මහා ලේකම්ගේ දිස්ත්‍රික්කයෙන් සජිත් පතුලට ම වැටිලා

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර නියෝජනය කරන මොනරාගල දිස්ත්‍රික්කයේ පොහොට්ටු පක්ෂ මන්ත්‍රී දිනා ගැනීමට තිබූ තරඟයෙන් රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කර ඇති බව වාර්තා වේ.

මේ වනවිටත් පොහොට්ටු මන්ත්‍රීන් දිනා ගැනීම වෙනුවෙන් පවතින තරඟයේ දී ඇමතිවරු සහ රාජ්‍ය ඇමතිවරු රනිල් වික්‍රමසිංහ සමඟ එක් වී සිටින අතර ආචාර්ය නාලක ගොඩහේවා සහ මහාචාර්ය ජී. එල්. පීරිස්ගේ ප්‍රමුඛත්වයෙන් යුතු පිරිසක් සජිත් ප්‍රේමදාස පිලට එකතු වී සිටී.

විශේෂයෙන් ම සමගි ජන පෙරමුණේ මහ ලේකම් තම පවුලේ ඊලඟ දේශපාලඥයා බිහි කිරීම කෙරෙහි කැප වී ක්‍රියා කරන බවට චෝදනා ද එල්ල වී ඇත. ඒ බව සනාථ කෙරෙමින් මොනරාගල දිස්ත්‍රික්කයේ පොහොට්ටු පක්ෂ මන්ත්‍රීවරු සිව් දෙනෙකු රනිල් වික්‍රමසිංහ පිලට එක් වීමට ඉඩ හැර ඇති බව ද අලුතින් චෝදනාවක් එල්ල වී ඇති බව වාර්තා වේ. ජගත් පුෂ්ප කුමාර, විජිත බේරුගොඩ, ගයාෂාන් නවනන්ද සහ කුමාරසිරි රත්නායක යන මන්ත්‍රීවරු රනිල් වික්‍රමසිංහ වෙත එක් වී සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *