හොරකම් කරන්නෙ ඤෑ – අජිත් මුණසිංහ

මටමේ කතාව කිවුවේ ඉස්කෝල මහත්තයෙක් , ඉස්කෝලෙ මහත්තයා කියලා කිවුවට මෑන් හිටපු විදුහල්පති වරයෙක් , දැන් විශ්‍රාමිකයි….මිනිහා ඉස්සර UNP කඳක් , මම දැනගෙන හිටියෙ නෑ
මේපාර මාළුමාවට එකසියගානට කඩේ ගිහිල්ලා…
….අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හුටපටෙත් එක්ක ටිකක් අවුල් ගිහිල්ලා….මෑන් හිතාගෙන ඉන්නේ මමත් ජෙප්පෙක් කියලා
ගෝඨා තියපු මහමැතිවරණයේදී හඳුනට මම සපෝර්ට් කරපු එක මෑන්ට මතකයි ❗…ලඟදි දවසක අහම්බෙන් හමු උන වෙලාවෙ අහනවා ” මල්ලි මොකද වෙන්නෙ මුන් ටිකක් පිස්සු කෙලිනවා නේද “…..
ටිකක් ❗ හොඳ ටික….මම ඉතිම් වක්කඩ කැඩුව වගේ දීගන දීගන
යනකොට ,මෑන් අහනවා මල්ලි ජේවීපී සාමාජිකයෙක් නේද ? 😂
……කොහොම හරි අන්තිමේ මෑනුත් ඉන්නේ කලකිරිලා..නමුත් කොච්චර උනත් මල්ලි මුන් පරණ උන් වගේ හොරකම් කරන්නෙ නෑනේ❗ 😂🤣
ඌ නිකම්ම අප්පුහාමි කෙනෙකුත් නෙවෙයි හිටපු විදුහල්පති වරයෙක් …..ඉතිම් මගේ friend list එකේ ඉන්න මල්ලිලා මතක්වෙලා මට මේක ලියන්න හිතුනා…..ආණ්ඩුවේ වේවා මොකක් හරි ආයතනයක වේවා රස්සාවක් කරපු එකෙක් , විශේෂයෙන් Purchasing Officer වැඩේ කලානම් දන්නවා හොරකම් කරන්න ඕන නෑ..නිකම් හිටියත් සම්තිං තමයි❗😋
ඒක වෙලඳපලේ හැටි , මිලදීගන්න ප්‍රමාණය අනුව සම්තිං එකත් ලොකු – පොඩි වෙනවා…අනුලෝමව සමානුපාතිකයි , හරි සරලයි.!
ඉස්කෝල මහත්තයත් බබා වෙන්න හැදුවට අපි නොදන්න චෙස් ❗🤌
ඉස්කෝලයක් අල්ලගත්ත වගේද ආණ්ඩුවක් අල්ලගත්තම .
2026 පටන්ගත්තේම
රුපියල් කෝටි 1000/= ක විතර ගේමකින්.💀
මේවා නිකම් හිටියත් ලැබෙන සම්තිං නෙවෙයි…අර Purchasing Officer බඩු ගන්නකොට මුදලාලිගෙන් බාල බඩු අරගෙන හොඳම බඩුවල මිල දෙන්නම් කිවුවොත් කොහොමද ? දෙන එකාටත් සතුටුයි ගන්න එකාටත් සතුටුයි හැබැයි ආයතනයට සුම්මා 😭
දැන් මෙචචර වැල්වටාරම් කිවුවේ අපේ CEB අයිති ඇමතියා ගහපු ගේමක් නිසා…උඹලා දන්නවානේ මෑන් ජොබ් එක කරනකාලේ එතන ගේමක් ගහලා වැඩත් තහනම් වෙලා හිටපු පොරක් නේ , අන්‍රයියා මෑන්ට විදුලිබලේ දෙන්නම ඇත්තෙ එතන තමයි ලංකා ආණ්ඩුව කරන ලොකුම මිලදීගැනීම් කරන්නෙ සහ යට ගැහුවොත් අල්ලන්න ලේසි නැත්තෙත් .
කෙටියෙන් කිවුවොත් ගල් අඟුරු කියන්නේ නැව් ලෝඩ් වලින්නේ ගන්නේ රුපියල් නම් කෝටි ගනන් වලින් , අනෙක ඕක ගෙනල්ලා පිච්චුවට පස්සේ හොයනවා බොරු.
මිල අධික හොඳම ගල් අඟුරු කියලා බාලම එකක් ගෙනාවම කෝමද සම්තිං .
ගල් අඟුරුවල ආයෙ හොඳ එක මොකක්ද නරක එක මොකක්ද අඥේ වගේ ගොං ප්‍රශ්ණ අහන්න එපා..මට මෙතන තාපගතිවිද්‍යා
Thermodynamics සිද්ධාන්ත ලියන්න බෑ❗ සරලව කිවුවොත් Kg 01 ක් පිච්චුවාම කොච්චර තාපයක් ඉපැද්දෙනවද කියන එක අනුව කොලිටි ග්‍රේඩ් වෙනවා කියමු. දැන් මූ කරලා තියෙන්නේ බාල ගල් අඟුරු වැඩි මිලට ගෙනල්ලා වෙනස බැලුවම රු.කෝටි 1000/= ක විතර ගානක්
ඔක්කොම ඉතිම් මෑන්ට ලැබෙන්නේ නෑනේ , කීදෙනෙකුට බෙදන්න එපායැ , මහ කෙබරටත් ලොකු කුට්ටියක් අනිවාර්යයෙන්ම යන්න ඕන නේ
වැඩේ රීගල් වන්නේ දැන් CEB පොරවලුත් මෑන් එක්ක එච්චර හොඳ නෑනේ❗ කොහොමටත් කරන රසායනාගාර පරීක්ෂාවන් තිතට කලා…ඒ විතරක් නෙවෙයි , බඩු පාවිච්චි කරලා නිපදවෙන විදුලි ප්‍රමාණයත් තිතට බැලුවා 😂🤣
දැන් ඇමතියා අහනවා පරණ බඩු තියෙද්දී උඹලා අලුත් ලෝඩ් එක පාවිච්චිකලේ අහවල් මඟුලටද මටම කෙලින්න නේද❓ 😂🤣 පාර්ලිමේන්තුවේ ලෙඩේ ඇද්දේ චානක . කට්ටියත් ඉතිම් ඔය ගේම් නොදන්නවයැ කෙබරුන්ට වට පෝරියල් එක ගානට සෙට් වෙනවා .
ආන්නේකයි කියන්නේ මේම🤌 මේම🤌 කයිය ගැහුවනම් හොරකම් නොකර හිටපියව් ❗
කතාව ඕනම් මෙතනින් අහන්න

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *