මෙරට පාතාලය මඩින්න සාමාන්‍ය නීතියෙන් බැහැ – නව පොලිස්පති වැඩ භාරගනිමින් කියයි
මෙරට පාතාලය මැඩීම පවතින සාමාන්‍ය නීතිය යටතේ කළ නොහැකි බවත්, ඒ සඳහා විශේෂ නීති අවශ්‍ය බවත්, නව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසුරිය මහතා කියයි.
ඒ සඳහා අවශ්‍ය නව නීති සහ ප්‍රඥප්ති පිළිබඳව රජය සහ අධිකරණ අමාත්‍යංශය දැනුවත් කර ඇති බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.
පොලිස්පති ධුරයේ වැඩ භාර ගනිමින් කළ විශේෂ ප්‍රකාශයේ දී ඒ මහතා මෙම අදහස් පළ කළේය.
