උතුරේ ඡන්දවලට දෙමළ සන්ධානයේ බලපෑම සියයට 23 කට අඩුයි

උතුරු නැගෙනහිර දෙමළ  ජනයාගේ ප්‍රධාන පක්ෂය ලෙස ඉලන්කෙයි තමිල් අරසු කච්චි පක්ෂය සැලකුණ ද ඔවුන්ට එම ජනයට කළ  හැකි බලපෑම ඉතා අල්ප බව පසුගිය මැතිවරණ ප්‍රතිඵල පෙන්නුම් කරයි . 2020 මහා මැතිවරණයේ දී උතුරු නැගෙනහිර ප්‍රදේශයෙන් එම පක්ෂය ලබාගෙන ඇති සමස්ත ඡන්ද ප්‍රතිශතය සියයට 22.34 කි .

2020 මහ  මැතිවරණයේ දී යාපනයේ වලංගු ඡන්ද 359,139 කින් දෙමළ  ජාතික සන්ධානයට හිමි වී ඇත්තේ 112,967 ක් පමණකි .  ප්‍රතිශතයක් ලෙස සියයට 31.48 කි . අකිල ඉලන්කෙයි තමිල් කොන්ග්‍රස් පක්ෂය ඡන්ද 55,303 ක් ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 49,373 ක් ,සහ ඊ පී ඩී පී පක්ෂය ඡන්ද 45,797 ලබාගෙන ඇත .

මෙවර මැතිවරණයේ දී තමිල් අරසු කච්චි පක්ෂය සජිත් ප්‍රේමදාස මහතාට සහය දීමට නිල වශයෙන් තීරණය කොට ඇති නමුත් පක්ෂ නායක ශ්‍රීධරන් මන්ත්‍රීවරයා එයට විරෝධය පළකොට  ඇත .

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ඊ පී ඩී පී පක්ෂයේ සහය හිමිව ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ය .

2020 මැතිවරණයේ මඩකලපු දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රතිඵලය අනුව වලංගු ඡන්ද 298,012 කින් තමිල් අරසු කච්චි පක්ෂය ලබාගත්තේ 79,459 කි . සියයට 26.66 කි .  පිල්ලෙයාන්ගේ ටී එම් වී පී පක්ෂය ඡන්ද 67,692 ක් ලබාගෙන ඇත , එම පක්ෂයේ සහ කරුණා අම්මාන් කණ්ඩායමේ සහය ද රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී තිබේ .

2020 මහා මැතිවරණයේ දී උතුරු නැගෙනහිරින් තමිල් අරසු කච්චි පක්ෂය ලබාගෙන ඇති මුළු ඡන්ද ප්‍රමාණය 327,146 කි .  ප්‍රතිශතයක් ලෙස එය සියයට 22.34 කි .

පක්ෂයේ පවතින මත ගැටුම් නිසා මෙම ජනාධිපතිවරණයේ දී මෙම ඡන්ද ප්‍රමාණය ද බෙදී යනු ඇතැයි  කියති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *