සැල්ෆෝනයාගේ ප්‍රෙස් රිලීස් එක
සීනුවේ අනුර 20 වැනි සංශෝධනය ඉදිරිපත් කිරීමට විරුද්ධව සැල්ෆෝන් විමලයා නිකුත් කර තිබුණු නිවේදනය කියවූ ඩබල් පාස්පෝට් බිරිය , විමලයාගෙන් ඇසුවේ , සාටක මැරෙනතුරු සිංහාසනේ ඉන්නට ගෙනා18 ත් අත ඉස්සූ ඔයා 20ට අකමැති වන්නේ කුමක් නිසාද කියාය .
එවිට සැල්ෆෝන් විමලයා කීවේ ,13 තිබියදී විධායකය අහෝසි කළොත් ඒකීය රාජ්‍යයට හෙණ හතකුත් තව එකක් ගසන බව පාස්පෝට් , හොර උප්පැන්න,දෙක තුන තබාගැනීමෙන් හිර ගෙදර දවසක් හෝ තපින්නට සිදුවනවාටත් වඩා වැඩිය ෂුවර් ඔයාගෙ අම්මපා කියාය.
එතකොට ඔයා සීනු පක්ෂයේ ලවුස්පීකර් ලේකම් වෙලා හිටි කාලයේ සැටලයිට් එක්කයි සාටක රජා එක්කයි විධායකය අහෝසි කරන්න ගිවිසුම් අත්සන් කරද්දී 13 වැනි සංශෝධනය තිබුණේ නැද්ද ?කියා ඩබල් පාස්පෝට් බිරිය ඇසුවාය.
මම සීනුවේ ලවුස්පීකර් ලේකම් වෙලාහිටිය බව මතකත් නැහැ. සැටලයිට් එක්ක, සාටක රජා එක්ක විධායකය අහෝසි කරන්න ගිවිසුම් ගහපු බව මතකත් නැහැ. එහෙම දේවල් වුණා නම් ඒකත් අනුරයාගේම කුමන්ත්‍රණයක් හරි කොන්තරාතුවක් හරි වෙන්න පුලුවනි , කියා එවිට සැල්ෆෝන් විමලයා ඇග බේරාගත්තේය.
වර්ධරාජා පෙරුමාල් ගෙන් රට බේරාගන්න පුලුවන් වුණේ 13 තිබුණ නිසා කියලා ඔයාගෙ පුවත්පත් නිවේදනයේ ලීවා කියලා ඔයාට මතකද? කියා ඩබල් පාස්පෝට් බිරිය ඇසුවේ, සැල්ෆෝන් විමලයාට මුල අමතක වන රෝගය බරපතල ලෙසම තිබෙන බව යලිත්වරක් තහවුරු වූ නිසාය
මට මොකද අමතක ? බඩවැඩිල්ලට පුරුදු පුහුණු වෙන කාලේ පත්තර වලට ලියපු පොර ටෝක් අමතක වුණාට, ඊයේ පෙරේදා ලියපු බඩගෝස්තර වචන අපූරුවට මතකයි, කියා සැල්ෆෝන් විමලයා එවිට නොබියව කීවේය .
ඒ වුණාට අනේ ඔයාලා ඒ දවස් වල පළා බබා අපට එපා කියලා පෙලපාලිත් ගියා නේද ? කියා ඩබල් පාස්පෝට් බිරිය ඇසූවිට; විමලයා කීවේ ,පළාත් සභාවේ තියෙන රහ ගැන ඒකාලේ නොදැන සිටි නිසා ඒවගේ අත්වැරදි සිදුවුණා වෙන්න පුලුවනි කියාය .
එතකොට ඔයා කියන්නේ 13 නපුරුද? ඩබල් පාස්පෝට් බිරිය නැවතත් ඇසුවේ ,දිව නැමෙන නැමෙන පැත්තට නරුවාදම් පවසන සැල්ෆෝන් විමලයා දැන් කීදේ නැහැයි කියන්නට දක්ශ බව දන්නා නිසාය .
නපුරුදත් අහලා, පවුලේ උන්ට ගෙවල් බෙදනවාටත් වඩා,තුමුල මාලිගා හදනවාටත් වඩා , පත්තර මහගෙදර කෙල්ලන්ට දුරකථන ටෝක් දානවාටත් වඩා,මුලින් කාපු සීනුවේ පතේ පහැරුවාටත් වඩා 13 නපුරුයි; අන්තිම නපුරුයි,නපුරුම නපුරුයි කියාය.
එතකොට සාටක රජා දහතුන ප්ලස් දෙන්න යෝජනා කරද්දී උපවාස නොකර, උද්ඝෝෂණ නොකර,පුවත්පත් නිවේදන නිකුත් නොකර බත් මුඛයයි, අධෝ මුඛයයි දෙකම වහගෙන හිටියේ ඔයා නෙවෙයිද කියා මෙවර ඩබල් පාස්පෝට් බිරිය ඇසුවාය .
ඇත්තටම සාටක උතුමාණන් 13 ප්ලස් කරලා දෙනවා කීවද? මට මතක නෑ! ආයේ ඒ වගේ කතා කියන්න එපා කියලා මම ඒ උත්තමයට වැදලා කියන්නම් කී සැල්ෆෝන් විමලයා ඊලඟට කීවේ , සාටකයා 13 ප්ලස් කරලා නෙවෙයි. මොනවා දුන්නත් අපටත් වවාගෙන ඉහගෙන කන්න දුන්නා , සීනු අනුරයා විස්ස ගෙනාවොත් ඊලඟට එන විධායකයාටවත් හේත්තුවෙලා ගතමනාවක් හොයා ගැනිල්ල අප්සට් යනවා. කියලා ඔයාගෙ ටිකිරි මොලේට වැටහෙන්නේ නැද්ද කියාය .
13 හින්දා ඒකීය රාජ්‍ය විනාශ නොවෙන්නේ විධායකය තියෙන නිසාය කියලා ඔයාලට ෂුවර්ද කියා නැවතත් ඩබල් පාස්පෝට් බිරිය ඇසුවාය.
නැතුව ආයේ වෙන මොකක් නිසාද? විධායකය නැත්නම් රටේ ඒකීය භාවය නැතිවෙලා, බුද්ධාගම ආයෙත් ඉන්දියාවටම ගිහිල්ලා ,මහවැලි ගග හම්බන්තොටින් මුහුදට වැටෙන්න පටන් අරන් , පිදුරුතලාගල මිටි වෙලා,මහ විනාශයක් වෙලා, රට සුනාමියකටත් යට වෙනවා; බුදුම බුදු ෂුවර් . සැල්ෆෝන් විමලයා කීවේය .
අනේ අපරාදේ! එවිට ඩබල් පාස්පෝට් බිරිය කීවාය .
මොකක්ද අපරාදේ ? ඒකීය භාවය විනාශ වෙන එකද? සැල්ෆෝන් විමලයා එවිට ඇසුවේය .
ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරපු ඔයාට දවස් ඔයාට මතකද? ඩබල් පාස්පෝට් බිරිය සැල්ෆෝන් විමලයාගෙන් ඇසුවාය .
මොකද මතක නැත්තේ; මට හොදට මතකයි.අම්මපා ඒ කාලේ තමයි කාලේ! ” අන්තිම දේශද්රෝහියාත් අන්තිම ඉන්දියන් සෙබලාගේ බඩවැලෙන් එල්ලා මරනාතුරු සටන් කරමු” කියලා තාප්ප වල ලියද්දි මගේ කකුල් හතරම වෙවුලලා සුලුදිය පහවුනේ බයට කියලද ඔයා හිතාන ඉන්නේ? සැල්ෆෝන් විමලයා කීවේය .
ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරන කාලේ ජේ.ආර් ජයවර්ධන අගමැති ද විධායකය ජනාධිපති ද? ඩබල් පාස්පෝට් බිරිය ඇසුවාය .
ඇයි මෙයා ඔයා දේශපාලනයේ මළ පොතවත් කියවලා නැද්ද ? කියවලා නැත්නම් අන්න මගේ ළග තියෙනවා ,අරන් කියව ගන්න, මටත් මේදවස් වල දේශපාලන මළ පොත කියවන්නයි වෙලා තියෙන්නේ. ඒ කාලේ ජේ.ආර්. ජයවර්ධන විධායක ජනාධිපති . සැල්ෆෝන් විමලයා උත්තර දුන්නේය .
එහෙම නම් ඔයා ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධ වෙලා, රටේ කොල්ලොත් මරලා දමලා,රටේ ජාතික ධනයත් විනාශ කරලා,හෙන ගහන අපරාධයක් කළේ බොරුවට නේද ? කියා ඩබල් පාස්පෝට් බිරිය ඇසුවාය .
ඔයාට ඔල්මාදෙද? එහෙම කියන්නේ කොහොමද ? සැල්ෆෝන් විමලයා වහා ඇසුවේය .
ඇයි අනේ විධායකය ජනාධිපති නිසා රටේ ඒකීය භාවය ආරක්ෂා වෙනවා නම්, විධායක ජනාධිපති පළාත් සභා ගිවිසුමට අත්සන් කරද්දී රට කඩනවට විරුද්ධව පෙලපාලි ගියේ අකේපුමාරුවකටද කියා ඩබල් පාස්පෝට් බිරිය ඇසූ විට සැල්ෆෝනයාගේ මුඛපූට්ටුවී කතාව ෆුල්ස්ටොප් වී ගියේය .
