විජයකලා කීවේ කුමක් ද? – චන්ද්‍රානි ශාන්ති බණ්ඩාවත්ත

විටින් විට විවිධ පුවත් ඔස්සේ දිව යන ශ්‍රී ලංකාවට දැන් මහින්ද රාජපක්ෂ මහතාට ඡන්ද වැඩට චීනයෙන් ලැබුණාය කියන මුදල් අමතක වනු ඇත. හේතුව නියෝජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය විසින් වඩාත් හොඳින් රසකරමින් තලුමැරිය හැකි ඉෂු එකක් ලබා දී තිබීමයි.

මහින්ද රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයත්, පොහොටුවත්, විමල් වීරවංශ, උදය ගම්මන්පිල වැන්නනුත් විජයකලා මහේස්වරන්ට පින්දිය යුතුය.  මන්ද ඔවුන් සිංහල ජනතාවට පෙන්වමින් සිටින බළලා එනම් දෙමළ විමුක්ති කොටි සංවිධානය පිළිබඳ නැත‍හොත් ඊළම පිළිබඳ මාතෘකාවක්ම ඇය විසින් මතුකර දී ඇති බැවිනි.

දකුණේ සිංහල මාධ්‍ය නිතර ඇසගසාගෙන සිටින්නේ උතුරේ හෝ නැගෙනහිර දෙමළ දේශපාලඥයනට හෝ ජනතාවට අත්වැරැද්දක් කටවැරැද්දක් සිදුවන තුරුය. හොඳම සහ ආසන්නම උදාහරණය වන්නේ කිලිනොච්චි‍යේ කොටියා මරා දැමීමේ සිද්ධියයි. කිලිනොච්චි කොටියා අහිංසකයකු නොවේ. මිනිසුන් කැලයට වැදී කොටියා ඝාතනය කර මස් කෑවා හෝ මස් වික්කා හෝ සම වික්කා ද නොවේ. ඔවුන් කළේ තමන්ටත් ගව මහීෂාදීන්ටත් තිබුණු කරදරයක් ජීවිත අවධානමක් සඳහා ආවේගශීලිව ප්‍රතිචාර දැක්වීමයි. නමුත් දකුණේ ජනමාධ්‍යයත් විශේෂයෙන් සමාජ මාධ්‍යයත් ඊට ප්‍රතිචාර දැක් වූයේ මිනිසාට වඩා කොටියා ගැන අනුකම්පාවෙනි.

අනෙක් අතට දකුණේ අභය භූමි තුළත් වෙනත් තැන්වලත් සත්ත්ව හිංසනය ඉතා ඉහළින් සිදුවේ. පසුගිය කාලවල මාධ්‍ය මගින් දක්නට ලැබුණේ වනයේ වලසකු සෆාරි වාහන රැසක් විසින් කොටුකර ඇති ආකාරයයි. හක්කපටස් හේතුවෙන් මියයන අලින් දිනෙන් දිනම ඉහළ යමින් තිබේ. සිංහරාජයේ අලි දෙන්නා ගැන කතාව වුව ද එසේය. දැන් එහි සිටින්නේ පිරිමි සතුන් දෙදෙනෙකි. අනෙක් සත්තුන්ට වූ දේත් අලිදෙදෙනාගෙන් ජනතාවගේ ජීවිත දේපළ නැති වීමත් ගැන පසෙකලා මතුව ඇත්තේ අලින්ගේ අයිතිය පිළිබඳ කතාවකි.

පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධයෙන් ද එසේමය. උතුරු නැගෙනහිර ගෙපල කැපීමක්, සංවර්ධන කටයුත්තක් හේතුවෙන් යම් පුරාවිද්‍යා වටිනාකමක් ඇති දෙයක් ස්ථාන‍යක් මතුවේද හානියක් සිදුවේද දකුණේ දකුණේ මාධ්‍යවලත් ජාතිවාදි දේශපාලකයන්ගේත් පපුව උණුවේ.

මෑතක දී කන්ද උඩරට ප්‍රදේශයේ සංචාරය කළ උඩරට උරුමයන් පිළිබද ඇමති සරත් අමුණුගම මහතාට ගඩලාදෙනිය විහාරයේ විහාරාධිපතීන් වහන්සේ පෙන්වා දී තිබුණේ එම විහාරයේ පෞරාණික බිතිසිතුවම් කැටයම් ආදියට සිදුවෙමින් පවතින විනාශයයි.

ජනමාධ්‍ය පිළිබද අවධානයකින් සිටින අයකුට දකුණේ විනාශවෙමින් පවතින එබදු තවත් තැන් කොතෙකුත් දැකගත හැකිය. ඒවා රැකගැනීමට ඉදිරිපත් වන්නකු නැත. කොටින්ම කියන්නේ නම් උතුරේ පොළොවයට ඇති පුරාවස්තු ගැන තරම් කැක්කුමක් රුදාවක් දකුණේ පොළොව උඩ ඇති පුරාවස්තු විනාශය පිළිබද දකුණේ පුරාවස්තු විනාශය පිළිබද දකුණට ඇත්තේ නැත.

විජයකලා මහේෂ්වරන් ගේ ප්‍රකාශය පිළිබද තත්ත්වය ද එසේමය. බොදුබල සේනා, රාවණා බලකාය, මහසොහොන් බලකාය ගැන කතාවලට ඉඩ ඇතත් එල්.ටී.ටී.ඊ. ය ගැන කතානම් සුම්මාය.

විජයකලා කතාකරන්නේ උතුරේ ඡන්දවලටය. එහිදී ඇයට ඇතතේ එල්.ටී.ටී.ඊ. මතක් කරන්නට පමණි. වෙනත් විකල්පයක් නැත. අනෙක් කරුණ එල්.ටී.ටී.ඊ. සංවිධානය පිළිබද ඇල්මක් උතුරේ දේශපාලකයාට තරම් උතුරේ ජනතාවට තිබේද යන්නය. එවැනි ඇල්මක් ජනතාව අතර තිබුණේ නම් වියට්නාම් සටන මෙන් එල්.ටී.ටී.ඊ. සටනද ජයග්‍රහණයෙන් කෙළවරවනු ඇත. නමුත් උතුරේ දී එල්.ටී.ටී.ඊ. යට සිදුවූයේ ජනතා සහය නොමැති බැවින් බලහත්කාරයෙන් ළමා සොල්දාදුවන් තම ව්‍යාරයට බඳවා ගන්නටය.

විජයකලා මහේෂ්වරන් තිබුනා නම් හොඳයි කියන එල්.ටී.ටී.ඊ. සංවිධානය යටතේ ළමයින්ගේ අයිතිය උරුමය වූයේ එය බව අප අමතක කළ යුතු නැත.

විජයකලා මහත්මිය අදාල ප්‍රකාශය කර තිබුණේ පසුගිය දිනෙක මියගිය උතුරේ දැරිය සම්බන්ධයෙනි. ඇය එහිදී අදහස් කරන්නට ඇත්තේ එල්.ටී.ටී.ඊ. පැවතියේ නම් එවැනි දූෂණයකට ඉඩ නොලැබෙනු ඇත. වරද කරුවනට දඬුවම් ලැබෙනු ඇත යන්න විය හැකිය. එහෙත් වියයුතු වන්නේ සමාජය යකඩ හස්තයකින් පාලනය කිරීම නොව ප්‍රජාතන්ත්‍ර වාදය ක්‍රියාත්මක වන්නට ඉඩ හැරීමයි.

උතුරේ පමණක් නොව දකුණේත් ස්ත්‍රී දූෂණ අපරාධ සිදුවේ. ඒ සියල්ල ගිනිය යුත්තේ තිස්වසරක යුද්ධයේ අතුරු ඵලයක් ලෙසිනි. සෝමාලි මාම් නමැති කාම්බෝජියානු සමාජ සේවිකාව වරෙක කියා තිබුණේ පශ්චාත් යුද කාලීන සමාජයක දී විමසා බැලිය යුත්තේ නරක මිනිසුන් නරක් වන්නේ මක් නිසාද යන්න නොව හොඳ මිනිසුන් හොඳ වන හේතුව කුමක්ද කියා බවයි.

එකල වාහනයකට හැපී සතකු මැරී සිටිනු දුටු විටත් අනේ ‍අපොයි! කියූ ශ්‍රී ලාංකික සමාජයට මළ මිනී යනු සාමාන්‍ය දෙයක් බවට පත් කරන්නට තිස් වසරක යුද්ධය සමත් විය.

විජයකලා මහේෂ්වරන් අදහස් පළකරන උතුරේ සමාජයේ වසර 30ක් තිස්සේ ක්‍රියාත්මක වූයේ සාමාන්‍ය නීතිය නොව තුවක්කුවේ නීතියයි; මි‍ලේච්ඡත්වයයි. අවා කල්ලි, විද්‍යා ඝාතන කල්ලි ආදියෙන් නියෝජනය වන්නේ සාමාන්‍ය ජීවිතය නොවේ. අධ්‍යාත්මය පිරිහුණු සමාජයක ඛේදවාචකයයි.

විද්‍යා දැරිය දූෂ්‍ය කිරීම වරදකි, මරා දැමීම වරදකි, දූෂ්‍යකර මරා දැමීම ඊටත් වඩා වරදකි. එහෙත් දූෂ්‍ය කොට මරාදැමීම පටිගත කොට අලෙවි කරන්නට උත්සාහ කිරීම අපටවටහාගත යුත්තේ කෙසේද? එකී මිලේච්ඡත්වය උතුරේ සමාජයට රැගෙන ආවේ හින්දු ධර්මය නොවේ. ක්‍රිස්තියානිය විසින් ද නොවේ, ප්‍රජාතන්ත්‍රවාදය විසින් ද නොවේ යුද්ධයේ මිලේච්ඡත්වය විසිනි. උතුරත් දකුණත් වෙන්වෙන්ව සහ එක්ව ජයගතයුතු ගැටලුව ඇත්තේ එතැනයි. උතුරට ඇඟිල්ල දිගුකර සතුටු වන්නට දකුණට ද හැකියාවක් නැත. උතුරට ආවා එනවිට දකුණට පාතාලය තිබේ. උතුරේත් දකුණේත් දැරියෝ දූෂණය වෙති. උතුරේත් කප්පම්ය. දකුණේත් කප්පම්ය.

දකුණේ හාමුදුරුවරු හිට්ලර් කනෙක් ඉල්ලන විට උතුරේ විජයකලාට ප්‍රභාකරන් කෙනෙක් පිළිබද සිහිනය පෙනෙන්නට පටන් ගනී. එහි අදහස කුමක්ද? නීතියේ පාළනය රටට අවශ්‍ය බවයි. වත්මන් ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් අසමත් වී ඇති බවයි. භාවනා කරන්නට කියන පොලිස්පති වෙනුවට නීතිය නූලට ක්‍රියාත්මක කරවන පොලිස්පති කෙනෙක් රටට අවශ්‍ය බවයි. රාජකාරි නිසිලෙස නොකරන පොලීසිය පමණක් නොව අන් කවර ආයතනයක් වුව දෙපයින් සිටවිය හැකි ජනාධිපතිකෙනෙක් අගමැති කෙනෙක් අටට අවශ්‍යව ඇති බවයි. ඒ අතරම විජයකලා පවසන්නේ කුමක්ද යන්න පිළිබඳව ද මධ්‍යස්ථව කල්පනා කළ යුතුය. ගැහැනුන්ගේ අසීරුතා ගැහැනියකට මිස පිරිමින්ට නොවැටහෙන බව ඇය කියන්නීය. වයස හයක දැරියක් දූෂණය කර මරා දමා ඇති බවත් දැරියන් හව්හරණක් නොමැතිව දිවිනසාගන්නා තත්ත්වයක් උදා වී ඇති බවත් ඇය කියයි. ඇය කියන්නේ ගැහැනු ළමයින්ට පාසල්ගොස් නැවත නිවෙසට ආ හැකි තත්ත්වයක් උදාකළ යුතු බවයි.

තරුණයන් රැකියා නොමැතිව පාරවල්වල රස්තියාදු වන බවත් රැකියා නැතිකම හේතුවෙන් ඔවුන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බවත් ඇය පෙන්වා දෙයි. ඒ අතර ඇය එල්ල කරන බලවත් චෝදනාවක් වන්නේ 2009 මැයි 18න් පසුව දේශපාලකයන්, සිය වාහන වලින් මත්ද්‍රව්‍ය යාපනය එවා තිබෙනවාය යන්නයි. ඒ නිසා යාප‍නයේ මත්ද්‍රව්‍ය භාවිතය වැඩි වී ඇති බවත්ය.

යුද්ධය ඉවර කළ නමුත් ආණ්ඩුව උතුරේ වැන්දඹු පවුල්වලට කළ දෙයක් නැත. උපාධිය සම්පූර්ණ කළ උතුරේ තරුණ තරුණියන්ට ආණ්ඩුව කිසිත් කළේ නැත. ස්වදේශ කටයුතු ආමාත්‍යාංශයේ දත්ත අනුව උතුරුපළාතේ වැන්දඹු පවුල් 30000ක් සිටිති. ඔවුන්ට ආණ්ඩුවලින් දුන්නේ කුමක්දැයි විජය කලා විමසයි.

ඇගේ තවත් චෝදනාවක් වන්නේ යුද්ධයෙන් පුනරුත්තාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් 12.000ක් ඇතත් ඔවුනට ආණ්ඩුව කිසිවක් කර නොමැති බවයි. ඔවුනට උදව් කිරීමට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව ඉවත්කර ඇති බවයි. ඇය ප්‍රශ්න කරන්නේ එසේ වන්නේ, ඔවුන් ආයුධ අරන් සටන් කළ නිසාද යන්නයි.

උතුරට කිසිම රැකියාවක් ලැබී නැති බවත් ඇගේ කාර්යාලයට රැකියා පතා තරුණයන් දහස් ගණන් පැමිණෙන බවත්, දහස් වතාවක් අයදුම්පත් දී ඇතත් කිසිම රැකියාවක් ලැබී නැති බවත් ඇය කියයි. එපමණක් නොව ඇය චෝදනා කරන්නේ ඇමතිවරු උතුරු පළාතේ පුරප්පාඩු දකුණෙන් පුරවන අතර උතුරේ දරුවන් පොළේ එළවළු විකුණන බවටත් ගිය ආණ්ඩුවත් උතුරේ පුරප්පාඩු දකුණෙන් පිර වූ අතර මේ ආණ්ඩුවත් එයම කරමින් සිටින බවත් ඇය කියයි.

උතුරේ දරුවන්ට උතුරේ පුරප්පාඩු වලට රැකියා දිය යුතුය යන අගේ කියුම බොරුවක් ද? යුද්ධය පැවති උතුරට විශේෂ වැඩ සටහන් අවශ්‍ය බව ඇය නගන තර්කය සාධාරණ නැද්ද? උතුරට හැර අනෙක් පළාත්වලට විශේෂ වැඩනටහන් ක්‍රියාත්මක වන බවට ඇය නගන චෝදනාවට අපි සවන් දියයුතු නොවෙමුද?

උතුරු පළාත්සභාවට ඇය චෝදනා කරන්නේ ලැබෙන මදල් ප්‍රයෝජනයට නොගෙන ආපසු යවන බවත් මුදල් වලින් ජනතාවට සේවයක් නොවන බවත් කියමිනි. යහපාලන ආණ්ඩුව කරන්නේත් පරණ ආණ්ඩුව කළ දෙයම බව කියන ඇය පැවති ආණ්ඩුව ඉඩම් බලතල නොදුන්නා‍ සේම යහපාළන ආණ්ඩුව ද නොදෙන බව කියා සිටී.

සියල්ල එසේ තිබිය දී දකුණ සැරසෙන්නේ ඇ‍ගේ එල්.ටී.ටී.ඊ. කතාවේ එල්ලී තවත් ජාතිවාදි ගමණක් යාමට නම් රටේ අනාගතයට කුමක් සිදුවේදැයි කිය නොහැකිය, ආණ්ඩුවේ වගකීම වන්නේ ඇගේ කතාවේ එල්ලී යාමට උත්සාහ කරන්නට නොව ඇගේ ප්‍රශ්නපත්‍රයට යථාර්ථවාදීව සවන් දී ගැටලු නිරාකරණය කිරීමයි. එසේ නොකරන්නේ නම්, ආණ්ඩුව අද නොව වෙනත් මතු දිනක මතුවන ඊලාම් සටනකට මුහුණ දීමට සූදානම් වීම යහපත්ය.

විජයකලා කීවේ කුමක් ද?

චන්ද්‍රානි ශාන්ති බණ්ඩාවත්ත

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *