නව මහාධිකරණයේ පළමු නඩුව මහිදන්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත්ට ?

දූෂණ සම්බන්ධ නඩු කඩිනම් කිරීම සඳහා අලුතින් පිහිටුවන මහාධිකරණයේ පළමු නඩුව ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතාට එරෙහි නඩුව ගොනු කරනු ඇති බව තතුදත් ආරංචි මාර්ග කියයි. කොළඹ හයිට් හෝටලය ඉදිකිරීම සඳහා වෙන්කළ මිලියන 4000ක මුදලින් මිලියන 400ක් වංචනික භාවිත කරමින් හම්බන්තොට ප්‍රදේශයේ හෝටලයක් ඉදිකර ගැනීම ඔහුට එරෙහිව දූෂණ චෝදනා ගොනු කිරීමට හේතු වී තිබේ.

මෙම මහාධිකරණය ජුලි 15 දා සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණ ද එයට විනිශ්චකාරවරුන් පත්කිරීම හා වෙනත් පහසුකම් සැලසීම පිළිබඳ ගැටලු නිසා එය සති දෙකකින් පමණ කල්යන බව දැනගන්නට ඇත. කෙසේ වෙතත් මෙම මහාධිකරණයේ නඩු විමසීම ආරම්භ කළ විට එය වරින්වර කල් නොතබා දිගටම විනිශ්චය කිරීම අරමුණු කොට ඇත. එහි සාර්ථක්ත්වය මත ඉදිරි කාලයේ තවත් මෙබඳු මහාධිකරණ දෙකක් පිහිටුවීමට නියමිතය.

මෙම විශේෂ අධිකරණවල විභාගයට ගන්නා නඩු මොනවාදැයි තීරණය කිරීම අග්‍ර විනිශ්චයකාරවරයාගේ උපදෙස් අනුව සිදුවන බව කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *