ඇතැම් මාධ්‍යය වලින් ආණ්ඩුවේ සාධනීය පැත්ත පෙන්වන්නේ නැහැ – මහාචාර්ය සරත් විජේසූරිය
සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මැතිතුමාට ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති ධුරය හිමිවීම නිමිත්තෙන් ඊයේ (2018.07.31) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති ‘සුවපති අභිෂේකය’ උළෙලේ දී මහාචාර්ය සරත් විජේසූරිය මහතා කළ දේශනය. මෙම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු මැති ඇමතිවරුන් හා මහාචාර්ය කාලෝ ෆොන්සේකා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් ද සහභාගි වී සිටියහ. මෙම උත්සවය සංවිධානය කරන ලද්දේ සෞඛ්‍ය වෘත්තිය සමිති සම්මේලනය විසිනි. උත්සවයේ පිළිගැනීමේ කතාව කරන ලද්දේ සමන් රත්නප්‍රිය මහතා විසිනි.
උළේලේ ආරාධිත දේශනය කළ මහාචාර්ය සරත් විජේසූරිය මහතා, රාජිත සේනාරත්න මහතා අද බුහුමනට ලක් වන්නේ කැබිනට් අමාත්‍යවරයකු විදිහට තමන්ගේ වගකීම් හා වගවීම් මැනවින් ඉටු කළ නිසා බව මේ සභාවේදි මේ වන විටත් ඉතා මැනවින් ප්‍රකාශවුණා. එතුමාට මේ සා කීර්තිමත් සේවාවවක් කිරීමට අවස්ථාව ලැබීම සම්බන්ධව ජනධිපතිතුමාටත් ගෞරවයක් හිමිවෙනවා එතුමාට සෞඛ්‍ය කැබිනට් අමාත්‍ය ධුරය ලබා දීම සම්බන්ධව.
රාජිත සේනාරත්න අමාත්‍යවරයා වර්තමාන කැබිනට් මණ්ඩලයේ සිටින සාමාජිකයන් අතරින් රට කැපීපෙනෙන වැඩ කරයුතු සම්බාරයක් ඉටු කළ ඉතා දක්ෂ කැපීපෙනෙන අමාත්‍ය වරයෙක්. එතුමාගේ චරිතයට ආවේනික වූ ඔහුගේ දේශපාලනික ජීවිතය හා සම්බන්ධ අනන්‍ය කරුණු තුනක් ගැන මේ අවස්ථාවේ මා සිහිපත් කරන්නට කැමතියි. මම හිතනවා මේ කාරණා තුන හෑම දේශපාලඥයෙක්ම උරුමකරගතයුතු උරුම කරගත හැකි කාරණා තුනක් කියල.
පළවෙනි එක තමයි කැබිනට් අමාත්‍ය පදවියක් ලැබුණට ඒ පදවියට ගැලපෙන ආකාරයට නිර්මාණත්මකව හිතන්න බැරි නම් ඒ අමාත්‍යංශයටවත් ඒ හරහා රටටවත් පලදායක යමක් සිද්ධ වෙන්නෙ නැහැ. අපේ දුප්පත් රටේ දුප්පත් මිනිස්සුන්ගෙ බදු මුදල්වලින් යැපෙන බොහෝ දෙනෙකුගේ වැඩකටයුතු පරික්ෂා බලනකොට අපට පෙනෙනවා තමන්ට පැවරෙන වගකීම පිළිබඳ අසංවේදි බවත්, වගවීමකින් තොරව කටයුතු කිරීමත්. එයට ප්‍රධාන හේතුව තමයි නිර්මාණශීලිව හිතන්නට අසමත් වීම. එතුමා සමඟ කතා කරන ඕනෑම අවස්ථාවක පැහැදිලි වන දෙයක් තමයි, එතුමාට පැවරිලා තිබෙන රාජකාරිය පිළිබඳව අලුතෙන් හිතන ආකාරය සහ එතුමා සැලසුම් කරන දේවල් පිළිබඳව මහත් අභිරුචියෙන් කතා කිරීම.
දෙවැනි කාරණාව තමයි දේශපාලඥයෙක් තුළ තියෙන්නට ඕනැ අවංක ජනහිතකාමී මනසක්. රාජිත සේනාරත්න චරිතයේ තියෙන ඉතා වැදගත් ලක්ෂණය විජය කුමාරතුංග සමග අත්වැල් බැඳගෙන ඔහු කිසියම් දේශපාලන ස්ථාවරයක් එදා අරගත්ත නම්, ඒ ස්ථාවරයේ අදත් නොසැලී සිටීම. ඔහු අවස්ථාවාදි ලෙස කිසිම අවස්ථාවක තමන්ගේ ස්ථාවරය වෙනස් කර නැහැ. ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ජාතිවාදය පිලිකෙව් කරන, ආගමික අන්තවාදය පිළිකෙව් කරන දේශපාලඥයකු බව කිය හැකියි.
අපේ රට දීර්ග කාලයක් තිස්සේ ලේ වගුරන රටක් බවට පත් වුණේ ඇයි? ඒ පිළිබඳව ලියැවිලා තියෙන බොහෝ දේවල් විග්රහරන කොට පේනවා, දේශපාලඥයන්ගෙ පටු න්යායපත්ර නිසා තමයි මේ දේවල් සිද්ධ වෙලා තියෙන්නෙ. රාජිත සේනාරත්න හැම විටම තමන්ට අත්වන අවාසිය ගැන නොසිතා රට වෙනුවෙන් නිර්භීතව තමන්ගෙ අදහස වෙනුවෙන් පෙනී සිටීම එ දේශපාලන චරිතයේ වැදගත් ලක්ෂණයක් හැටියට මම දකිනවා. ජනවාරි 8 වෙනිදා මේ රටේ වෙනසක් අපේක්ෂාවෙන් මේ රටට දුන් වැදගත් පොරොන්දුව තමයි, ජාතික සංහිඳියාව ඇති කරන එක. සෝභිත හාමුදුරුවො ඒ තදාත්මික සමයේ ගම්දනව් වලට ගිහිල්ලා කතා කරමින් උන්වහන්සේගෙ ගැඹුරු අභීත ස්වරයෙන් කිව්වෙ මොකක්ද, දෙමළ මිනිහගෙයි, මුස්ලිම් මිනිහගෙයි, සිංහල මිනිහගෙයි, බඩගින්නෙ වෙනස මොකක්ද? දෙමළ මිනිහගෙයි, මුස්ලිම් මිනිහගෙයි, සිංහල මිනිහගෙයි වේදනාවේ වෙනස මොකක්ද? මේ වැකි දෙකෙන් ඉතා ගැඹුරු දහමක් උප්වහන්සේ දේශනා කළා. මම හිතන්නෙ ජනතාවගේ සිත්සතන් තුළට ඒ පණිවිඩේ කාවැදුණා. විවිධ විශ්වාස පෙරටු කරගත් සමාජ ව්‍යාපාරවලට නායකත්වය දුන්නු සෝභිත හාමුදුරුවො තමන්ගේ ජීවිතයේ අවසාන කලය තුළ ඉතාම නිවැරදි දැක්මක හිටිය.
ජනවාරි 8 කරළියට ගෙනාව ඒ මතවාදය මත අද කීදෙනෙක් ඉන්නවද කියන එක මට නම් සැකයක්. මම විශ්වාස කරනවා ඒ මතය දරණ දේශපාලඥයෙක් හැටියට රාජිත සේනාරත්න මැතිතුමා අදත් සිටින බව. කලා ෆොන්සේකා මහාචාරය තුමා කිසියම් ඉඟියක් සැපෙයුවා, එය යථාර්ථයක් වෙන්නට නම් අමාත්‍යවරයා කල්පනා කරන්නට ඕනෑ මේ රටේ විසඳන්නට අප්‍රමාණ ලෙස පොරොන්දු දීල තියෙන ප්‍රශ්නයට කොහොමද අභීතව මුහුණ දෙන්නෙ කියල. කවදහරි මේ රට ශිෂ්ඨ සම්පන්න, ශීලාචාර රටෙක් බවට පත් කරන්නට පුළුවන් ජාතිවාදය හා ආගම්වාදය පිළිකෙව් කරන නායකයකුට පමණයි කියල.
තුන්වෙනි කාරණාව තමයි රාජිත සේනාරත්න කියන දේශපාලඥයාගේ තියෙන නිර්භීතභාවය, මේ ඉතාමත්ම වැදගත් දෙයක්. දේශලානඥයෙක්ගෙ බුද්ධිමත්භාවය කියන්නෙ චණ්ඩියෙක් වගේ කඩාපනින එක නෙමෙයි. නිලධාරින්ට පුප්පන එකත් නෙමෙයි. තමන් දරණ මතය නිවැරදි මතයක් නම් ඒක යථාර්ථයක් බවට පත්කර ගැනීමට අවශ්‍ය සියලු තීන්දු තීරණ ගැනීම. ඊට අවශ්‍ය සම්පත් ලබා ගැනීම.
අපි දන්නවා සමහර අමාත්‍යවරු තමන්ගේ බලාපොරොත්තු ඉටු කරන්ගන්නට බැරිව ජනමාධ්‍ය වලට ඇවිල්ලා නාහෙන් අඬනව. ඒක මොනතරම් නිවට කමක්ද. හැබැයි රාජිත සේනාරත්නට හැකියාවක් තියෙනව ශක්තියක් තියෙනව තමන් ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙන ප්‍රතිපත්තිය වෙනුවෙන් අවශ්‍ය මුදල් වෙන්කරගන්නට. ඒ මුදල් වියදම් කරල නිලධාරින් ලවා ඒ කටයුතු මහපොළොවේ යථාර්ථයක් බවට පත් කර ගන්නට. ඒක තමයි අමාත්‍යවරයකුගේ වගකීම සම්බන්ධව වැදගත්ම කටයුත්ත.
මේ කාරණා තුන නිර්මාණශීලි බව, ජනහිතකාමි බව සහ නිර්භීතබව ඇතුව වර්තමාන කැබිනට් මණ්ඩලයේ රටට දැනෙන වැඩ කරපු ඇමතිවරයෙක් හැටියට රාජිත සේනාරත්න මහතාව හඳුන්වන්න පුළුවන්. බොහෝ වේලාවට පෙනෙනවා යහපාළන ආණ්ඩුව, කරල තියෙන දේවල් අරගෙන බලනකොට සමහර දේවල් මීට පෙර ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් නොකරපු දේවල්. ඒවා මතුපිට දිස්නය නොගහන දේවල්. අවම වශයෙන් අපේ සමහර අමාත්‍යවරුන්ට රටට යමක් කරන්න හැකියාවක් නොමැතිවෙලා තියෙනව. ඒක තමන්ගෙ නොහැකියාව ද කුහක කමද කියල අපිට කල්පනා වෙනව.
ඇතැම් ජනමාධ්‍යවලින් පෙන්නන්නේ මේ ආණ්ඩුව කරපු දේවල්වල තියෙන සාධනීය පැත්ත නොවේ. රාජිත සේනාරත්න මැතිතුමා හෘද රෝගීන් වෙනුවෙන්, පිළිකා රෝගීන් වෙනුවෙන් කරල තියෙන මහා කාර්යභාරය වගේම ඖෂධවල මිල අඩුකිරීමෙන් කරල තියෙන සේවය අපමණයි.
මම මගේ පවුලේ සාමාජිකයන්ට මාසයකට රු.31000/-ක බෙහෙත් මිල දී ගත්ත කෙනෙක්. මේ ඖෂධ මිල අඩු කිරීමේ ක්‍රියාවලිය සිදු වුණාට පස්සේ මම දැන් මාසයට රුපියල් 10.000/-ක් හෝ රු.10500/- වගේ මුදලක් තමයි වැය කරන්නෙ. මේවා පිළිබඳ අගැයීමක් කිසිම තැනක සිද්ධ නොවන්නේ ඇයි? අඩුම වශයෙන් ආණ්ඩුව ඇතුළෙවත් මේ දේවල් පිළිබඳ සාකච්ඡාවක් සිද්ධ නොවන බවයි අපට පෙනෙන්නේ. දේපාලඥයො හැටියට තේරුම් ගන්න ඕනැ විශේෂයෙන්ම මේ රටේ ජන ජීවිතයට අදාළ වැදගත්ම අමාත්‍යාංශ තුනක් තියෙනව. මේ රටේ බහුතරයක් ඉන්නෙ දුප්පත් මිනිස්සු. පළමුවෙන්ම අවශ්‍ය වෙන්නෙ අඹුදරුවන් පෝෂණය කිරීම. කොළොඹ ඉඳල හැතැප්ම පණහක් එහාට ගියාට පස්සෙ ඒක පැහැදිලිව පෙනෙනව. දෙවන කාරණාව තමයි මිනිස්සුන්ට ලෙඩට දුකට ප්‍රතිකාර කරගන්නට තියෙන අමාරුව. තුන්වෙනි එක තමයි දරුවන්නට අධ්‍යාපනයක් ලබා දීම. මේ වැදගත් කේෂත්ර තුන සම්බන්ධව සංවේදි නොවී මේ රට සිංගප්පූරුවක් බවට දරණ ප්රයත්නයේ අර්ථයක් නැති බවයි මගේ පෞද්ගලික කල්පනාව.
