දැන් රැල්ල රනිල්ට !

ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාර කල් තබා ආරම්භ කළ අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස මහත්වරුන්ගේ මැතිවරණ ව්‍යාපාර පසුබෑමකට ලක්වෙමින් තිබිය දී පසුගිය මාසයේ සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කළ  රනිල් ව්ක්‍රමසිංහ මහතා වේගයෙන් ඉදිරියට එන බව මැතිවරණ සමීක්ෂණ ගැන අවධානය යොමු කරන දේශපාලන නිරීක්ෂකයෝ කියති .

සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය පසුගියදා ප්‍රකාශයට පත් කළ අගෝස්තු මාසයේ ප්‍රතිඵල අනුව එම මාසය තුළ  අනුර කුමාර දිසානායක මහතාට තිබු සහයෝගය සියයට එකකින් ද , සජිත් ප්‍රේමදාස මහතාට තිබු සහයෝගය සියයට හතරකින් ද , පහළ  වැටෙත් දී රනිල් වික්‍රමසිංහ මහතා සියයට පහක වේගවත් වර්ධනයක් පෙන්නුම් කර ඇත .  සැප්තැම්බර් මාසයේ මේ දක්වා කාලය තුළ  මෙම තත්ත්වය තවත් වර්ධනය වී ඇති බව ක්ෂේත්‍රයේ තතුදත් නිරීක්ෂකයෝ කියති .

කෙසේ වෙතත් ,  මෙම ප්‍රතිශත සකසා ඇත්තේ තම මතය ප්‍රකාශ කළ ඡන්දදායකයින්ගේ සංඛ්‍යාව අනුව ය . විශාල පිරිසක් නිහඬව සිටින බව පෙනීගොස් ඇති අතර එම පිරිසගේ ඡන්ද මැතිවරණ ප්‍රතිඵලය කෙරෙහි තීරණාත්මක ලෙස බලපානු ඇති බව පෙනෙන්නට තිබේ .

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය කළ  සමීක්ෂණයකට අනුව රටේ ප්‍රධාන ප්‍රශ්නය ආර්ථිකය බව වැඩි පිරිසකගේ මතය වී තිබේ .  එම ප්‍රශ්නය විසඳීම කෙරෙහි වැඩි දෙනාගේ විශ්වාසය දිනාගෙන ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා ය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *