වස විසෙන් තොර කෘෂිකර්මය හා ජෛව පොහොර – ආචාර්ය පරාක්‍රම වෛද්‍යනාත
රජයේ නව වස විසෙන් තොර තෙවසරක් (2106 – 2018) කෘෂිකර්ම ප්‍රතිපත්ති ප්රකාශනයේ බොහෝ කරුණු වැරදි සහගත වීම කණගාටුවට කරුණකි. එය සකස් කිරීමේ දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හෝ එම අමාත්‍යාංශය සහභාගි නොවීයයි ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත් එම ප්රතිපත්තී අනුව වසර තුනක් තුළ දී රසායනිකන්ගෙන් ඉවත්වීම, ඒ වෙනුවට කාබනික කෘෂි ක්‍රමවේද භාවිතය මෙන්ම ආවේනික වී වර්ග වී වගාබිම් ප්‍රමාණයෙන් 30%ක් වගා කිරීම ප්‍රමුඛතාව ගනී. කාබනික පොහොර අවශ්‍ය ප්‍රමාණයන් නොමැති නිසා විකල්ප ක්ෂුදුජීවී පොහොර රජය මගින් නිර්දේශ කරනවා පමණක් නොව ගොවීන් ඒ සඳහා තදින් පෙළඹෙන බව ක්ෂේත්‍ර නිලධාරීහු පවසති. එපමණක් නොව එම තාක්ෂණයේ නිර්මාතෘවරයා දෛනික පත්‍රයක් මගින් ප්‍රකාශ කොට ඇත්තේ එමගින් රටට විදෙස් බිලියන ගණනක් ඉතිරි කර ගත හැකි බවයි. උදම් ඇනීමට පෙර මෙම තාක්ෂණය ප්‍රතිඵලදායක දියි ඔවුහු සුදුසු පර්යේෂණ මගින් ඔප්පු කර නැත.
අකාබනික වී වර්ග නව වී වර්ගවලට වඩා පෝෂ්‍යදායි ගුණයෙන් මෙන්ම ඖෂධීය ගුණයෙන් වැඩි යයි ප්‍රචලිත වී ඇත. මෙයද සත්‍යයෙන් තොරය. සමහර නව වී වර්ග ද විශේෂයෙන්ම රතු සහල් වර්ග පැරණි වර්ග මෙන්ම පෝෂ්‍යදායි වන අතර පෝෂණය හා ඖෂධීය ගුණය ප්‍රධාන වශයෙන් ලැබෙන්නේ එළවළු, පළතුරු හා මස් මාංශ වලින්ය. ප්‍රධාන ආහාරයෙන් බලාපොරොත්තු වන්නේ විශේෂයෙන්ම කබෝහයිටේරට් නොහොත් දෛනික ශක්තියයි. මෙහිලා වැදගත්ම කරුණ වන්නේ නව වී වර්ගවල ඵලදායිතාව පැරණි වර්ගවලට වඩා අවම වශයෙන් සතර ගුණයක් වැඩි වීමයි. එබැවින් සුළු ප්‍රමාණයකට වඩා පැරණි වර්ග වගාවෙන් අප සහල් නිෂ්පාදනයට හා ආහාර සුරක්ෂිතතාවයට බලපා හැකිය. 2000 වසරේ නොබෙල් ආයතන ජාත්‍යන්තර සමුළුවේ දී පැවැත් වූ දේශනයක දී නොබෙල් ත්‍යාගලාභී මෙන්ම ‘‘මිනිසුන් බිලියනයක් ජීවත් කළ මිනිසා’’ යැයි විර්ධාවලිය ලද හරිත විප්ලවයේ නාර්මාතෘ නෝමන් බෝලෝග් පෙන්වා දුන්නේ හරිත විප්ලවයට පෙර වගාකරන ලද පැරණි වර්ග අද (2000 වසරේ* වගා වූයේ නම් ඒ සඳහා ඒ සඳහා හෙක්ටයාර් බිලියන 1.8 ක් පමණ අදට වඩා වැඩිබිම් ප්‍රමාණයක් වගා විය යුතු බවයි. එසේ වුයේ නම් කෙතරම් විශාල පරිසර හානියක් සිදුවේදැයි සිතිය හැකිද? කෘෂිකර්මය කිසිදාක සම්පූර්ණයෙන්ම වස විසෙන් තොර විය නොහැක. කළයුත්තේ කෘෂිරසායකින ද්‍රව්‍යය අවභාවිතය අවම කිරීමයි. රජය මෙතෙක් ඒ සඳහා නිසි වැඩපිළිවෙලකට යොමු නොවීම කනගාටුදායක වේ. පෙනෙන තෙක් මානයේ කෘෂිරසායනිකයන් තොර මිනිසාට අවශ්‍ය ආහාර නිෂ්පාදනය සඳහා තාක්ෂණයක් නොමැත. ‘‘වස විසෙන් තොර’’ පණ්ඩිතයන් කුමක් කීවත් සත්‍ය එය වේ. ඉහත සම්මන්ත්‍රණයේ දී නෝමන් බෝලෝග් මේ සම්බන්ධව පැවසූ තවත් වදනක් නම් දැනට වසර 200 කට පමණ පෙර හේබර්-බෝෂ් තාක්ෂණය මගින් ඇමෝනියා පෝර නිපද නොවුයේ නම් අද ලෝකයේ ජනගහනයෙන් 50% ක් ජීවත් නොව වගයි.
ලොව කෘෂිකර්මයෙන් කාබනික කෘෂිකර්මය 1% වැනි ඉතා සුළු ප්‍රමාණයක් වන අතර මෙයින් ආහාර භෝග නිෂ්පාදනය 0.2% පමණ වේ. අන් සියලූ භෝගද 0.2% ක් වේ. ඉතා වැඩි ප්‍රමාණයක් (0.6% තෘණ බිම් වේ. පොහොසතුන්ට කාබනික මස් කෑමය හා කිරි බීමටය. සමහරු කොතරම් උදම් ඇනුවත් කාබනික කෘෂිකර්මය මෙසේ සීමා වී ඇතත් කාබනික පොහොර හිගය මෙන්ම ක්ෂුද්‍ර ජීව වැනි වෙනත් තාක්ෂණයන් විශ්වාසදායක නොවීමයි. කාබනික කෘෂිකර්ම තාක්ෂණයට සහමුලින්ම නිරත වීමට 1989 දී කියුබාවට සිදුවිය. එසේ වූයේ එවකට රුසියානු රාජ්‍ය කඩාවැටීමත් සම`ග රුසියානු ආධාර සහමුලින්ම ඇන හිටීම නිසාය. කායුබාවට පොහොර හා වෙනත් කෘෂිරසායනිකයන් ට්‍රැක්ටර් හා අත්කෘෂි ආම්පන්න සියල්ලම පාහේ අඩු මිලට රුසියාවෙන් ලැබිණ. සහනාධාර නැවතීමත් සමග කෘෂිආර්ථිකය බෙහෙවින් කඩා වැටුණි. බෝග සත්ත්ව ඵලදාව බෙහෙවින් අඩුවිය. කෙසේ වෙතත් මෑත කාලයේදී එක්තරා ප්‍රමාණයකින් නැවතත් රසායනික කෘෂිකර්මයට කියුබාව ළං වී ඇත. අද කියුබානු රසායනික පොහොර භාවිතය වසරකට හෙක්ටර්යාරයකට කිලෝ 60ක් වේ. ලංකාව එය කිලෝ 176කි. එපමණක් නොව දැන් කියුබාවේ ග්ලයිෆෝසෙට් නිෂ්පාදනාගාරයක් ද ඇත. අද වෙලඳපොලේ නොයෙක් මෙවනි ජෛව පොහොර වර්ග ඇත. අප දන්නා පරිදි කෘෂිකර්ම දෙපොර්තමේන්තුව හෝ අන් රජ්‍ය බලධාරියෙක් මෙම ද්‍රව්‍ය අත්හදා බලා නිර්දේශ කර නොමැත. එහෙත් අහිංසක ගොවීට මේවා ලබාදීම ඔවුන් ‘ගොනාට ඇන්දවීමක් නොවේද’. රජය මේ ගැන සොයා බලා මෙවැනි දේ නිර්දේශ කිරීම කෘෂිකර්ම දේපාර්ථමේන්තුවේ හෝ වෙනත් ආයතනයක් මගින් කිරීමට කටයුතු කිරීම අතිශයින්ම වැදගත් වේ.
මූලපද්ධතිය හරහා බෝගයනට සාර්ථකව පෝෂණ පදාර්ථ ලබාදිය හැකි පසෙහි පසෙහි අඇති ක්ෂුද්‍ර ප්‍රාණින් හඳුනාගැනීමමේ හා භාවිතයට සම්බන්ධ පර්යේෂණ අද ප්‍රමුඛතාවයක් ලැබී ඇති විද්‍යා විෂයකි. රසායණික පොහොර භාවිතය අඩු කිරීම මෙහි ප්‍රධාන අරමුණක් වේ. අද ප්රමුඛ ජාත්‍යන්තර රසායනික සමාගම් මෙහි ගැඹුරින් නියැළී ඇත. මොන්සන්ටෝ හා නොවෝසයිම් නමැති සමාගම් එකතුව මේ සම්බන්ධව ලෝකයේ මෙතෙක් විශාලතම පර්යේෂණයන් 2016 වසරේ නිමකර ඇත. ඇහිදී ඇමෙරිකාවේ ලූයිසියානාහි සිට මිනිසෝටා දක්වා ක්ෂු¥ජීවීන් වර්ත 200ක් පර්යේෂණ කොටු 500.000 අත්හදා බලන ලදී. ප්‍රාථමික ප්‍රතිඵල සෑහිමකට පත්විය හැකි යයි ඔවුන් පවවති. ඉන් ක්ෂුද්රජීවීන් වර්ග 5ක් බඩඉරි`ගු ඵලදාව අක්කරයකට බුසල් 4-5 කින් වැඩි මෙන්ම සෝයා ඵලදාව බුසල් 1.5කින් වැඩි කිරීමට හැකි වී ඇතැයි වාර්තා වී ඇත. තවත් එවැනිව ක්ෂුද්රජීවීන් සොයා ගැනීමක් මිදි වැල්වැල් මුල හානිකරණ පණුවන් මර්දනය කිරීමට ඇමරිකාවේ අක්කර මිලියන ගණනකට යොදා ගෙන ඇත. මෙවැනි පර්යේෂණවල අවශ්‍යතාවය ගැන කිසිදු තර්කයක් නැත. මෙම තාක්ෂණය යථාකාලයේ දීකාෂි රාසායනික භාවිතය අවම කිරීමට හා තිරසාර කෘෂිකර්මයකට ඉවහල්වනු නිසැකය. එහෙත් වැදගත් වනුයේ එම තාක්ෂණයන් ගොවීන්ට හඳුන්වා දීමට පෙර ක්රියාකාරීදැයි නිසාකවම හඳුනා ගැනීමයි. 2017 වසර වන විට ජෛව පොහොර වෙලඳපොළ ඩොලර් බිලියන 10 ඉක්මවනු ඇතැයි අනාවැකියක් පළවී ඇත. කෙසේ වෙතත් තිරසාරව ක්‍රියාකාරී ක්ෂුද්රපාණී පෙහොර සංයෝජන මෙතෙක් විශාල අභියෝගයක් බව විද්වතුන්ගේ මතයයි.
