|

දේශපාලනයේ හොඳ වැඩ,නරක වැඩ සහ බලු වැඩ – රටේ රාළ

සාමාන්‍යයෙන් මිනිස්සුන් ළඟ හොඳ සහ නරක දෙකම තියනවා. අපි හොඳයි කියන මිනිස්සුන්ගේ තියෙන්නේ හොඳ විතරක් නෙවෙයි.එයාලා ළඟ නරකත් තියනවා.හැබැයි හොඳ වැඩි නිසා අපි එයාලා හොඳයි කියනවා.අපි නරකයි කියන මිනිස්සුන්ගේ තියෙන්නේ නරක විතරක් නෙවෙයි හොඳත් තියනවා,හැබැයි නරක වැඩි නිසා අපි එයාලා නරකයි කියලා කියනවා.
සාමාන්‍යයෙන් මිනිසා කියන්නේ උපතේ ඉඳන්ම සාමූහික සත්වයෙක්.
ඒ කියන්නේ උපතේ ඉඳන් මරණය දක්වාම මිනිසා ජීවත් වෙන්නේ සාමුහික සමාජ ක්‍රියාවලියක් ඇතුලේ.අපි ඉපදුන ගමන් අපිට හැරෙන්නවත් බෑ.හැරෙන්නත් සමාජයේ උදව් ඕනි.කොච්චර බඩගිනි උනත් යමක් අරන් කන්න බෑ.ඒ සියල්ල කරන්න අම්මා, අප්පච්චි,ආතා,ආච්චි…..වෛද්‍යවරු,හෙදියෝ…..වගේ ලොකු පිරිසක් දායක වෙනවා.මරණය දක්වාම අපේ ජීවිතය එහෙමයි. ඒක හින්ද අපි හැමෝටම සමාජ ජීවිතයක් තියනවා.ඒ වගේම සමාජ වගකීම් තියනවා.
මේ සමාජ වගකීම ඉෂ්ඨ කරන්න මිනිස්සු හුරු කරන්න ඕනි.ඒ හුරු කිරීම් කරන්න ඕනි අර හොඳ සහ නරක දෙකම තියන මිනිස්සුන්ට.අපි පොඩි කාලේ දෙමාපියන් සෙවනේ හැදෙනවා,පෙර පාසැල,පාසැල,දහම් පාසැල,විශ්ව විද්‍යාල.රස්සාව,විවාහය, සමාජ ජීවිතය…..අපට හික්මීම උගන්වනවා.ඒ හැම එකකින්ම කරන්නේ අපේ ඇතුලේ තියන නරක යටපත් කරලා හොඳ මතු කරගන්න උදව් කිරීමයි.
අපි මොකක් හරි සංවිධානයක් නියෝජනය කරනවා නම්, දේශපාලන පක්ෂයක් නියෝජනය කරනවා නම් ඒ හැම එකම මූලික නීතියක් තියනවා.ඒ සංවිධානවලට ව්‍යවස්ථාවක් තියනවා. මේ ව්‍යවස්ථාවලින් කරන්න හදන්නෙත් ඒ සංවිධානයේ සාමාජිකයා නරක පැත්තට යන්න හදන එක යම් යම් සිමාවන් දාලා නතර කරගන්න.රටක උනත් එහෙමයි.රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තියනවා.දණ්ඩ නීති සංග්‍රහයක් තියනවා,රාජය සේවකයන්ට නම් ආයතන සංග්‍රහයක් තියනවා.අණ පනත්, චක්‍රලේඛ තියනවා.
පුරවැසියෝ විදිහට අපි ඒවට යටත්.නීතියට යටත්.රටක් විදිහට හිතද්දී නීති ගරුක සහ යුක්ති ගරුක පුද්ගලයෙකුට හොඳ මිනිහෙක් කියන්න පුලුවන්.හැබැයි මේ මොනවා තිබුණත් අද සමාජයේ නරක නැතිවෙලා නෑ.නරක මිනිස්සු නැති වෙලා නෑ.ඒ වගේම හොඳ නැතිවෙලත් නෑ,හොඳ මිනිසුත් නැතිවෙලත් නෑ. සමහර මිනිස්සු මේ නරක කියන එකේ අන්තයටම යනවා.ඒ මිනිස්සුන්ට තිරිසන්නු කියලා කියනවා.එයාලා කරන පහත් වැඩවලට තිරිසන් වැඩ කියලා කියනවා.
සාමාන්‍යයෙන් ගමේ ගොඩේ ඒවට කියන්නේ බලු වැඩ කියලා.ඒ කියන්නේ හොඳ වැඩ තියනවා,නරක වැඩ තියනවා ඊට අමතරව බලු වැඩ තියනවා.හොඳ වැඩවලට ප්‍රසංසා හම්බවෙනවා, වටිනාකම් හම්බවෙනවා,වටිනාකම් බලාගෙන හොඳ වැඩ කරන අයත් ඉන්නවා.ඒත් කමක් නෑ ඒවා හොඳ වැඩ හින්දා.හොඳ වැඩ කරන අයට බනින අයත් ඉන්නවා.ඒකට හොඳම උදාහරණය ජෙප්පෝ.නරක වැඩවලට තියෙන්නේ දඩුවම්,නරක වැඩවලට හොඳයි කියන අයත් ඉන්නවා.ඒකට හොඳම උදාහරණය මාලිමා ඩෝබිලා.
නරක වැඩට දඩුවම් වගේ සමාව දෙන්නත් පුලුවන්.හැබැයි බලු වැඩවලට සමාවක් දෙන්න සමාජය කැමති නෑ.ඒ කියන්නෙ සමාව දෙන්න පුලුවන් නරක මොනවද කියලා සමාජ සම්මතයක් තියනවා.හැබැයි බලු වැඩවලට දෙන සමාවක් සමාජ සම්මතයේ නෑ.අපේ රටේ දේශපාලනයත් එහෙමයි.දේශපාලන පක්ෂවල, දේශපාලන නායකයින්ගේ හොඳ සහ නරක දෙකම තියනවා.අපේ රටේ තියන අති බහුතරයක් දේශපාලන පක්ෂ තමන්ගේ සාමජිකයන්ට නරක උගන්න්නේ නෑ.
නරක වැඩ කලත් එයාලා කරන්නේ පක්ෂයට හොරෙන්,මොකද එයාලා අර කියන සමාජ සම්මුතීන්ට බයයි.ඒ කිසිම දේශපාලන පක්ෂයකින් තමන්ගේ දේශපාලන ප්‍රතිවාදියා මරලා දාන් උගන්නන්නේ නෑ.ඕනි නං මුහුණට මුහුණ හම්බ උනොත් ගුටි කෙලගනි.සමහරු අනිත් අය ඝාතනය කරන්න පාතාලායට කොන්ත්‍රාත්තු දෙනවා ඇති.හැබැයි ඒවා වෙන්නේ එයාලගේ දේශපාලන පක්ෂය දැනුවත්ව නෙවෙයි.එහෙම තමන්ගේ විරුද්ධවාදින් මරණ සංවිධානවලට අපි කියන්නේ ත්‍රස්තවාදී සංවිධාන කියලා.
එහෙම දේශපාලන පක්ෂ තියෙන්න බෑ.හරි එහෙම දේශපාලන පක්ෂයක් තිබුනොත්.ඒ දේශපාලන පක්ෂයේ මූලස්ථානයේ නං තමන්ගේ දේශපාලන ප්‍රතිවාදින් මරන්න සැලසුම් කරන්නේ.ඒ සැලසුම් හදන්න ඒ පක්ෂයේ ප්‍රධාන ලේකම් නං සහභාගී වෙන්නේ,තමන්ගේ දේශපාලන ප්‍රතිවාදියා නෙවෙයි තමන්ට කීකරු නැති පක්ෂ සමාජිකයා පවා ඝාතනය කරන්න ඒ පක්‍ෂයේ ප්‍රධාන ලේකම් සැලසුම් හදනවා නං,එහෙම හදපු සැලසුම්වලින් පූරුවේ පිනකට බේරුණ අය ඉන්නවා නං.
ඒ පක්ෂයෙන් අයින්වෙලා අමාරුවෙන් ජීවිතය බේරගත්ත කීපදෙනෙක් තවමත් ජීවතුන් අතර ඉන්නවා නං.ඒ මිනිස්සු ඒ කතාව කියනවා නං.තමන්ගේ දේශපාලන ප්‍රතිවාදියාට වස දීලා මරන්න සැලසුම් කරනවා නං,ඒ ප්‍රතිවාදියාගේ නිදන කාමරයට හරි වාහනයට හරි කුපිත කරපු සර්පයෙක් දාලා මරන්න plan කරනවා නං.ඒ පුද්ගලයා එලියට අරගෙන එක්කෝ කෝලහලයක් හදලා පිහියකින් ඇණලා,හරි පොලු පාරකින් හරි ගහලා මරන්න ප්ලෑන් කරනවා නං.නැත්තං මොකක් හරි එකකින් පහලට තල්ලු කරලා මරන්න හිතනවා නං.
එයාලා ද්‍රෝහීන් කියලා නම් කරපු අය ගැන හොයන්න වෙනම යුනිට් හදලා තියනවා නං,ඒකට වෙනම බුද්ධී අංශයක් ඒ පක්ෂ ලේකම් යටතේ ක්‍රියාත්මක වෙනවා නං,මේවා එහෙම සැලසුම් කරන්නේ නීතියෙන් බේරෙන්න.මිනිහෙක් සර්පයෙක් කාලා මැරුණට කවුරුවත් වගකියන්න ඕනි නෑනේ.ඒ වගේ ප්‍රාථමික උපක්‍රම දැන් ටික ටික සමාජගත වෙනවා නං.උදාහරණ විදිහට විපතට පත්වෙච්චි මිනිස්සුන්ට දෙන්න ජනතාව එකතු කරපු ආධාර ටික මංකොල්ල කනවා නං,
හොඳට බීලා ගිහින් අනතුරක් කලහම බීපු එකා වැරදිකාරයා නොවී හැප්පුන එකා වැරදිකාරයා වෙනවා නං,මිනිහෙකුට පහරදෙනවා මදිවට මිනිහා බේබද්දෙක් කියලා ඔප්පු කරන්න ඒ මනුස්සයගේ මුණට කසිප්සු පැකට් එකකින් දමලා ගහනවා නං. අයවැයක් පලවෙනිවර පැරදිලා දෙවෙනිවර ඉදිරිපත් කරන දවසේ ඔරලෝසුවේ වෙලාව වෙනස් කරලා,වෙලාව වැඩියෙන් තියලා, විපක්ෂය එන්න ඉස්සෙල්ලා අයවැය සම්මත කරගන්නවා නං.
අයවැයක විවෘත ඡන්දයේදී පවා විරුද්ධයි කියපු අයගේ ඡන්ද පක්ෂයි කියලා ගණන් කරගෙන නගර සභාවක අයවැයක් හොරට දිනනවා නං.ඒවා නරක වැඩවලිනුත් එහාට ගිය බලු වැඩ නෙවෙයිද?ලංකාවේ දේශපලනයේ එහෙම දේශපාලන පක්ෂ තියනවද?තියනවා නං ඒ මොනවද?ඔයලා දන්නවා නං අපිවත් දැනුවත් කරන්න.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට

රටේ රාළ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *