|

රනිල් පැරදිලා පරාදයි – අනුර දිනලා පරාදයි – රටේ රාළ

.
ඇල්පිටිය ඡන්ද ප්‍රතිඵලයෙන් පස්සේ ජවිපෙ නායකයෝ කියනවා මේ මැතිවරණ ක්‍රමයයේ විකෘතියක් තියනවා කියලා.ලාල් කාන්ත පහුගිය දවසක එහෙම කියලා තිබුණා.හැබැයි ජවිපෙ විපක්ෂයේ ඉන්නකොට පලාත් පාලන මැතිවරණය ඔය ක්‍රමයකට පැවැත්වීම වෙන්වෙන් තදින් පෙනී හිටියා.මොකද එතකොට ජවිපෙ හිටියේ විපක්ෂයේ.ආණ්ඩුවක බලාපොරොත්තුවක් පේනතෙක්මානයකවත් තිබුණේ නෑ.
ඒක නිසා එදා ජවිපෙට අවශ්‍ය උනේ විපක්ෂයට ගැලපෙන ඡන්ද ක්‍රමයක්.ජවිපෙට එක කොට්ඨාශයක්වත් දිනන්න බැරි කාලේ මේ ක්‍රමය හොඳයි.එදා මේ ක්‍රමය තිබුණේ නැත්තං ජවිපෙ හේදිලාම යනවා.හැබැයි දැන් ජවිපෙ බලයට ඇවිත්.කොට්ඨාශ දිනන මට්ටමට ඇවිත්.දැන් ජවිපෙට මෙච්චර කල් තමන් පෙනී හිටපු මැතිවරණ ක්‍රමය විකෘතියක් වෙලා.ඒ කියන්නේ ජවිපෙ විපක්ෂයේ ඉන්නකොට එක මැතිවරණ ක්‍රමයක් තියෙන්න ඕනි.
ආණ්ඩු බලය ගත්තම වෙන මැතිවරණ ක්‍රමයක් තියෙන්න ඕනි.ඇත්තටම මැතිවරණ ක්‍රමයයක් හැදෙන්න ඕනි රටේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය නිසි ලෙස ප්‍රකාශ වෙන විදිහට.එහෙම නැතිව දේශපාලන පක්ෂවලට බලය ඇවිත් තියන විදිහට නෙවෙයි.මීට ඉස්සෙල්ලා අපේ රටේ දේශපාලන නායකයෝ මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න හැදුවේ තමන්ට වාසිදායක විදිහට.අද ඒකම ජවිපෙත් කරන්න හදනවා.
ලාල් කාන්ත කිව්වේ මේ විකෘති ක්‍රමය ඉදිරියේදී වෙනස් වෙයි කියලයි.ඇත්තටම අපේ රටේ මැතිවරණ ක්‍රමයේ විකෘති තත්වයක් තියනවා. හැබැයි ඒ විකෘති තත්වය හැමෝටම පොදු එකක්. ජවිපෙ විපක්ෂයේ ඉන්නකොට ඒකේ වාසියක් ජවිපෙට තියනවා වගේම අනිත් අය විපක්ෂයේ ඉන්නකොට ඒ වාසිය එයාලටත් තියනවා.ජවිපෙ දැන් කියන කතාවෙන් තේරෙන්නේ ජවිපෙ කවදාවත් රටේ ප්‍රශ්න දිහා ජාතික මනසකින් බලපු ව්‍යාපාරයක් නෙවෙයි කියලයි.
ජවිපෙ සියල්ල විග්‍රහ කරන්නේ ජවිපෙට සාපේක්ෂව මිසක් ජාතික රාජ්‍යයක උවමනාවට සාපේක්ෂව නෙවෙයි.ඇත්තටම එයාලට එහෙම හිතන්න පුළුවන් මනසක් නෑ. එයාලා තවමත් ඉන්නේ ලිං මැඩි ගෝත්‍රික මානසිකත්වයක. වැඩවසම් යුගයෙත් මුල්ම අවධියේ තිබුණ මානසිකත්වයේ.රටේ රාළ ඒකට අභියෝගාත්මක උදාහරණයක් කියන්නම්.ජවිපෙ න්‍යායාචාර්ය ටිල්වින්ට පුළුවන් නම් ජාතික ලයිස්තුවෙන් ඇවිත් රටේ අමාත්‍යංශයක් අරන් ගොඩදාලා පෙන්නන්න කියලා රටේ රාළ අභියෝග කරනවා.
මුදල් අමාත්‍යාංශය වගේ සංකීර්ණ එකක් ඕනි නෑ.නිකං පශු සමිපත් අමාත්‍යංශය වගේ එකක් අරන් ගොඩදාලා දෙන්න කියන්න.ටිල්වින්ට දෙන්න සුදුසු නැති අමාත්‍යාංශත් තියනවා.ඒවා අනුර සහෝදරයා දන්නවා.ඇත්තටම බෑ. ටිල්වින්ලා කියන්නේ වැඩවසම් තියරිකාරයෝ විතරයි.කිසිම ප්‍රායෝගික කමක් නැති කතා සාප්පු විතරයි.ඔයාලා දකින්න ඇති පහුගිය දවසක සටන වැඩසටහනට ආපු ටිල්වින්ගේ හොඳම ගෝලයෙක් උන එරංගගේ තත්වය.
ජනතාවට සහ රටකට සමානාත්මතාවය දෙන්න යන අය සමාජයේ කුඩාම ඒකකය උන පවුල් ඒකකය ගැන දන්නේ නෑ.ඒකත් අනුන්ගේ පවුල ගැන නෙවෙයි තමන්ගේ පවුල ගැන දන්නේ නෑ. ඇත්තටම ජවිපෙ ගොඩක් අය තමන්ගේ පවුල් ඒකකය ගැන දන්නේ නෑ එයාලා වැඩිපුර දන්නේ අනුන්ගේ පවුල් ඒකක ගැන තමයි.ඇත්තටම ඒක ජවිපෙ පවුල ඇතුලේ තියන ඛේදවාචකයක්.ඒක ගැන පස්සේ කතා කරමු.හැබැයි එරංග ගෙදර දවසකට උයන හාල් ප්‍රමාණය දන්නේ නෑ.
හාල් කිලෝ එකක මිල දන්නේ නෑ.ඔයාලට තේරෙනවා ඇති ජෙප්පෝ කොහොම කෑමක්ද පිනට කන්නේ කියලා.තමන්ගේ දහඩිය මහන්සියෙන් උපයන ඕනිම කෙනෙක් දන්නවා ගෙදරක වියදම. එයාලගේ පඩිපතත් එක්ක තමයි ගෙදර රෝල ගෙනියන්නේ.අද ජවිපෙ පූර්ණ කාලිනයා කියන්නේ පිනට කකා කයිය ගහන කෙනෙක්.ගංවලත් ඔහොම පිනට අතෑරපු අය ඉන්නවා.වෙනස තියෙන්නේ එයාලගේ හණ ගහලා තියනවා මෙයාලගේ හණ ගහලා නෑ.
කොහොම උනත් මේ විකෘති මැතිවරණ ක්‍රමයේ කතාව එලියට එන්නේ ඇල්පිටිය මැතිවරණ ප්‍රතිපලය විග්‍රහ කිරීමෙන් පස්සෙයි. එතකං ජවිපෙට මේ ක්‍රමය හොඳයි.ජවිපෙ මුලදී කිව්වේ මැතිවරණ ක්‍රමය අපට ප්‍රශ්නයක් නෑ ඕනි ක්‍රමයකට මැතිවරණ තියපල්ලා කියලයි.අපේ රටේ තියෙන්නේ කේවල සහ සමානුපාතික ක්‍රමය මිශ්‍ර මැතිවරණ ක්‍රමයක්.පාර්ලිමේන්තු,පලාත් සභා ,සහ පලාත් පාලන මැතිවරණවලදී මේ කේවල ක්‍රමයේ සහ සමානුපාතික ක්‍රමයේ අනුපාතවල වෙනසක් වෙනවා.
ඒක සියලු දෙනාටම පොදු තත්වයක්.හැබැයි මෙතනදී ජවිපෙ නායකයන්ට අමතක උන දෙයක් මතක් කරලා දෙන්න ඕනි.ජවිපෙ බලය සම්බන්ධව කරන විග්‍රහයෙදී ජනතාවගේ බලය තීරණාත්මක බව පිලිගන්නවා.බලය ගන්න නම් ජනතාවගේ සාතීශය බහුතරයකගේ කැමැත්ත තියෙන්න ඕනි.ජවිපෙ විග්‍රහ ඇතුලේ තියෙන්නේ ජනතාවගේ සාතීශය බහුතරයකගේ කැමැත්ත තියනවා නං බලය ගන්න මැතිවරණම ඕනි නෑ කියලයි.
ජවිපෙට තවමත් රටේ ජනතාවගේ සාතීශය බහුතරයකගේ කැමැත්ත හම්බ වෙලා නෑ. ජනාධිපතිවරණයේදී අනුරට හම්බ වෙන්නේ 42% ක ජනවරමක්.අනුරට එරෙහිව රටේ 58% ක් ජනතාවක් ඉන්නවා.ඒ වගේම ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී මාලිමාවට හම්බ වෙන්නේ 47.64% බලයක් විතරයි.52.56% මාලිමාවට විරුද්ධයි.මේ රටේ සාතිශය බහුතර ජනතාව නැගී සිටින හැම වෙලේම ජවිපෙ පරාදයි.ජවිපෙට තියෙන එකම වාසිය ඒ සාතිශය බහුතරය බෙදිලා ඉන්න එකයි.
අඩුම ගානේ අනුරට ජනාධිපතිකමේ වාසියවත් තමන්ගේ පැත්තට හරවා ගන්න බැරිවෙලා. සාමාන්‍යයෙන් නව ජනාධිපතිවරයෙක් පත්වුනාම එයාගේ පැත්තට පොඩි හරි රැල්ලක් එනවා.හරි නම් ජවිපෙට රැලි පිට රැලි එන්න ඕනි.ඒ තරම් සුද්දවන්තයෝ ටිකක්නේ බලයට ඇවිත් තියෙන්නේ.හැබැයි අනුර ජනාධිපති වෙලා මාසයක් යනකොට ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දයෙන් මාලිමාවේ ඡන්ද 1.7% කින් පහල වැටෙනවා.
ඇත්තටම ඕකට හොඳම කතාව කිව්වේ රනිල්.රනිල් කිව්වේ මම හිටපු සුළුතර ජනාධිපති අනුර ඉන්න සුළුතර ජනාධිපතියි කියලයි. ඒ කියන්නේ රනිල් පරාදයි.අනුර දිනලත් පරාදයි.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට

රටේ රාළ.

May be an image of 5 people

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *