සජිත් බේරාගන්න සුමන්දිරන් බෙල්ල තියයි

ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස ට සහාය දීමට ඉලංගෙයි තමිල් අරසු පක්ෂය (ITAK) වව්නියාවේ පැවති විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමකදී අද (01) තීන්දු කර ඇතැයි පක්ෂයේ ඉහළ පෙලේ මන්ත්‍රීවරයකු වන එම්  ඒ සුමන්දිරන් මහතා කරන ප්‍රකාශය පක්ෂ නායකත්වය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
එබඳු තීරණයක් ගෙන නැති බව පක්ෂයේ සභාපති මාවෙයි  සේනාධිරාජා මහතා ප්‍රකාශ කොට ඇති අතර පක්ෂයේ මධ්‍යම  කාරක සභ්කයින් ගණනාවක් ප්‍රකාශ කොට ඇත්තේ එබඳු රැස්වීමකට තමන් කැඳවා නොතිබූ බව යි .

ITAK වැඩබලන සභාපති මාවෙයි සේනාධිරාජා පවසන්නේ මෙය තමන් ඇතුලු මුල් පෙලේ නායකයන් කිහිප පලක් නොමැති සභාවක දෙතුන් දෙනකු ගත් තීරණයක් මිස පක්ෂයේ නිල මතය නොවන බවයි.

මධ්‍යම කාරක සභාව පවත්වා ඇත්තේ,  පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් ද විදේශගතව සිටින අවස්ථාවකය.

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ යාපනයේ පැවැත්වූ රැස්වීම සෙනග නොමැතිව සම්පුර්ණයෙන් අසාර්ථක වීමත් , රනිල්  වික්‍රමසිංහ මහතා වෙනුවෙන් වවුනියාවේ අද පැවති රැස්වීමේ සාර්ථකත්වයත් නිසා සුමන්දිරන් මහතා ඇතුළු කණ්ඩායම මෙම හදිසි තීරණය ගෙන ඇති බව කියති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *