බැසිල්ගේ දිවට බොරු කියන්න බැරි වූ මොහොතක් – භාතිය බරුකන්ද
‘‘ආණ්ඩුව කන්නේ බැසිල්’’ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පැවැති සමයේදී විමල් වීරවංශ ඇතුළු කල්ලිය දිගින් දිගටම අවධාරණය කරමින් සිටියේ ඉහත සඳහන් කතාවය. ඒ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ඇතුළු රාජපක්ෂ ආණ්ඩුවේ බිම් මට්ටමට බැසිල් වීරයෙකු වන විට විමල්ලා ඇතුළු ආණ්ඩුවේ ප්‍රබලයින් අති බහුතරයකගේ දුෂ්ඨයා වූ නිසාය.
එදා විමල්ලාට බැසිල් දුෂ්ඨයෙකු වීමට කරුණු කාරණා ඕනෑවටත් වඩා තිබුණේය. ඒ අතර බැසිල් විසින් ආණ්ඩුව තුළ දරන ලද මූල්‍ය ආධිපත්‍ය සේම ශ්‍රීලනිපයේ බිම් මට්ටම වන ප්‍රාදේශීය සභා දේශපාලනඥයින් අතර හිමිකර ගෙන සිටි බලවත් තත්ත්වය ද ප්‍රධාන හේතුවක් වී තිබුණේය.
බැසිල් ශ්‍රීලනිපයේ බිම් මටට්ම දිනාගත්තේ විමල්ලා, දිනේෂා මෙන් ජාතික තලයේ දේශපාලනයක් කර නොව රා්‍ය සම්පත් අත දිග හැර වියදම් කිරීමට හැකියාව තිබූ නිසාය. රටේ සමස්ත රාජ්‍ය වියදම්වලින් සියයට 60කට ආසන්න ප්‍රමාණයකට හිමිකම් කී බසිල්ගේ ‘‘ආර්ථික සංවර්ධනය අමාත්‍යාංශය’’ අතදිග හැර මේ බිම් මට්ටම නඩත්තු කිරීම සඳහා මුදල් පොම්ප කළේය. ‘‘ගම නැඟුම, මග නැඟුම, ගෙවතු වගා දස ලක්ෂය’’ ‘‘උතුරු වසන්තිය, නැෙඟනහිර නවෝදය’’ ඇතුළු ආණ්ඩුවට ගමට ගිය සෑම ව්‍යාපෘතියක් සඳහාම නායකත්වය දුන්නේද, ‘‘සංවර්ධන සහකාර’’ නමින් බෞතීස්ම කළ උපාධිධාරීන් 20,000කට අධික පිරිසකට ඍජුව නායකත්වය දුන්නේ ද බැසිල්ගේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිසා බිම් මට්ටමේ දේශපාලනය තිබුණේ බැසිල්ගේ අතේය. ගමේ ගොඬේ පාරේ, බොක්කුවේ සිට පන්සලේ ගන්ඨාර කුළුණ ඉදිකිරීම, මෑ ඇටයේ සිට මහන මැෂිම දක්වා සහනාධාර බෙදීම ආදිය සිදු වුණේ, අධීක්ෂණය වුණේ බැසිල් හරහා හෙයින් එදා රාජපක්ෂ ආණ්ඩුවේ ප්රබලයින්ට බැසිල් මගහැර ගමට යාමට හැකියාවක් තිබුණේම නැත. එනිසා ශ්‍රීලනිපයේ ප්‍රබලයින්ගේ සේම ආණ්ඩුවේ ප්‍රබලයින්ගේ ද ඉරිසියාවට හා කෝපයට බැසිල් ලක් වුව ද ඒ ගැන ඔවුන්ට කළ හැකි කිසිවක් තිබුණේ නැත. මන්ද ‘‘රාජපක්ෂ පවුල’’ මැදිකරගත් රාජපක්ෂ රේජිමයේ දේශපාලන න්‍යාය පත්‍රය තුළ ‘‘මහින්ද-බැසිල්-ගෝඨා’’ බල පිරිමිඩය සියල්ලටම ඉහළින් ප්‍රශ්න කළ නොහැකි තැනක සිටි නිසාය. මේ ත්‍රිත්වය විසින් රට වට කොට, පක්ෂය වට කොට සදාකාලික ‘‘රාජපක්ෂ පවුල් පාලනයක් ’’ ස්ථාපිත කිරීමට අවශ්‍ය සියලූ දේ කර තිබූ නිසාය. මේ තත්ත්වය තුළ ‘‘බැසිල් ආණ්ඩුව කනවා’’ යැයි මැසිවිල් නගනවා හැරෙන්න තැන තැන කංකෙඳිරි ගානවා හැරෙන්නට විමල්ලාට, දිනේෂ්ලාට කළ හැකි කිසිවක් තිබුණේ බැසිල්ගේ පානෙන් එළිය බලමින්, බැසිල්ගේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයෙන් ලැබෙන කට්ටක් ලෙව කමින් දේශපාලනය කිරීමට පමණය. බැසිල් ආණ්ඩුව කන කොට විමල්ට, දිනේෂ්ලාට කටුව ලෙව කන්න සිද්ධ වුණේ එහෙමය.
මහින්දව කෑවේ බැසිල්
සදාකාලික බලයක් ගැන සිහින දකිමින් සිටි මහින්ද රාජපක්ෂ 2015 ජනවාරි 08 වැනිදා ජනාධිපතිවරණයට යන්නේ ‘‘බැසිල්ගේ ගමේ හයිය’’ ගැන තිබූ තිර විශ්වාසය නිසාය. බැසිල් විසින් ආර්ථිකය හදා ඇති බව විශ්වාස කළ නිසාය.
එහෙත් මහින්දට වැරදුණේ, ආණ්ඩුවට වැරදුණේ, ශ්‍රීලනිපයට වැරදුණේ එතැනය. තමන්ගේ ද, රටේ ද පර්ස් එකෙන් හිතූ හැටියට වියදම් කරමින් බැසිල් කර තිබූ කෙන්ගෙඩියක් නැති බව මහින්දට පෙනුණේ ජනවාරි 9 වැනිදාට එළිවේද්දීය. බැසිල්ගේ ගම මෛත්‍රීට ගොස්ය. අඩුම ගානේ බැසිල් තමන්ගේ නින්දගම වශයෙන් තබා ගෙන සිටි ගම්පහින් පවා මහින්ද පරාදය. බැසිල්ගේ උතුරු වසන්තය, නැගෙනහිර නවෝදය මහින්දට පාරාවළලක්ව තිබුණේ උතුරු නැගෙනහිරින් මහින්දට ඇපත් නැති කරමිනි. ජනවාරි 09 වැනිදා පරාජිත ජනපති මහින්ද මැදමුලනට පල්ලම් බැස්සේ බැසිල්ගේ ආර්ථික සංවර්ධනයේ අනුහසට පින් සිදුවන්නටය.
පරාජිත මහින්ද රාජපක්ෂ යළි හම්බන්තොට මැදමුලනට පල්ලම් බසින විට බැසිල් යළි තම සුපුරුදු තැන සොයා ඉඟිල්ලූණේය. 2005 මහින්ද බලයට එනතුරු වසර ගණනාවක් ජීවත් වූ තැනටය. ඒ ඇමෙරිකාවටය.
‘‘ලෙව්කේ මැතිඳු අද තනියම වෙළ මැද්දේ’’ යැයි එදා ගැමි කවියා කීවා සේ මහින්ද මැදමුලන වලව්වේ කම්බිකූරු අල්ලා ගෙන ‘‘දැන් ඉතිං ගිය නුවණ ඇතුලන් ලවාවත් අද්දවන්න බෑ’’ යැයි සුසුම් හෙළද්දී බැසිල් යළිත් කුරුල්ලෙකු සේ ඇමෙරිකාවේ රවුම් ගැසුවේය.
‘‘මහින්දව කෑවේ බැසිල් ’’ ජනාධිපතිවරණ පරාජයේ වගකීම එදා රාජපක්ෂ පවුල තුළින් ද ඍජුව එල්ල වූයේ බැසිල්ට බව මාධ්‍ය වාර්තා කළේය. ඒ කතාව ගැන කිසිවකු පුදුම වූ බවක් ද පෙනුනේ නැත. ඒ එය එතරම් යථාර්ථයක් බව සියලූ දෙනා දැන සිටි නිසාය.
මහින්ද සමග යළි නැගිටීම
පරාජිත මහින්ද රාජපක්ෂ පරාජයේ වේදනාවද, පරාජය සමග එන නින්දාව ද උහුලා ගනිමින් සිටියදී මහින්දව, මහින්දගේ ආණ්ඩුව කෑ බැසිල් ඇමෙරිකාවට වී කුමක් කළේ දැයි කිසිවකු දන්නේ නැත. එහෙත් ඩලස්ලා, විමල්ලා, දිනේෂා මහින්ද අත හැරියේ නැත. මැදමුලනට වී තැවෙමින්, දැවෙමින් සිටි මහින්දගේ හිත හදන්න බස් පිටින් ශ්‍රීලංකාකාරයින් මැදමුලනට කැන්දාගෙන යාමේ ව්‍යාපෘතියක් ඔවුන් පටන් ගත්තේ මහින්දගේ හිත හදන්නය. ‘‘මහින්ද සමග යළි නැගිටිමු’’ දේශපාලන ව්‍යාපෘතිය එළියට එන්නේ ඒ අනුවය. අවසානයේ ‘‘මහින්ද සමග යළි නැගිටීම’’ අවසන් වුණේ රටේම ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා බවට පත් කිරීම සමගිනි. සිතූ ලෙසම මහින්ද සමග විමල්ලා, දිනේෂ්ලා, වාසුලා, උදයලා නැගිට තිබුණේය. එය වෙනම කතා කළ යුතු දෙයක් වුවත් අවධාරණය කළ යුත්තේ ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් පරාජය වී ඉතාම කෙටි කාලයකින් කිසියම් දේශපාලන පක්ෂය විසින් මහ මැතිවරණයකින් 2015 අගෝස්තු 17 වැනිදා ශ්රීලනිපය තරම් ජයග්‍රාහී ආසන සංඛ්‍යාවක් දිනාගෙන නැති බවය. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපති පදවිය පවා අභියෝගයට ලක් කළ, රනිල් වික්‍රමසිංහ මහතාට එජාප ආණ්ඩුවක් පිහිටුවීමේ අවස්ථාව අහිමි කළ ශ්‍රීලනිපයේ දැවැන්ත ජයග්‍රහණය පිටුපස සිටි ප්‍රධාන බලවේගය වූයේ විමල්, දිනේෂ්, වාසු, උදය ඇතුළු කල්ලියය.
විමල්ලා, දිනේෂ්ලා එදා මහින්ද සමග යළි නැගිටීම සඳහා ඍජුව හා තීරණාත්මක ලෙස භාවිත කළ දේශපාලන තුරුම්පුව වූයේ ජනාවරි 08 වැනිදා තීරණාත්මකව පරාජය වුව ද ‘‘සිංහල බෞද්ධ ජාතිවාදය’ ම පමණය. ඒ තුළ වූයේ ‘‘රණවිරුවන් පවා නොදීම’’ ‘‘දිනාගත් නිදහස පවා නොදීම’’ වැනි දකුණේ සිංහල බෞද්ධ ලේ යළි යළි රත්කළ හැකි සටන් පාඨය. එසේම ‘‘රට බෙදීම’’ ‘‘රණවිරුවන් ජාත්‍යන්තර දංගෙඩියට ගෙන යාම’’ ඇතුළු පරණ තැටිය යළි යළිත් වැයීමට ඔවුන් බියක් හෝ චකිතයක් දැක්වූවේ ද නැත. දක්වන්නේ ද නැත. එය මේ මොහොත දක්වාම අඛණ්ඩව හා තීව්රරව සිදුවන්නේ රාජපක්ෂ කල්ලියට ඉන් බාහිර දේශපාලනයක් සේම සිතීමක් ද නැති නිසාය. එසේම ඒ තැටිය වාදනය කළ විට ‘‘චූන්’’වන සැලකිය යුතු පිරිසක් ද රට පුරා සිටින නිසාය. කොටින්ම රාජපක්ෂ රෙජිමයේ සියලූ ආකාරයේ ප්රජාපීඩනයන්ද, ¥ෂණයන් හා මර්ධනයන් ද අපූරුවට වසා තිබූ පිරුවටය වන්නේ ‘‘රණවිරුවන්’’ සහ ‘‘යුද ජයග්‍රහණය’’ ය. 2005 සිට 2015 දක්වා මහින්ද රාජපක්ෂ බලය දිනා ගත්තේ ද මේ දක්වා නොවැටී සිටින්නේ ද මේ ‘‘රණවිරු පිරුවටය’’ නිසාය. එහි ආරක්ෂාව හා අනුහස ලබන නිසාය.
රණවිරු පිරුවටය
මහින්ද රාජපක්ෂ ඇතුළු රෙජිමයට රණවිරුවන් පිරුවටයක් සේ භාවිත කිරීමට අවස්ථාව සලසා දුන්නේ යුද සමයේ ශ්‍රී ලංකාව තුළ ‘‘යුද අපරාධ’’ සිදු වූ බවට ජාත්‍යන්තරයෙන් එල්ල වූ ප්‍රබල චෝදනාවයි. එක්සත් ජාතීන් ඇතුළු ජාත්‍යන්තර සංවිධානද, චැනල් ෆෝ ඇතුළු ජාත්‍යන්තර ජනමාධ්‍ය ද මේ අතර සිටියේය. ලංකාවේ දමිළ ජනතාවගෙන් සේම දමිළ ඩයස්පෝරාවෙන් ද මේ චෝදනාව දැඩිව එල්ල වුණේය. යුධ ජයග්‍රහණයේ උණුසුම යන්නටත් පෙර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂම හමුවේ වග උතත්ර බඳින්න පමණක් නොව එහි චූදිත තත්ත්වයට පත්වන්නට ද ශ්‍රී ලංකාවට සිදුවන්නේ මෙකී යුද අපරාධ චෝදනා නිසාය.
ජාත්‍යන්තර ශ්‍රී ලංකා හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල කරන විට රාජපක්ෂ රෙජිමය දැඩිව අවධාරණය කළේ ‘‘අපි කළේ මානුෂික මෙහෙයුමක් ’’ පමණයි. ඒක ‘‘එක් අතකින් මානව හිමිකම් ප්‍රකාශයත්- තවත් අතකින් තුවක්කුවත් ගෙන කළ යුද්ධයක්. අපි යුද්ධ කළේ ලෝකේ භයානයක ත්‍රස්තවාදී සංවිධානයට එරෙහිව. ඒ නිසා කිසිදු මානව හිමිකම් කෙළසීමත් සිදු වෙලා නැහැ’’ යන්නය.
යුද්ධයේදී යුධ අපරාධ සිදුව නැති බව අවධාරණය කිරීමට ද, මානව හිමිකම් කොම්ෂම ඇතුළු ජාත්‍යන්තරය සතුටු කිරීමට ද මහින්ද රාජපක්ෂ කළේ ප්‍රථමයෙන්ම ‘‘උඳුලාගම කොමිෂමත්’’ ඊට පසුව වඩාත් පුළුල් හා පිළිගැනීමත් ඇති ‘‘උගත් පාඩම් හා ප්රතිසන්ධානය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂම’’ පත් කිරීමය. 2010 මැයි මාසයේදී පත් කළ මෙම කොමිෂම 2010 අගෝස්තු 11 වැනිදා සිට 2011 ජනවාරී 31 වැනිදා දක්වා කාලයක් පුරා උතුරු- නැගෙනහිර ජනතාව, සිවිල් සංවිධාන ඇතුළු පුළුල් සාක්ෂි විමසීම් මගින් උගත් පාඩම් හා ප්රතිසන්ධාන කොමිෂන් සභා (එල්.එල්.ආර්.සී* වාර්තාව සම්පාදනය කළ අතර එය 2011 දෙසැම්බර් 16 වැනිදා ප්‍රකාශයට පත් කළේය.
සිදු විය යුතු ආකාරයෙන්ම මෙම වාර්තාව මගින් ‘‘ආරක්ෂක හමුදා මගින් මානුෂීය නීතිය කඩ නූවූ බව කොමිෂම නිගමයනය කරයි’’(9.6* යනුවෙන් සිය නිර්දේශ ලබා දුන්නේය.
මේ ආකාරයෙන් මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තරයේ ඇස් වැසීමට සේම කට වැසීමට ද පියවර ගත්තේ ‘‘මානුෂික මෙහෙමුමේදී’’ මෙන්ම ඊට පසුව ද රණවිරුවන් අතින් කිසිදු ආකාරයක යුද අපරාධයක් නොව අපරාධයක් පවා සිදු නොවූ බව ජාත්‍යන්තරයට සේම රටට ද කියා සිටීමටය.
මෙහිදී මහින්ද රාජපක්ෂ රෙජිමය විසින් ඉතාමත් වංචා සහගත ක්‍රියාවක් කළ බව අප වටහා ගත යුතුය. ඒ ජාත්‍යන්තරය විසින් හෝ මෙරට දමිළ ජනතාව විසින් ‘‘සමස්ත ශ්‍රී ලංකා හමුදාවට’’ යුද අපරාධ චෝදනා එල්ල කරන බව අවධාරණය කරමින් කළ මහා වංචාවය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂම, කුප්‍රකට චැනල් ෆෝ ඇතුළු පාර්ශ්ව කිසිදු අවස්ථාවක සමස්ත ශ්‍රී ලංකා හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල නොකළේය. චෝදනා එල්ල වූයේ ‘‘ඇතැම් සිදුවීම්’’ සම්බන්ධයෙනි.
උදාහරණයක් ලෙස ප්‍රකට ‘‘සුදු කොඩි කතාව’’ ‘‘මුතූර් හිදී රතු කුරුස සංවිධානයේ ක්‍රියාකාරීන් 17 දෙනකු ඝාතනය කිරීම’’ වැනි සිදුවීම් සේම පසුගිය දා හිටපු යුධ හමුදාපති ජගත් බාලසූරිය ඇතුළු ‘‘යම් පිරිසකට හෝ පුද්ගලයින්ට’’ එල්ල වූ යුද චෝදනා රාජපක්ෂ රෙජිමය ඉතාම සටකපට හා තීක්ෂණ ආකාරයෙන් සමස්ත හමුදාවම හා ඊට දේශපාලනය නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ ඇතුළු සමස්ත ආණ්ඩුවම වටා නාභිගත කළේය. ‘‘මහින්දව විදුලි පුටුවට ගෙන යන්න හදනවා’’ ‘‘යුද්ධය දිනාදුන් රණවිරුවන් විදුලි පුටුවට ගෙන යන්න හදනවා’’ යන ඝෝෂාව නිර්මාණය කළේ මේ සටකපට ව්‍යාපෘතියේ වුවමනාවටය. කොටින්ම මෙහිදී සිදු වූයේ දේශපාලන නායකත්වයේ, පරිපාලන නායකත්වයේ හෝ හමුදා නායකත්වයේ පුද්ගලික ඉල්ලීම් හෝ න්‍යාය පත්‍ර සිදු වූ ඉතාම පටු සහ අවස්ථාවාදී සිදුවීම් සමස්ත හමුදාව වෙතම නාභිගත කිරීමය. මෙය අපට අවශ්‍ය නම් 1971 ජනතා විමුක්ති පෙරමුණේ කැරැුල්ල මර්ධනය කළ සමයේ සිදු වූ ප්‍රකට ‘පේ‍්‍රමවතී මනන්පේර් ඝාතනය’’ සමග හෝ 1988-89 කැරැුල්ල මර්ධනය සමයේ සිදු වූ ‘‘සූරියකන්ද සමූහ ඝාතනය’’ සමග සැසදිය හැකිය. ඒවා හමුදා හෝ දේශපාලන නායකත්වයේ ඉල්ලීම මත නොවූ යුද්ධය මුවාවෙන් සිදු වූ පුද්ගලික අපරාධය. එදා ද ඒවා සමස්ත හමුදාව මත පැටවීමට ජනතාව හෝ මෙම ඝාතන සිදුකළ අපරාධකරුවන් ආරක්ෂා කිරීමට දේශපාලනඥයින් හෝ පියවර ගත්තේ නැත. ඔවුන් තම දේශපාලන පැවැත්ම සඳහා පළිහක් කර ගත්තේ ද නැත. සිදු වූයේ අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමය.
එහෙත් ඉතා සටකපට ලෙස හා තීක්ෂණ ලෙස මහින්ද රාජපක්ෂ රෙජිමය කළේ ‘‘කුඩු කෑ එකාගේ නහය දනවා’’ සේ යුද සමයේ සිදු වූ බවට චෝදනා එල්ල වන සියලූ දේ සමස්ත හමුදාවේ ගිනුමට බැර කළ ඒවා දේශපාලන වාසිය හා පැවැත්ම වෙනුවෙන් යොදා ගෙන ඒ පිරුවටයෙන් බලය රැුක ගැනීමට තැත් කිරීමය. ‘‘යුද ජයග්‍රහණය නැවැති කිරි කළයට ගොම මුසු කිරීම’’ යනුවෙන් බොහෝ දෙනකු මේ දක්වා හඳුන්වන්නේ මෙම සිදුවීමය.
මහින්දගේ රෙදි ගැලවීම
ජනපතිවරණ පරාජයේ ඍජු වගඋත්තරකරුවා වෙමින් පරාජය සමග පැනගිය, අද නඩු පිට නඩු වැටී උදේ සවස උසාවි ගානේ බඩගාන හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ අද උතුරේදී ජනමාධ්‍ය හමුවේ ප්‍රසිද්ධියේ ගලවා දැමුවේ මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ඊනියා ඒකාබද්ධ කල්ලිය කාලයක් පුරා ඇඳගෙන සිටි මේ ‘‘රණවිරු පිරුවටය’’ය.
අද බැසිල් උතුරේදී කියන්නේ ‘‘අපගේ හමුදාව අපරාධ සිදු කළා යැයි මා සිතන්නේ නැහැ. නමුත් යම් යම් පුද්ගලයින් කරන්න ඇති. මේවා යුද අපරාධ නොවෙයි. අපට මේවා අපරාධ යැයි කිව හැකියි’’
බැසිල් කියන්නේ ඇත්තය. ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදු කළ බවක් ජිනීවා මානව හිමිකම් කොමිෂම ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව ද උතුරේ දමිළ ජනතාව ඇතුළු දමිළ ඩයස්පෝරාව ද කියන්නේ නැත. අවසන් සටනේ අවසන් මොහොතේදී පුදුමාලතන් සිට නන්දිකඩාල් කළපුව හරහා පැන ආ දමිළ ජාතිකයින් හමුදාව විසින් පිළිගත් ආකාරය, ඔවුන් රැුකබලා ගත් ආකාරය මේ කිසිවකුට කිසිසේත් අමතක නැත. එය ගෞරවනීය කටයුත්තක්, අති මානුෂික කටයුත්ක් බව පිළිනොගැනීමට තරම් කිසිවකු කුහක ද නැත. මෙහිදී කුහක වී ඇත්තේ රාජපක්ෂ රෙජිමය පමණකි. කප්පම් ගැනීමට කළ පැහැර ගෙන යාම්, ඉහළ නිලධාරීන්ගේ පුද්ගලික වුවමනා එපාකම් සහ දේශපාලන අවශ්‍යතා මත කළ පැහැර ගැනීම් හා ඝාතනය කිරීම් කිහිපයක් සමස්ත හමුදාවේම ගිනුමට බැර කළේ රාජපක්ෂ රෙජිමය මිස වෙන කිසිවෙක් නොවේ. තමන්ගේ දේශපාලන පැවැත්ම වෙනුවෙන් සමස්ත හමුදාවේම අභිමානය, කීර්තිය බිලි දුන්නේ ඔවුන්ම විසිනි.
අද බැසැලි කියන කතාව රාජපක්ෂ රෙජිමයට බුමරංගයක් වී ඇත්තේ මේ පදනම තුළය. ‘‘නමුත් යම් යම් පුද්ගලයින් කරන්න ඇති. මේවා යුද අපරාධ නොවෙයි. අපට මේවා අපරාධ යැයි කිව හැකියි’’
මෙරට දමිළ ජනතාව පමණක් නොව අති බහුතරයක් ජනතාව ද ජාත්‍යන්තර ද කියන්නේ ‘‘යම් යම් පුද්ගලයින් කළ අපරාධවලට’’ යුක්තිය ඉටුකළ යුතු බවය. එහෙත් ප්රශ්නය වන්නේ බැසිල්ගේ භාෂාවෙන් කියන මේ ‘‘යම් යම් පුද්ගලයින් කළ අපරාධ’’ මොනවාද ? ඒවා කළේ කාගේ වුවමනාවටද ? කවුරුන් වෙනුවෙන් ද ? යන්නය. මන්ද ‘‘යම් යම් පුද්ගලයින් අපරාධ කර’’ ඒවාට දඬුවම් නොවිඳ නිදැල්ලේ සිටීම කිසිසේත් යුක්ති සහගත නැත. එය මනුෂ්‍යත්වයට සේම ජනවාරි 08 ජනතා ඉල්ලීම්වලට ද එකඟ නැත.
බැසිල් හිතන හැටි
මෙම ලේඛකයාගේ පුද්ගලික නිරීක්ෂණය වන්නේ යුද්ධය සම්බන්ධයෙන් කිසිදු වගකීමක් හෝ වගවීමක් නැති, හමුදාවට හෝ ඒ හා සම්බන්ධ ආයතනවලට කිසිදු වගකීමක් නොමැති බැසිල් රාජපක්ෂට අති සංවේදී මේ කාරණයෙන් පහසුවෙන් ගැලවී යා හැකි බවය. ඒ බැසිල් ජාත්‍යන්තරය හෝ දමිළ ජනතාව කියන ආකාරයේ කිසිදු අපරාධයක් සිදුකර නොමැති නිසාය. අද බැසිල් උදේ හවස ගාටන්නේ ජාත්‍යන්තර යුධ අධිකරණයට නොව ඔහු විසින් කළ බවට චෝදනා ලැබ ඇති මූල්‍ය අපරාධ ගැන පරීක්ෂණ කරන අධිකරණ වෙතය.
යුද අපරාධ නොවුණත් යම් යම් පුද්ගලයින් විසින් කළ අපරාධවලට එරෙහිව දේශීයව හෝ ජාත්‍යන්තර නීතිය ක්‍රියාත්මක වුවහොත් ඒවාට ගාටන්න සිදුවන්නේ යුද්ධයට නායකත්වය දුන්, ඒ ආයතන පරිපාලනය කළ මහින්ද රාජපක්ෂට වඩා ගෝඨාභය රාජපක්ෂටය.
මහින්දට යළි ජනපතිකම් කළ නොහැකි කල, ඊළඟ වර්ණවත්ම අපේක්ෂකයා වශයෙන් නිතරඟයෙන් තැන ලබා සිටින ප්‍රබලම තරගකරුවා ක්‍රිඩාවෙන් ඉවත් කළ හැකි නම් කොතරම් පහසුවක්ද ? අද බැසිල් අඳින්නේ ‘‘සුභ සහ යසගේ’’ කවර භූමිකාවට දැයි මේ අනුව අපට තීරණය කළ හැකිය.
‘‘නමුත් යම් යම් පුද්ගලයින් කරන්න ඇති. මේවා යුද අපරාධ නොවෙයි. අපට මේවා අපරාධ යැයි කිව හැකියි’’ බැසිල් කියන්නේ පසුගිය කාලය පුරාම මුළු රටම කී කතාවකි. අද බැසිල්ට එරෙහිව විමල්ලා, දිනේෂ්ලා කටක් නාරින්නේ මේ ‘‘යම් යම් පුද්ගලයින් කළ අපරාධ සහ ඒවා කළ වුන් කවුදැයි දන්නා නිසා මිස වෙන කිසිවක් නිසා නම් නොවේ.
සටහන
භාතිය බරුකන්ද
