ඇමති වජිරගේ ගාල්ලේ පුවත්පතට මැතිවරණ නීති හරස්වෙලා
ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන මහතා ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ප්‍රකාශයට පත්කිරීමට යන මැතිවරණ පුවත්පතට මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ නීති හරස් වී ඇති බව දැන ගන්නට ඇත.
පසුගිය කාලයේ දිස්ත්‍රික්කයේ සිදු වූ සංවර්ධන කටයුතු පිළිබඳව මෙම පුවත්පතට වාර්තා සැපයීමේ දී හා විශේෂයෙන්ම ඡායාරූප යොදාගැනීමේ දී මෙම ප්‍රශ්නය උද්ගත වී ඇත. එම අවථාවලට රජයේ නිලධාරින් සහභාගි වීමත් රජයේ නිලධාරින් එම ඡායාරූපවල වීමත් නිසා මෙම ප්‍රශ්නය පැන නැගී ඇත. ඇතැම් තැනක සංවර්ධන කටයුතු විවෘත කිරීමට ද දිසාපතිවරයා හෝ නිලධාරින් සහභාගිකරගෙන ඇත. ඔවුන් සිටින ඡායාරූප පුවත්පතට යෙදීම පිළිබඳව ගැටලුවක් මතුවී ඇති බව කියති.
ගාලු දිස්ත්‍රික්කයේ සිදු වූ රුපියල් මිලියන පන්දහසකට අධික මුදලක් වියදම් කළ සංවර්ධන වැඩ මෙම පුවත්පතට ඇතුළත් කිරීමට කටයුතු යොදා තිබිණි.
