ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ නිල නිවේදනය දින කිහිපයකින් – ජනාධිපති

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවසන් නිල නිවේදනයට මේ වනවිට රටවල් අත්සන් තබමින් සිටින බවත්, එය තව දින කිහිපයකින් ලැබෙනු ඇති බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද ගම්පහ, කඩවත පැවති ජන රැලිය අමතා ප්‍රකාශ කළේය.

මීට වසර දෙකකට පෙර තමන් භාරගත් වගකීමේ ප්‍රධාන කොටස මේ වනවිට සාර්ථකව අවසන් කොට ඇති බව ද ජනාධිපතිවරයා කී ය.

ඉදිරි ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා තරග කළ යුතු බවට යෝජනාවක් ප්‍රසන්න රණතුංග ඇමතිවරයා මෙම රැස්වීමට ඉදිරිපත් කොට සම්මත කරගත් අතර එයට තම ප්‍රතිචාරය ඉදිරි දිනක ලබාදෙන බව ද ජනාධිපතිවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *