ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් ගැන කියන නාමල් කුමාර අන්තවාදීන් පොලීසියට අල්ලා දී ලක්ෂ පහක් අරන්

ජනාධිපතිතුමා හා ඝෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට නියෝජ්‍ය පොලිස්පතිවරයකු කළ කුමන්ත්‍රණයක් ගැන පසුගියදා හෙළිකළ නාමල් කුමාර නම් තැනැත්තා මීට පෙර ඔහු සමඟ සිටි සගයන් පොලීසියට කොටුකර දී ලක්ෂ පහක් ත්‍යාග ලබාගෙන ඇති බව හෙළිදරව් වෙයි.

ගල්කිස්සේ රොගිනිග්‍යා සරණාගතයන්ට ප්‍රහාර එල්ල කළ අරඹේපොල රතනසාර හිමියන්, චින්තක සංජීව, ඩෑන් ප්‍රියසාද් හා ජනිත මීපගේ යන අය ගැන ඔත්තු දී ඔවුන් කොටුකර දීමෙන් ලක්ෂ දෙකහමාරක් ද, මහනුවර මුස්ලිම් වරුන්ට ප්‍රහාර එල්ල කළ සිදුවීමේ දී මහසොහොන් බලකායේ අමිත් වීරසිංහ අල්ලාදීමෙන් ලක්ෂ දෙකහමාරක් ද මොහු විසින් ත්‍යාග ලෙස පොලීසියෙන් ලබා ගෙන ඇත. එම සිදුවීමේ දෙකේදීම මොහු ඔත්තු දී ඇත්තේ දැන් චෝදනාවට ලක්වන නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාටය. දූෂණ විරෝධි බලකාය නම් සංවිධානයක් අන්තර්ජාල සබඳතා මත ගොඩ නගාගෙන එමගින් ඉහත කී අයත් සමඟ කිට්ටු සබඳතා ගොඩනගාගත් නාමල් කුමාර පොලීසියට අවශ්‍ය විට ඔත්තු ලබා දී මෙලෙස මුදල් ලබාගෙන තිබේ.

එලෙසම ඔහු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සමඟ සබඳතා පවත්වමින් ලබාගත් තොරතුරු හා සාකච්ඡා පටිගත කරගෙන දැන් මාධ්‍යයට නිකුත්කොට විශාල ආනදෝලනයක් ඇති කොට තිබේ. ඔහු විසින් මෙවර හෙළිදරව්කොට ඇත්තේ රටේ ජනාධිපතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමේ උත්සාහයකි. ඒ පිළිබඳව මේ වන විටත් පරීක්ෂණ ආරම්භවී ඇති අතර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාට ස්ථාන මාරුවක් ලබා දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *