ථාවට පිටින් තැබුවොත්, තෙවරක් බුදුන් වැඩිය මේ දේශයේ සැබෑ බුද්ධාගම නැවතත් වැජඹෙනු නොඅනුමානයි. දේශපාලනය සහ ආගම එකට මිශ‍්‍ර වීමට ඉඩ නොතැබිය…

හිපොක්‍රටිස්ගේ හයිපොක්‍රසිය – නිශාන්ත කමලදාස

හිපොක්‍රටිස්ගේ හයිපොක්‍රසිය – නිශාන්ත කමලදාස

 මේ කතා කරන්නේ වෛද්‍යවරයෙකුගේ හෘද සාක්ෂිය ය. අපි පළමුව ඊට සවන් දී බලමු. “අප අයත් වන්නේ උත්තරීතර වෘත්තියකට ය. ඒ වෘත්තිය තිබෙන්නේ දුකට පත් අය සුවපත් කිරීමට ය. ඔවුනට නිවන සැලසීමට ය. සහනයක් වීමට ය. ඒ නිසාම වෙනත් වෘත්තිකයෙකු නොකරන දිවුරුම් දීමක් අපි කරන්නෙමු. එවැනි දිවුරුම් දීමක දී අපි මෙසේ ද කියමු. රෝගියෙකුගේ සහනය උදෙසා…

වියත් මග සමුළුව- බුද්ධිවාදය සහ සිහිබුද්ධිය – පී. සෝම පාලන්

වියත් මග සමුළුව- බුද්ධිවාදය සහ සිහිබුද්ධිය – පී. සෝම පාලන්

ආචාර්ය රොහාන් ගුණරත්නගේ අදහස් ‘ලෝක භූ-දේශපාලනය තුළ ශ‍්‍රී ලංකාව රඟපෑ යුත්තේ මධ්‍යස්ථ භූමිකාවක්’ බව ආචාර්ය රොහාන් ගුණරත්න කීය. එක්සත් ජාතීන්ගේ සංවිධානය එම ක්ෂේත‍්‍රයේ ඔවුන්ගේ ව්‍යාපෘති ක‍්‍රියාකාරකම් බොහොමයක් හේතුකොටගෙන, අදාළ අංශය අප‍්‍රිකානු කලාපය වෙත මාරු කොට ඇති බව පෙන්වා දෙන ඔහු, අපේ කලාපය සඳහා වන එක්සත් ජාතීන්ගේ කාර්යාලය අපේ රටේ පිහිටුවීම සඳහා ඉඩම් කොටසක් ඔවුන්ට වෙන්…

ආපදා කළමනාකරණයේ ආපදාව – අනුර සූරියබණ්ඩාර

ආපදා කළමනාකරණයේ ආපදාව – අනුර සූරියබණ්ඩාර

හදිසි අනතුරකට මුහුණ දුන් තැනැත්තන් බේ‍රා ගැනීමේ පෙරහුරුවක් ගලේවෙල දී පැවැත්වුණු බවත් එතැනට කඩාවැදුණු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා එකී කටයුත්තත පලක් නොමැත්තක් බව පවසා අදාළ නිලධාරින්ට ද බැණවැදී එය නවතා දමන්නට යෙදුණු බව 2018.05.26 සෙනසුරාදා පුවත්පතක පළකර තිබුණි. එහි දී තෙවරප්පෙරුම මහතා කියා තිබුණේ හදිසි අනතුරකට මුහුණ දීමේ පෙරහුරුවට වියදම් කළ මුදල් ඒ වන…

පිළිම වහන්සේලා සහ වෙනත් වහන්සේලා – අනුර සූරියබණ්ඩාර

පිළිම වහන්සේලා සහ වෙනත් වහන්සේලා – අනුර සූරියබණ්ඩාර

රුපියල් ලක්ෂ 32ක බදු මුදලක් ගෙවීමට සිදුවීම නිසා රේගුවේ සිරවී තිබුණු බෝධිසත්ව පිළිම සහ බුද්ධ ප්‍රතිමා විසිනමක් සහ තුන් සූත්‍රය සහිත අධිතාක්ෂණික උපකරණ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති වරයාගේ මැදිහත් වීමෙන් රේගුවෙන් නිදහස් කර විහාරස්ථාන වෙත බෙදා දුන් බව 2018 මැයි 22 පුවත්පතක් වාර්තා කර තිබුණි. එකී පුවත්පත් වාර්තාවට අනුව ජනාධිපතිවරයා පමණක් නොව අගමැති රනිල් වික්‍රමසිංහ ,කතානායක…