සන්ධානයේ පරාජය සඟවන මාධ්‍ය මෙහෙයුමට වියන්ගොඩගෙන් කනේ පහරක්
එක්සත් ජාතික පෙරමුණ සහ පොදුජන සන්ධානය අතර කරට කර තරගයක් ඇත යන පූර්ව නිගමනය ප්‍රචාරය කරමින් සිවිල් බුදුධිමතුන් සමග සම්මුඛ සාකච්ඡා පෙළක් පැවත්වීමේ සියුම් ප්රචාරක වැඩ සටහනක් සඳහා තමන් වෙත පැමිණි මාධ්‍ය වේදියකුට සන්ධානයේ පරාජය ස්ථිරය යන තම නිගමනය මත ප්‍රකාශයක් ලබාදුන් බව පුරවැසි බලය සම කැදවුම්කරු ගාමිණී වියන්ගොඩ මහතා යුක්තියට ප්‍රකාශ කළේය . මුද්‍රිත මෙන්ම විද්‍යුත් මාධ්‍ය තුළ ප්‍රකාශයට පත්වෙන මෙම සාකච්ඡා වැඩි හරියක් කෙරෙන්නේ පොදුජන සන්ධානයට පක්ෂපාත මාධ්‍ය ආයතන තුළිනි.
සැගවුණු උවමනාවක් ඉටුකරදීම වෙනුවෙන් වෙනත් අයගේ තක්සේරුවක් මත පිළිතුරු දීමට තමන් බැඳි නැති බව ඒ මාධ්‍යවේදියාට ගාමිනි වියන්ගොඩ මහතා පැහැදිළිකර දී තිබේ. මාගේ තක්සේරුවට අනුව ස්ථිර වශයෙන්ම පොදුජන සන්ධානය පරාජය වන බව පවසා ඇති ගාමිනී වියන්ගොඩ මහතා එම තක්සේරුව මත සම්මුඛ සාකච්ඡාව පවත්වා ඇත.
ස්ථිර වශයෙන්ම පරදින පොදුජන සන්ධානය, කරට කර තරගයක යෙදී සිටින බව ප්‍රචාරය කිරීමෙන් එම සන්ධානයට කිසියම් වාසියක් හිමිවන බව වියන්ගොඩ මහතා පවසයි. සමාජය තුළ මාධ්‍යට තම නිගමනයන් තහවුරු කිරීමට ප්රජාතන්ත්රවාදී අයිතියක් ඇති බව වියන්ගොඩ මහතා පිළිගනී. එමෙන්ම තමන්ගේ නිගමනයන් හා තක්සේරු මත සාකච්ඡා කිරීම තමන්ගේ ද ප්රජාතන්ත්රවාදී අයිතියක් බව ප්‍රකාශ කරයි. පොදුජන සන්ධානය විසින් දියත් කෙරී ඇති මේ ප්රචාරක උපක්රමයට හසු නොවන ලෙස වියන්ගොඩ මහතා අපගෙන් ද ඉල්ලා සිටියේ ය.
වියන්ගොඩ පවසන්නේ පක්ෂවල දේශපාලන උවමනාවන් සපුරා ගැනීම සඳහා මාධ්‍ය ආයතන විසින් පවත්වන මත විමසුම් සහ එක් එක් අයගේ පූර්ව නිගමන මත පුරවැසි බලයේ සාමාජිකයින්ගෙන් පිළිතුරු ලබාගත නොහැකි බවය. වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා ට අනුව සමාජ, ආර්ථික සහ දේශපාලන නිගමනයන් සම්බන්ධයෙන් පුරවැසි බලයට ද නිගමනයන් ඇත.
