ආණ්ඩුව මුලින්ම කරන්න තිබුණ වැඬේ පස්සට තල්ලූකළා – නීතිඥ එස්. ජී.පුංචිෙහේවා

සයිටම් ප‍්‍රශ්නය විසඳුමක් නැතිව දිගින් දිගටම ඇදීගෙන යනවා. හම්බන්තොට වරාය ප‍්‍රශ්නය තවමත් එහෙමමයි, දූෂිතයන්ට දඬුවම් දීම එන්න එන්නම ප‍්‍රමාදවෙනවා මෙයින් පෙනෙන්නේ මේ රජය ප‍්‍රශ්න විසඳීමට අපොහොසත් කියලද?

ඔය කියන ලද හැම ප‍්‍රශ්ණයක්ම විසඳීමට ලොකු කැපවීමක් නැතිබවයි පෙන්නේ.  ඕනෑවට වඩා කල්මරණ බවකුයි පෙනෙන්න තියෙන්නේ. ඉස්සර කියාපු සමහර දේවල් කණපිට පෙරළීගෙන එන්නේ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව, පළාත් පාලන මැතිවරණය ඔය හැම එකක්ම දිගින දිගට ඇදෙන තත්ත්වයකුයි තියෙන්නෙ.

සයිටම් ප‍්‍රශ්නයට අවුරුදු අටක්. තවම විසඳුනක් නෑ. දෙපිරිසක් පෙත්තක සිට කරුණු කියනවා.

සයිටම් ප‍්‍රශ්නය ඇත්තෙන්ම පහසුවෙන් විසඳගන්න තිබුණා. ආණ්ඩුවෙන් තමයි ඒ ගොල්ලන්ට අවසර දීල තියෙන්නෙ. පසුගිය රජයෙන් කරපු ඒ ක‍්‍රියාමාර්ගය වැරදි නම්, මෙම රජයට යුතුකමක් තියෙනව එය නිවරැුදි කරගන්න ඒ ළමයින්ට යම්කිසි සහනයක් ඇතිවෙන පිළිවෙලට.

අපේ රටේ අධ්‍යාපන ප‍්‍රතිපත්ති අනුව, ඒ ළමයින්ට අධ්‍යාපනයක් දෙන්න රජයට බැරිකම නිසයි මේ ළමයි පෞද්ගලික විශ්වවිද්‍යාලවලට යන්න පෙළඹෙන්නේ. ඒ ළමයි උසස් අධ්‍යාපනයට සුදුසු ළමයි. ලකුණක් දෙකක් මදිවීමෙන් රජයේ විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමට නොහැකි වූ ළමයි. ඒ ළමයින්ගෙන්, දෙමව්පියන්ට හැකියාව තියෙන ළමයි ටිකදෙනෙක් මේ තුළින් අධ්‍යාපනයක් ලබනවා. එහෙම අධ්‍යාපනයක් ලබා දෙන්න දෙමාපියන්ට අයිතියක් තියනවා. ඒකට විසඳුමක් නැත්නම්, ඒ ළමයින්ට අධ්‍යාපනය ලබන්න ඉඩ දෙන්න අවශ්‍යයි. එයට ඉඩදෙන්නේ නැත්නම් එම කටයුත්ත අධ්‍යාපන දෙපාර්ථමේන්තුවෙන් බාර අරගෙන කළ යුතුයි.

එක්ලක්‍ෂ තිස්දාහක් විතර සමත් වුනාම, එයින් තිස් දාහකට වැඩිය ළමයින් ගන්නේ නෑ විශ්වවිද්‍යාලවලට. අනිත් ළමයි අනාථයි. ඒ ළමයින්ට විකල්ප මාර්ග හොයාගන්න වෙනවා. එයින් කොටසක් විදේශගත වෙනවා.  එතකොට විදේශ විනිමය වියදම් වෙනවා. මේ ළමයි මේ රටේම ඉගෙන ගන්නවා නම් එක වැලැක්වෙනවා. එතනදි ගැටළුවක් තියෙන්නේ අවශ්‍ය පුහුණුව හරියට ලැබෙනවද කියලයි.

එයාලගෙ තර්කය වන්නේ ඔවුන්ටත්, රජයේ විශ්වවිද්‍යාල සිසුන්ටත් එකම විභාගයක් තියන්න කියලයි. ඔවුන් කියනවා දැනුම ඔප්පු කරන්න එයින් සූදානම් කියලා.

ඔවුන්තේ තර්කය ඉතාම සාධාරණයි. එතකොට උපාධිට හිමිකම් කියන්නේ සමත් වෙච්ච ළමයින් පමණයි. ඒ කාරණාවලට ඇහුකම් දීලා ප‍්‍රශ්නය විසඳුව නම් මෙය දිගින් දිගටම යන්නේ නෑ. වෛද්‍යවරුන්ගේ සංගම් ඉතාම අසාධාරණයි. එයාලා ඊර්ෂ්‍යා සහගතව කරයුතු කරන බවකුයි පෙනෙන්න තියෙන්නේ. එයාල ඒ වෘත්තියෙන් මුදල් හම්බකරනව. ඔවුන් හිතන්නේ මේ අය ආවොත් ඒකට බාධාවක් කියලයි. එවැනි විරෝධතා ඉතාම අසාධාරණයි. කොහොම වුණත් සයිටම් සිසුන් සාධාරණයක් ඉටු විය යුතුයි.

සයිටම් ප‍්‍රශ්නය හරුණුම අනෙක් ප‍්‍රශ්නත් දිග්ගෙහෙනවා නේද?

මෙතෙක් තිබුණ හැම ආණ්ඩුවක්ම මූණ දුන්න ප‍්‍රශ්නයක් තමයි බලයට එන්න පෙර ප‍්‍රකාශ නිකුත් කරලා, ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන මගින් කියනවා මේ මේ වැඩටික, අපි මේ මේ කාලෙදි කරනවා කියලා. ඒවා ප‍්‍රායෝගිකව කරන්න ගියාම තවත් ප‍්‍රශ්න මතුවෙනවා. ඇතැම් අය කරන ප‍්‍රකාශ නිසා අලූතෙන් ප‍්‍රශ්න නිර්මාණය වෙනවා. පස්සේ ඒ නිර්මාණය වෙච්ච ප‍්‍රශ්න ගැන කතා කරකර ඉන්නවා. එතකොට කරන්න තියන වැඩකටයුතු සියල්ල අතපසු වෙනවා. එතකොට වෙන්නේ තමන්ට ඉටුකළ යුතු වගකීම්  රාශියක් ගොඩගැසීමයි. මෙයින් පෙනෙන්නේ රජයේ ආකාර්යක්‍ෂම තාවයයි. එතකොට එයින් වෙන්නේ තමන්ට ඉටු කිරීමට බැරිවුණ වගකීම් රාශියක් ගොඩගැසීමයි. මූලික ප‍්‍රශ්න තිබියදී වෙනත් ප‍්‍රශ්න වලට මැදිහත් වෙවී සිටීමෙන් ප‍්‍රධාන ප‍්‍රශ්න විසඳන්න බැරිවෙනවා. එයින් රජය අදක්‍ෂක බවයි මහජනයාට ඒත්තු ගැවෙන්නේ.

මෙහෙම වෙද්දි වෙන්නේ මාධ්‍ය මගින් කරන්නේ, මෙය (ලොකුම* ප‍්‍රශ්නය බවට හරවා ගැනීමයි. මෙය වරින්වර මතුකරමින් ඇවිස්සීමයි.මේ ළමයි තුන්හාරසියකගේ ප‍්‍රශ්නය මහා ජාතික ප‍්‍රශ්නයක් බවට පත් කරමින් වමරාකෑමයි. මේ නිසා රටේ කෙරෙන අනෙක් හොඳ වැඩක්වත් ජනතාව අතරට යන්නේ නෑ.

ආණ්ඩුවට ස්ථාවර ප‍්‍රතිපත්තියක් තිබිය යුතුයි. අපි පටන් ගත්තු වැඩපිළිවෙල මේකයි. මෙය ස්ථථිරවම කරනවාමයි කියලා අධිෂ්ඨානයක් තිබිය යුතුයි. අතුරු ප‍්‍රශ්නවලට විසඳුම් සෙවීමට පුද්ගලයන් හා කමිටු පත්කළ යුතුයි. ඒ බවක් පෙනෙන්න නෑ. ඒ අතින් ඉතාම අදක්‍ෂ,  අකාර්යක්‍ෂම ආණ්ඩුවක් බවයි පෙන්නුම් කෙරෙන්නේ.

ඒත් ආණ්ඩුව පැත්තෙන් බලන කොට මේ හැම ප‍්‍රශ්නයකට විසඳුම් ගෙනෙන බව පැවසෙනවා. ඒ පිළිබඳව කතාකරනවා.

මේ රජය හැම ප‍්‍රශ්නයක් පිළිබඳවම ලස්සනට කතා කරනවා පේනවා. ලස්සන කථා වලින් පමණක් ආණ්ඩු කරන්න බැහැ. අන්තිමට ‘ලස්සනට කතාකරලා ගෙදරගිය ආණ්ඩුවක්’ පමණක්වෙයි මෙහෙම ගියොත්. ඒ ඒ ප‍්‍රශ්නය විසඳීමට දක්‍ෂ පුද්ගලයන් පත්කරලා ප‍්‍රශ්නය විසඳීමට කටයුතු කළයුතුයි. අතීතයේ හිටිය දක්‍ෂ පාලකයෝ ඒ ඒ විෂයට දක්‍ෂ පුද්ගලයන් ලවා වැඩපිළිවෙල් හදලා දියත් කර තියෙනවා.  ඒවයෙන් ඒගොල්ලෝ ජනප‍්‍රිය වෙලත් තියෙනවා. අඩුම වශයෙන් ඒ ක‍්‍රමවේදයවත් පාවිච්චි කරනවානම් මීට වඩා යහපතක් වේවි.

උපදේශකයෝ කොච්චර හිටියත් වැඩක් කරන බවක් පේන්න නෑ. වැඩක් ගන්න බවක් පේන්නවත් නෑ. දැන් මේ ආණුඩුවට වෙලා තියෙන්නේ, ආණ්ඩුකිරීමේ ලොකුම දේ හැටියට පෙන්නන්නේ පාළකයන් විදේශගතවිමයි. විවිධ රට වලට යනවා. ගිහින් කියනවා අපේ රට ගැන හරි ප‍්‍රසාදයක් ඇති වුණා. අපේ රට ගැන අහවලා මෙහෙම කිව්වා කියලා. ඒවා කියන හැටියට ලැබෙනවද? කවදත් ලැබෙන පිළිවෙලට ආධාර ලැබෙනවා. ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් මාරුවෙන් මාරුවට විදේශගත වෙනවා. ඒ අතර විදේශ ඇමතිත් යනවා. විදේශ ඇමති ඒකට යොමුකරලා ප‍්‍රධානියො දෙන්නා රටේ ප‍්‍රශ්න විසඳනවා නම් මීට වඩා හොඳක් වෙයි. නැතුව රට රටවල ගිහින් මාධ්‍ය මගින් ප‍්‍රචාරය පුරාජේරුව සඳහා වැඩ කරගන්නවා නම් එයින් පෙනෙන්නේ අදක්‍ෂකමයි.

මේ රජයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයෙත්, දින සියයේ ආණ්ඩුවේදීත් මූලික පොරොන්දුවක් වුණේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමයි. ඒ ප‍්‍රශනයත් තවම කල් මරණ බවක් පෙනෙනවා.

ජනතාව විශේෂයෙන් බලාපොරොත්තු වෙච්ච දෙයක් තමයි නව ආණුඩුක‍්‍රම ව්‍යවස්ථාවක්. දීඝ_ කාලයක් ජනතාව පීඩා විඳින්න හු`ගක් ප‍්‍රශ්නවලට හේතුව, විධායක බලතල ඇති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ඇතිවීම. ඒ හරහා 1978 දී සමස්ථ ආර්ථිකය වෙනස්වන වැඩපිළිවෙලක් ඇතිවීම නිසා දේශීය ආර්ථිකය කඩාවැටීම, ඒ නිසා දේශීය කර්මාන්තවලට, මිනිස්සුන්ට විඳින්න වුන පීංඩාව. දීඝ_ කාලයක් එකම කල්ලියක් බලයේ සිටීමෙන් ජනතාවට ඇති වූ හිංසනය නිසා මිනිස්සු බලාපොරෝත්තු වුනා අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක්. අළුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගෙනෙන බවට මේ ගොල්ල පොරෝන්දු වුණා.

ඒ පොරොන්දු වෙච්ච කාරණය, මේගොල්ල විවිධ අදහස් එනවා කියලා පහු කරනවා.  මේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න, ආණ්ඩුව වෙනස් කළ යුතුයි කියන අදහස මහජනතාවගේ තිබුණා. ඒ වෙලාවේ ආණ්ඩුව වෙනස් කරන්න, විවිධ බලවේග විවිධ වැඩපිළිවෙල් සුදානම් වෙලා, මෛත‍්‍රීපාල මහත්තයා තර`ග කිරීමට ඉදිරිපත් කරලා, පක්‍ෂ එකමුතුවෙලා, සිවිල් සංවිධාන සහයෝගය දීලා, සමහර මාධ්‍යත් මේකට එකතුවෙලා ආණ්ඩුව වෙනස් ආණ්ඩුව වෙනස් කළේ මහජනතාවට තිබුණු ප‍්‍රධාන අපේක්‍ෂාව වූ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගේන්න, එක ඇතුළෙ තිබුණෙ විධායක ජනාධිපති ක‍්‍රමය වෙනස් කරන්න, අලූත් මූලික අයතිවාසිකම් ඇතුළත් කරන්න. ජනවාර්ගික ප‍්‍රශ්නය මුලික වශයෙන් විසඳන්න. උතුරු නැගෙනහිර ජනතාව ගේ ගැටළුවලට විසඳුම් දෙන්න. ඒ ටිකට තමයි මිනිස්සුන්ට ප‍්‍රධාන වශයෙන් නව ආණ්ඩුවක් ම`ගින්, නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක්  ඕනැ වුනේ.

ඒත් පිරිසක් කියනවා නේද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් නොකළ  යුතුයි කියලා.

ජනවාරි 8 වෙනසට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විරුද්ධව හිටියා. ඒ පිළේ බලය තවමත් තියනව. ඔවුන් තමයි කියන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් නොකළ යුතුයි කියලා. විධායක බලතළ එසේම තිබිය යුතුයි කියලා.

මේක ජනතා අදහස් අනුව වෙනස් කම් කරනවා කියලා, යෝජනා හා අදහස් ගැනීමට රටපුරා ගියා. ඒක හොඳ ලක්‍ෂණයක්. ජනතා අදහස් ලබාගැනීම ප‍්‍රජාතන්ත‍්‍රවාදි කටයුත්තක්.  පළවෙනි වතාවට රජයක් විසින් කරන ලද හොඳ වැඩක්. නමුත් මහජන මතයේ උණුසුම තියනකම් විතරයි ඒක කළේ. එක කරලා හොඳ වාර්ථාවකුත් හැදුවා. ඒක ආයේ කමිටු හයකට බෙදුවා. ඒ හයෙන් නිර්දේශ ලබාගත්තා, මේවා ක‍්‍රියාත්මක කරන්න.

ඒ කමිටු හයේ නිර්දේශයන් ධනාත්මක ද?

නෑ. ඒ හයෙන් කොමිසමට ආ යෝජනා ඉවත් කරමින්, නැවතත් කළින් හිටපු තැනටම එන්න පටන් ගත්තා. දැන් ඒ කමිටු වලින් කියපු නිර්දේශත් යට වෙලා තියනවා. මේ ව්‍යාකූලත්වය මැද්දේ ‘අලූත් ආණ්ක‍්‍රම ව්‍යවස්ථාවක් දැන්මම ගෙන්න බෑ’ කියන තත්ත්වයට ගෙනල්ලා පස්සට තල්ලූ කරලා දැම්මා. කරන්න තිබුණ මූලිකම වැඬේ පස්සට තල්ලූකරලා දැම්මා.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම මූලික වැඩක් ද? එයට ප‍්‍රමුඛත්වයක් දියයුතුද?

එය තමයි ප‍්‍රමුඛත්වයක් දියු යුතුම කාරණය. මේ මත තමයි ව්‍යවස්ථානුකූලව උතුරු නැගෙනහිර ප‍්‍රශ්නයට ස්ථිර විසඳුමක් ගේන්න පුළුවන් වෙන්නේ. රටේ ජනතාවගේ මානව හිමිකම් ආරක්‍ෂා කරන්න හැකිවෙන්නේ. ඒ මත තමයි ජත්‍යන්තරය දිනාගැනීමටත් හැකිවෙන්නේ.

ඒ කියන්නේ අපි ජාත්‍යන්තරය දිනාගැනීමට අපොහොසත් වෙලා තියනවද? මාධ්‍ය කියන්නේ පුළුවන් වෙලා තියන බවයි.

යම් පමණකට හැකිවෙලා තියනවා. ඒ වෙන කිසි එකක් නිසා නෙමෙයි. කරන ලද ප‍්‍රතිසංස්කරණ වලින්, මානව හිමිකම් ආරක්‍ෂා වන බව තරමක් දුරට හෝ පෙනීයාම නිසයි. දැන් ඒක පවා අමතක කරලා තියනවා. එයින් පෙනෙන්නේ ඉදිරියේ දී ජාත්‍යන්තරයේ විශ්වාසය බිඳවැටෙන බවයි. උදව් නැතිවෙන බවයි. එහෙම කියන්න තියන මූලීකම හේතුව තමයි, ජිනීවා සම්මුති සියල්ලම සම්පූර්ණයෙන් ඉටු කළ යුතුයි කියලා බලකරනවා. සම්පූර්ණයෙන්ම ක‍්‍රියාත්මක කළයුතුයි කියල බලකරනව. රජයේ ඉල්ලීම අනුව කල් දුන්නේ, ඒ ටිකම කරන්න  ඕනෑ කියලා ඉල්ලා සිටීමටයි. ඒ ටික කරන්නත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කළ යුතුයි.

ඇයි නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට ආණ්ඩුව ප‍්‍රමාද කරන්නේ. දකුණේ ජාතිවාදී බලවේග වලට බයෙන්ද?

දකුණේ බලවේගයකට බයෙන් කියලා පේන්නේ නෑ. ඇත්තටම මෙයට විරුද්ධ බලවේගය බවට පත්වෙලා තියෙන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයයි. ඒ කට්ටියගේ මතය දකුණේ මතය හැටියට ප‍්‍රචාරය කරනව. එතකොට අපට හිතෙන්නේ දකුණේ ජාතිවාදි බලවේග මේ ප‍්‍රතිසංස්කරණ වලට අකමැතියි කියලා. ඇත්තෙන්ම එහෙම එකක් නෑ දකුණේ ජාතිවාදය එතරම්ම උත්සන්න නැහැ. ටික දෙනෙක් තමන්ගෙ පැවැත්මට මේක ‘මාකර්ට්’ කරමින් ඉන්නවා. ඒ ගොල්ල හිටිය තැනින් ඒ ගොල්ලන්ට වෙනස් වෙන්න බෑ. ඒ ගොල්ලො දන්නවා වෙනස් වුනොත් තමන්ට දැනට තියන ජන පදනම තවදුරටත් රැුකගන්න බෑ කියලා.

හිටපු සමහර ඇමතිවරුන්ට ජීවත් වෙන්න බෑ හොරකම් නැතුව. ඒ ගොල්ල එහෙමම හිටපු අය. ඒ අයට මේ රජය වෙනස් කරගත යුතු මෙන්ම, මේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවද තිබිය යුතුයි. ඒකයි ඔවුන් කියන්නේ මේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තව දුරටත් තිබිය යුතුයි කියල. නැතුව වෙන කිසිම හේතුවක් නෑ. මහජනතාවට  ඕනෑ දෙයක් ඔවුන් එපා කියන්න වෙන කිසිම හේතුවක් නැහැ.

ඉතින් ආණ්ඩුවට බැරි ඇයි කඩිනමින් එම අවශ්‍යතා ඉටු කර ගැනීමට. සුළුතරයකගේ බලපෑමට යට විය යුතුද?

නෑ. එයින් පෙන්නුම් කෙරෙන්නේ රාජ්‍යතන්ත‍්‍රිකභාවයේ අදක්‍ෂකමයි. ජනතාව විශාල ජන බලයකින් මෛත‍්‍රීපාල සිරිසේන මහතාට බලය දුන්නා. ඒ ජන බලය අනුව ක‍්‍රියා කිරීම මිසක් ජනතාව ප‍්‍රතික්‍ෂෙප කරන ලද, වෙනස් මත දරණ අය මෙතෙන්ඩ ගාව ගැනීම වැරදියි. කළ යුතුව තිබුණේ ජනාධිපතිවරණ ජයග‍්‍රහණය ආසන්නයේම මහ මැතිවරණයකට ගොස්, වැඩි බලයකින් යුතු ආණ්ඩුවක් පිහිටුවා ගැනීමයි. එතන තමයි අඩුපාඩුව වුණේ. ඊට පස්සේ පාර්ලිමේනුතුවේ තුනෙන් දෙක හදාගන්න වෙනසකට විරුද්ධ වූ පිරිස් මේකට ගාව ගත්තා.

එසේ ක්‍ෂණිකව මැතිවරණයකට නොයාමට හේතුව වශයෙන් ඔබ හිතන්නේ කුමක් ද?

සමහරවිට ක්‍ෂණික මැතිවරණයකට ගියානම් එ.ජා.ප. බලය වැඩිවෙනව කියන අදහසින් එය කල්මරණ්න ඇති. ඒ අනුව බලනකොට රාජ්‍යතන්ත‍්‍රික වශයෙන් ක‍්‍රියාකරලා නැහැ. එයින් සිදුවුනේ ඡුන්දයකින් පරාජයවුණු අය පාර්ලිමේන්තුවට ගන්න සිදුවුණා. ඇමතිකම් දෙන්න සිදුවුණා. දැන් ඒ ගොල්ල බලපැම් කරනවා ආණ්ඩුක‍්‍රම ‘නව ව්‍යවස්ථාව නොගෙනා යුතුයි, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ශක්තිමත් කරගත යුතුයි’ ආදි වශයෙන් ඒකට හේතු දක්වනවා. ඒක නිසා කල්මරමින් ඉන්නවා. මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයා වරද්ද ගත්ත තැන තමයි ඒ වැරදි දෙක. එක ඉගිහාසයේ වෙනස් කළ නොහැකි වැරදි දෙකක්.

පළාත් පාලන මැතිවරණත් දිනෙන් දිනම කල්දාන බව පේනවා.

ඒකත් ඔය සිද්ධි දාමයේම කොටසක්. මුලින් කියන ලද කරුණු ඒකටත් බලපානවා. මේ සියලූම වැඩ අස්සේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය රැුකගැනීමේ  ඕනකමකුත් තියනවා. මෙයින් පෙනෙන්නේ කිසිම රාජ්‍යතන්ත‍්‍රික උපක‍්‍රමයක් පාවිච්චි නොකරන බවයි.

ඒත් ජනාධිපතිතුමා සිය කතාවෙන් මේ කරුණු සාදාරණීකරණය කරන බවක් පේනවා.

ජනාධිපතිතුමා හිතනව ඇති හොඳට කතා කළ පමණින් එය ඉටු වෙනවා කියලා. එහෙම වෙන්නේ නැහැ. ප‍්‍රශ්නවලට විසඳුම් ලැබෙන වැඩපිළිවල් ඉදිරිපත් කළ යුතුයි. කතාකෙරුව පල්ලියට මිනිස්සු හැඩගැහෙන්නෙ නෑ. අවුරුදු 2500ක් වෙන බෞද්ධ දර්ශනයේ ප‍්‍රතිපත්ති මිනිස්සු පිළිපදින්නෙ නැනේ. 2017 ක් වන ක‍්‍රිස්තියානි ආගමේ ඒවත් මිනිස්සු පිළිපදින්න  ඕනැ. එහෙම වෙන්නේ නෑ. නීතියක් සම්මත කරලා, හරියට නීතිය ක‍්‍රියාත්මක වෙන බව පෙන්නුවොත් මිනිසුන් හැඩගැසෙනවා. ඒය කළ යුත්තේ රාජ්‍යතන්ත‍්‍රික උපක‍්‍රම මගිනුයි. රාජ්‍යතන්ත‍්‍රිකභාවය තිබුණ නායකයින් ලංකාවේ හිටියේ නෑ. ජාත්‍යන්තරව දැකගත හැකිවුවත් ලංකාවේ උදාහරණ නෑ. එහෙම හැකියාවක් ඇති ආචාර්ය එන්.එම්. පෙරේරා වගේ අයට බලය ලැබුණෙ නෑ. පාළකයන් අතුරෙන් රාජ්‍යතන්ත‍්‍රිකභාවය හොඳින්ම යොදපු කෙනා තමයි ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා. හැබැයි එතුමා සිය රාජ්‍යතන්ත‍්‍රිකභාවය පාවිච්චිකෙරුවෙ තමන්ගේ පංතියේ යහපතට මිසක් පොදු ජනතාව වෙනුවෙන් නෙමේ. යම්තරමක් දුරට එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක මහතාත් දක්‍ෂ රාජ්‍යතන්ත‍්‍රිකයයෙක් වශයෙන් පෙන්වා දිය හැකියි.

මනෝජ් රූපසිංහ

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *