අනාගත ජනතා නායකත්වය ඔබ ද ? – තරුණ ජවයට එජාපයෙන් ආරාධනයක්

sharethis sharing button

linkedin sharing button
whatsapp sharing button
messenger sharing button
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂකයින් වශයෙන් තරුණ තරුණියන් වැඩි වශයෙන් ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.

ඔබ තරුණ ජවයෙන් – දිරියෙන් නායකත්වය හෙබවිය හැකි බව විශ්වාස කරන කෙනෙකු නම්,  රටේ අනාගත නායකත්වය උදෙසා, දේශය වෙනුවෙන් පෙරට එන්නැයි එම පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝරාල සමාජ මාධ්‍ය ඔස්සේ ඉල්ලීමක් කර ඇත.

”රට ගොඩගත් පරම්පරාවට එක්ව අපි පළාත් පාළන මැතිවරණයට ඉදිරිපත්වීමට කැමති තරුණ තරුණියන්ට මාර්තු 10 දාට පෙර අයදුම්පත් යොමුකරන්නැයි ද එජාප මහ ලේකම්වරිය ඉල්ලා සිටියි.

WhatsApp Image 2025 03 07 at 8.45.44 AM
”අපිට තරඟ කරන්න තිබෙන හොඳම ක්‍රමය තමයි එකමුතුව තරඟ කිරීම” – වජිර

මේ අතර එජාප සභාපති වජිර අබේවර්ධන පවසන්නේ, මේ අවස්ථාවේදී පළාත් පාලන මැතිවරණයට තරඟ කරන්න තිබෙන හොඳම ක්‍රමය වන්නේ, එකමුතුව තරඟ කිරීම බවයි.

ඔහු එබව කියා සිටියේ, ගාල්ල, කරාගොඩ ශ්‍රී පූර්වාරාම පිරිවෙන් විහාරස්ථානයේ වාර්ශිකව පැවැත්වෙන පෙරහැර මංගල්‍යයට සමගාමීව පවත්වනු ලබන විශේෂ ගුණසමරු පිංකමක් සහ දානමය පිංකමට අනතුරුව පසුගිය දා එම විහාරස්ථානයේදී මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු පළාත් පාලන මැතිවරණ පිළිබඳව සහ සමගි ජන බලවේගය සමග ආරම්භ කළ සාකච්ඡාවන් පිළිබඳව විමසා සිටි අවස්ථාවේදීය.

එහිදී ඔහු මෙසේ පැවසිය.

“මම හිතන්නේ පළාත් පාලන මැතිවරණය එක්සත් ජාතික පක්ෂය හැටියට අපිට තරඟ කරන්න තිබෙන හොඳම ක්‍රමය තමයි එකමුතුව තරඟ කිරීම. මේ විදිහට එකමුතුව තරඟ කිරීමට යම් කෙනෙක් විරුද්ධ නම් මම හිතන්නේ ඔවුන් මානසික රෝගීන් හැටියටයි. අපිට මේ මැතිවරණයට තරඟ කරන්න ක්‍රම තුනයි තිබෙන්නේ. එක තමයි එකමුතුව තරඟ කිරීම, දෙක අලියා ලාංඡනය යටතේ තරඟ කිරීම. තුන්වැනි කාරණය තමයි තම තමන්ගේ දේශපාලන අනන්‍යතාවයන් තබා ගනිමින් දැනට තිබෙන ලාංඡන අමතක කරලා ස්වාධීන් ලාංඡනයකින් තරඟ කිරීම. එය යම්කිසි කණ්ඩායමක් පැහැර හරිනවා නම් එය බරපතල සමාජ ඛේදවාචකයක් හැටියටයි මම දකින්නේ.”

WhatsApp Image 2025 03 07 at 8.45.44 AM 1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *