බැසිල් කර අරියි – ජන බලය අල වෙයි

ඒකාබද්ධ විපක්ෂය විසින් මහත් පරිශ්‍රමයක් දරා දෑවැන්ත ප්‍රචාරක මෙහෙයුමක් දියත්කර ‘පරගැති ආණ්ඩුව පන්නමු’ යන තේමාව යටතේ පසුගිය දා (අ‍ගොස්තු 2 වන බ්‍රහස්පතින්දා) පැවැත් වූ ‘ජන බලය’ සංවිධායකයන් නොසිතූ අන්දමින් අසාර්ථක වී තිබීම නිසා පොහොට්ටුවේ ඉදිරි කටයුතු සංවිධානය කර ගැනීම ගැටලුවක් වී ඇති බව වාර්ථාවේ.

පක්ෂ නායකමට්ටමෙන් ඇති වූ කසුකුසු මේ වන විට බිම් මට්ටම දක්වා ද පැතිරී තිබේ. ‘රාජපක්ෂ තුන් ඇඳුතු සහෝදර සමාගම’ මේ වන තෙක් කැඩී තිබුණේ කොටස් දෙකකටය. එනම් බැසිල් මහින්ද එක පාර්ශ්වයක් වශයෙනුත් ගෝඨාභය එක් පාර්ශ්වයක් වශයෙනුත්ය. එහෙත් අල වූ ජන බලය නිසා සහෝදර සමාගම ස්ථිර වශයෙන්ම කොටස් තුනකට කැඩී ඇත.

මේ කැඩීම ඇති වන්නේ ‘ජන බලය’ ට බැසිල් රාජපක්ෂ සහයෝගය නොදීම තුළය. මේ නිසා මේ වන විට මහින්ද රාජපක්ෂ තනි වී ඇති අතර බැසිල් සහයෝගය නොදුන් නිසා එය අසාර්ථක වූ බව බැසිල් කණ්ඩායම පවසයි.

බැසිල්ට නැති බලයක් තමන්ට ඇති බව පෙන්වීමට වීරවංශ , ගම්මන්පිල , දිනේෂ් ,වාසු කණ්ඩායම විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කළේය . ඔවුන් කයිවාරු ගැසුවේ 2015 පරාජයෙන් පසුව මහින්ද සමග නැගිටිමු ව්‍යාපාරයෙන් රැල්ලක් ගොඩනැගුවේ බැසිල් නොව තම කණ්ඩායම බවයි . කෙසේ වෙතත් එම කයිවාරු මෙම උද්ඝෝෂණය අසාර්ථක වීමත් සමග පුස්සක් බවට පත්ව ඇත

මේ වන විට මෙම බෙදීම ගම් මට්ටමේ සාමාජිකයන් දක්වා ඔඩු දුවා තිබේ. ගෝඨාභය රාජපක්ෂ වටා පිරිස් ද මේ වන විට මහින්ද හා ගෝඨාභය යන දෙදෙනාම අතහැර බැසිල් වටා එක්වන ලකුණු පහල වී තිබේ.

මේ අනුව මීළඟ මැතිවරණයේ පොහොට්ටු ජනාධිපති අපේක්ෂකයා බැසිල් වීමට ඉඩ තීබේ යයි අනුමාන කළ හැකි තත්ත්වයක් ගොඩනැගෙමින් තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *