පවිත්‍රාත් රනිල්ට

පවිත්‍රාත් රනිල්ට

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබාදීමට අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය තීරණය කර තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික්කයේ බහුතර පාක්ෂිකයින්ගේ ඉල්ලීම මත තමන් මෙම තීරණයට එළඹී බව පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් නිකුත් කළ සම්පුර්ණ නිවේදනය පහතින් දැක්වේ.

නිරුවත් මාලිමා වානරයෝ – රටේ රාළ
|

නිරුවත් මාලිමා වානරයෝ – රටේ රාළ

බංගලාදේශ අරගලය දිහා බලාගෙන භිටලා ලාල් කාන්ත ෆෝම්වෙලා.ගෝල්ෆේස් අරගලය ඇතුලේ පාර්ලිමේන්තු අල්ලන්න අවස්ථාව තිබූණ බව දැන් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ.ඩී.ලාල් කාන්ත සහෝදරයා කියනවා. ගෝඨාභය පැනලා ගියාට පස්සේ ඊළඟ පියවර විදිහට ගන්න තිබුණේ පාර්ලිමේන්තුව අල්ලා ගැනීම බවයි ලාල් කියන්නේ. පාර්ලිමේන්තුව අල්ලන වැඩේට ලාල්ලා, හඳුන්නෙත්තිලා,බිමල්ලා බැස්සත් තැන තැන විසිරිලා හිටිය ගෝල්ෆේස් අරගලයේ නායකයෝ ඒක…

IMF ගිවි­සුම වෙනස් කර­න­වා­මයි – මන්ත්‍රී හර්ෂ කියයි

IMF ගිවි­සුම වෙනස් කර­න­වා­මයි – මන්ත්‍රී හර්ෂ කියයි

ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ කොන්දේසි වෙනස් කර ජන ජීවි­තය පව­ත්වා­ගෙන යෑම සඳහා සහ­න­ශීලී ආර්ථික වැඩ­පි­ළි­වෙ­ළක් සකසා දෙන බව සමගි ජන බල­වේ­ගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (07) පැව­සීය.  විදේ­ශීය ණය බර­කින් යුක්ත වන මේ රට එම ණය ගෙවීම සඳහා ඉපැ­යිය යුත්තේ රුපි­යල් නොව ඩොලර් බවත් ඒ අනුව අප­න­යන අභි­මුඛ ආර්ථි­ක­යක් හරහා…

ඉදිරියට යන ආර්ථිකයක සුබලකුණු – සුනන්ද මද්දුමබණ්ඩාර
| |

ඉදිරියට යන ආර්ථිකයක සුබලකුණු – සුනන්ද මද්දුමබණ්ඩාර

    ශ්‍රී ලංකා ආර්ථිකයේ ඉදිරි ගමන් මග සම්බන්ධයෙන් ආර්ථික විද්‍යාඥයන් විස්මයට පත්වන ආකාරයේ තොරතුරක්  ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පසුගියදා හෙළි කළේය. CMA Sri Lanka ආයතනය විසින් පසුගිය සතියේ පැවැති රැස්වීමකට සහභාගි වීමෙන් පසු මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේ 2024 වර්ෂයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට 4 කින් වර්ධනය වීමට ඉඩ…

රනිල් තවමත් අමාරු විකට් එකේ – රටේ රාළ
|

රනිල් තවමත් අමාරු විකට් එකේ – රටේ රාළ

. මේ දවස්වලේ පොහොට්ටුවේ දිස්ත්‍රික් බලමණ්‌ඩල කැඳවමින් රනිල්ට සහයෝගය පල කරමින් යනවා.හැම බලමණ්‌ඩලයකම 90% කට වඩා වැඩි පිරිසක් රනිල්ට සෙට් වෙනවා.හිස්වෙන දිස්ත්‍රික් නායකයා ධූර ගන්න බලාගෙන ඉන්න කීපදෙනා හැර ලොකු පිරිසක් නං රාජපක්ෂලාට ඉතිරි වෙයි කියලා හිතන්න බෑ.ධම්මික ආවත් නාමල් ආවත් මේ පිපිරීම නවත්තන්න බෑ. රාජපක්ෂලා දැන් කියන්නේ මන්ත්‍රීලා ගියාට ජනතාව යන්නේ නෑ කියලා.රටේ රාළ…

මූල්‍ය අරමුදලේ විමර්ශනය හා ජනාධිපතිවරණය – ඉකොනොමැට්ටා
| |

මූල්‍ය අරමුදලේ විමර්ශනය හා ජනාධිපතිවරණය – ඉකොනොමැට්ටා

රටේ අවධානය ජනාධිපතිවරණය වෙත යොමු වී තියෙද්දී, පසුගිය සතිය අවසානයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලංකාවේ සාර්ව ආර්ථික වැඩ පිළිවෙළේ ප්‍රගතිය පිළිබඳ විමර්ශනයක් සිදු කර ආපසු ගියා. ඔවුන් ආර්ථිකයේ වත්මන් තත්ත්වය හා අනාගතය පිළිබඳ සංක්ෂිප්ත නිවේදනයක් නිකුත් කර තිබෙනවා. වැඩ පිළිවෙලේ මෙතෙක් ප්‍රගතිය පිලිබඳව අරමුදලේ නිලධාරීන් සෑහීමකට පත්ව සිටින අතර ඔවුන් විශේෂයෙන්ම පහත කරුණු අවධාරණය කර…

රාජපක්ෂ පිලේ අපේක්ෂක නාමල් – සාගර කාරියවසම් නිවේදනය කරයි.

රාජපක්ෂ පිලේ අපේක්ෂක නාමල් – සාගර කාරියවසම් නිවේදනය කරයි.

  ව්‍යාපාරික ධම්මික පෙරේරා ඉවත්වීමෙන් පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනධිපතිවරණ අපේක්ෂයා ලෙස නාමල් රාජපක්ෂ මහතා නම් කර තිබේ. නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේ දී පක්ෂ මහ ලේකම් සාගර කාරියවසම් මහතා විසින් ඒ බව නිවේදනය කළේය. එම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පාක්ෂකයින් රැසක් සහභාගී වී සිටියහ.

අනුරව උඩ යවා පහත හෙලූ රවී රන්නන්ගේ සමීක්ෂණ කෙරුවාවේ හෙළුව – කථිකාචාර්ය සකීෆ් සාම්
|

අනුරව උඩ යවා පහත හෙලූ රවී රන්නන්ගේ සමීක්ෂණ කෙරුවාවේ හෙළුව – කථිකාචාර්ය සකීෆ් සාම්

IHP ආයතනයේ ජුනි මාසයට අදාළ සමීක්ෂ වාර්තාවත් නිකුත් වෙලා. සජිත්ට 43%ක්  අනුරට 30%ක් හා රනිල්ට 20%ක් වශයෙන් ඉලක්කම් වෙනස් වෙලා තියෙනවා මෙවර වාර්තාවේ. වාර්තාව සකස් කර තිබුණේ 446කගෙන් දුරකතන සංවාදයක් කරලා. අප්‍රේල් මාසයේ භාවිත කළ නියැදිය පුද්ගලයින් 444ක්. එහි ප්‍රඵිපලය අනුව 39% බැගින් අනුර දිසානායක සහ සජිත් ප්‍රේමදාස ලබා ගනු ඇතැයි පැවසුව. නමුත් සමීක්ෂණය ආරම්භයේ…

රනිල් තවදුරටත් රාජපක්ෂලා හමුවිය යුතුද? – රටේ රාළ
|

රනිල් තවදුරටත් රාජපක්ෂලා හමුවිය යුතුද? – රටේ රාළ

පොදුජන පෙරමුණ ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් දානවා කියලා පැය 24 ක් යන්න ඉස්සෙල්ලා පොහොට්ටුව නැත්තටම නැතිවෙන සයිස් එකට වැටුනා.දැනට පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සීයකට වැඩි පිරිසක් රනිල්ගේ දෑත් ශක්තිමත් කරන්න ඇවිත්.පලාත් සභා සහ පලාත් පාලන මන්ත්‍රීවරුන් බුරුතු පිටින් ගැවෙමින් තියනවා.මෙහෙම පසුබිමක් තියෙද්දී තමයි රනිල් ආයෙත් මහින්ද හම්බලා තියෙන්නේ. එතනත් මාතෘකාව උනේ ජනාධිපතිවරණය කියලයි ආරංචි. රනිල් උත්සාහ කරනවා ඇත්තේ…

බංග්ලාදේශය කොයිබටද? – ඉකොනොමැට්ටා
| |

බංග්ලාදේශය කොයිබටද? – ඉකොනොමැට්ටා

ලංකාවේ අරගලය අවසන් විය හැකිව තිබුණු විකල්ප ආකාරයකට බංග්ලාදේශයේ අරගලය අවසන්ව තිබෙනවා. අගමැති ෂීක් හසීනා ඉන්දියාවට පලා යෑමෙන් පසුව නිල වශයෙන් රටේ තාවකාලික පාලනය හමුදාව විසින් භාර ගෙන ඇති අතර අරගලය මෙහෙයවූ ශිෂ්‍ය ක්‍රියාකාරිකයින් විසින්ද රට පුරා පිහිටුවා ඇති ඔවුන්ගේ ක්‍රියාකාරී කමිටු හරහා විකල්ප ක්‍රියාකාරිත්වයක් මෙහෙයවමින් සිටිනවා. සිසුන් විසින් බංග්ලාදේශ පාර්ලිමේන්තුවට ඇතුළු වීමෙන් පසුව එහි…

ව්‍යාපාරික ධම්මික පෙරේරා පොහොට්ටුවට බෑ  කියයි

ව්‍යාපාරික ධම්මික පෙරේරා පොහොට්ටුවට බෑ කියයි

 ඉදිරි ජනාධිපතිවරණය  සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ  අපේක්ෂක  වශයෙන්  ඉදිරිපත් නොවන බවට ව්‍යවසායක ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ  සාගර කාරියවසම් මහතාට ලිපියක් යොමු කර ඇත. පෞද්ගලික හේතු මත තමා ඉදිරිපත් නොවන බව ඔහු එම ලිපියෙන් දැනුම් දී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස…