ජවිපෙ මූලස්ථානය වටකර ඇසිය යුතු ප්‍රශ්නය – රටේ රාළ
|

ජවිපෙ මූලස්ථානය වටකර ඇසිය යුතු ප්‍රශ්නය – රටේ රාළ

ජවිපෙ වෘත්තීය සමිති ත්‍රස්තයන් විසින් ජූලි 08 සහ ජූලි 09 දවස් දෙක ඇතුලේ රාජ්‍ය සේවය සම්පුර්ණයෙන්ම අකර්මණ්‍ය කළා.රටේ රාළ දිගටම කිව්වේ ජවිපෙ කියන්නේ පරාජය හමුවේ වියරු වැටෙන පක්ෂයක් කියලයි.ඒ වගේ වෙලාවක ඕනිම විනාශකාරී වැඩක් කරන්න ජවිපෙ දෙපාරක් හිතන්නේ නෑ.මීට අවුරුදු දෙකකට උඩදී අපි බංකොලොත් උන රටක්.ඒ වෙලාවේ රටේ වගකීම බාරගන්නේ නැතිව අනුර කුමාරලා බයේ පැනලා…

ඉතාලියේ කෝච්චි ස්ට්‍රයික්! – ඉකොනොමැට්ටා
| |

ඉතාලියේ කෝච්චි ස්ට්‍රයික්! – ඉකොනොමැට්ටා

පසුගිය දෙසතියක පමණ කාලය ගත කළේ යුරෝපයේ. එයින් අවසන් දවස් කිහිපය ගත කළේ ඉතාලියේ. යුරෝපයේ සංචාරය කරද්දී කවුරු වුනත් සාමාන්‍යයෙන් පොදු ප්‍රවාහනය කෙරෙහි ලොකු බරක් තියනවානේ. නමුත් ගිහින් අනෙක් අතට දැන ගන්න ලැබුණේ රෝම නගරයේ දුම්රිය වැඩ වර්ජනයක් බවයි. ඒ මදිවට හරියටම ආපහු එන දවසේ ගුවන් තොටුපොළ සේවක වැඩ වර්ජනයක්. අර කියනවනේ අපි නැග්ගොත් පුවක්…

දුම්රිය වැඩ වර්ජනය අවසන් කරයි ; විනය පියවර නවතී

දුම්රිය වැඩ වර්ජනය අවසන් කරයි ; විනය පියවර නවතී

අද රෑ 12.00 පෙර සේවයට වාර්තා කළහොත් සේවය හැරගියා සේ සලකන ලිපි ඉවත්කර ගැනීමේ එකඟතාව මත දුම්රිය වැඩ වර්ජනය අවසන් කොට තිබේ. ප්‍රවාහන ඇමති බන්දුල ගුණවර්ධන මහතා සහ වෘත්තීය සමිති නායකයින් අතර අද සවස පැවති සාකච්ඡාවක දී මෙම තීරණයට එළඹ තිබේ. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ප්‍රශ්න විසඳීමට මීට පෙර ඇතිකරගෙන තිබු එකඟතා ක්‍රියාත්මක කරන බව ඇමතිවරයා වෘත්තීය…

රනිල්ට ඇති අවසන් තුරුම්පු දෙක – රටේ රාළ
|

රනිල්ට ඇති අවසන් තුරුම්පු දෙක – රටේ රාළ

දැන් ඉතින් ජනාධිපතිවරණය තියන බව ස්ථිරයි. කාට කාටත් ජනාධිපතිවරණයට මුහුණ දෙන්න හිත හදාගන්න වෙනවා.ජූලි 17 න් පස්සේ මැතිවරණ කොමිසමට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ බලය පැවරෙනවා.පහුගිය දවසක රෝහිත අබේගුණවර්ධනගේ දේශපාලන දිවියට අවුරුදු 27 පිරීම නිමිත්තෙන් උත්සවයක් පැවැත්වුනා.ඒ උත්සවයට රනිල්,මහින්ද, ගෝඨාභය,බැසිල් නාමල් ඇතුළු කණ්ඩායමක් සහභාගීවෙලා හිටියා. එතනදී රනිල් රෝහිතට කිව්වේ රත්තරං මන්ත්‍රීතුමා කියලා.රනිල් ඒක මොන අර්ථයෙන් කිව්වද…

වර්ජන රැල්ලේ දේශපාලනය – සුනන්ද මද්දුමබණ්ඩාර
|

වර්ජන රැල්ලේ දේශපාලනය – සුනන්ද මද්දුමබණ්ඩාර

මීට මාස තුන හතරකට පමණ පෙර රටේ ඇති වූ වැඩවර්ජනවලදී ජනතා විමුක්ති පෙරමුණ ඒවාට තම සහාය ලබා දුන්නේ නැත. විශේෂයෙන්ම රෝහල්වල පැවැති වැඩවර්ජනවලදී එවැනි වර්ජන පැවැත්වීම පිළිබඳ එම පක්ෂය සිය විරෝධය පළ කළ අතර ඒවායින් ජනතාව අපහසුතාවට පත්වන බවද, ජන ජීවිත අවුල් වන බව ද ප්‍රකාශ කර සිටියේය. මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී එය ජයග්‍රහණය…

ගෘහස්ත විදුලි ගාස්තුවේ සහන කපා කර්මාන්තවලට දෙන්න – මාලිමවේ ආර්ථික විශේෂඥ චතුරංග අබේසිංහ උපයෝගිතා කොමිසමට කියයි
|

ගෘහස්ත විදුලි ගාස්තුවේ සහන කපා කර්මාන්තවලට දෙන්න – මාලිමවේ ආර්ථික විශේෂඥ චතුරංග අබේසිංහ උපයෝගිතා කොමිසමට කියයි

ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කොට ඇති ගාස්තු සංශෝධනය මගින් ගෘහස්ත පාරිභෝගිකයින්ට දී ඇති සහනය අඩු කොට එම සහනය කර්මාන්ත සඳහා ලබා දෙන ලෙස ජාතික ජන බලවේගයේ විධායක සභික සහ එහි ආර්ථික විශේෂඥයකු වන චතුරංග අබේසිංහ මහතා ශ්‍රී ලංකා මහජන උපයෝගේතා කොමිසන් සභාව ඉදිරියේ සාක්ෂි දෙමින් ඊයේ ප්‍රකාශ කළේය. ගෘහස්ත පාරිභෝගිකයන්ගෙන් මණ්ඩලය ලාභ නොලබන බවත්, සිදුවන්නේ…

නිදහසින් පසු කාගේත් වැරදි රනිල් නිවැරදි කරමින් සිටිනවා – එජාප සභාපති  වජිර අබේවර්ධන

නිදහසින් පසු කාගේත් වැරදි රනිල් නිවැරදි කරමින් සිටිනවා – එජාප සභාපති වජිර අබේවර්ධන

  නිදහසින් පසුව සියලුම නායකයන් කළ වැරදි රනිල් වික්‍රමසිංහ විසින් නිහඬව බාරගෙන නිවැරදි කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහත ගාල්ලේ දී පැවසීය. දෙකෝටි විසි ලක්ෂයක් ජනතාව හිඟමනට පත්ව සිටි මොහොතක රට බාරගෙන ඔවුන් හිඟමනින් මුදාගත් නායකයා තරම් පින් කරගත් නායකයෙක් තවත් නැතැයිද අබේවර්ධන මහතා කීය. එක්සත් ජාතික පක්ෂයේ ගාලු…

ජනාධිපතිවරණ සටනින් සජිත් ඇදවැටෙන හැටි – රටේ රාළ
|

ජනාධිපතිවරණ සටනින් සජිත් ඇදවැටෙන හැටි – රටේ රාළ

ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන මැතිවරණය කැම්පේන් ගොඩක් දැන් ක්‍රියාත්මකයි.සජබය, මාලිමාව,පොහොට්ටුව,ලන්සා – ශ්‍රිලනිප නව සන්ධානය,සර්ව ජනබලය ඒ අතරින් ප්‍රධානයි.මේ හැම කැම්පේන් එකකම විචිත්‍රවත් බව සහ ප්‍රාසාංගික බවේ අඩුවක් නෑ.ඇත්තටම පෙනුමෙන් සහ වියදමින් මේවා එකකට එකක් දෙවෙනි නෑ. සෙනඟ සහභාගීත්වය අතින් උනත් එහෙමයි. හැබැයි ගුණාත්මක පැත්ත ගත්තොත් සාපේක්ෂව හිතද්දී ගොඩක්ම දුර්වල සජිත්ගේ කැම්පේන් එක. සජිත් තමන්ගේ දේශපාලන වේදිකාව…

ණය වලේ ගිලෙමුද? ගොඩ එමුද? – ආචාර්ය නන්දසිරි කීඹියහෙට්ටි
| |

ණය වලේ ගිලෙමුද? ගොඩ එමුද? – ආචාර්ය නන්දසිරි කීඹියහෙට්ටි

        ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් වී ඇතැයි යන සුබ පණිවිඩය මේ වන විට ලැබෙමින් පවතී. වත්මන් ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් වඩා ඒවා සුබ ආරංචියක් වන්නේ ඉදිරියේදී පත්වීමට බලාපොරොත්තුවෙන් සිටින ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවටයි. කවර ආණ්ඩුවක් බලයට පැමිණියත් ලංකාවේ ආර්ථික න්‍යාය පත්‍රය අනුව පළමුව කළ යුතු ප්‍රමුඛතම කාර්ය වන්නේ, ණය ප්‍රතිව්‍යුහගතකරණයයි. දේශීය සහ විදේශීය…

ඡන්දය කිට්ටු වන විට වර්ජන දේශපාලනය එළියට එන හැටි – ඔසිත අත්තනායක
|

ඡන්දය කිට්ටු වන විට වර්ජන දේශපාලනය එළියට එන හැටි – ඔසිත අත්තනායක

පැරණි වම යැයි, සමසමාජ – කොමියුනිස්ට් පක්ෂ නාමකරණය කරන ජවිපෙ සහ එයින් කැඩී බිඳී ගිය කල්ලි සියල්ලම පාහේ මැතිවරණ සඳහා මුහුණ දෙන්නේ බල්ලෝ නෑවීම සඳහා රැගෙන යන්නා සේය. හැටපහේ මැයි මාසයේ ජවිපෙ ආරම්භ කළ දිනයේ සිටම මැතිවරණ ගැන නොව, කුමන්ත්‍රණ සිදු කර බල නහරය අල්ලා ගැනීම එහි වුවමනාව විය. කියුබාවේ චේ සහ කස්ත්‍රෝ සිය ලේබලය…

ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ප්‍රමාණවත්ද? – මහාචාර්ය රොහාන් සමරජීව
| |

ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ප්‍රමාණවත්ද? – මහාචාර්ය රොහාන් සමරජීව

  මේ දිනවල නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවෙන් නිකුත් වන පනත් කෙටුම්පත් අතරින්, ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත (ETB) වඩාත් වැදගත් එකක් බව පෙනෙන්නට තිබේ.එයට සහයෝගය දෙන ලෙස ජනාධිපතිතුමා ඇතුළු ඇමැතිවරු ඉල්ලා සිටිති. එයට විවේචකයින් බොහෝමය. ආණ්ඩුවේ සභාගය තුළ ද බෙදීම් මතුව තිබේ. සාක්ෂාත් කර ගත යුතු ඉලක්ක පිළිබඳ දිගු ලැයිස්තුවක් ඇති පළමු කොටසට පහර දීමට බොහෝ විචාරකයෝ…