|

ලන්සාගේ වේදිකාවෙන් රනිල් යලි කරළියට – රටේ රාළ

ජනාධිපතිවරණයෙන් පස්සේ එජාපය, පොහොට්ටුව සහ පොහොට්ටුවෙන් ස්වාධීන උන කණ්ඩායම් සටන අතහරිමින් සිටිය බව ඔයාලටත් පේන්න ඇති.සිලින්ඩරය පැත්තෙන් විතරක් නෙවෙයි සජබය පැත්තෙනුත් සටන උදාසීන කළා.පොහොට්ටුවෙන් සිලින්ඩරයට ආපු සහ නාපු පරණ සෙට් එකේ ගොඩ දෙනෙක් මේපාර මැතිවරණයට තරඟ කරන්නේ නෑ.
ගොඩක් අය දේශපාලනයෙන් විශ්‍රාම ගිහිල්ලා. දේශපාලනයෙන් විශ්‍රාම යන්න හීනෙන්වත් හිතපු නැති සමහර අය හිතලම විශ්‍රාම ගිහින්.සමහරු ජාතික ලයිස්තුවට පැනලා.හිටපු අගමැති දිනේෂ් පුතා එක්කම ලයිස්තුවට පැනලා.ඇත්තටම රනිල් ගත්ත ඡන්ද ලක්ෂ 22 ක ආරක්ෂා කරගන්න පුළුවන් නම් සිලින්ඩරයට පාර්ලිමේන්තු මන්ත්‍රීධූර 37 ක් විතර ගන්න පුළුවන්. පාර්ලිමේන්තු මන්ත්‍රීධුර 37 ක් කියන්නේ ඊළඟ පාර්ලිමේන්තුව ඇතුලේ දැවැන්ත බලයක්.
ඒත් ඒක වෙනුවෙන් සිලින්ඩරයේ දැවැන්තයෝ සටනට ආවේ නෑ.එයාලා කළේ අලුත් Team එකකට ජයග්‍රහණයේ වගකීම දීලා පැත්තකට වෙන එකයි නැත්තං ජාතික ලයිස්තුවට යන එකයි.හැබැයි එයාලා ඒ අවස්ථාව දෙන්නේ නවකයන්ට ආවස්ථාව දෙන්න ඕනි කියලා එයාලගේ හිත් ඇතුලේ පහල වුන පතල මහා කරුණාව හින්දා නං නෙවෙයි. ජනාධිපතිවරණයේදී හම්බවුන ඡන්ද රනිල්ට හම්බ උන ඒවා මිසක් එයාලට හම්බ උන ඒවා නෙවෙයි කියලා දන්න නිසයි.
ඔය විශ්‍රාම ගිය ගොඩ දෙනෙක් රනිල්ගේ ජනාධිපතිවරණයට බැස්සෙම නෑ.ඔක්කොම රනිල් අනිකාගේ සහයෝගයෙන් දිනනකං හොරගල් අහුල අහුල හිටියා.රනිල්ගේ මැතිවරණ සටන හරියට ආඬි හත්දෙනාගේ කැඳ හැලිය වගේ.බහුතරය තමන්ගේ දායකත්වය හරියට දුන්නේ නෑ.අනිත් අය කට්ට කාලා අරන් දෙන දිනුමේ අයිතිය ගන්න තමයි රනිල් වටේ හිටපු ලොක්කෝ බලාගෙන හිටියේ.අන්තිමට ජනතාව දුන්නා කට්ටියටම හොම්බෙන් යන්න.
රනිලුත් ගෙදර ගියා,රනිල් වටේට කැරකි කැරකි හිටිය දේශපාලන හිගන්නෝ ටිකත් ගෙදර ගියා. කොහොම උනත් රනිල් රටේ දේශපාලන අභියෝගය බාරගත්ත වෙලේ ඉඳන් රනිල්ට සහය දුන්න පිරිසක් හිටියා.රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනකොට එයාලා සිලින්ඩර වෙනුවෙන් ලොකු බරක් ඇද්දා.පොහොට්ටුවේ කණ්ඩායමට නායකත්වය දුන්න ප්‍රසන්න එහෙම කෙනෙක්. ප්‍රසන්න සිලින්ඩරයේ ජයග්‍රහණය වෙනුවෙන් ලොකු කැපකිරීමක් කළා.
ජනාධිපතිවරණ පරාජයෙන් පස්සේ ප්‍රසන්න පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවෙන්න තීරණය කරනවා.කොළඹ දිස්ත්‍රික්කයේ සිලින්ඩරයේ ජයග්‍රහණය වෙනුවෙන් ලොකුම මැදිහත්වීම කළේ රවී.රවී කොළඹ දිස්ත්‍රික්කය ඇතුලේ එජාපය විදිහටත්,අනෙක් දේශපාලන පක්ෂ එක්ක සහයෝගයෙනුත්,විවිධ සමාජ කණ්ඩායම් එකතු කරගනිමිනුත් රනිල්ගේ ජයග්‍රහණය වෙනුවෙන් ලොකු කැපකිරීමක් කළා.
මේ මැතිවරණයට රවී ජාතික ලයිස්තුවෙන් එන්නේ.මේ සියලු තත්වයන් යටතේ ආරම්භයේ සිට මේ මොහොත දක්වාම සිලින්ඩරය වෙනුවෙන් නොසැලෙන සටනක් දෙන්නේ ලන්සා බව කුහක නැතිව පිලිගන්න වෙනවා.සිලින්ඩරයේ බොහෝ ජ්‍යෙෂ්ඨයෝ සටන අතහැරලා පලා යද්දී ලන්සා තවමත් සටන අතහැරලා නෑ.එක පැත්තකින් සිලින්ඩරය නියෝජනය කරන සෑම කෙනෙකුටම ලන්සාගේ සටන්කාමීත්වය ලොකු ධෛර්යයක් වෙලා තියනවා.
ලන්සාගේ මූලික තර්කය වෙලා තියෙන්නේ ඡන්දයෙන් රනිල් පැරදුනත් රනිල්ගේ දේශපාලන මතවාදය සහ රනිල්ගේ ආර්ථික වැඩපිලිවෙල ජයග්‍රහණය කරලා තියනවා කියන එකයි. ඇත්තටම අද අනුර රනිල්ට බැන බැන කර තියාගෙන යන්නේ රනිල්ගේ වැඩපිලිවෙල.අනුර ජනාධිපතිවරණයේදී ජනතාවට දුන්න පොරොන්දු පැත්තකින් තියලා රනිල්ගේ වැඩපිලිවෙල ගෙනියනවා.ලන්සලා ඒක පෙන්වාදෙන ගමන් අනුරගේ වැඩපිලිවෙල ක්‍රියාත්මක කරන්න කියලා බල කරනවා.
දැන් ලන්සා අනුරට යොමුකරලා තියන අලුත්ම ප්‍රශ්නය අනුරලාගේ වෘත්තීය සමිති ඇතුලු තවත් වෘත්තීය සමිති විශාල ප්‍රමාණයක් සමඟ එකඟතාවයෙන් හදපු උදය සෙනවිරත්න වැටුප් විෂමතා ඉවත් කිරීමේ වාර්තාව පිලිගන්නවද නැද්ද කියන එකයි.පිලිගන්නවා නං ඒකෙන් නිර්දේශ කරලා තියන රනිල් කැබිනට් අනුමැතිය ගත්ත රුපියල් 25000 වැටුප් වැඩිකිරීම දෙන්න කියලා.උදය සෙනවිරත්න වාර්තාව පිලිගන්නේ නැත්තං පිලිගන්නේ මොකද්ද කියලත් ලන්සා අහනවා.
ලන්සාගේ මැතිවරණ ව්‍යාපාරය ඇතුලේ අනුරට විතරක් නෙවෙයි සජිත්ටත් ප්‍රබල දේශපාලන විවේචනයක් එල්ල වෙනවා.ලන්සලා කෙලින්ම ප්‍රධාන විපක්ෂයේ අවස්ථාව සිලින්ඩරයට දෙන්න කියලා ඉල්ලනවා.සජිත් අගමැති අපේකෂකයා විදිහට තමන්වම නම් කරගෙන අනුර එක්ක සහජීවන ආණ්ඩුවක් හදන්න ජනවරමක් ඉල්ලද්දී ලන්සලා විපක්ෂ භූමිකාව වෙනුවෙන් ජනවරමක් ඉල්ලනවා.ඇත්තටම සිලින්ඩරයේ පවතින මේ උදාසීන බව රනිල්ටත් දැනෙන්න ඕනි.
ඒකද දන්නේ නෑ රනිල් ආයෙත් මේ සටනට කඩාපනින්න තීරණය කරන්න ඇත්තේ.එතනදීත් රනිල් තමන්ගේ නැවත පැමිණීමට තෝරගෙන තිබුණේ ලන්සාගේ වේදිකාව.රනිල් එතනදී තවත් දේශපාලන රහසක් අනාවරණය කරලා තිබුණා. 2022 ආර්ථික අර්බුදය වෙලාවේ තමන්ට අගමැතිකම බාරගන්න කියලා ඉස්සෙල්ලාම යෝජනා කළේ ලන්සා කියලා රනිල් කිව්වා. ඇත්තටම ලන්සා ඒ යෝජනාව කළා කියන්නේ අපේ රටේ ආර්ථිකය අර්බුදය සම්බන්ධව හොඳ කියවීමක් ලන්සාට තියනවා කියන එකයි.
ඒ වගේම ප්‍රශ්නයට උත්තරය විදිහට ඒ මොහොතේ තිබුණේ රනිල් කියන උත්තරය බව ලන්සා නිවැරදිව තේරුම් අරගෙන තිබුණා.මේ පාරත් ලන්සා රනිල්ව තමන්ගේ දේශපාලන වේදිකාව තුලින් එලියට දාන්නේ තවත් එහෙම දේශපාලන ගමනකට වෙන්නත් පුළුවන්. රනිල්ගේ මේ නැවත පැමිණීමත් එකක් අනුරට හොඳටම කිපිලා.අනුර දිගට හරහට රනිල්ට ගහන්න පටන් අරන්.රනිල්ට පැරදුනා නම් ගෙදර ඉන්න කියලත් අනුර කියනවා.
රනිලුත් ඒවාට උත්තර දෙමින් අපි දෙන්නම පැරදිලා ඉන්නේ කියලා අනුරට ජොක් කරනවා. රනිල්ට අනුව රනිල් බහුතරය නැති හිටපු ජනාධිපති.අනුර බහුතරය නැති ඉන්න ජනාධිපති. අපේ රටේ මේ මොහොතෙත් විපක්ෂ නායකයෙක් ඉන්නවා.හැබැයි මැතිවරණ සටනේ සජිත් ගැන අනුරගේ ලොකු අවධානයක් නෑ.ඒකෙන් පේන්නේ මහ මැතිවරණ සටනේ ආණ්ඩු පක්ෂය අනුරලා වෙද්දී විපක්ෂය රනිල් බවට පත්වෙලා කියලයි.
රනිල් ජනාධිපති ඉන්දැද්දී ඇත්තටම විපක්ෂයේ භූමිකාව කළේ අනුර.අද ඒක අනිත් පැත්තට හැරිලා.එදත් සජිත් නෑ.අදත් සජිත් නෑ.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට

රටේ රාළ

May be an image of 2 people, dais and text

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *