|

මහින්දගෙන් පලිගැනීමේ ජවිපෙ ඇත්ත අරමුණ – රටේ රාළ

පහුගිය 19 වෙනිදා ජනාධිපති අනුර කුමාර මහින්දගේ නිල නිවස සහ ආරක්ෂාව සම්බන්ධව කරපු ප්‍රකාශයත් එක්ක නිර්මාණය වෙලා තියන දේශපාලන සංවාදය තවමත් අවසන් නෑ.එතනදී අනුර කියන්නේ මහින්දගේ නිවසේ තක්සේරු වටිනාකම අනුව මාසික කුලිය ලක්ෂ 46 ක් බවත් ඒක ගෙවාගෙන ඉන්න පුළුවන් නම් ඉන්න නැත්තං එලියට කියලයි.ඊට අමතරව දැනට ආරක්ෂකයින් 60 ක් දීලා තියනවා කෙදිරිගෑවොත් ඒකත් දෙන්නේ නෑ කියලත් කිව්වා
අනුරගේ මේ ප්‍රකාශය සම්බන්ධව තමයි සංවාදයක් ඇතිවෙලා තියෙන්නේ.ජවිපෙට හිතවත් බලවේග නං කියන්නේ මේක නීතිය අකුරට ක්‍රියාත්මක කිරීමක් කියලයි.ඒ වගේම රාජපක්ෂලාට හිතවත් සහ මාලිමා විරෝධීන් කියන්නේ මේක දේශපාලන පලිගැනීමක් කියලා. මෙතනදී පලවෙනිදේ තමයි මේක දේශපාලන පලිගැනීමක්ද එහෙමත් නැත්තං නීතිය අකුරට ක්‍රියාත්මක කිරීමක්ද කියලා හරියට බේරගන්න එක.එක පැත්තකින් ඉතිහාසය පුරාම රාජපක්ෂලාට එල්ලවුන චෝදනා ගණනාවක් තියනවා.
ඒවා අතර දූෂණ,වංචා.මිනීමැරුම්,බලය අයුතු ලෙස භාවිතා කිරීම්,ඥාති සංග්‍රහයන්…මෙකී නොකී චෝදනා ගොඩක් තියනවා.යහපාලන ආණ්ඩුව යටතේ රාජපක්ෂලාට එරෙහිව නියම ආකාරයෙන් නීති ක්‍රියාත්මක වුනේ නෑ.යහ පාලනයෙන් පස්සේ ආපු ගෝඨාභය ආණ්ඩුවත් ගියේ ඊට ඉස්සෙල්ලා මහින්ද ගිය දූෂිත පාරේම තමයි.ඒක නිසා රාජපක්ෂලාට එරෙහිව ක්‍රියාත්මක නොවුන නීතිය හරියට ක්‍රියාත්මක කරගැනීමේ උවමනාවන් ජනතාවටත් තියනවා.ඒ වෙනුවෙන් තමයි එයාලා මාලිමා ආණ්ඩුව පත්කරන ගත්තේ.
රාජපක්ෂලාට එරෙහිව තියන චෝදනාවලට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනි කියන ස්ථාවරයේ රටේ රාළ එදත් හිටියා අදත් ඉන්නවා.ඒ අනුව යෝෂිත රාජපක්ෂ,නාමල් රාජපක්ෂ,ගෝඨාභය රාජපක්ෂ අපරාධය පරීක්ෂණය දෙපාර්තමේන්තුවට කැදවලා කට උත්තර ගන්නවා.අවශ්‍ය නම් ශිරන්තිත් කැඳවන්න ඕනි. ඒක දේශපාලන පලිගැනීමක් කියලා රටේ රාළ කියන්නේ නෑ සහ ඒ investigations යම් ප්‍රශස්ථ හැඩයකින් ක්‍රියාත්මක වෙනවා.මෙතන ප්‍රශ්නය තියෙන්නේ ඒ ගැන නෙවෙයි.ප්‍රශ්නය ඇවිත් තියෙන්නේ මහින්ද සම්බන්ධවයි.
මාලිමාව පහුගිය මැතිවරණ දෙකේදීම හිටපු ජනාධිපතිවරුන්ගේ සහ මහජන නියෝජිතයන්ගේ වරප්‍රසාද අයින් කරන බවට පොරොන්දු වුනා.ඒ අනුව ඒක කරන්න එයාලට ජනවරමක් තියනවා.හැබැයි මේ ක්‍රියාමාර්ග ගන්න ඕනි රටේ පවතින නීතියට යටත්ව.හිටපු ජනාධිපතිවරයෙක් විදිහට මහින්දට ජනාධිපති හිමිකම් පනත යටතේ ලැබෙන වරප්‍රසාද ටිකක් සහ අයිතිවාසිකම් ටිකක් තියනවා.ඒක තවත් බෙදුවොත් ජීවත්වීම වෙනුවෙන්ම ලැබෙන භෞතික දේවල් ටිකක් සහ ආරක්ෂාව කියලා කියන්න පුළුවන්.
මෙතනදී දැනට ඉන්න විශ්‍රාමික ජනාධිපතිවරුන් පස් දෙනාම සලකා බැලුවොත් වැඩිම ආරක්ෂක අවධානමක් තියෙන්නේ මහින්දට.මේ කාරණා ටික මහින්දගේ දේශපාලන එදිරිවාදියෙක් උනත් පිලිගන්න ඕනි.මේ කටයුතු කිරීමේදී මහින්දට අසාධාරණයක් උනාද කියන එකයි සලකලා බලන්න තියෙන්නේ.එහෙමත් නැත්තං මහින්දගෙන් පලිගැනීමක් වෙලා තියනවද කියලයි බලන්න ඕනි.ඇත්තටම මෙතන එහෙම එකක් වෙලා තියනවා කියලා රටේ රාළ තරයේ විශ්වාස කරනවා.එකක් තමයි අපේ රටේ හිටපු ජනාධිපති වරප්‍රසාද යටතේ දැනට නිවාස 03ක් දීලා තියනවා.
ඒ චන්ද්‍රිකා කුමාරතුංග,මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේනට.හේමා සහ ගෝඨාභය ගෙවල් ආපහු බාරදීලා තියනවා.රනිල් නිල නිවසක් අරන් නෑ.එතකොට මෙයාලා මේ අතරින් ඉස්සෙල්ලා තක්සේරු කරලා තියෙන්නේ මහින්ද ඉන්න ගේ.අනිත් ඒවායේ තක්සේරුව තවම අවසන් නැතිබවයි පහුගිය මාධ්‍ය සාකච්ඡාවකදී නලින්ද ජයතිස්ස කිව්වේ.එතකොට මේ තක්සේරු පිලිවෙල බිදිලා ඉස්සෙල්ලාම මහින්දගේ ගේ තක්සේරු කරන්නේ ඇයි?එතන පළිගැනීමේ චේතනාවක් තියනවා කියලා පැහැදිලිවම පේනවා.
සියලු තක්සේරු කිරීම් අවසානයේ පොදු තීරණයක් නොගෙන මහින්දට විතරක් කඩිමුඩියේ තීරණ ගැනීමෙන් ඒක පේනවා.ඊළඟ කාරණාව තමයි ජනාධිපති හිමිකම් පනතට අනුකුවද මේ වැඩේ සිද්ධ වෙන්නේ කියන ප්‍රශ්නයත් මෙතන තියනවා.පනතේ තියෙන්නේ මෙහෙමයි.”හිටපු ජනාධිපතිවරයාගේ හෝ හිටපු ජනාධිපතිවරයාගේ වැන්දඹුව හෝ වාසය සදහා උචිත නිවසක් නොසපයන අවස්ථාව අවස්ථායෝචිත පරිධි හිටපු ජනාධිපතිවරයාට හෝ හිටපු ජනාධිපතිවරයාගේ වැන්දඹුවට හෝ ගෙවිය යුතු විශ්‍රාම වැටුපෙන් තුනෙන් එකක් වන මාසික දීමනාවක් හිටපු ජනාධිපතිවරයාට හෝ හිටපු ජනාධිපතිවරයාගේ වැන්දඹුවට හෝ ගෙවිය යුතුයි” කියලයි.
ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත සම්මත කරලා තියෙන්නේ 1986.මේ පනතේ පැහැදිලිව තියනවා ” වාසය සදහා උචිත නිවසක් නොසපයන අවස්ථාවක ” කියලා.ඒ කියන්නේ වාසය සදහා නිවසක් දෙන්න බැරි නං කියන එකයි.එතකොට එන පලවෙනි ප්‍රශ්න තමයි එහෙම බැරිකමක් තියනවද කියන එකයි.මොකද ඔය ගේ ඉල්ලාගෙන දැනට කවුරුත් ඇවිල්ලත් නෑ.ඒක වෙනුවෙන් ඉරිපත් කරපු වෙනත් ව්‍යාපෘතියකුත් නෑ.සහ ඒක මෛත්‍රි ආණ්ඩුවේ කැබිනට් අනුමැතියකිනුයි දීලා තියෙන්නේ.රජයෙන් උචිත ගෙයක් දෙනවා නම් ඒකේ ගෙවල් කුලිය ඒ ජනාධිපතිවරයාට අදාලත් නෑ.
ඊළඟට මේ පනතේ සදහන් වෙනවා
” අවස්ථායෝචිත පරිදි ” කියලා.මේ වචන දෙක ඇතුලේ ලොකු විග්‍රහයක් තියනවා.ඒ කියන්නේ Current Situation එක ගැනයි.ඒ යටතට මහින්දගේ ආරක්ෂක ප්‍රශ්නය ගන්නත් පුළුවන්. මෙතනදී ආරක්ෂාව දෙන බටයන් ගනන ගැන නෙවෙයි මේ කියන්නේ වර්තමාන තත්වයට ගැලපෙන පරිදි සකස් වෙන්න ඕනි කියන එකයි. මේ පනත සම්බන්ධව නිසි අර්ථ නිරූපණයක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අරන් නෑ.පනත අර්ථ කතනය කරගෙන තියෙන්නේ අනුරට සහ ජවිපෙට ඕනි විදිහටයි.වෛරී විදිහට.
ඇත්තටම මහින්ද LTTE ඝාතන ඉලක්කයක් නම් මේ තීරණයෙන් මහින්දගේ ජීවිතයට තර්ජනයක් එන්න පුළුවන්.අනුරලාට කරන්න තියෙන්නේ ඕක නෙවෙයි.මහින්දගේ නිවසේ නඩත්තුව රඡයෙන් දරන්නේ නැතිව ගෙදර ඉන්න දෙන එකයි. නඩත්තුව මහින්ද බලාගන්න ඕනි.ඊළඟට මහින්දට ලොකු ලමයි තුන් දෙනෙක් ඉන්නවා එයාලට තාත්තව බලා ගන්න පුළුවන් නේද කියලා කියන කතා මෙතෙන්ට අදාල නෑ.මේ රටේ නීතියට අනුවයි මහින්ද එතන ඉන්නේ.ඒවා ඇත්තටම වෛරී ප්‍රකාශ.
විජිත හේරත් 360° ට ඇවිත් කියන්නේ තර්ජණය කරන්න ඕනි වෙලාවට තර්ජනය කරන්න ඕනි කියලයි.නලින්ද ජයතිස්ස කියන්නේ ” කියන්න දෙයක් නෑ යන්න කියන්න ” කියලයි.ඇත්තටම ඒවා ඉතාමත් පහත් ගෝත්‍රික ප්‍රකාශ.රටේ රාළ මෙතනදී තවත් දේශපාලන කාරණයක් දකිනවා. මේ දේශපාලනයට අනුවත් ජවිපෙ රාජපක්ෂලාට ගහන්න ඕනි.අද ජවිපෙ වටේට එකතු වෙලා ඉන්න ජනාතවගෙන් 90% ක් පොහොට්ටුවේ පාක්ෂිකයෝ. ජවිපෙ එපා වෙද්දී එයාලට යන්න වැඩිම කිට්ටු තැන තමයි පොහොට්ටුව.
රාජ්‍ය පාලනයේ ජවිපෙ මේ පෙන්නන නොහැකියාව වහගන්න ජවිපෙට ක්‍රමයක් ඕනි. එතනදී බයියෝ ටික රැකගන්නත් ඕනි.හැබැයි දැන් ජවිපෙට බයියන් රැකගැනීම දුෂ්කරයි.ජවිපෙ දැන් තෝරලා තියෙන්නේ බයියන් නැවත යන්න පුලුවන් තැනට පහරදෙන එකයි.ඇත්තටම මේ ප්‍රහාරයේ අරමුණ බයියන්ට යන්න තැනක් නැතිකර තමන් ලග තියාගැනීමයි.අඩුම ගානේ පලාත් පාලන ඡන්දය එනතුරු තියාගැනීමයි.ඒ කියන්නේ පාලත් පාලන ඡන්දය දක්වා කාලය රාජපක්ෂලාට හරිම අපලයි කියන එකයි.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.
May be an image of 10 people

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *