තෙලේ බලේ කුමක් කළේ – භාතිය බරුකන්ද
ඛනිජ තෙල් සංස්ථා වෘත්තීය සමිති මහා වැඩවර්ජනයකට සූදානම් බව පසුගිය දා නිවේදනය කළේය. තම වැඩවර්ජනය සමග රටේ සියලූ ආර්ථික හා එදිනෙදා සාමාන්‍ය ජනජීවිතය බිඳ වැටෙනු ඇතැයි වහසිබස් දොඩවන ඛනිජ තෙල් වෘත්තීය සමිති තම වැඩවර්ජනය සාධාරණීකරණය කිරීමට වෑයම් කරන්නේ ‘කිතුලට නැග්ග මිනිහාගේ න්‍යාය’ භාවිත කරමිනි. මේ තත්ත්වය හමුවේ මෙම වැඩවර්ජනයේ අරමුණු හා සැඟවුණු න්‍යාය පත්‍ර ගැන පැහැදිලි දැනුවත් වීම ජනතාව වෙත ලබාදීමට සිදුව තිබේ.
බල අපයෝජනය
ලංකාවේ ඛනිජ තෙල්, විදුලි බලය, ලංගම, දුම්රිය, වරාය වැනි සංස්ථා හා මණ්ඩල සැලකිය හැක්කේ දේශපාලන පත්වීම්ලාභීන්ගේ ගුබ්බෑයම් වශයෙනි. රජයේ බොහෝ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවලට ජාතික මට්ටමේ විභාග පැවැත්වීම මගින් විධිමත් ක්‍රමවේදයන් මත අදාළ බඳවා ගැනීම් සිදු වුව ද ඛනිජ තෙල් වැනි සංස්ථා සැලකිය හැකි වන්නේ ආණ්ඩු මාරු සමග තොග ගණනින් එළියට දමන හා ඇතුළට ගන්නා දේශපාලන පක්ෂ කාර්යාල වශයෙනි.
දැවැන්ත ලෙස දේශපාලනීකරණය වී ඇති මෙම ආයතන අවාසනාවකට මෙන් එදිනෙදා ජනජීවිතයේ මෙන්ම සමස්ත ආර්ථික කාර්යයේ අත්‍යාවශ්‍ය ආයතන වේ. මෙම ආයතන වල සිදුවන එක් සේවා ඇණහිටීමක් මොහොතකින් සමස්ත ආර්ථිකය හා ජන ජීවිතය කඩාකල්පල් කරමින් රටම කාලකණ්නි කරන්නේ ‘අත්‍යවශ්‍ය සේවා’ යන නාමකරණය හේතුවෙනි.
මෙ නිසා තම පුද්ගලික වෘත්තීය අයිතීන් ( වැටුප් වැඩිකර ගැනීම වැනි * දිනා ගැනීම සේම බොහෝ විට පටු හා අවස්ථාවාදී දේශපාලන න්‍යාය පත්‍ර අනුව ක්‍රියාත්මක වීම ( සයිටම් වැනි * සිදුවන සෑම අවස්ථාවකදීම මෙම ආයතනවලට අයත් වෘත්තීය සමිති ‘වැඩවර්ජන’ නම් අවසන් අවියම අත්තනෝමතිකව භාවිත කිරීම හා එම බලය අපයෝජනය කිරීම ඉතාමත් සුලභ තත්ත්වයකි.
වත්මන් තත්ත්වය
ඛනිජ තෙල්, විදුලිබල, වරාය වැනි අත්‍යවශ්‍ය රාජ්‍ය ආයතනවල වෘත්තීය සමිතිවල වත්මන් ක්‍රියාකාරීත්වය සමාජයේ දැඩි විවේචනයට ලක් වන්නේ මෙවැනි තත්ත්වයක් තුළදීය. මෙහිදී සමාජය දැඩිව හා විවේචනාත්මකව ප්‍රශ්න කරමින් සිටින්නේ ඛනිජ තෙල් ඇතුළු මේ රාජ්‍ය සංස්ථා හා මණ්ඩල වල වර්තමානයේ මේ ආකාරයේ දැවැන්ත වැඩවර්ජන රැුල්ලක් ක්‍රියාත්මක වන්නේ කුමන පදනමකින් ද ? යන්නයි.
මේ තත්ත්වය ගැන මෙම ලියුම්කරු සමග අදහස් දැක්වූ වෘත්තීය සමිති ව්‍යාපාරයේ ප්‍රබලයින් කිහිප දෙනකු කියා සිටියේ මෛත්‍රීපාල සිරිසේන – රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව බලය දිනාගත් අවස්ථාවේදී ක්‍රියාත්මක වූ ‘මහත්මා ස්වභාවය’ වර්තමානයේ මෙම වෘත්තීය සමිති හා ඇතැම් පුද්ගලයින් බලවත් හා අත්තනෝමතික කිරීමට හේතු වූ බවයි. එහිදී ඔහු අවධාරණාත්මකව කියා සිටියේ ආණ්ඩු මාරුවක් සමග සිදුවන දේශපාලන පළිගැනීම්, පළවා හැරීම් හා දණ්ඩනයට ලක් කිරීම් වැනි කිසිවක් 2015 ජනවාරී 08 ආණ්ඩු වෙනස සමග සිදු නොවූ නිසා මෙම අවාසනාවන්ත තත්ත්වය උදා වී ඇති බවයි.
1994 සිට දැවැන්ත ලෙස ශ්රීලනිපකරණය වූ මෙම ආයතන සේවකයින් අති බහුතරය මේ අවස්ථාවේදී යහපාලන ආණ්ඩුව බිඳ දැමීමේ පිපාසයෙන් පෙළෙමින් සිටින බව අවධාරණය කළ මෙම වෘත්තීය සමිති ක්‍රියාකාරීන් ආණ්ඩු වෙනසක් හෝ මැතිවරණයක් ආසන්න වූ අවස්ථාවකදී 1977 දී සිදු වූවාක් මෙන් මුළු රටම අඩපණ කරන දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගවලට මෙම ‘රාජපක්ෂවාදී වෘත්තීය සමිති ’ ගොනුවීම නොවැළැක්විය හැකි බවයි. එක්සත් ජාතික පක්ෂයට මේ ගැන කිසිම අවබෝධයක් හෝ හැඟීමක් නොවීම ගැන ඔවුහු බලවත් කණස්සල්ල පළ කළේය.
‘දැන් තියෙන්නේ වළිඟය විසින් බල්ලාව වනන තත්ත්වයක්’ යැයි ඔවුහු අවසානායේ උපහාසය මුසු කළකිරීමෙන් ප්‍රකාශ කළහ.
ඛනිජ තෙල් බලය
යළි සිදුවීමට නියමිත ඛනිජ තෙල් සංස්ථා වෘත්තීය සමිති වැඩවර්ජනය ඉතා පැහැදිලිව දේශපාලන න්‍යාය පත්‍රයක කොටසක් වශයෙන් අර්ථකථනය වන්නේ ඉහත සඳහන් දේශපාලන වුවමනා එපාකම් ද නොසලකා හැරිය නොහැකි ආකාරයෙන් මෙම අර්බුදය සමග සම්බන්ධ වී පවතින නිසාය.
දැන් යළි ඛනිජ තෙල් වෘත්තීය සමිති වෙත පැමිණිය යුතුය. ඔවුන් මීට සති කිහිපයකට පෙර මහා වැඩවර්ජනයකට ගියේ ත්‍රිකුණාමලය චීන වරාය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියානු තෙල් සමාගමට (අයි. ඕ.සී* විකිණීමට ආණ්ඩුව සූදානම් වන බවට චෝදනා කරමිනි. ඊට පසු ආණ්ඩුව, විශේෂයෙන් අගමැතිවරයා ඉතා පැහැදිලිව කියා සිටියේ ආණ්ඩුවට එවැනි සැලසුමක් නොමැති බවත් අදාළ තෙල් ටැංකි සංකීර්ණය නවීකරණය කිරීමේ දැඩි අවශ්‍යතාවක් ආණ්ඩුවට පවතින බවත්ය.
මේ තත්ත්වය තුළ ඛනිජ තෙල් වෘත්තීය සමිති සමග පැහැදිලි එකඟත්වයකට පැමිණීමට අගමැතිවරයාට හැකියාව ලැබුණේය. ඊට දින කිහිපයකට පසු යෙදුණු අගමැතිවරයාගේ ඉන්දීය සංචාරයේ දී ද චීන වරාය තෙල් ටැංකි ගැන කිසිදු ආකාරයක අදහස් ප්‍රකාශ කිරීමක් සිදු නොවුණේය.
එසේ නම් ඛනිජ තෙල් වෘත්තීය සමිති යළි යළිත් වර්ජන තර්ජන එල්ල කරන්නේ කුමන පදනමකින් ද ? මෙම ලිපිය ආරම්භයේ දී සඳහන් කළ ‘කිතුලට නැග්ග මිනිහාගේ න්‍යාය’ අදාළ වන්නේ මෙතැනදීය.
අද ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන වුවමා එපාකම් ඉටු කිරීම වෙනුවෙන්ම කැපවී සිටින ඇතැම් වෘත්තීය සමිති නායකයින් අවශ්‍ය කරන්නේ තම ආයතනයේ හෝ පොදුවේ රටේ දියුණුව නොවේ. ජනවාරී 08 දා පරාජයට පත් කළ දේශපාලනය යළි ඔසවා තැබීමය. අප ඒ බව අවධාරණය කරන්නේ මෙම වෘත්තීය සමිති 2005-15 මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමය තුළ මේ ආකාරයේ කිසිදු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට නොගිය නිසාය.
උදාහරණයක් ලෙස අද ඉන්දීය සමාගමකට චීන වරාය තෙල් ටැංකි සංකීර්ණ බදු දීමට එරෙහිව දිවිහිමියෙන් සටන් කරන මෙම වෘත්තීය සමිති මහින්ද රාජපක්ෂ මහතාගේ යුගයේදී හම්බන්තොට වරාය කේන්ද්‍ර ගත කරගෙන සිදු වූ චීන සමාගම්වල ක්‍රියාකාරීත්වයට එරෙහි වූවේම නැත. එම යුගයේ මහත් අභිමානයෙන් වර්ණනා කළ චීන සමාගම් හම්බන්තොට තෙල් පිරිපහදු කර්මාන්තයට පිවිසීම ප්‍රශ්න කළේ නැත.
ඒ නිසා මෙරට සාමාන්‍ය ජනතාවගේ අදහස වන්නේ ‘තෙලේ බලේ පාන්නේ 2015 ජනවාරී 08 පරාජයට පත් කළ දේශපාලනයට යළි ජීවය දීමට මිස ’ තෙල් සංස්ථාවේ හෝ සමස්තයක් වශයෙන් රටේ සංවර්ධනය වෙනුවෙන් නොවන බවයි.
සංස්ථාව වළට යන කල
තම වෘත්තීය අයිතීන් පමණක්ම දිනා ගැනීමට සටන් කරන මෙරට අති බහුතරයක් වෘත්තීය සමිති පොදුවේ තම වෘත්තියට අදාළ තිරසර සංවර්ධනය වෙනුවෙන් කිසිදු ආකාරයකින් ක්‍රියාත්මක නොවන තත්ත්වයක් පසුගිය කාලය පුරාම අප පොදුවේ දුටු තත්ත්වයකි. උදාහරණයක් වශයෙන් අද සයිටම් ආයතනයට එරෙහිව මාරාන්තික අරගලයක නිරත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පොදුවේ රෝගීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අප දන්නා ආකාරයට කිසිදු හඬක් නගා නැත. රට පුරා ඩෙංගු වසංගතයක් පසුගිය කාලය පුරාම ව්‍යාප්ත වෙමින් තිබියදී ඔවුන් ඒ වෙනුවෙන් කළ මාරාන්ත මැදිහත්වීමක් අප දුටුවේ නැත.
තෙල් සංස්ථා වෘත්තීය සමිති සම්බන්ධයෙන් ද මේ තත්ත්වය වඩාත් අදාළය. මාධ්‍ය මගින් දිගින් දිගටම වාර්තා කරන ආකාරයට වරායේ සිට කොළොන්නාව දක්වා බොර තෙල් ගෙනඑන නළ පද්ධතිය අතිෂයින් දුර්වලය. ඒවා යළි එලීමේ දැඩි අවශ්‍යතාවක් පවතී. මේ සම්බන්ධයෙන් ඛනිජ තෙල් වෘත්තීය සමිති කළ මාරාන්තික මැදිහත්වීමක් අප දුටුවේ නැත.
ඛනිජ තෙල් සංස්ථාව වළ පල්ලට ගෙන ගිය කුප්‍රකට ‘හෙජින් ගනුදෙනුව’ සම්බන්ධයෙන් ඔවුන් කළ මාරාන්තික මැදිහත්වීමක් අප දුටුවේ නැත. එපමණක් නොව අතීතය මතක් කළහොත් මහින්ද රාජපක්ෂ මහතාගේ යුගයේ දී සිදු වූ හිටපු ඉරාන ජනාධිපති අමෙන්ජාඞ් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේ ඉරාන ආධාරමත සපුගස්කන්ද තෙල් පිරිපහදුව නවීකරණය කිරීමේ දැවැන්ත සැලසුමක් දියත් විය. අද ඒවා ක්‍රියාත්මක වනවාදැයි ජනතාව දන්නේ නැත. ඒ වෙනුවෙන් මේ ඛනිජ තෙල් වෘත්තීය සමිති ගන්නා ක්‍රියාමාර්ග පොදු ජනතාව දකින්නේ ම නැත.
ඒ නිසා අප අවධාරණය කරන්නේ හෙජින් ගනුදෙනුව හරහා, දැවැන්ත වංචා හා ¥ෂණ හරහා ඛනිජ තෙල් සංස්ථාව වළට යන කල නෑසුකන්ව සිටින මේ වෘත්තීය සමිති මාෆියාවක් සේ වර්තමානයේ ක්‍රියාත්මක වන්නේ ඉතා පැහැදිලිව පරාජිත දේශපාලනඥයින් යළි ඔසවා තැබීමේ දේශපාලන වුවමනාව මතම බවයි.
ඊනියා පෞද්ගලීකරණ විරෝධය
ලංකාවේ පෞද්ගලීකරණය හා පුද්ගලික අංශය සමග හවුල් කළමනාකාරීත්වය සම්බන්ධයෙන් පසුගිය දශක කිහිපය පුරාම පවතින දැවැන්ත විරෝධය ලංකාවේ සංවර්ධනය පසු පසට ගෙන යාමට මිස එහි සංවර්ධනයට කිසිදු ආකාරයකින් දායක වී නැත. මේ තත්ත්වය තුළ අනවශ්‍ය තරම් සේවක පිරිසක් සමග ඌණඋපයෝගී රාජ්‍ය අංශයක් දිගින් දිගටම නඩත්තු කිරීමට සිදුව ඇති අතර රාජ්‍ය අංශයේ පවතින අකාර්යක්ෂමතාව, නිලධාරීවාදය හා යල්පැනගිය සංකල්ප පෞද්ගලික අංශයේ දියුණුව හා පැවැත්මට ද බලවත් හානියක් වී තිබේ.
මේ තත්ත්වය සැලකිය හැක්කේ ‘ළිංමැඩි’ තත්ත්වයක් වශයෙනි. උදාහරණයන් වශයෙන් මෙරට වාමාංශිකයින්ගේ සංකල්පීය රාජ්‍යයක් වන නූතන චීනය ( ඩෙන්ෂියා ඕ විසින් බිහිකළ * තුළ දැවැන්ත සංවර්ධනයක් සිදුවන්නේ බහුජාතික සමාගම් එරට තුළ සිදු කරන දැවැන්ත ආයෝජන තුළිනි. ඉන්දියාව සැලකූ විට මේ තත්ත්වය තවත් තහවුරු වේ. වත්මන් ඉන්දියාව විදේශ ආයෝජකයින්ට දොරගුළු විවර කරන්නේ ඔවුන්ට රතු පළස් එළමිනි.
එහෙත් ලංකාවේ තත්ත්වය මේ ගෝලීය ප්රවණතා හමුවේ ලෝකයා විස්මයට පත් කරනවන සුළුය. පෞද්ගලික අංශය හා හවුල් කළමනාකාරීත්වය යටතේ ලාභ ලබමින් රාජ්‍ය භාණ්ඩාගාරයට අස්වැසිල්ලක් ලබාදුන් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මහින්ද රාජපක්ෂ යුගයේදී යළි රජයට පවරා ගත්තේ සම්පූර්ණයෙන්ම දේශපාලන වුවමා එපාකම් වෙනුවෙනි. මේ හරහා රටට අත් වූ කිසිදු යහපතක් නැත. සිදු වූයේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම යළි රාජ්‍ය භාණ්ඩාගාරය හිස් කරන තැනට පත්වීමයි.
පුද්ගලික අංශය සමග මෙරට පවතින මේ බද්ධ වෛරය වහාම වෙනස් විය යුත්තේ රාජ්‍ය ඒකාධිකාරිය විසින් විනාශ කළ, ජනතාවට එපා කළ බොහෝ රාජ්‍ය සේවා පුද්ගලික අංශය සමග හවුල් වීමෙන් හෝ පුද්ගලික අංශයට පැවරීමෙන් පසු ලබා තිබෙන විස්මිත සංවර්ධනයයි. ජනතාවට සේවා සැපයීමෙහිලා දක්වන උපරිම කාර්යක්ෂමතාවයි. කර්මාන්තයේ නවීකරණයයි.
මේ සඳහා දැක්විය හැකි කදිම උදාහරණය වන්නේ දුරකථන සේවා අංශයි. පුද්ගලික කළමනාකාරීත්වයට පෙර ලංකාවේ දුරකථන සේවය කොතරම් අකාර්යක්ෂම හා ඒකාධිකාරී එකක් දැයි වත්මන් පරපුර නොදනී. එහෙත් එය ‘ශ්‍රී ලංකා ටෙලිකොම්’ නමින් පුද්ගලික කළමනාකාරීත්වය සමග එක් වූ විට ලබා ඇති දියුණුව විස්මිතය. ගෑස්, බැංකු, රක්ෂණ ආදි කේෂේත්‍ර ගත්විට ද තත්ත්වය ඒ හා සමානය.
ඛනිඩ තෙල් කර්මාන්තය ගත්විට ද තත්ත්වය මීට නොවෙනස්ය. ඉන්දියානු ඔයිල් සමාගම ලංකාවට පැමිණීමට පෙර ලංකාව පුරා පැවැති තෙල් සංස්ථාවට අයත් බෙදාැරීමේ මධ්‍යස්ථාන ඔබට සිහියට නගාගත හැකිනම් ඒවා කොතරම් යල්පිනූ, අකාර්යක්ෂම ඒවා දැයි ඔබට සිහිකළ හැකිය.
එහෙත් ඉන්දියන් ඔයිල් සමාගම මෙරට වෙළෙඳපොළට පැමිණ තෙල් බෙදාහරින ස්ථාන (ෂෙඞ්* සම්බන්ධයෙන් කළ නවීකරණය නිසා එම කර්මාන්තය වේගයෙන් පුළුල් වූවා පමණක් නොව වර්ජන තර්ජනවලින් තොරව අඛණ්ඩ සේවා තත්ත්වයක් ලබාදීමට ද සමත්විය.
පෞද්ගලික අංශය තුළ මෙතරම් කාර්යක්ෂමතාවක්, නිර්මාණාත්මකභාවයක් තිබියදී ඒ සම්බන්ධයෙන් රාජ්‍ය සේවකයින් තුළින් ප්‍රබල විරෝධයක් එල්ල වන්නේ ‘අඩු වැඩ, වැඩි පඩි’ යන යල්පිනූ මානසිකත්වය නිසා ම මිස වෙනකක් නිසා නොවන බව අප වටහා ගත යුතුය. මෙම සියලූ ආයතන දේශපාලන පක්ෂ කාර්යාල නොවන්නේ අල්ප වශයෙනි. දේශපාලනඥයින්ට කඬේ ගිය විට ලබාගත හැකි ලොකුම වරප්‍රසාදය වන්නේ රාජ්‍ය සංස්ථාවක රැුකියාවක් බව නොදන්නා කිසිවකු නැත.
මේ අවුල ලිහා ගන්න
මේ තත්ත්වය තුළ අප අවධාරණය කරන්නේ අද ඛනිජ තෙල් වේවා හෙට තවත් රාජ්‍ය සංස්ථාකවක් හෝ මණ්ඩලයක් වේවා වැඩවර්ජනවලට යන්නේ නම් ඒ පොදුවේ ජනතාව හෝ රටේ යහසිද්ධිය වෙනුවෙන් නොව සම්පූර්ණයෙන්ම පටු දේශපාලන හා අවස්ථාවාදී අරමුණු වෙනුවෙන් බවයි. එනිසා ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි ලංකාවට පැමිණෙන විට ඔහුගෙන් හමුවීම් ඉල්ලමින්, ඉන්දියාව දිගින් දිගටම දෙන සහායට ස්තූති කරමින් ද ඊට මොහොතකට පසුව ඉන්දීය විරෝධය ඔසවා තබමින් ද අවස්ථාවාදී රංගනයක යෙදෙන පුද්ගලයින් අප වහා හඳුනාගත යුතුය.
එවැනි තත්ත්වයකින් තොරව එදිනෙදා සාමාන්‍ය ජනජීවිතය කාලකණ්නි කරමින්, රටේ ප්‍රතිරූපය කෙළෙසමින් මේ සිදුවන ඊනියා වැඩවර්ජන රැුල්ල නතර කළ නොහැකිය.
