“රණවිරුවන්ට” එරෙහිව සාක්ෂි දෙන්න ගෝඨාභය පෙත්සමකට අත්සන් තබයි

 

 

ඒකාබද්ධ විපක්ෂය රණවිරුවන් ලෙස හදුන්වනු ලබන හිටපු හමුදාපතිවරයකු ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් දෙදෙනෙකු සහ නිලධාරියකුට එරෙහිව සාක්ෂි ලබාදීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බරපතළ වංචා දූෂණ සහ රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳ පරීක්ෂණ පවත්වන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ ඊයේ (10) දිව්රුම් පෙත්සමකට අත්සන් තැබීය.

හිටපු යුදහමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක, මේජර් ජෙනරාල් උදය පෙරේරා, මේජර් ජෙනරාල් හතුරුසිංහ, හිටපු ආරක්ෂක අතිරේක ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහත්වරුන්ට එරෙහිව සාක්ෂි ලබාදීමට සාක්ෂිකරුවකු ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා දිව්රුම් පෙත්සමට අත්සන් තබා තිබේ.

රාජපක්ෂ පාලන සමයේදී අධිආරක්ෂිත කලාපයේ පිහිටි කන්කසන්තුරේ සිමෙන්ති කම්හලින් රුපියල් කෝටි ගණනක යකඩ කපා පිටකිරීමේ මහා පරිමාණයේ වංචාවක් පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසම විමර්ශනයක් සිදු කරගෙන යනු ලැබේ. ඊට අදාළ වගඋත්තරකරුවන් ලෙස හමුදා නිලධාරීන් සහ සිවිල් නිලධාරියකු කොමිසම විසින් ‍නම් කර තිබේ.

මෙම යකඩ තොගය කපා ඉවත් කරන ලෙසට රාජපක්ෂ මහතා උපදෙස් දුන් බවත් එම උපදෙස් පිළිබඳ තමා ලිඛිත සටහනක් තබා තිබෙන බව හිටපු ආරක්ෂක අතිරේක ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා කොමිසම හමුවට ප්‍රකාශ කර තිබේ. ගෝඨාභය රාජපක්ෂ මහතා තම දිවුරුම් පෙත්සමින් කියා ඇත්තේ යකඩ කපන්න තම උපදෙස් නොදුන් බවයි .

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *