රනිල්ට නිල ඇරියුමක් කළ බවට වොල්වර්හැම්ප්ටන් සරසවියෙන් තහවුරු කිරීමක්

රනිල්ට නිල ඇරියුමක් කළ බවට වොල්වර්හැම්ප්ටන් සරසවියෙන් තහවුරු කිරීමක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එංගලන්තයේ වොල්වර්හැම්ප්ටන් විශ්ව විද්‍යාලයේ පැවති උපාධි ප්‍රදානොත්සවය සඳහා නිල ආරාධනයක් කළ බවට එම විශ්ව විද්‍යාලය යළිත් වරක් තහවුරු කර ඇතැයි හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ ධනුෂ්ක රාමනායක මහතා පවසයි.

මේ අතර හිටපු ජනාධිපතිවරයා එංගලන්තයේ සිදුකළ සංචාරයට අදාළව සිදුකරන විමර්ශනය සඳහා ප්‍රකාශයක් ලබාගැනීමට හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා හෙට දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එංගලන්තයේ සිදුකළ සංචාරයකට අදාළව ඉකුත් අගෝස්තු 22 වැනිදා ඒ මහතාව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර පසුව අගෝස්තු 26 ඇප මත මුදාහැරිණි.

ඒ වන විටත් රෝගී තත්ත්වය මත ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපතිවරයා ඉකුත් සිකුරාදා රෝහලෙන් පිටව ගියේය.

ඒ මහතා මේ වන විට සිය නිවසේ විවේකීව ප්‍රතිකාර ලබමින් සිටී.

මේ අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සැප්තැම්බර් 06 වැනිදා පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ සම්මේලනයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව ඒ මහතාගේ මාධ්‍ය අංශය සඳහන් කළා.

ඊට හිටපු ජනාධිපතිවරුන්ට , විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ නායකයන්ට ඇරියුම් කිරීමට සැලසුම් කර තිබෙනවා

ADA DERANA

Leave a Reply

Your email address will not be published. Required fields are marked *