පොදුජන පෙරමුණේ දෙදරීමක්!

‘පොදුජන පෙරමුණ’ ට (පොහොට්ටුවට) අයත් පක්ෂ අතර මතබෙදාත්මක කරුණු උග්‍රවීම නිසා, එම පක්ෂ නව සංධානයක් වශයෙන් කරළියට ගෙන ඒමට මේ දිනවල සූදානම්වන බව වාර්තාවෙයි.

ඉස්මතු වී ඇති ප්‍රශ්න අතර, පොදුජන පෙරමුණේ නිර්මාතෘ වශයෙන් ජී.එල්. පීරිස් මහතා පෙනීසිටිම ගැන රාජපක්ෂවරුන්ට හිතවත් පිරිසගේ කැමැත්තක් නැති බව ප්‍රකාශවේ. ජී. එල්. පීරිස් මහතා ද එම පක්ෂයේ නිර්මාතෘ වශයෙන් පෙනී සිටින අතර එහි නිර්මාතෘත්වය වෙන අයෙකුට පවරනවාට කැමැත්ත ප්‍රකාශකර නැත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පිහිටු වීමට මහින්ද රාජපක්ෂ ඇතුළු  රාජපක්ෂ සහෝදරයන්ගේ පියා ඩී. ඒ. රාජපක්ෂ ද දායක වූ බවටත් එහි උරුමයක් රාජපක්ෂ වරුන්ට තිබෙන බව ප්‍රකාශ කරන නමුත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිවූ පමණින් එය බණ්ඩාරණායකලා ගේ පක්ෂය බවට දේශීය විදේශිය වශයෙන් මුල්බැසගෙන හමාරය.

පොදුජන පෙරමුණ ජී.එල්. පීරීස් මහතාගේ පක්ෂය යැයි හැඳින්වීම නිසා රාජපක්ෂ වරුන් ගේ පිහිටෙන් ජයග්‍රහණයන් ලැබූවත් එම ජයග්‍රහණයන් බැර වන්නේ ජී.එල්. පීරීස්ගේ පක්ෂයේ ගිණුමටය.  එම නිසා අලුත් නමකින් සංධානයක් ගොඩනැගිය යුතුයයි රාජපක්ෂ හිතවතුන් අතර මතයක් ඇති වී ඇත.

දැනට තමා විසින්ම ජනාධිපති අපේක්ෂකයා ලෙස තමාවම නම්කරගෙන සිටින ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂක තනතුරට ඉදිරිපත් වනු දැකීමට අකමැති වාසුදේව, වෙල්ගම ඇතුළු පොදුජන පෙරමුණේ ප්‍රබලයින් රාශීයක් අතර මතුවී තිබෙන ගැටළුව ගොඨාභය පසුගිය දා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයට ගිය පසු උග්‍ර වී ඇත. නව සංධානයක් ගොඩනැගීමට එය ද හේතු වී ඇතැයි ද කියනු ලැබේ.

ආරංචි මාර්ග සනාථ කරමින් 11 වනදා කොළඹ දී පැවති පුවත්පත් සාකච්ඡාවක දී ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශකර සිටියේ ඒකාබද්ධ විපක්ෂ නව සංධානයකින් ළඟදීම කරළියට එන බවත් එහි නම බොහෝවිට ‘ඒකාබද්ධ පොදුජන පෙරමුණ’ විය හැකි බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *